Tuesday, October 25, 2011

හොදම මිතුරා


 
මිනිහෙක්ට මේ ලෝකෙ ඉන්න හොදම මිතුරා ඔහු එක්ක විරුද්ධ වෙලා සතුරෙක් වෙන්න පුළුවන්.  ඒ වගේම තමයි තමන් ආදරෙන් හදා වඩා ගන්නා දුව නැත්නම් පුතා අම්මාට තාත්තාට ගුණ මකු වෙන්නත් පුළුවන්.

වැරදි අවබෝධයක් ඇතිව ක්‍රියා කරන වෙලාවක මිනිහෙකුගේ කීර්තිය නම්බුව තමන් හරි හම්බ කරගත් සබ්බසකල මනාවම නැති වෙලා යන්න පුළුවන්. ජයගන්න හැම වෙලාවකම අපට ගරු කරන්න දන නමස්කාර කරන්න සැදී පැහැදී ඉන්න අයම පරාජයේ වළාකුළු අපේ හිස මත කඩා වැටෙන කොට අපිට පළමු ගල් පහර  දෙන්නත් පසුබට වෙන්නෙ නැහැ. සමහර වෙලාවට එයා තමයි අපේ පළමු හතුරා වෙන්නේ.  නමුත් ආත්මාර්ථකාමී බවක් හෝ ද්‍රෝහී කමක් හෝ කිසිමදාක තම ස්වාමියාට නොදක්වන එකම හිතවතා වෙන්නේ බල්ලා.

බල්ලා මිනිසාගේ දුක සැප දෙකෙහිදීම ඔහු ලගින්ම ඉන්නවා.  තම ස්වාමියා ලග ඉන්නවා නම් තද සීතලක වුවත් ඌ සීතලෙන් ගැහි ගැහී නිදයි.  ආහාරයක් කෑමට නැති වුවත් බල්ලා තම ස්වාමියාගේ අත සිඹින්නේ අවංකවමයි. ඒ වගේම ගෞරව දක්වයි.  දුගී භාවයෙන් පීඩිතව සිටියත් අපකීර්තියේත් අවනම්බුවේත් ප්‍රපාතයටම කිදා බැස සිටියත් බල්ලා තම ස්වාමියා අත්හැර යන්නේ නැත.  ඔහු කිනම් තරාතිරමක අයෙක් වුවත් සියලුම මිතුරන් තම සමීපයෙන් ඈත් වුවත් බල්ලා ඔහු අත් හරින්නේම නැත.

ධනය නැතිවෙලා ගියත්, නෑදෑයින් සියල්ල තමන් අත්හැර ගියත් තම දරුවන් ගේ දොර මේ කියන සියල්ල අහිමි වුවත් අහසේ ගමන් කරන ඉර හද මෙන් බල්ලාගේ ආදරය ස්ථිරය.  විශ්වාසය. අවංකය.  කිසි දිනෙක ඌ බිතු සිතුවම් මෙන් පිටු පාන්නේ නැත.  දුක සැප දෙකෙහිම එකසේ ලගින්ම හිදියි.

තමන්ගේ වාසනාව තමන් අතහැර ගියත්, ඔහු ස්වාමියා ලගින් හෙල්ලෙන්නේ නැත.  සියලුම අචේතනික සචේතනික දේ චංචල නිශ්චල දේපොල අහිමි වී ගියත් අවංක කමේ මූර්තියක් බදු බල්ලා එවැනි අවස්තාවකවත් උසස් වරප්‍රසාද හෝ තම අයිතිවාසිකම් ඉල්ලන්නේ නැත.  ඉල්ලීමක් කෙසේ වෙතත් ඌ ඒ ගැන මතක් කිරීමටවත් ඉදිරිපත් වන්නේ නැත.  විපත් වලට හා විරුද්ධවාදීන් සමග සටන් කිරීමට බල්ලා සැමවිටම තම ස්වාමියා ලගම රැදී සිටියි.

2 comments:

  1. ඔය බල්ලා, මනුස්සයාගේ හොදම මිතුරා උනේ ආදී කාලේ ඉදන් කියලා කතාවක් තියෙනවා නෙ. හික්ස් :)
    බලාගෙන ගියාම මිනිස්සුන්ට වඩා බල්ලෝ හොදයි. සමහර මිනිස්සු කරන වැඩ වලට බලු වැඩ කියලා බනින එකත් එක අතකට බල්ලෙක්ට කරන්න පුලුවන් නිග්‍රහයක් !!!

    ReplyDelete
  2. සහතික ඇත්ත!!

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!