Sunday, July 29, 2012

ටිකක් හිනාවෙන්න

මේක දන්න කියන කෙනෙක් කියපු කතාවක්.  එයා පාසැල් යන කාලේ එක දවසක් සාලේ වාඩිවෙලා පොතක් කියවමින්  ඉන්න වෙලාවක එයාගේ තාත්තා කන්තෝරු ඇරිලා ගෙදර ඇවිත් තියෙනවා.  ඒ වෙලාවේ තාත්තා ගෙදර ආවේ තාත්තාගේ යාළුවෙක් එක්කලු. ඉතින් මේ යාළුවා ගේ අතේ පාර්සලයක් තිබුනා.  ඔහු මේ පාර්සලය කනප්පුව මත තියලා තාත්තාගේ කාමරයට ගිහින් කතා කරමින් හිටියා.

අපේ යාළුවා හිමින් හිමින් ඉස්තෝප්පුවට කිට්ටු කරලා අර පාර්සලයත් අරගෙන කඩිනමින් කුස්සියට ගිහින් ලෙහලා බැලුවා.  ඒකේ තිබුනේ දොඩම් වගයක්.  එයා ඉතින් එයින් දෙකක් විතර අරගෙන මිරිකලා බීම එකකුත් බීලා ආපහු සාලෙට ඇවිත් වාඩිවෙලා පොත කියවන්න පටන් ගත්තාලු.

ටික වෙලාවකට පස්සේ තාත්තාගේ යාළුවා යන්න ලෑස්තිවෙලා සාලෙට ආවා.  ඇවිත් කනප්පුව දිහා බලලා ඇහුවා  “කෝ මෙතන තිබුන පාර්සලය කියලා.... එතකොටයි යාළුවාට වැඩේ තේරිලා තියෙන්නේ.  ලැජ්ජාවත් බියත් දැනුන නිසා ඇගේ සිත සලිත වුනා.  එතකොටම ඇගේ තාත්තා ඇහුවා කෝ මෙතන තිබුන පාර්සලේ කියලා.  ඉතින් ඇයට කරකියා ගන්න දෙයක් නැතිව ඇත්තම සිද්ධිය තාත්තාට කිවුවලු.  ඒකට තාත්තාට හොදටම හිනා ගිහින්.  පස්සේ තාත්තාගේ යාළුවාටත් හිනා ගිහින්.  ඉතින් එයා කියලා “ආ...ඒකට කමක් නැහැ කියලා. 

ඉන්පස්සේ ඒ යාළුවා දකින හැම මොහොතකම ඇයට මේ සිද්ධිය මතක් වෙලා හරියට ලැජ්ජා හිතෙනවාලු.
**********************************************************************************

ඔන්න එක්තරා ගම්බද පොල්වත්තක පොල් වගයක් හොරකම් කරලා.  ඒ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක්ව වතු අයිතිකාරයා විසින් සැක කරලා තියෙනවා.  ඇත්තම කිවුවොත් ඒ තැනැත්තා පොල් ගෙඩි ටික සොරකම් කරගෙන තිබුනා.  ඒත් වතු හිමියා ඒ ගැන ඇසූ විට ඔහු හොරකම් නොකල බව කිවුවා. 

ඒ බව දිවුරා කියන්න පුළුවන්ද කියලා ඇහුවාමත් මොහු කිසිම පැකිලීමක් නැතිවම පුළුවන් කියලා උත්තර දුන්නා.  ඉතින් වතු අයිතිකරු කිවුවා ඔහුගේ බිරිද හා දරුවන් ගැන කියලා දිවුරන්න කියලා.  නමුත් ඔහු මේකට නම් කැමති වුනේ නැහැ.  ඒ ඇත්තටම ඔහු මේ හොරකම කල නිසායි.  හැබැයි වතු හිමියා මේ දිවුරුම ගන්න දිනයකුත් යොදාගෙන තිබුනා. 

ඉතින් නියමිත දිනට ඔහු දිවුරන්න සූදානම් වුනා.  වතු හිමියා තමන්ගේ යාළුවන් කිහිප දෙනෙකුත් අඩගහගෙන ආවා.  ඉතින් අර හොරකම කල කෙනා මොකක් කලා කියලද හිතන්නේ?

ඔහු තමන්ගේ වම් අතට මෑ ඇට අහුරකුත් , දකුණු අතට මුං අහුරකුත් අරගෙන ආවා කාටවත් නොපෙනෙන විදියට.  වම් අත බිරිද සිටින පැත්තටත්, දකුණු අත දරුවන් සිටින පැත්තටත් දික් කරමින් ඔහු මෙසේ කිවුවා. 

“මුං පල්ලා, මෑ පල්ලා මේ ගහ ගටගත්තට පස්සේ එක පොල් ගෙඩියක්වත් මම ගත්තේ නැහැ.  නැහැමයි.  සත්තයි.  කිවුවා.  වතු අයිතිකාරයා හිතුවේ දරුවන් හා බිරිද ගැන දිවුරා මොහු කිවුවේ ඇතිත කියලයි.  ඒත් පොල් ගෙඩි අටක් ගත් බව පවසා ඔහු දිවුරුවේ මූං ඇට හා මෑ ඇට ගැන මිසක් දරුවන් හෝ තමන්ගේ බිරිද ගැන නොවෙයි. 

පස්සේ වතු අයිතිකාරයා තමන් නිකරුනේ මේ පුද්ගලයාව සැක කල බව හිතාගෙන ප්‍රසිද්ධියේම සමාව ගත්තාලු.


6 comments:

  1. පලවෙනි කතාවට සම්බන්ධ කෙනාට වස ලැජ්ජාවක් හිතෙන්න ඇති නේ.. :)
    මරු කතා දෙක.
    දෙවෙනි කතාව නම් ටිකක් අහලා පුරුදු එකක්. ඒ මතකයත් අළුත් උනා. :)

    ReplyDelete
  2. උපාය දන්නෝ අපායේ නොවැටෙත් කියන්නේ මේ වගේ කතා නිසා තමා :D

    ReplyDelete
  3. මධූ/හසිත

    ඇත්තටම මේවා අපටත් වෙන්න පුළුවන් දේවල්නේ

    ReplyDelete
  4. katha dekama lassanai.......

    ReplyDelete
  5. අරලිය

    ස්තුතියි ඔයාට

    ReplyDelete
  6. ගොඩාක් ලස්සනයි කතා දෙකම......

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!