මීට වසර හැටකට පමණ පෙර මෙරට පැවතියේ ගම්මුලාදෑණි යුගයකි. ගමේම පාලකයා වූයේ මේ ගම්මුලාදෑනි උත්තමයාය. එදා සමාජයේ මේ ගම්මුලාදෑණියාට ගමේ වැසියන් බෙහෙවින් බය පක්ෂපාත වූ අතර අති මහත් ගෞරවයක් දැක්වීය. ගමේ හැමෝම ඇති තැනදී මෙන්ම නැති තැනදීද ඔහු අමතන ලද්දේ ගම්මුලාදෑණි ඇත්තෝ ලෙසයි. ගමේ සිදුවන සෑම සියලු වැදගත් කටයුත්තකදීම මුල් තැන ගන්නා ලද්දේ මුලාදෑනි උත්තමයායි. එමෙන්ම ගමේ ගෙදරකට ලැබෙන ඕනෑම දෙයකින් අඩක් මුලාදෑණි ගෙදරට ලැබුණේය. ගැමියෙකුගේ රා පොල්කට්ටක් තොල නොගෑ රාළහාමි කෙනෙකු ඒ කාලයේ කිසිම ගමක සිටියේ නැත.
ඒ කාලයේ එක් ගැමි ගෙදරක ඇදක් යට සිටි ගමේ ආරච්චි ඇත්තෙක් “මගේ වැයික්කියේ මට කොහේ ඉන්න බැරිදැයි අසමින් ඇද යටින් එලියට ආ පුවතක් අපේ ජනප්‍රවාදයන්හි ඇත.
ගමේ මුලාදෑණියාගේ හා ගැමියන්ගේ සුහදත්වය මේ සියල්ල එකට කැටි කොට ගත් කල දක්නට ලැබුනු නිසා රාළහාමිගේ රාජකාරී වැඩ වලට ඉන් කිසිම බාධාවක් ඇති නොවුනු බවද පෙනෙන්නට තිබුණි.
ගම්මුලාදෑණියාගේ බිරිදද ඔහු තරමටම ගමේ ඇත්තන්ගෙන් ගරු සැලකිලි ලබා ගත් අතර රාළහාමිද බොහෝ අවස්ථාවලදී ගැමි ජනතාවගේ රාජකාරි කටයුතු සදහා උපදෙස් ලබා ගත්තේද ඇයගෙනි. මේ නිසා රාළහාමි හාමිනේද මේ රාජකාරී කටයුතුවල පංගුකාරියක් හැටියට සැලකුනු අවස්ථා නැතුවාම නොවේ. එපමණක් නොව මුළු ගම්තුලානටම අණසක පතුරුවන රාළහාමි ගෙදර හාමිනේට බොහෝම භය පක්ෂව සිටි බවද නොරහසකි.
මේ කියන කාලයේ සඹරගමු පලාතේ ඈත කෝරළයක එක් වසමක් බාරව සිටි රාළහාමි කෙනෙක් ගමට ඉතා හිතවත්ව ගැමියන්ගේද සැලකිල්ල ලබමින් රාජකාරියද අකුරටම ඉටු කල පුද්ගලයෙකු ලෙස නම් දරා සිටියේය. මේ හාමිනේද සිය සැමියාට ඉතා හිතවත්ව සිටි අතර ගැමියන්ගේද ගරු සැලකිලි ලබමින් ජීවත්වූ තැනැත්තියක් වූවාය.
රාළහාමි ටිකක් සැර ජාති පානයට ඇබ්බැහි වී සිටි අයෙකි. මත්වූ දවසට ඔහු හොදින් ඉන්නා දවසටත් වඩා හොද බව ගැමියෝ පැවසූහ. සැර ජාති කෙසේ වෙතත් මත් වෙනවා නම් රාළහාමි ඒවා පානය කලේය. රාළහාමි සූර් වී ඉන්නවාට ඔහුගේ හාමිනේ කැමැත්තක් දැක්වූයේම නැත. එහෙත් බොන්න එපා කියමින් රාළහාමිට තදින් අවවාද කරන්නටද ඇය ඉදිරිපත් වූයේ නැත. රාළහාමි නැති තැන මේ ගැන යම් ප්‍රශ්ණයක් මතුවුවහොත් ඇය කා සමගත් කීවේ “ඔන්න ඔහේ ටිකක් බිව්වාම මොකෝ රාළහාමිත් පිරිමියෙක්නේ...කියාය.
රාළහාමිගේ මේ පුරුද්ද නිසා ඇතැම් ගැමියන් හොරට පෙරන මත්පැන් රාළහාමිගේ නිවසටද ගෙනැත් දීමට තරම් බිය සැකෙන් තොර වූ බව පැවසේ. ඒ වැඩේ කෙසේ වෙතත් හොර සුරා ගැන දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙකු බව ඔහු අනුන් ඉදිරියේ පෙන්නුම් කලේය. මාසයකට දෙකකට සැරයක් හොර සුරා පොළවල් වටලා ගම් සභා උසාවියේ නඩු පැවරීමටද ඔහු කටයුතු කලේය. බොහෝ විට මෙසේ නියම කරනු ලැබූ දඩය ගෙවනු ලැබුවේද රාළහාමි විසිනි.
සුරා පෙරා හසුවූ අයට ඔහු අවවාද කලේ කරගන්න රක්ෂාවක් හරියට කරගනිල්ලා, කවුරුත් බඩගින්න නිවා ගන්න එපායෑ කියමිනි. හැබැයි මාව විතරක් ගස් යවන්න එපා කියන්නටද ඔහු අමතක නොකලේය. මේ ආකාරයෙන් කාට කාටත් සාධාරණව ගමේ උදවිය එක්ක සුහදව කල් ගෙවූ රාළහාමිට දවසක් ලොකු ඇබැද්දියකට මුහුණ දෙන්නට සිදුවිය.
එදා පුර පසලොස්වක පෝය දිනයක් විය. දවල් දවස කෙසේ හෝ ගෙවා ගත් රාළහාමිට සවස් කාලයේදී මත් නොවී සිටින්නට බැරි තත්වයක් ඇති විය. රෑ බෝ වෙන්නට වෙන්නට ඔහුට මේ අවශ්‍යතාවය තදින්ම දැනෙන්නට විය.
රාළහාමි කවදත් නිදන්නේ ඉස්සරහ කන්තෝරු කාමරයේය. රෑ දහය පසුවෙත්ම හෙමින් හෙමින් ඇදෙන් බැස ගත් රාළහාමි ගෙදර අය නින්දේ පසුවේදැයි හොදින් සවන් යොමන්නට විය. ඒ පිළිබදව සැකයක් ඇති නොවූ කල ඔහු කළු ඉරි වැටුනු සරමට කලු කෝට් බෑයද හැද විදුලි පන්දමද අතට ගත්තේය. කෝට් එක ඇන්දේනම් පුරුද්දටයි. ටික වේලාවකින් ඉදිරි දොර හැරගත් ඔහු කාටත් නොඇසෙන්නට පොළවටත් නොදැනෙන ආකාරයෙන් උඩින් උඩින් අඩි තබමින් මිදුලට බැස්සේය. දවල් වාගේ හොදින් එළිය වැටී තිබුණ හදපානේ සැතපුම් කාලක පමණ දුරක් ගිය ඔහු මුදියන්සේ ආතාගේ රබර් කට්ටිය ලගින් ඇති අඩි පාර දිගේ තේමිස්ගේ හොර සීනි රා පොළට කිට්ටු කලේය. දම් පදුරු වලට මුවා කොට කැකිල්ල ගාල අස්සේ සගවා තිබූ රා මුට්ටිය අත පත ගා සොයා ගත් රාළහාමි කලය මත තිබූ රා පොල්කටුව ගෙන පුරවා එක හුස්මක් ගෙන එය ඉවර කලේය. තවත් කට්ටක් දා ගත්තේය. පසුව ටිකක් දහඩිය දමන්නට වූ නිසා කෝට් එක ගලවා පැත්තකින් තැබුවේය.
ටික වේලාවකින් කලයෙන් තවත් රා පොල්කටුවක් නවාගත් රාළහාමි ඒකත් ගෙන එක උගුරටම බීගෙන බීගෙන ගොස් පොල් කටුවද විසි කර විදුලි පන්දම අතට ගෙන සරමද පැත්තකින් උස්සාගෙන ආපසු නිවෙස බලා පිටත් විය. කන්තෝරු කාමරයේ දොර අමාරුවෙන් ඇරගත් ඔහු ඇදට වැටී තද නින්දකට පිවිසියේය.
පසුදා උදෑසනම රාළහාමි අවදිවන්නටද පෙරාතුව ගැමියන් හත් අටදෙනෙකු හෙමින් හෙමින් කඩුල්ල පැන රාළහාමිගේ නිවසේ මිදුලේ සිටිනු දක්නා ලදී. සීනි රා පෙරන තේමිසාද ඒ අතර විය.
පැයකට පමණ පසු රාළහාමි අවදිවී කාමරයෙන් එළියට විත් ඉස්තෝප්පුවේ වූ ඇදි පුටුවේ දිගෑදුනි.
“මොකද බං උඹලා උදැහැනැක්කෙම.........ඊයේ රෑ ටිකක් නිදි මැරුවා. ඒක නිසා වැඩියෙන් නින්ද ගියා....යි කියූ රාළහාමි ඔවුන් දෙස යටැසින් විපරමින් බලද්දී හඩ ඇසී කුස්සිය පැත්තේ සිටි හාමිනේද ඉදිරිපස දොර හැරගෙන ඉස්තෝප්පුවට ආවාය.
“අද නම් ආවෙ රාළහාමිගේම වැඩකට....ඉදිරියට ආ තේමිස් එසේ කියා පිටුපස හැරී වෙනත් අයෙකුට අතින් සංඥාවක් කලේය.
“ඊයේ රෑ තේමිසාගේ රා මුට්ටිය හොරෙන් කවුදෝ බීලා ගිහින්. ඒ මදිවට රාළහාමිගේ කෝට් එක මේ ගෙදරින් කවුදෝ හොරෙන් අරන් ගිහින්ද කොහේද රා පොලේ කැකිල්ල ගාලේ දාලා ගිහින්. මේන් අපි කෝට් එක අරන් ආවා......කියා පිටුපස ගැමියෙකු අත නවා තිබූ කෝට් එක හාමිනේගේ අතටම දුන්නේය.
“කොහේද ඉලව්වේ රාළහාමිගේ කෝට් එක තේමිසාගේ රා පොලේ රෑ තිස්සේ බඩගාන්නේ. රාළහාමිනම් ඔහොම රෑ තිස්සේ රා පොලවල් ගානේ යන්නේ නැහැනේ. රාළහාමි අවදි වුනෙත් දැන් නොවැ....යි හාමිනේ ඇසුවාය.
“ඔව්...ඔව්..එහෙමයි....ගැමියෝ එකවරම පිලිතුරු දුන්හ. හාමිනේ රාළහාමිගේ මුහුණ දෙස බැලුවාය. රාළහාමිගේ මුහුණත් හාමිනේගේ මුහුණත් එක් වරම එකට මුණ ගැසුනි. රාළහාමි වහාම ඉවත බලා ගත්තේය. පින්නෙන් තෙත බරිත වී තිබූ කෝට් බෑය ගෙන එය බිත්තියේ ගසා තිබූ ඇණයේ එල්ලුවාය. අනතුරුව සාලයට ගිය ඇය අල්මාරිය උඩ තිබූ කෝටුව අතට ගෙන යලිත් ඉස්තෝප්පුවට ආවාය. මොනවා කරන්නට යනවාදැයි තේරුමක් නොතිබූ රාළහාමි හෙමින් සීරුවේ පුටුවෙන් නැගිට කන්තෝරු කාමරය දෙසට ගියේය.
ඒ එක්කම හාමිනේ මල් කෝටුවෙන් එල්ලා තිබූ කෝට් එකට පාරවල් හත අටක් කීස් ගා ගහගෙන ගහගෙන ගියාය.
“මං කියලා තියෙනවා නේද රාළහාමි ගෙදර ඉන්න වෙලාවට එහේ මෙහේ ඇවිදින්න යන්න එපා කියලා. දෙයියනේ කියලා බිත්තියේ එල්ලිලා ඉන්න බැරි මොකෑ...කෝට් එකක් උනත් කියන දේ අහන්න එපැයි....ආයේ පාරක් ඔය රෑ තිස්සේ රා පොලවල් ගානේ ඇවිදින්න ගියොත් හතරට ඉරලා ලිපේ ඔබනවා දැනගන්.....උඹ දන්නේ නෑ කෝට් රාළ මගේ හැටි.....
එසේ කියූ හාමිනේ කෝටුවෙන් තවත් දෙක තුනක් ගසා මිදුලේ දෑස් අයා බලා සිටින ගැමියන් අමතා මෙසේද කීවාය.
“මීට පස්සේ මේ කෝට් එක රාළහාමි නැතුව ගමේ රා පොළක හරි කොහේ හරි තියෙනවා දැක්කොත් මටම ඇවිදිල්ලා කියාපල්ලා....එදාට මීට වඩා දඩුවමක් මෙයාට දෙනවා.
ගැමියන් සිදුවූ කාරණය තේරුම් ගත්තාදැයි නොදත් නමුත්, දක්නට ලැබුනේ ඒ එක්කම තේමිසාද පෙරටු කොට ගත් ගැමියන් හෙමින් හෙමින් කඩුල්ල පැන ඈත ගුරු පාර දිගේ ඔවුන්ගේ ගෙවල් දොරවල් වලට ඇදෙනවා පමණි.

ඈත අතීතයේ සිදුවූ සත්‍ය පුවතක් ඇසුරිනි.