Wednesday, April 18, 2012

තමා මෙහේ පොල් කඩනවද?

මේක සිද්ධවෙලා තියෙන්නෙ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇගළුම් කර්මාන්තය හදුන්වා දීල වෙළද කලාප පිහිටවපු දවස්වල. මේ කාලෙ ඇගළුම් කම්හල් වල වැඩට ලංකාවෙ හැම පළාතකින්ම ගෑල්ලමයි ආවනේ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඒ ආශ්‍රිත ප්‍රදේශ වල කෙල්ලො කොල්ලො ප්‍රසිද්ධ ස්ථානවල ආදරය(?) කිරීමත් වැඩිවුනානෙ. මොකෝ ඒ දවස්වල දැං වගේ පදුරක් පදුරක් ගානෙ ROOMS කියන බෝඩ් තිබුනෙත් නෑනෙ. මේගොල්ලන්ට ඔක්කෝටම තිබුනෙ බස්හෝල්ට් වගේ ස්ථාන තමයි.

මේ කියන්න යන කතාවෙත් ගෑල්ලමය එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක බස්හෝල්ට් එකක ඉන්නව. වෙලාව රෑ 9ට විතර ඇති. මේ වෙලාවෙදි එතෙන්ට පොලීසියෙන් පැනල කරුවලේ හිටිය දෙන්නගෙන් ප්‍රශ්න කරනව මෙහෙම, 

පොලිස් අංකල්: ඔයාල මොකද මෙතන කරන්නෙ?

කොල්ල: ස,..සර්,.. මේ..මේ මගේ නංගි. එයා මෙහේ වැඩකරන්නෙ. මම ආව බලල යන්න. එද්දි රෑ උනා ඒකයි...


පොලිස් අංකල්: ඇත්තද මේ කියන්නෙ?


කෙල්ල: ඔ..ඔවු සර්. මේ මගේ අයිය.

ඒගමන පොලිස් අංකල් ඔළුවෙ ඉදල පහලට යනකම් ටෝච්එක අල්ලල බලල කෙල්ලගෙන් අහනව මෙහෙම,


පොලිස් අංකල්:තමා මෙහේ පොල් කඩනවද?


කෙල්ල: ඇ..ඇයි සර්.


පොලිස් අංකල්:නෑ! වලල්ල තාම කකුල්දෙකේ නිසා ඇහුවෙ.
































































































7 comments:

  1. ඔරිජිනල් එක මේක කියල දැම්මනං නේද හොද?

    ReplyDelete
  2. රාජ්...

    දැනුවත් කලාට ස්තුතියි!!! මේක මට ලැබුන ඊමේල් එකක්. අපහසුවක් උනානම් සමාව ඉල්ලනවා.

    ReplyDelete
  3. නොදන්න කමට අහන්නේ මචන්. කතාවේ අග හරියට කෙල්ලෙක් ආවෙ කොහොමද.

    ReplyDelete
  4. මාත් ආවේ රාජ්ගේ පෝස්ට් එකට වෙනස් එකක්ද බලන්න...

    ReplyDelete
  5. මේකෙන් තේරෙන්නේ බ්ලොග් එක කියවන්නේ නැතිව පෝස්ට් දාන බවයි ..
    නිතරම බ්ලොග් කියවනවානම් ඒක රාජ් ලියපු එකක් ය කියල ඔයාට වැටහෙනවා.

    ReplyDelete
    Replies
    1. @ kumaraya

      සිංහල බ්ලොග් අවකාශයේ තියෙන බ්ලොග් කන්දරාව බලද්දී හැම බ්ලොග් එකටම හැම එක්කෙනාම ගිහින් ඇති කියලා හිතන්න අමාරුයි නේද ???

      කොහොම නමුත් තමන්ට එන ඊ මේල් පෝස්ට් හැටියට දාද්දී කෝකටත් ගූගල් සර්ච් පාරක් දාලා එහෙම පෝස්ට් එකක් තියෙනවාද කියලා බලනවා නම් එච්චරයි

      Delete
  6. kumaraya

    බ්ලොග් කියවන්නේ නැහැ නෙවෙයි. හැම බ්ලොග් එකක්ම කියවන්නේ නැහැ කියන එක තමයි හරි. මම හිතන්නේ කවුරුත් එහෙමයි.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!