සෙංකඩගල නුවරට ආසන්නයේ කදු මිටියාවතක කූඩාරම්
ගසාගෙන සිටි පේදෘ ලෝපැස් ද සෞසා නම් පෘතුගීසි සෙන්පතියාගේ හමුදාවේ රණ ඝෝෂා හඩින්
මුළු කදුකරයම දෙවනත් වන්නට විය. ඒ හරියටම
කියනවා නම් 1594 ජුලි මාසයේ එක්තරා දිනයකි.
මේ හමුදා භටයන් සියල්ලන්ම පාහේ විවිධාකාරයේ
කාර්යයන්හි නියැලී සිටියහ. ඇතැම් භටයන් හී
පහර ලත් භටයන්ගේ උදව්වට සිටි අතර, තවත් කොටසක් තමන් සිංහල හේවායන් හා යුධ වැදුනු
ආකාරය ගැන පුරසාරම් දෙඩූහ. තවත් භටයන්
පිරිසක් සිංහල හේවා භටයන්ගෙන් ලද හී පහරවල් නිසා මරු විකල්ලෙන් සිංහල හේවායන්ට
දෙස් දෙවොල් තැබූහ. කවරෙකු කවර ආකාරයේ
මෙහෙයක් කලද ඔවුන් සියල්ලන්ගේම නෙත් නිරන්තරයෙන් රැදී තිබුනේ එක් සිංහල සිරකරුවෙකු
වෙතය. ඔහු නමින් මුදියන්සේ බණ්ඩාරය.
කතිරිනා කුමරිය කන්ද උඩරට රැජින ලෙස නිරන්තරයෙන්ම
පෙන්වා දෙමින් මහනුවර යටත් කරගැනීමට යාමේදී බොහෝ පිරිසක් කැටුව ගිය ලොපැස් ද සෞසාට
බලන දුර්ගයේදී ඉතාමත් නින්දනීය ලෙස පරාජයට පත්වන්නට සිදුවිය. මේ හේතුව නිසාවෙන් ඔහු වෙඩි කෑ ඌරෙකු සේ කිපී
සිටියේය.
විමලධර්මසූරිය රජුගේ විශාල හමුදාව නිසා පෘතුගීසි
භටයන්ට මාරක පහර වලින් වලකින්නට නොහැකිවූ නමුත් දෙවර වර විමලධර්ම සූරිය රජුගේ බල
ඇණිය පෘතුගීසි හමුදාව තරමට ශක්තිමත් නොවූයෙන් සෙංකඩගල නුවරට ගිනි තබා රජු වැදි
පත්තුවට පලා ගියේය.
මේ පලා යාමෙන් පසු ලැබුණු ආරංචි මාර්ගයන්ට අනුව
විමලධර්මසූරිය රජුට ශ්‍රී දළදාව ගෙනයාමට අමතක වූ බව දැනගන්නට ලැබුනි. එබැවින් දළදාව පැහැර ගැනීම ලෝපස් ද සෞසාගේ
අරමුණ විය. පුරාණයේ පටන් විශ්වාස කරනු
ලබන්නේ දන්ත ධාතූන් වහන්සේලා ගේ භාරකාරත්වය හිමි වූ අයෙකුට රජකම ලැබෙන බවයි. එබැවින් පෘතුගීසි භට නායකයා කල්පනා කලේ එය හිමි
කරගැනීමෙන් පසුව සිංහලයන් පෘතුගීසීන්ට පක්ෂපාතී විය හැකි බවයි.
කෙසේ වුවත් ඔවුනට දළදා හිමි සොයා ගැනීමට නොහැකි
වූ නමුත් එය ගෙනගොස් සගවන ලදැයි සැක කරන සිංහල පුද්ලගලයා හසුවුනා. ඉහත සදහන් කල සිරකරු ඔහුයි. ලෝපැස් ද සෞසා ද එසේ මෙසේ කෙනෙකු නොවෙයි. ඔහු උස මහත පුද්ගලයෙකි. කන්ද උඩරට යටත් කර ගැනීමට පැමිණි පෘතුගීසි හේවා
භට කණ්ඩායමේ නායකයා ඔහුයි. සෑම
සොල්දාදුවෙකු තුලම මේ පරංගි නායකයා කෙරෙහි ඇත්තේ අති මහත් බියකි. ඒ වගේම ඔහු සියල්ලන්ගෙන්ම සැලකුම්
ලබන්නෙකි. වටපිට බැලූ ඔහු කෙලින්ම ගියේ
සිංහල සිරකරු බැද තිබූ ස්ථානය වෙතයි.
පරංගි නායකයා හා ඔහුගේ සෙබලුන්ගේ පාවහන් හඩින්
කඩා වැටී තිබූ හිස කෙලින් විය. මුහුණ පුරා
වැවී තිබූ රැවුල නිසා ඔහුගේ ප්‍රතාපවත් බව මැනවින් පැහැදිලි විය. දත් කිටි කිටියේ සපා ගත් මේ සිංහල සිරකරුවා
සිටියේ දැඩි කේන්තියකිනි.
“පරංගි ජඩ බල්ලෝ!!! ඔහු මුමුනන්නට විය. ඔහු කෙළ පිඩක් අහකට විසි කලේය. පරංගීන්ගේ දසුන ඔහුට මහත් වදයක් සේම පිළිකුලක්
දනවන කරුණක් විය.
සිරකරු වෙත ආ පෘතුගීසි නායකයා බඩගිනි වූ කොටියෙකු
පරිද්දෙනි සිංහල සිරකරුවා දෙස බැලුවේ.
“උඹේ ජීවිතයට ආදරයක් තියේ නම් කියාපිය දන්ත
ධාතූන් සගවපු තැන. නැත්නම් තොට හිමිවෙන
ඉරණම තොපේ ඉහේ උකුනාවත් දන්නේ නැති වෙයි.....යනුවෙන් ගර්ජනා කලේය. ඔහුගේ ගර්ජනාවෙන් බය වෙනවා වෙනුවට සිංහල
සිරකරුවාගේ සිතට දැනුනේ දැඩි කේන්තියකි.
තමන්ගේ කෝප ගත් දෙනෙත් පරංගි නායකයා වෙත හැරවූ සිරකරුවා
“තොපිට පුළුවන් දෙයක් කොරාපියව්...යනුවෙන්
කීවේය. කෙසේ වෙතත් මීට වඩා වචනයකුදු ඔහු
නොදෙඩුවේ පරංගියාගේ කතාව නිසරු එකක් බව හැගුනු නිසාවෙනි.
“ඒයි කපටි මිනිහා මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ
නැත්නම් මම උඹව හතරට පලනවා.....එසේ කියූ සේනාධි නායකයා තමන්ගේ අත තිබූ සැරයටියෙන්
සිරකරුට කිහිප විටක්ම තැලුවේය. මුහුණට
වැදුනු පහරවල් නිසා තොල් පට පවා පුපුරා ලේ ගලා හැලෙන්නට විය. දත් කූරු කමින් සිරුරින් වැගිරෙන ලේ මුසු කෙළ
පිඩක් ගැසූ ඔහුගේ මුහුණට නැගුනේ සාවඥ සිනාවකි.
“තගේ ඔය ගර්ජනා වලට බිය වන්නේ සිංහලයෝ නොවෙයි බොල
නිවටයෝ. තා වගේ නරුමයෙකුට කවදාවත් දන්ත
ධාතූන් වහන්සේ නොලැබෙන බව දැනගෙන හිටියොත් හොදයි.....ගෙරිමස් කන පරංගියා.....කියමින්
බැන වැදුනේය.
තමන්ගේ නායකයාගේ මුහුණට කෙළ ගැසූ නිසා ඉන් කෝපයට
පත් එක් පරංගි සෙබලෙක් තමන් අත වූ කඩුව අමෝරාගෙන ඉදිරියට පැන්නේ සිරකරු දෙපලු
කිරීමේ අටියෙනි. එහෙත්...
“නවතිනු මෝඩයා....සෞසා කල බෙරිහන් දීමෙන් ඔහු
මදක් පසුබා සිටියේය. මේ මිනිහා මරා
දැම්මොත් අපිට දළදා වහන්සේ ගැනීමේ අවස්ථාව ඇහීරී යනවා. මොහුව එක කඩු පහරින් මරා දමන්න පුළුවන්. ඒත් අසීරුම දේ තමයි දළදා වහන්සේ සොයා
ගැනීම. ඒ නිසාම එය සගවා තියෙන තැන
දැනගන්නා තෙක් මොහුගේ තියෙන වටිනාකම අපමණයි.....
පසුව අසල හුන් වෙනත් පෘතුගීසි සෙබලුන් දෙදෙනෙකු
විසින් මේ සිරකරුට කසයෙන් තලන්නට විය. දත්මිටි
කමින් වේදනාව ඉවසා සිටීමට තැත්කරන මේ නිර්භීත සිංහලයා දෙස පරංගින් බලා සිටියේ
පුදුමයෙනි. එසේම ඔහුට පහර දීමෙන් පරංගීන්
විශාල සතුටක් ලබන බවකුත් පෙනෙන්නට තිබුනි.
කුලප්පු වූ හරකෙක් මෙන් මහත් වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කල පරංගි නායකයා මේ
සිංහල අභීත මිනිසා දෙස බලා සිටියේ නොඉවසිල්ලෙනි.
මෙසේ දිගින් දිගටම කස පහර කෑමෙන් පමණක් තමන් මිය
යා හැකි බව තේරුම් ගත් සිංහල සිරකරුවා අවසාන වශයෙන් හෝ තමන් උපන් බිමට යම් මෙහෙයක්
කරමියි තරයේ සිටා ගත්තේය. හදිසියේම
සිරකරුගේ මුහුණ සාවඥ සිනා රැල්ලකින් ආලෝකමත් විය.
ඔහුගේ හිස පහතට වැටී තිබුණ බැවින් ඒ සිනහවේ අර්ථය හෝ වටහා ගැනීමට පරංගීන්ට
හැකියාවක් ලැබුණේම නැත.
“අනේ මාව මරන්න එපා!!! අනේ මාව මරන්න නම් එපා!!!
දළදා හිමියෝ වැඩ සිටින ස්ථානය මම කියන්නම්.
යයි කෑ ගසන්නට වුනා. ඒ වචන සවනත
වැකුණු පරංගි නායකයාගේ මුහුණට සිනා රැල්ලක් නැගුනේ නිරුත්සාහයෙනි. තමන් ජයගත්තාක් බදු හැගීමක් ඔහුට දැනෙන්නට
විය.
“පහර දීම නවත්වනු!!!! මෙතෙක් අසරණ සිංහලයාගේ ගලායන රුධිරය දෙස හිතක්
පපුවක් නැති අයෙකු ලෙසින් බලා සිටි සෞසා තම භටයන්ගේ පහරදීම නැවැත්වීය. ඔහුගේ බැමි මුදා හරින්නට අණක් ලැබුනි. සිරකරුවා නෙත් කොනින් සියල්ලන් දෙස
බැලුවේය.
“දළදා හාමුදුරුවන් වහන්සේ සැගවූයේ මමයි. එය මා හැරෙන්නට වෙන කිසිම කෙනෙක් දන්නේ
නැහැ. දළදා හිමි දැනට සගවා තියෙන්නේ මෙතැන
සිට මයිල දෙකක් පමණ ඈතින් තියෙන නාමල්ගොඩ කදු පාමුල බිම් ගෙයක් ඇතුලෙයි....ඒ
ස්ථානය දන්නේ මා විතරයි. ඒ නිසා මා සමග තව
කිහිපදෙනෙක් පැමිණියොත් එය රැගෙන දෙන්නම්.... යනුවෙන් බොහෝ වේදනාවෙන් යුතුව
කෙදිරිලි හඩකින් පැවසීය.
“හොදයි යමන්...හැබැයි තෝ අප අතරින් පලා යාමට තැත්
කලොත් තොපේ හිස කුඩු පට්ටම් කරනවා. ඒක
හොදින් මතක තියාගනිං... යනුවෙන් පැවසීය.
එසේ කියූ පරංගි නායක සෞසා අනෙක් සෙබලුන් නවදෙනාත් සමග සිරකරු පසුපසින් ගමන්
ගත්හ. ඉහත සදහන් කල කදුවැටිය අසල තිබුණ
පොල් අතු පැලක් වෙත ලගා වූ ඔවුහු සිංහල සිරකරුවා සිටින්නේ කෝපයෙන් දත්මිටි කමින්
බව නොදත්තේය. එසේ පොල් අතු පැල ඇතුලට ගිය
සිරකරු එහි දමා තිබුණ පරණ පැදුරක් ඉවත් කලේය.
එය යට තරමක ලෑල්ලක් තිබුණේය. එයත්
ඔසවා ඉවත් කල විට පෙනුනේ පියගැට පෙළකි. එය
උමගක් විය. සිරකරු පියගැට පෙළ මදක් දුර
බැස ගිය පසු පිටිපස හැරී බැලුවේ ඔහුගේ සතුරු හමුදාවේ භටයන්ගේ මුහුණු දෙසයි. බිම් ගෙය තුලට වැටුනු මද ආලෝකයෙන් සිරකරුගේ හැම
ඉරියවුවක් ගැනම හොද සෙවිල්ලෙන් ගමන් කල පරංගීන් දහදෙනා තුල බියක් නම් තිබුනේම
නැත. මන්දයත් සිරකරුවා එතරම්ම දුබලව සිටි
බැවිනි.
ඇත්තම කිවුවොත් නිරායුධ බෙලහීන මෙවන් පුද්ගලයෙකු
කෙරෙහි කුමන කරුණක් නිසා බියට පත් වෙන්නද?
කෙසේ වෙතත් තරමක් අදුරු ස්ථානයකට කණ්ඩායම පැමිණෙනවාත් සමගම වෙඩි කෑ ඌරෙකු මෙන් කෑ ගසමින් අදුරට පැනගත්
සිරකරු කුමක්දෝ ලී ඇණයක් තද කලේය. මහා
ශබ්දයක් සමගින් උමංකට හරහා විශාල ගල් කුලක් කඩා වැටුනි. මුළු උමග පුරාවටම ඇසුනේ පස් කඩා වැටෙන සර සර
ශබ්දය හා පරංගීන්ගේ අදෝනාවයි. ඒ සමගම අභීත
සිංහලයාගේ කොක්සන් හඩ ද ඇසෙන්නට විය. ඒ
සමගම පරංගි හේවායන්ගේ තුවක්කුවලින් නිකුත් වූ වෙඩි හඩවල් සතර දිග්භාගයෙන්ම ඇසෙන්නට
විය. නමුත් ඔවුන්ට කිසිම ඉලක්කයක් තිබුණේ
නැත.
සිංහල සිරකරුවාට එතරම් හානියක් සිදුවූයේ
නැතත් පරංගී හේවායන්ගේ තත්වය නම් ඊට
හාත්පසින්ම වෙනස් විය.
“ගෙරි මස් කන පර බල්ලෝ....තථාගත බුදු පියාණන්
වහන්සේ ගේ දන්ත ධාතූන් වහන්සේ තොපි වගේ මෝඩ අමන රැලක් අතට පත් කිරීමට මගේ කිසිම
අදහසක් නැහැ බොලව්. සිංහලයෝ එතරම් නිවට
නිහීන ජාතියක් නොවෙයි. තොපි ඒ බව හොදින්
දැනගනියව්!!!!
ඒ සමගම එක් මුල්ලක් අතගා යමක් සොයාගත් ඔහු වියරු
ලෙස සිනාසෙන්නට විය. තොපි දස දෙනා සමග
සටන් කිරිමට ඉන්නේ එකම එක සිංහලයයි. එනු
නීචයෝ!!!!
මෙසේ කී මුදියන්සේ එක්වරම පරංගීන් සිටි දෙසට
මාරයෙකු මෙන් කඩා පැන්නේය. බිම් ගෙය තුල
එකම මිනිස් පොදියකි. භීතියෙන් වෙළී සිටි
පරංගි හේවායෝ අන්ධකාරයේම තමන්ගේ සිරුර පසාකරගෙන යන කිනිසි පහරින් කෑගසන්නට
විය. කෙසේ වෙතත් බිම් ගෙය තුල තිබුන
අන්ධකාරය නිසාම ඔවුනොවුන් පවා මරාගන්නට විය.
පරංගි ලෙයින් උමග තෙත්වෙත්දී පරංගීන්ගේ අසිපත් පහරින් මුදියන්සේටද සැලකිය යුතු
ලෙස තුවාල සිදුවිය. නමුත් කිසිදු
වේදනාත්මක හඩක් නොනැගූ ඔහු කිසිම හඩක් නොනැගෙන බිම් ගෙය තුලින් අන්ධකාරයේම අතපත
ගාගෙන එක් කුහරයකින් එළියට ආවේය. ඔහු එසේ
එළියට එන්නටත් මහත් ආයාසයක් දැරුවේය. ඔහු
වෙන කවරෙකු හෝ නොව මුදියන්සේ බණ්ඩාරයන් බව හදුනා ගැනීමට තිබූ එකම සලකුණ නම් ඔහුගේ
මුහුණ පුරා වැවී තිබූ රැවුලයි. ඔහුගේ මුළු
සිරුරම ලෙයින් නෑවී තිබුණි. නමුත් ඔහුගේ
මුහුණින් සතුටක සේයාවක් පෙනුනි.
මහත් ආයාසයෙන් යුතුව ලග තිබූ ගසක් අල්ලාගෙන නැගී
සිටි මුදියන්සේ තමන්ගේ අත කම්මුලට තබා සක් පිඹින්නා සේ තමන්ගේ ජයග්‍රහණය ගැන උදම්
අනා නැවතත් නොනැගිටින්නටම ඇද වැටුනි.
(පැරණි ලිපියක් ඇසුරිනි)
මේ වගේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රටක් නේ මුන් මේ විනාශ කරල දාන්නෙ. අපේ අතීත මුතුන්මිත්තො මොන තරම් රටට ආදරයක් තිබුණද මේ අපේ රටේ නායකයෝ,වීරයො,හැබෑ මනුස්සයො. මේ මිනිස්සු ලඟ අපි කොච්චර පුංචිද?
ReplyDeleteසුභ දවසක්
දයියා
Deleteඒ කතාව නම් ඇත්තම තමයි. අපේ දරුවන්ට රටක ඉන්නවා කියලා හිතන්නවත් අඩුම තරමේ ඉඩක් තිබුනොත් ලොකු දෙයක්.
මුදියන්සේ බණ්ඩාර... මෙතුමන් ගැන ඇහැව්වේ පළමු වතාවට. කියවන අතරේ ඇඟේ ලේ දුවන විදිහ මටම දැනුණා. තවත් කොයි තරම් මේ වගේ අප්‍රකට ශ්‍රේෂ්ඨ චරිත ඇත්ද අපේ ඉතිහාසයේ. ගොඩාක් ස්තූතියි මල්මි මේ සටහනට.
ReplyDeleteසිතුවිලි
Deleteස්තුතියි, මටත් මේ වීරයා ගැන දකින්න ලැබුනේ අහම්බෙන් වගෙයි.
පට්ටම පට්ට
ReplyDelete+Roopz+
Deleteස්තුතියි ඔයාට
මෙහෙව් වීරයෝ හිටිය තමන්ගේ දිවි හිමියෙන් දෙස රැස සුරක්ෂිත කරපු රටේ අද වෙන දේවල් දැක්කාම මේ වීරයෝ අපිට ශාප කරාවි
ReplyDeleteදැන් නම් ඉතිං ඉන්නෙ කාඩ්බෝඩ් වීරයෝ තමයි
Deleteයසිරු
ReplyDeleteමෙතැනට යන්න ට්‍රයි කලාට යන්න බැරි වුනා. ආපහු බලන්නම්. ස්තුතියි ඔයාට