Thursday, October 6, 2011

ඔබේ වටිනා මනාපයෙන් මා දිනවන්න!

ජන්දය ඉල්ලන්න           කියා                                   
බේරෙන්නට බැහැනේ මෙයා                                    
රෑ දාවල දෙක          නොතකා                                     
එනවා සෙනග මාව      සොයා                                    


ළග එන මහ              මැතිවරණෙට
ඉල්ලන්නට හිතුනා              මෙමට
ඔහෙලා බැන්ද මගෙ          ඇපයට
වැඩ කරනවා පව්          ගෙවෙන්ට

මගේ ලකුණ ගොළු          බෙල්ලා                    
කවුරුත් නැහැ එය             ඉල්ලා                                                                                                                 
කොහිවත් නැහැ කොඩි     එල්ලා                      
රකිනවා මම ඔය            ගොල්ලා                      
                                                                        
බිංදුව මගෙ                          අංකය
දෙනු මැන                    සහයෝගය
ලැබුනත් රජ                        පදවිය                    
මතකයි ඔය                         උදවිය                   
                                                                        
දිවිමග ගෙනයන                 දුෂ්කර                     
පොදු ජන සේවෙට           කැපකර
මගේ ලකුණ ගැන              විස්තර                     
ඔහුම කියයි  රසවත්                කර                   


මට බඩගිනි                 වැඩිඋනාම                       
කනවා කොළ ටික        ඔක්කොම
ඔබ කවුරුත් දුටුවොත්          හෙම                    
ඈතට යනවා                   මගහැර                     
                                                                        
කරදරයක් දැනෙනා                විට                     
මුලින්ම මගේපණ             රැකුමට
රිංගමි මම කටුව                   තුලට                    
පසුව බලමි වැඩි               විස්තර                    


මා යන මාවත                  ඔස්සේ                      
රිදී ඉරක් ඇත                   පස්සේ
බාධක තිබුණත්                පස්සේ                    
කිසිවිට නෑ පසු                බැස්සේ                    
                                                                       
හෙමින් ගමන තිබුනත්             මට                   
දෙන්නම් වැඩ ටික          නියමෙට
සාමය සම්පත                   රැකුමට                    
සමතෙකු නැත මා              තරමට                   
                                                                       
නාම යෝජනා දුන්                  දින                   
පාරෙ දෙපස රොක්වී              ජන
සිටියත් එනතුරු     බැන        බැන                    
පිළිගත්තනේ මා පොදු           ජන                     
                                                                      
අලියා ගියා   කොටියා          සොයා                 
අටුවේ ඇත   පුටුව                   තියා
රෝදෙත් ජන්දයේ                සිටියා
තරගය නම් මේ                     හැටියා             


නිල                                   එනවා
කොළ                               යනවා
නිල් රතු දෙක               නලියනවා
කහ පාටත් මග                   එනවා


රටේ සිටින                    දෙස්පලුවෝ
වේදිකාවේ    බොරු            පැලුවෝ
එක එකාට දොස්                 නැගුවෝ
උන් වෙනවා  දන                මරුවෝ


මේ හැමගේ                      පාරට්ටු
අසා ඉන්න ලොව                 රට්ටු
ඔට්ටු නූනොතින්                  තට්ටු
වෙනවට කීයද                     ඔට්ටු


හදවත මාගෙ කූල්                  වෙලා
තිබුනත් දැන් නරක්               වෙලා
උදෑසනම                        ඇවිදිල්ලා
මට ජන්දය                         දීපල්ලා


උදේ සිටන් පෝලිමෙ              සිට
ඔහෙලා දෙන                 මනාපයට
පුරපති කම නැතිනම්                 මට
මන්තිරි කම සෑහෙයි                 මට


මගෙන් ඔබට වන                 සේවා
බොහොම ටිකක්            දක්වනවා
එයින් සමහරක්                      ඒවා
කොයිකාටත්              ගැලපෙනවා


ලස්සන මේ ලක්            පොළවේ
දණ්ඩක් වුව නිති             පැලවේ
දැකලා දන ගැන              පොදුවේ
කෙරුවොත් වැඩ         සුවපත්වේ


සිව් ගංගා                     ගොඩකර
හදනවා බිල්ඩින්                    තර
විසදෙන නිවසේ                   බර
වැඩි දන මට  නැහැ              බර


සමුදුර ජල                   හරවනවා
කුඹුරු යාය සරු                කරවා
රට සහලින්                 පුරවනවා
හාල් පොතට පණ            දෙනවා


අද්යාපනේ                  අඩමානයි
ගුරුකුල හැම තැන         විසිරෙයි
සිසුනගේ වැඩ             අසංවරයි
මෙහෙම උනොත් දැය  පිරිහෙයි


අවකාශය නිල්              පාටයි
ගහකොළ හැම කොළ   පාටයි
ගත රුධිරය රතු            පාටයි
මිනිසුන් හැම හරි        මෝඩයි


ආර්ථිකේ                  උද්ධමනය
දැකලා සමහරු               වමනය
කරනා විට කර               දමනය
දෙනවා සැමට ගුලි         දිය කර


අය වැය පෙන්වා           පරතර
සමහර බඩු මිල අඩු          කර
දුප්පතුනව මෝඩයෝ       කර
පසුවට දෙමි මිල         වැඩිකර


සල්ලි නැතිව වී              මුසුප්පු
සමහරුනට වන          ඔරොප්පු
පොලීසියත් කර           කුලප්පු
දෙනවා පෙරනට         කසිප්පු


කෙල්ලො                   කපන
කොල්ලො                  වවන
කොන්ඩයෙ ඇති කරදර මැන
අවසර දෙමි තට්ටෙ       ගාන


කොන්ඩෙ කපන  ඩයනා   කට්
කෙල්ලො අදින හැටි    කියුලට්
මේව දැකල මට            අප්සට්
සිංහල රට බාගෙට            කට්


සංකර බව නැති        කරන්න
හෙළ සැබි බව     වඩාලන්න
ආරිය ඇදුමක්           අදින්න
නියම කරමි හැමට      ඔන්න


ප්‍රවාහනය හරි          දුබලයි
ප්‍රයිවට්වල පොල්     පටවයි
වේලාවට බස් නැති    වෙයි
මිනිසුන් මහ මග ලත  වෙයි


පමා නොවී නියම    කලට
හැම වැඩ පළ කරගන්නට
පවරමි වැඩ        සුදුස්සාට
ඇමති ධුරය          මාතලීට


පොදුවේ නීතිය        හැම
දෙනටම කරමී           සම
අධිකරණයෙ ඇමති   කම
යම රජුහට දෙමි        මම


කෙනෙකුගෙ පස්සෙන්   දුවන්න
එපා සපත්තුව             ලොවන්න
කොන්ද කෙලින් තබා      යන්න
හැරමිටි මම බෙදමි           ඔන්න


වෙන මන්තිරිවරු            වගේ
බොරු පොරොන්දු නැහැ මගේ
දියුණුව දැකලා                මගේ
කලයුතු වෙයි එය            අගේ


සාමය සම්පත                වේවා
මහජන සරණින්           බෝවා
නොදෙන්න ඔබ මා        පාවා
හෙට මම පුරපති          වේවා!!!



(ඔබගේ වටිනා ජන්දය ගොළුබෙල්ලා ලකුණ ඉදිරියෙන් ගසා මා පත්කර ගන්නා ලෙස නැවත ඉල්ලා සිටිමි.

5 comments:

  1. අපි නුවර නෙමේ හන්දා ඡන්දේ නෑ නේ.
    නියම කවි සෙට් එක. කියවන්න පමා උනේ මම් නුවර ගියපු හන්දා. :)

    ReplyDelete
  2. මම ඒත් බැලුවා මට ජන්දේ දෙන්නේ නැද්ද කියලා. ඒත් ගම නුවර කිවුවා නේද?

    ReplyDelete
  3. නුවර නෙමේ අක්කා. මම් ගම්පහ ඉන්නේ. අක්කට නම් ඡන්දේ නොදී කොහොමද. අනිවාර්යෙන්ම ඡන්දේ දෙනවා.

    ReplyDelete
  4. මම් නම් චන්දේ දීලා ඉන්නෙ.නුවර අවුරුදු 58කට පස්සෙ නේද දිනුවේ.

    ReplyDelete
  5. මධු/නදී...

    කවුරු කොහොම දිනුවම මොකෝ රටට හොදක් වෙනවා නම් නේද?

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!