Monday, October 10, 2011

හච්චිං.....!!!!!

වෛද්‍ය මතයට අනුව නාසයට ඇතුල් වන අනවශ්‍ය දේ ඉවත් කිරීමේ ප්‍රතික්‍රියාවක්  ලෙස කිවිසුම හදුන්වනු ලබයි.  නමුත් රටින් රටට මේ ගැන කියවෙන දේ වෙනස්ය.  එක් අවස්ථාවක භාරතයේ ප්‍රදීප් නම් 17 හැවිරිදි තරුණයෙක් එක් දිනකදී පමණක් දහස් වාරයකට වඩා කිවිසුම් යවමින් මාස 2ක් පමණ ගතකොට ඇත.  කොතෙක් ප්‍රතිකාර කලත් මෙය නතර කර දැමීමට අපහසු වී ඇත.  නවදිල්ලියේ සමස්ත ඉන්දීය වෛද්‍ය ආයතනයේදී කිවිසීමක වේගයටත් වඩා වැඩි වේගයකින් ඔහුව සුවපත් කිරීමට හැකිවී ඇත්තේ මේ තරුණයා මානසික වශයෙන් කිවිසීමට ලක්ව තිබූ බව සොයාගත් නිසාවෙනි.

කිවිසීම එක්තරා ශාරීරික ක්‍රියාවලියක සුළු දෙයක් වුවද ඉතිහාසය දෙස බලනවිට බොහෝ දේ අතර කිවිසීමට ඇත්තේ හිතන තරම් සුළු ස්ථානයක් නම් නොවේ. 1918 දී ලෝකය පුරාම පැතිර ගිය සෙම්ප්‍රතිශ්‍යාව මේ එක් කිවිසුමකින් ඇරඹි ඉන්පසුව කිවිසුම් ගණනාවකින් ලෝකය වටාම කැරකි කැරකී ගිය බව හෙළි වූ සත්‍ය කරුණකි.

මධ්‍යතන යුගයේදී සිදුවූ “මහා වසංගතය.. ජනගහනයෙන් අඩකටත් වඩා බිලිගෙන ඇත්තේ කිවිසුම්වල මාර්ගයෙන් රෝගය ව්‍යාප්ත වූ නිසා බව හෙලිවී ඇත.

කිවිසුමක් යාමේදී බොහෝ මිනිසුන් දෙවියන්ගේ පිහිටයි, දිගාසිරි වේවා, ආයුබෝවන් ආදී ලෙස සුබ පතන රටවල් බොහෝමයක් ලෝකය පුරාම ඇත.  දරුවෙකු උපන් විට වෛද්‍යවරුන් විසින් කල පරීක්ෂණවලින් තහවුරු වූයේ කිවිසුමක් යාම ශරීරගතවන අනවශ්‍ය දේ ඉවත් කිරීමක් මෙන්ම හිස මත නිරන්තරයෙන් ඇති බර ගතිය ඉවත් කිරීමක් ද වන බවයි.

කිවිසුමක් යාමේදී පිටවන ශබ්දය ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.නමුත් පරම්පරාගතව තම පරපුරට උරුම හඩින් කිවිසුම් යවන බව පර්යේෂකයෝ සොයාගෙන ඇත.  රෝමයේ මිනිසුන්ගේ මතයට අනුව කිවිසුම පිටවීමත් සමගම අමනුෂ්‍ය බලවේගයක් ඉවත්ව ඒ ප්‍රදේශය වටා සැරිසරන බවට මතයක් ඇත.  ඒ නිසා රෝම වැසියෝ අමනුෂ්‍ය බිය ඉවත්වේවා!! යන අර්ථය දෙන පාඨයක් කිවිසුමක් පිටවන හැම අවස්ථාවකම කියති.

මධ්‍යම පිලිපීනයේ පාන නම් දූපතේ වැසියෝ ලෝකයේ වෙනත් කිසිම රටක් විශ්වාස නොකරන අන්දමේ අද්භූත මතයක් දරති.  කිසියම් පුද්ගලයෙක් මළසිරුරක් සමීපයේදී කිවිසුමක් පිටකලහොත් ඔහුද ලගදීම මරණයට පත්වන පුද්ගලයෙකු සේ සිතනු ලබයි.  එවැනි අවස්ථාවකදී පාන දූපත් වාසීන් කෙලෙසින් හෝ කිවිසුමක් පිටවීම වලක්වා ගැනීමට උත්සාහ දරති. එම උත්සාහය අසාර්ථක වුවහොත් අසලක  සිටින අයෙක් කිවිසුම පිටකල තැනැත්තාගේ කණට පහරක් ගසමින් “පනාගුලි යනුවෙන් ශබ්ද නගා කියනු ලැබේ.  එම වචනයේ අර්ථය ආපසු යන්නයි.

පන්ජාබ් වාසීන්ද ලංකාවේ අය මෙන්ම ගමනක් යන්නට ආසන්න වූ විට කිවිසුමක් පිටකලහොත් එම ගමන යන්නේ සුළු වේලාවක් නතර වී සිටීමෙන් පසුවය. එමෙන්ම බොහෝ භාරත වාසීන් මුදල් ගනුදෙනුවක් කිරීමේදී හෝ දෑවැද්දක් දීමේදී හෝ අසල සිටින අයෙක් කිවිසුමක් පිට කල හොත් එයින් අදහස් කරන්නේ ඒ කටයුත්ත අසාර්ථක වන බව යයි විශ්වාස කරති.

ග්‍රීක වැසියන් ප්‍රොමෝතියස් සම්බන්ධ වීර කතාවක් නිසා කිවිසුම අගය කරන අතර එහෙත් මැද පෙරදිග මිනිසුන් සෑම කිවිසුමක් සමගම යක්ෂ බලයක් නාසය මාර්ගයෙන් ශරීරයට ඇතුලු වන බව විශ්වාස කරන නිසා හැකි තරම් ඉක්මනින් නාසය වසා ගනී. කිවිසුම් යාම වලක්වා ගැනීම සදහා ඇතැම් රටවල මිනිසුන් කෙම් වර්ග පවා පාවිච්චි කරති. ඹෞෂධ වර්ග පාවිච්චි කරති.  කෙසේ වුවත් ලෝකයේ පැවැත්ම ඇතිවූදා සිට මේ දක්වාම මිනිසුන් කිවිසුම් යාම ගැන දක්වන්නේ එතරම් ප්‍රබෝධමත් අදහස් නම් නොවේ.

1 comment:

  1. අක්කා කිව්වම තමා මතක් උනේ. අපි පොඩි කාලේ අපේ අම්මා අපි කිවිසුම් යවනකොට "බ්ලෙස් යූ" කියලා හරි එක්කෝ "ජේසු !!" කියලා හරි කියනවා. (අම්මා කතෝලිකා

    එහෙම කරන්නේ කිවිසුමක් කියන්නේ අපේ ඇඟ ඇතුලේ ඉදලා යකෙක් පනිනවා. ඒකව එලවන්න ලූ එහෙම කියන්නේ. ඒ බටහිර රටවල් වල මතය.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!