කාලයක් තිස්සේ මගේ හිතේ බොහෝම ලොකුවට ආසාවක් තිබුනා සිරිපාදේ යන්න. ජීවිතේටම ගිහින් තිබුනේ නෑ නොවැ.
ඔන්න මගේ හොදම යෙහෙළියක් ලංකාවට ආවා. පදිංචිය කැනඩාවේ. එයා යෝජනාවක් දැම්මා අපේ සෙට්එක සිරිපාදේ යමු කියලා. මගේ කකුලේ අමාරුවකුත් තියෙන නිසා මුලින් අකමැති වුනත් පස්සේ මමත් ඕකේ කලා.
කට්ටිය එකා දෙන්නා හැලි හැලී කොහොමෙන් හරි ගමන යන්න සූදානම් වුනා. මගේ ඉස්කෝලේ පුංචි කාලේ ඉදන් මේ වෙනකං මගෙත් එක්ක දුකට සැපට ඉන්න හොදම යෙහෙළියන් හය දෙනාත් දරුවොත් මහත්තුරුයි තමයි නඩේට එකතු වෙන්නේ. ඒත් දෙන්නෙකුට යන්න විදියක් තිබුනේ නැහැ.
එකතු වුන කට්ටිය විස්සක්. බස් එකක් කතාකරගෙන අපි සිරිපාදේ ගියා. මගේ හොදම යාළුවෙක් තමයි බස් එක සොයා දුන්නේ. එයත් ගමනට එකතු වුනා. කන්ද නගින්න පටන්ගත්තට මොකද ටික දුරක් යනකොට බොහෝම වෙහෙසයි. ඒත් මගේ යාළුවා මට හුගාක් උදව් කලා. කියාගන්න බැරිතරම් දේ හිතට දැනුනා. ඇස් දෙකට කදුළුත් එකතු වුනා. මම සිරිපාදේ උඩට යනකනුත් ආපහු බසයට එනකනුත්. ගෙදර එනකනුත් මට හෙවනැල්ලක් වුනේ කලින් කියපු යාළුවා. මොකද මගේ මනුස්සයා එක පාරක් ගියා කියලා ආපහු නම් යන්න බෑ කිවුවා. පොඩි එවුනුත් ගෙදර තියලයි මම ගියේ.
එහෙට ගියාම අපේ මනුස්සයා කෝල් කරලා ඇහුවා කොහොමද සනීපද කියලත්.
ගෙදර එනකොට මට පාන් කියාගන්නත් බැහැ. ඊයේ රෑ තමා ඕං ගෙදර ආවේ. ඒත් හිතට දැනෙන සතුට කෙළවරක් නැහැ. අතපය නිකං කඩා දාලා වගේ. උඩට යන්න වගේම ආපහු පහළට එන්නත් පැය ගානක් ගතවුනා. එනකොට නම් පාර නිකං රබර් වගේ ඉවරයක් නැහැ.
ඒත් ගමන නම් බොහෝම සුන්දරයි.

කකුලේ අමාරු තිබ්බත් කමක් නෑ සිරිපාදේ කරුණා කලා නේ. ඒ ඇති !!
ReplyDeleteමාත් සිරිපාදේ ගිහින් නෑ. ගිහිල්ලා බලන්න ඕනා. :)
සිරිපාදේ එකපාරකට වැඩියෙන් ගිය එකාත් මෝඩයා නොගියම එකාත් මෝඩයා කියලා කියමනක් තියෙනවා. ගිහින්ම බලන්න මලේ. ඒකත් හොද අත්දැකීමක් තමයි. දෙවියන්ගේ පිහිටෙන් නිවාඩු පාඩුවේ දැන්ම ගිහින් එන්න. මේ කාලේ යන ගමනක් තමයි ගියොත් ඉදිරිය ගැන කියන්න බැහැනේ.
ReplyDeleteමේ පාර මම ගියේ මගේ 11 වෙනි පාර... මට නම් ඒ තරම් සතුටක් නෑ... අපි ගිහින් පොලිතීන් ප්ලාස්ටික් , වීදුරු බෝතල් එකතු කරලා පහලට ගෙනෙනවා...වාරේ / අවාරෙ වෙනසක් නැතුව උතුම් නිර්වාණාවබෝධය පිණිසම වෙහෙසෙන ස්වාමීන් වහන්සේලා දෙනමකට අපි දානෙත් දෙනවා හැම අගෝස්තු මාසෙකම..
Deleteපොඩ්ඩක් වැරදුනා නොවෑ...මට නම් ඒතරම් වෙන සතුටක් නෑ..
Deleteඉර සේවේ එහෙම දැක්කද ?
ReplyDeletehasitha
ReplyDeleteඔව් කොහොම හරි ඒකත් බලාගත්තා