සතියකට විතර පස්සේ මගේ කොම්පීතරෙත් හදාගෙන ආවා පෝස්ටුවක් දාන්න. හිතුනා ජනවාරි මාසය ගැන පුංචි පුංචි කරුණු ටිකක් කියන්න නොදන්න අයට දැනගන්නත් එක්කම. අපි ජනවාරි මාසයට ජනේරුව කියලත් කියනවනේ. සමහර විට ඒක කියන්න ලේසියට අපේ අත්තම්මලා හදාගත්තා වෙන්නත් පුළුවන්.
මුලින්ම ජනවාරිය අවුරුදු උළෙලක් කරගත්තේ රෝමවරුන්ය කියනවනේ. ජනේරු උළෙල අපේ ජන ජීවිතයට වැදගත් වෙන්නේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටත් කර ගත්තාට පස්සෙයි. ලන්දේසි හා ඉංග්‍රීසි පාලන කාලවලදී එය වඩාත් ම සිංහල ජන ජීවිතයට නැඹුරු වුනා.
කැලැන්ඩරේ එන පළමු පෝයනේ දුරුතු කියන්නේ. මේ දුරුතු පෝය යෙදිලා තියෙන්නේ ජනවාරි මාසයේ දිනෙකයි. පොහොයක් විදියට ගත්තම බෞද්ධයන් වන අපට ඉතා වැදගත් දිනයක් තමයි දුරුතු පෝය. පෝය දිනය රජයේ නිවාඩු දිනයකුත් වෙනවා.
බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවුනේ දුරුතු පෝය දිනයේදී. ඒ බුද්ධත්වයෙන් නව වන මසදී. උන් වහන්සේ ලක්දිව බිම්තැන්නේ මහවැලි ගග අසබඩ මිනිපේ කියන බොහෝම සරුසාර ගම් පියසේ මහා නාග වන නම් වූ උයනට වැඩ සවනක් බුදුරැස් විහිදුවමින් වැඩ සිටි සේක. උන්වහන්සේගේ දහම් අසා යක්ෂයින් දමනය වූ සේක.
සමනල ගිරි මුදුනේ වෙසෙන සුමන සමන් දෙවියන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූයේත් මේ දිනයේදීමයි. එදින බුදුන් වහන්සේ සුමන සමන් දෙවියන්ගේ අයැදුම පරිදි සුරතින් බුදු සිරස පිරිමැද කෙස් කළඹක් ප්‍රධානය කලහ. සමන් දෙවිදුන් එම කේශධාතූන් වහන්සේ රන් කරඩුවක ලා බුදුන් වැඩ සිට දම් රස පෙවූ ස්ථානයේ රත්රන් අතුරා ඒ මත ඉදුනිල්වන් ගලින් සත්රියන් උසැති සෑයක් කරවා පූජා පෙරහර දැක්වූහ. මහියංගනය චෛත්‍යය ලෙස ලොව පතලව ඇත්තේ එම චෛත්‍යයයි.
බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිහි කරමින් කැළණි විහාරයේ වර්ෂයක් පාසා පවත්වනු ලබන දුරුතු මහ පෙරහැර ජනවාරි මාසයේ දක්නට ලැබෙන සිංහල සංස්කෘතියේ සිහිවටනයකි.
ඒ වගේම ජනවාරි මාසයේ 14 වෙනිදාට තෛපොංගල් දිනය යෙදෙනවා. එය හින්දු භක්තිකයන්ගේ විශේෂ පූජා දිනයක්. හිංදු බැතිමතුන් හිරු දෙවියන්ට විශේෂ පුජාවක් පවත්වනු ලබයි. අළුත් ධාන්යෙයන් අලුත් තලියක නොඉදුල් කිරි බතක් පිස එය හිරු දෙවියන්ට පූජා කරයි. ලිප් බැද ගිනි මොලවන්නේ නිවස අභියස මිදුලෙය. දෙවියන්ට පූජා කිරීමෙන් අනතුරුව ඉතිරි කොටස අනුභය කරනු ලබයි. මේ මගින් බලාපොරොත්තු වන්නේ මුළු වසර පුරාම ගොවිතැන් දියුණුවට අවශ්‍ය කලට වැසි හා රෝග උවදුරු දුරු වීමත් සරු අස්වැන්නක් ලැබීමටත්ය.
මුස්ලිම් බැතිමතුන්ගේ ඉතා වැදගත් ආගමික දිනය වන්නේ මහමුද් නබි නායක තුමාගේ උපන් දිනයයි. එය ජනවාරි මාසයේ 08 වෙනිදාට යෙදී ඇත. අරාබි දින දර්ශනයට අනුව රබ් උල් අව්වල් මස 12 වැනි දිනය හෙවත් නබි නායක තුමා උපන් ජනවාරි මස 08 වැනි දිනය මුළු මහත් මුස්ලිම් ලෝකයටම අති මහත් වැදගත් දිනයකි. මේ දිනය මුස්ලිම් බැතිමතුන් විසින් ඉමහත් භක්තියෙන් යුතුව සිහිකරනු ලබයි.
අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට අසුවී සිංහල ජාතිය ආගම හා භාෂාව බයානක ප්‍රපාතයකට ඇද වැටුනු අවස්ථාවක මෙලොව එළිය දැක තරුණ වියේදීම අධිරාජ්‍ය විරෝධී නිදහස දිනාගැනීමට සටන් ව්‍යාපාරයක් මෙහෙයවූ උදාර නායකයෙකු ලෙස කටයුතු කල එෆ් ආර් සේනානායක මහතා සිහි කිරීම ජනවාරි මාසයේ පළමු දිනයට යෙදී ඇත.

හ්ම්ම් සැහෙන විස්තර දැනගත්තා ඔන්න! :)
ReplyDeleteසමහර දේවල් දැන ගත්තේ අක්කෑ පෝස්ට් එකෙන්.
ReplyDeleteග්‍රීක ක්‍රමයට අනුව ජනවාරි මාසය කැපකරලා තියෙන්නේ ජානුස් කියන දෙවියාට.
වටින විස්තරයක්....
ReplyDeleteතුන්දෙනාටම ස්තුතියි
ReplyDelete"මුස්ලිම් බැතිමතුන්ගේ ඉතා වැදගත් ආගමික දිනය වන්නේ මහමුද් නබි නායක තුමාගේ උපන් දිනයයි. එය ජනවාරි මාසයේ 08 වෙනිදාට "
ReplyDeleteනබිනායක තුමාගේ උපන් දිනය අප්‍රේල් 26 කියලනේ කියන්නේ
http://en.wikipedia.org/wiki/Muhammad
හසිත
ReplyDeleteහොයලා බලලා නිවැරිදි කරන්නම්