Monday, October 8, 2012

කැමතිනම් හිනාවෙලා යන්න!!!!


හැබෑටම ඇයි බැංකු වැහුවේ?

ඔන්න එක දවසක් පොඩි මෑන් කෙනෙක් එයාගේ තාත්තාගේ උකුලේ හුරතල් වෙවි හිටියා.  හැබැයි මිනිහා පොඩි වුනාට ටිකක් විතර මොළ කාරයෙක්. ටිකක් වෙලා වටේ පිටේ දේවල් ගැන එක එක කතාන්තර කිය කියා හිටිය පොඩි එකා තාත්තාගෙන් අහනවා,

“තාත්තේ ඇත්තටම ඔය ජෝර්ජ් වොෂින්ටන් කියන කෙනා බොහෝම අවංක කෙනෙක්ලු නේද?

“අපොයි ඔවු පුතේ. පුතා ඇයි එහෙම අහන්නේ?

“නෑ ඉතිං ජෝර්ජ් වොෂින්ටන් කියන්නේ ඔය තරම්ම අවංක මිනිහෙක් නම් ඇයි එයාගේ උපන් දිනේට බැංකු ඔක්කොම වැහුවේ??????

වැදගත් ප්‍රශ්ණයක් නේද?
....................................................................................................................................................................................................
බනින්න එපා

එක පුංචි පුතෙක් බොහෝම තරහෙන් එයාගේ අම්මට බනින්න පටන් ගත්තා.  බොහෝම ගෙවල්වල මේ වගේ දේවල් තියෙනවානේ ඉතිං නේද? ඔය පොඩි උන්ට තරහ ගියාම දන්නේ නැද්ද?  කොහොම හරි මේ කන්දොස්කිරියාව ඉවසාගෙන ඉන්න බැරි තැන පොඩි එකාව ලගට අරගෙන තාත්තා පොඩි එකාට කරුණු කාරනා පැහැදිලි කරන්න පටන් ගත්තා.

“පුතා දන්නවද? අම්මට බනින එක පවු සිද්ද වෙන අපායේ යන වැඩක් කියලා.  පුතේ අපේ ගෙදර බුදුන් අම්මා.  මගේ හොද පුතා ආයෙත් නම් අම්මට බනින්න යන්න එපා හොදේ.  ඒ විතරක් නෙවෙයි පුතේ අයියටයි අක්කටයිත් බනින්න ගහන්න යන්න එපා පවු සිද්ද වෙනවා.  හොද පුතානේ, මගේ පුතා ආයේ බනින්නෙ නැහැ නේද?

“ඇයි තාත්තේ, අම්මා ගෙදර බුදුන් නම් ,අයියයි අක්කයි සැරියුත් මුගලන්ද එතකොට?
....................................................................................................................................................................................................
හිට්ලර් ඌරා 

එක අවස්ථාවක හිට්ලර් ගම්බද සංචාරයක යෙදුනාලු.  හිට්ලර් ගිය වාහනය පදවලා තියෙන්නේ ඔහුගේම හිතවත් නිලධාරියෙක්.  ගමක් මැදින් ගමන් ගන්නා විට මේ වාහනයට තඩි ඌරු නාම්බෙක් හැප්පිලා මිය ගිහින්.  ඒ වෙලාවේ රථය නවත්වන්නට හිට්ලර්ගෙන් අණක් ලැබිලා තියෙනවා.

“මේ වගේ පැතිවල මිනිස්සු තරහ කරගන්න හොද නැහැ.   නුඹ ගිහින් වරද පිළිඅරගෙන සමාව ඉල්ලාපන්!! කියමින් රියදුරාව පිටත්කර යැවුවාලු.

සමාව ගන්න ගිය නිලධාරියා ටික වෙලාවකින් ඇවිත් තියෙන්නේ තමන්ට ඔසවාගෙන යන්න බැරි තරම් තෑගි ගොඩක් රැගෙනයි.  එහි රසවත් කෑම බීම වගේම තවත් බොහෝ දේ තිබිලා තියෙනවා. 

“මේ මොකද මේ?  උන් තෑගිත් දුන්නද? මම හිතුවේ උඹ හොදටම ගුටි කයි කියලනේ. 

“මොනවද මේ කියන්නේ උතුමාණෙනි!!! බනින්න නෙමෙයි. උන් සතුටින් කෑගසමින් තමන්ගේ අතට අහුවෙන හැම දෙයක්ම වගේ මගේ අතේ තිබ්බා. 

“ඒ කියන්නේ??? උඹ ගිය ගමන් උන්ට මොනවද කිවුවේ?

“හේල් හිට්ලර් ඌරා මළා!!!!!!!!
.....................................................................................................................................................................................................
මෙතන පාටියක්

ඒ කාලයේ ඔහු සේවය කලේ යුධ හමුදාවේ.  එක දවසක් රෑ  අණදෙන නිලධාරියාගෙන් ඔහුට හදිසි ඇමතුමක් ලැබුනා.

“සර් මේ වෙලාවෙ නම් මට කොහොමටවත්ම එන්න විදියක් නැහැ.  මම ඉන්නේ පොඩි උත්සවයකට සහභාගී වෙමිනුයි.  මම ආවොත් මෙතන පාටියෙන් වැඩක් නැහැ සර්. 

“ඒ ඇයි තමුසේ ආවොත් පාටියෙන් වැඩක් නැහැ කියන්නේ?  කලින් කිවුවේ ඔතන කට්ටිය තව පහලොස් දෙනෙක් ඉන්නව කියලා නේද?  ඉතින් තමුසේ අඩු වුනා කියලා ඔතන ප්‍රශ්ණයක් වෙන්නේ කොහොමද?

“නෑ  සර් මේ මේ මේ මම කිවුවේ මෙතන ඉන්න අනිත් පහළොස් දෙනාම ගෑණුනේ සර් ඒකයි!!!!!!!!


(මෙව්වා මං හදපුවා එහෙම නෙමෙයි  එහෙන් මෙහෙන් ඇහිද ගනිපුවා හොදේ!)

2 comments:

  1. නියම කතා ටිකක්.

    ReplyDelete
  2. නියම කතා ටිකක් අක්කේ. ඇති වෙන්ඩම හිනා උනා.

    -හිතවත් ඇනෝ-

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!