Wednesday, October 10, 2012

දෙව්ලොව යනවාලු!!!!


මුලින්ම මම කියන්නේ අකමැති හැමෝම මේ ලිපිය නොබලා ඉන්නවානම් හොදයි කියලයි. 

අපේ සංස්කෘතියට අනුව දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ට ගරු කිරීම උවටැන් කිරීම උරුමයෙන්ම ලැබුන දෙයක්.  කරන නොකරන එක තම තමුන්ගේ වැඩක්.  හැබැයි ලාංකික සමාජයේ ජීවත්වෙන අපි ඒක බොහෝම ලොකු කුසල කර්මයක් විදියටයි සලකන්නේ.  තරහකට මරහකටවත් වයස්ගත වූවන්ට හිරිහැර කරන්නට මරා දමන්නට හිතන්නත් බයයි. 

නමුත් මම මේ කියන් හදන්නේ පරණ ලිපියක දැකපු දෙයක්.  මේ විදියට අපි බොහෝම ගෞරවයෙන් සලකනු ලබන වැඩිහිටියන් කරදරයක් විදියට හිතලා ඔවුන්ගේ ජීවිතය නැති කරන්නට ලෝකයේ ඇතැම් ගෝත්‍රික ජනතාව පෙළඹිලා තියෙනවා.  අද කාලයේ කෙසේ වෙතත් අතීතයේදී එවැනි දේ තිබිලා තියෙනවා.

ශක්තියටත් තමන්ගේ බලයටත් මුල් තැනක් දීපු මෙවැනි ගෝත්‍රිකයෝ මහළු පුද්ගලයන්ව සලකන ලද්දේ කරදරයක් විදියටයි.  ඉතින් ඔවුන්ව මරා දමන්නට පසුබට වෙලා නැහැ.  ඒ ගෝත්‍රික සමාජයේ ඔහු කෙබදු තරාතිරමක් දරපු පුද්ගලයෙක් වුනත් ඒ හැමෝටම අත්වෙලා තියෙන ඉරණම එයයි.

හැබැයි මේ මහළු පුද්ගලයන් මරා දැමීමට එක් එක් ගෝත්‍රිකයන් යොදාගන්නා ලදැයි කියන ක්‍රම නම් එකිනෙකට වෙනස් වෙනවා.  ඇතැම් ක්‍රියාවන් අතිශය අමානුශිකයි. 

පණ පිටින්ම වළ දමා වයස්ගත පුද්ගලයින් මැරීමේ චාරිත්‍රයක් පැරගුවේ විසූ ටෝබා කියන ගෝත්‍රික මිනිසුන් අතර තිබුණා.  මෙලනීසියන් ගෝත්‍රිකයොත් තමන්ගේ දෙමාපියන්ට දක්වන්නට පුළුවන් උපරිම කරුණාව නම් ඔවුන්ම පණ පිටින්ම වළ දාන එක කියලයි හිතුවේ. 

ගැලිනොමොරෝ කියන රතු ඉන්දියානු ගෝත්‍රිකයෝ මහළු මිනිසුන් මහා ඝන වනාන්තරයට ගෙන ගිහින් අතරමං කරලා මරණයට පත් කලා.  ඇස්කිමෝවරු කලේ තමන්ගේ වයස්ගත වූ දෙමාපියන්ගේ ගෙල මිරිකා මරා දැමීමයි.  එහෙමත් නැත්නම් තමන් වාසය කල පැලේ තනිකරලා දාලා යන්න ගියා.  ඉතාමත් කෘෘර විදියට මරා දමනු ලැබූ තැනැත්තන් දෙව්ලොව ඉපදෙන බව විශ්වාස කල එස්කිමෝවරු තමන්ගේ ගෝත්‍රික මහල්ලන්ට ඒ දෙව්ලොව සුරසැප ලබා දෙන්න ඕනෙ කියලා හිතලා ඔවුන්ව කුරිරු විදියට මරා දමන අවස්ථාත් තිබුනා.  ගෙල මිරිකලා මරාදාන සිරිත බටහිර වික්ටෝරියා පෙදෙසේ ජීවත්වූ ගෝත්‍රිකයින් පිරිසක් අතරත් තිබිලා තියෙනවා. 

ඔය දකුණු අප්‍රිකාවේ සමහර ගෝත්‍රිකයෝ තමන්ගේ මහළු දෙමාපියන්ව කදුවලින් පහළට තල්ලු කරලා මරා දැමුවාලු.  මේක හරිම හිරිකිත හිතෙන කතාවක්.  ඒත් දැනගෙන ඉන්න එක හොදයිනේ.  ඔය නයිජීරියාවේ වැසියන් කරන්නේ මේ විදියට මහල්ලන්ව මරා දාලා ඔවුන්ගේ සිරුරු ගින්නෙන් වියළලා කුඩු කර ඒවා ධාන්‍ය සමග මිශ්‍ර කරලා ගුලි කොට ආහාරයට ගන්නවාලු. මේක සිරිතක් විදියට කරනවා කියලා තමයි කියන්නේ. 

හොටෙන්ටොට්ස් ගෝත්‍රිකයෝ මහල්ලන් ගවයන් ගේ පිට පටවාගෙන කාන්තාරයට ගිහින් අතරමංකරලා එනවාලු.  බ්‍රසීලයේ විසූ ගෝත්‍රිකයෝත් තමන්ගේ ආහාරවේලේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්නට නොහැකි පුද්ගලයින්ව මරා දමා තියෙනවා.  ප්‍රේරිම් තණ බිම් වල වාසය කල බොහෝ ගෝත්‍රිකයෝ මේ සිරිත් අනුගමනය කරලා තියෙනවා.  බැක්ට්රියන්වරු මහල්ලන් දඩයම් බල්ලන්ගේ ගොදුරු බවට පත්කලා. 

ඒ වුනාට පෙරදිග රටවල්වල විශේෂයෙන්ම ඉන්දියාවේ මේ වගේ කුරිරු සිරිත් තිබුණ බවට සාධක හමු වෙලා නැහැ.  ඉස්සර කාලේ ඉදලම පෙරදිග වැසියන් වැඩිහිටියන් මහළු උදවියට ගරු කිරීමට පෙළඹිලා තිබුණා.  මේ වගේ දේවල් ඇතිවෙන්න සමහර විට ආගමික පසුබිමත් බලපාන්නට ඇති.  එහෙම කියන්න හේතුව තමයි දරුවන්ගේ අතින් මිය යන වැඩිහිටියන් දෙව්ලොව ඉපදෙන බවට ගෝත්‍රික සමාජයන් අතර පැවති විශ්වාසය.  කොහොම වුනත් අපේ ලාංකික සමාජයේ නම් අදටත් වඩා හොදින් අතීතයේදී වැඩිහිටියන්ට පුද සත්කාර කල බව නම් නොකියාම බැහැ.

1 comment:

  1. දුක හිතෙන පෝස්ට් එකක්.
    කාශ්‍යප රජතුමාට පුතා උපන් වේලේ ඇතිවුන පිය සෙන‍හසවත් වගේ ‍ඇතිවෙන්නෙ නැත්තෙ මුල ඉදන්ම ඒ කාර්ය්‍ය උන්ගේ සංස්කෘතියේ අංගයක් වුන නිසා වෙන්න ඇති.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!