Tuesday, February 14, 2012

මෝනාලිසා

 

කාන්තාවකගේ හිනාව කිසිම පිරිමියෙකුට වටහා ගන්නට නොහැකියි කියලා කතාවක් තියෙනවා.  ඒ වගේ ගුප්ත හිනාවක් රැදුන චිත්‍රයක් තමයි මෝනාලිසා චිත්‍රය.  මේ සිතුවම ගැන ලිපි වගේම කව් පද දහස් ගණන් මේ වනවිට ලියවිලා තියෙන බව කාටත් රහසක් නම් නොවෙයි.

පැරීසියේ ලූරේහි විසූ ලෙනාඩෝ ඩාවින්චි ගේ අපූර්ව නිර්මාණයක් තමයි මේ මෝනාලිසා.  ලෝකයේ වටිනාම සිතුවම මොකද්ද කියලා ඇහුවොත් ඔබ බොහෝ විට පිලිතුරු දේවි මෝනාලිසා බවට.  ඇත්තම කිවුවොත් මෙම සිතුවමේ වටිනාකම මෙතෙකැයි කියලා කියන්නට බැරි තරම්.  1962 දෙසැම්බර් මාසයේදී නිව්යෝර්ක් නගරයේ ප්‍රදර්ශණය කිරීම සදහා මෙම සිතුවම ගෙන යන විට එය රුපියල් කෝටි සියයකට රක්ෂණය කරනු ලැබුවාලු.  ඒ කියන්නේ රක්ෂනය පමණක්ම රුපියල් කෝටි සියයක්.!!!!!!

ක්‍රි.ව. 1503-1507 අතර කාලවකවානුවේදී ලෝක පුජිත චිත්‍ර ශිල්පී ලෙනාඩෝ ඩාවින්චි මේ අනගිභවනීය සිතුවම නිර්මාණය කරනු ලැබුවා.  ප්‍රංශයේ ප්ලෝරන්ස් නගරයේ ජීවත් වූ ප්‍රැන්සෙස්කෝ ඩේල් ගියෝ කොන්ඩාගේ බිරිදවූ මැඩෝනාලීසා ග්හෙරාඩ්නිගේ ( ඇයට ඒ කාලයේ කවුරුත් ආදරේට කතා කලේ මෝනාලිසා කියලයි) ගුප්ත ඒ වගේම සුන්දර මන්දස්මිතියයි  මේ සිතුවමෙන් නිරූපණය වන්නේ.
මෙම චිත්‍රය එතරම් විශාල එකක් නොවෙයි. පළල අඩි 2යි අගල් 4ක් හා උඩ අඩි 3 යි.  එකපාරක් මේ අනර්ඝ සිතුවම හොරකම් කරනු ලැබුවා.  ඒ 1911 අගෝස්තු 21 වන දායි.  ප්‍රශයේ විසෙන්සෝ පෙරුගියා නමැත්තා විසිනුයි මෙය සොරකම් කරන ලද්දේ. ඉන්පසුව එය නැවත සොයා ගනු ලැබුවේ ඉතාලියේදියි.

නමුත් පුදුමයට කාරණය එය නොවෙයි.  මේ අනර්ඝ සිතුවම මුලින්ම එල්ලා තිබිලා තියෙන්නේ නාන කාමරයක.  ප්‍රංශයේ පළමුවන ප්‍රැන්සිස් රජු ලෙනාඩෝ ඩාවින්චිට රත්තරන් ප්ලෝරින් හාරදාහක් ගෙවල  ඒ කියන්නේ අද රුපියල් ලක්ෂ ගණනක් ගෙවල තමයි මේ සිතුවම අරගෙන තියෙන්නේ තමන්ගේ නාන කාමරයේ එල්ලන්න.

එක් එක් පුද්ගලයින් විසින් සිතුවම් කරන ලද විවිධ චිත්‍ර ප්‍රංශයේ තිබී සොයාගෙන තියෙනවා.  මේ සිතුවම් බොහෝ පැරණි කාලයට අයත් ඒවායි.  ප්‍රංශයේ ඩෝඩොන් ප්‍රදේශයේ ගල්ලෙන් තුල තිබී සොයා ගන්නා ලද මේවා ලෙස්කෝ යන නමින් හැදින්වෙනවා. ලස්කෝ ගම්මානයේ මෙම ලෙන් පිහිටා තිබෙන නිසයි එම නමින් හැදින්වෙන්නේ.  කුඩා ළමයින් පිරිසක් හාවන් අල්ලන්නට කැළයට ගිය වෙලාවක තමයි මෙම සිතුවම් ඇදි ලෙන් සෙයාගෙන ඇත්තේ.  මේ ලස්කෝ චිත්‍රවල වැඩිපුරම තියෙන්නේ සත්ව රූපයි.

ලෝකයේ ලොකුම සිතුවම ලෙස සැලකෙන චිත්‍රය අඩි හාරසිය දහයක් පමණ දිගින් යුතු වන බව මගේ මතකයයි.  පළල අඩි හැත්තෑවක් පමණ. ( මම වැරදි නම් නිවැරිදි කරත්වා).  ප්‍රංශයේ පෝල් පිලිපෝටෝ නමැති චිත්‍ර ශිල්පියා තවත් ශිල්පීන් දහ අටදෙනෙකුගේ උදව්වෙන් අවුරුදු දෙකහමාරක් පමණ තිස්සේ අදින ලද මේ සිතුවම “ද බැට්ල් ඔෆ් ගෙටිස් බර්ග් යනුවෙන් හදුන්වා තිබෙනවා.  අමේරිකාවේ මධ්‍යම පෙන්සිල්වේනියාවේ සිදුවූ ගෙටිස්බර්ග් සටනේ උච්චතම අවස්ථාවක් නිරූපණය කරමිනුයි මෙම සිතුවම ඇද ඇත්තේ. ඒ ක්‍රි.ව. 1883 දීයි.

1649 දි ස්පාඤ්ඤ ජාතික සිත්තරෙකු වු දියෝගෝ වෙලාකුස් විසින් ඒ කාලයේ සිටි පාප්තුමාගේ සිතුවමක් ඇදීමට පෙර හුරුවක් ලෙස අදින ලද වෙලාකුස් වහලා නම් සිතුවම වෙන්දේසියකදී ඉහලම මිලකට අලෙවි වූ සිතුවමක් ලෙසත් සැලකෙනවා.  එය සිදුවූයේ නිව්යෝක් විල්ඩෙංන්ස්ටීන් නම් කලාගාරයේදීයි.

5 comments:

  1. නොදැන හිටි බොහොමයක් දේ දැනගත්තා මේ පෝස්ට් එකෙන්.... බොහොම ස්තුතියි....

    ReplyDelete
  2. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා !

    ReplyDelete
  3. මියුරු/ මධු.....

    දෙන්නාටම බොහෝම ස්තුතියි.

    ReplyDelete
  4. ගොඩක් ස්තූතියි.. මොනාලීසා ගැන නොදන්න කරුණු ගොඩක් ගෙනාවට.. :)

    ReplyDelete
  5. ස්තුතියි නන්දු

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!