Saturday, February 11, 2012

මුද්ද

 
අද කාලයේ කාන්තාවන් මුද්ද දාන්නේ මෝස්තරයටනේ. නමුත් පැරණි සමාජයේ මේ මුද්ද පැළදුවේ නිරෝගී බව ගැන සිතීම නිසාලු.  රත්තරන් වල තියෙන බලය ප්‍රයෝජනයට අරගෙන නිරෝගී බව රැකගැනීමේ ක්‍රමයක් විදියට තමයි පැරැන්නන් මුදු පැළදීම කලේ.  ඒ ගැන ඔවුන්ගේ තද බල විශ්වාසයක් තිබුනා.

මේ මුදු පැළදීම නිසා මීමැස්මොරය එහෙමත් නැත්නම් අපස්මාරය නමින් අප හදුන්වනු ලබන රෝගයෙන් ආරක්ෂා වීමටත් ඒ වගේම විෂ ශරීරයට ඇතුළු වීම හා යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුරුකම් වලින් ආරක්ෂා වීමටත් හැකියාවක් තිබුනු බව ආදි කාලයේ සිටම විශ්වාස කලා. 

ඒ විතරක් නෙමෙයි මිනිසුන් මැරීම හා මැරවීමටත් මුදු යොදා ගත් බව සදහන් වෙනවා. 
අද මෝස්තර ලෝකයට රන් රිදී වගේම වෙනත් නොයෙක් දේ වලින් තනන ලද විවිධ මුදු එක්වෙලා තියෙනවා.  අතගිලි වලට පමණක් නොවෙයි, කකුලටත් , නාසයටත්, ඇහිබැම, නාභිය, ආදි විවිධ ස්ථානවල මුදු පැළදීමට තරුණියන් වගේම තරුණයන් උනන්දු වෙනවා. 

තමන්ගේ ඇදුමේ පැහැයෙන් විතරක් නෙවෙයි අනෙක් ආභරණ වලට ගැලපෙන ආකාරයටත් මුදු සාදනු ලබනවා.  සතුන්ගේත් සර්පයන්ගේත් රූප කොටා විවිධ කලාවන් අනුව කැටයම් යොදා ගෙන පිරිසිදු රනින් කල නොයෙක් හැඩයන්ගෙන් යුත් මුදු අතීතයේ විසු මිනිසුන් පැළදූ බව බැබිලෝනියේ හා මිසරයේ පැරණි සොහොන් කොත්වල තිබී සොයා ගන්නා ලද මුදු වලින් හෙලිවෙනවා.

නයිල් නදියේ වාසය කල ආදි මිනිසුන් ගැහැණියගේත් මිනිසාගේත් එක්වීමේ සලකුණක් වශයෙන් මුදු පැළැදීම පටන් ගත් බව කියවේ.  විවාහ සිරිතක් ලෙස මුදු පැළදවීම මුලින්ම කරන ලද්දේ රෝමන් වරුන්ය.  මුදු පැළදීම නිසා ඇය විවාහකද අවිවාහකද කියා දැනගැනීමට එදා සමාජයේ මිනිසුන් පුරුදුව සිටියා.  නමුත් අද මෝස්තරයක් ලෙස එය සමාජයට එක් වී ඇති නිසා ඒ ගැන සොයා බලා වෙන්කර හදුනාගන්නට බැහැ.

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ආහ් පොඩි දෙයක් මතක් උනා!
    මුද්දක් කියලා කියන්නේ වෘත්තාකාර ආභරණයක් නේ.ඒකේ එක කෙලවරකින් පටන් ගත්තම නැවතුමක් නැතුව වටේට යනවා. (මාලයක් නම් පටන් ගන්න කෙලවරකුයි අවසන් වන කෙලවරකුයි තියෙනවා නේ.)
    බඳින දවසට මුදු දාන්නේ තමන්ගේ ආදරේත් ඔය වගේම අසීමිතව අනන්තය කරා දිවෙන ආදරයක් ය කියලා ඒ ඇත්තිට/ඇත්තාට ඒත්තුගන්වන්න ලූ.

    ඒ මුද්ද වෙදැගිල්ලට (මුදුගිල්ල) දාන්න හේතුවක් තියෙනවා නේ. ඒකට හේතුව ඒ ඇඟිල්ලෙන් එන නහරේ කෙලින්ම යන්නේ හදවතට ලූ. තමන්ගේ අනන්ත වූ ආදරේ හදවතටම දැනෙන්න ලූ මුද්දක් වෙදැගිල්ලටම දාන්නේ.

    ඔය ඇත්තිගේත් මහත්තයා ආදරෙන් මුද්දක් අක්කෑ අතට දාන්න ඇත්තේ ඔක හිතලා වෙන්ටෑ. :)

    ReplyDelete
  3. අනේ මන්දා? මාත් මුද්දක් නම් දැම්මා තමා. ඔය කතාව මාත් අහලා තියෙනවා. ඇත්ත වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා නේද?

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!