Thursday, March 29, 2012

සෙනෙහසක අරුමය

 ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට වසන්තය උදා වුනේ හිම වැස්සකුත් එක්කමයි.  මේ කතාව පටන්ගන්නේ වසන්ත සමය උදාවී සතියකට පසු එක් සීතල රාත්‍රියකිනුයි.  දවස හරියටම කිවුවොත් මාර්තු 21.  තිබුන දැඩි සීතල බව නිසාම නගරයේ සිනමා හල්, බොජුන් ශාලා, වගේ බොහෝම ජනාකීර්ණ තැන් හිස්ව ගොස් තිබුණා.

නගරයේ ලින්කන් ආරෝග්‍ය ශාලාවේ දින කිහිපයක් තිස්සේ දරු ප්‍රසූතියකට සූදානමින් සිටි කළු ස්ත්‍රියක් ඒ රාත්‍රිෙය්දී දරුවෙකු බිහි කළා.  මේ දරු උපත සිදුවූයේ නියමිත කාලයට නොවෙයි.  අකාලයේයි.  උපදින කොට දරුවාගේ බර අවුන්ස 35කට වඩා වැඩි වූයේ නැත.  එවේලේම දරුවා විශේෂ උණුසුම් යන්ත්‍රයක තැබුවා.

මේ උපතෙන් දින නවයකට පස්සේ මාර්තු 30 වෙනි දිනත් බොහෝම තද සීතල රාත්‍රියක් වුණා.  ලින්කන් රෝහලේ රාත්‍රි සේවයේ යෙදී සිටි හෙදිය අකාලයේ උපන් දරුවන් කෙසේ කල් ගෙවන්නේදැයි සොයා බැලීම සදහා , ඔවුන් සදහා විශේෂයෙන් වෙන් කර තිබූ රෝහල් කාමරය වෙත ගියා.  මෙසේ නියමිත කාලයට පෙර බිහිවූ දරුවන් බහාලූ විශේෂ උණුසුම් යන්ත්‍ර 10ක් පමණ ඒ කාමරය පුරා තිබුණා.  සුපුරුදු ලෙස එක් එක් උණුසුම් යන්ත්‍රය දෙස එබී බැලූ හෙදිය ඉන් පසු ඔවුන්ගේ වෛදච්‍ය සටහන්ද කියෙව්වා.  දරුයන් තිදෙනෙකුගේ වෛද්‍ය සටහන් පරික්ෂා කළ ඈ සිව් වැනි උණුසුම් යන්ත්‍රය ලග නතරවුනේ විමතියෙනුයි.  ඇගේ දෑස් විශාල වුනා.  ඒ උණුසුම් යන්ත්‍රය තුළ දරුවෙක් සිටියේ නැහැ.

ඇය වහාම වාට්ටුව බාර මෙහෙකරු කැදෙව්වා.  රාත්‍රි සේවයෙහි යෙදී සිටි වෛද්‍යවරයාට දුරකතන ඇමතුමක්ද දුන්නා.  පැය භාගයක් යන්නට පෙර මුළු රෝහලම පරික්ෂා කලා.  නමුත් අතුරුදන් වුනු දරුවා පිළිබද සලකුණක් හෝ තිබුණේ නැහැ.

පසු දින දරුවා බලන්නට දෙමව්පියන් රෝහලට පැමිණි විට ඔවුහු මහත් විමතියට හා ශෝකයට පත් වුනා. වෛද්‍යවරුනට දුක් සහගත වුනත් ඇත්ත පවසන්නට සිදුවුනා.  වයසේ තරමට දරුවා නිරෝගීව හා ශක්තිමත්ව සිටියත් එවැනි රාත්‍රියක ඒ බිළිදා උණුසුම් යන්ත්‍රයෙන් ඉවත්කලහොත් දෙපැයකට වඩා ජිවත් නොවන බව ඔවුහු පැවසුවා.  වෛද්‍ය වාර්තා වල සටහන් කර තිබුණ අන්දමට අතුරුදහන් වන විට දරුවාගේ බර අවුන්ස 13ක්.

දෙමාපියන් ශෝකයෙන් පුරවාගත් හදවතින් යුතුව රෝහලෙන් පිටව ගියා.  හෙදියක් උණුසුම් යන්ත්‍රයේ එල්වා තිබුණ දරුවාගේ වෛද්‍ය සටහන එතැනින් ඉවත් කලා.

පසු දින පුවත් පත් ලින්කන් රෝහලේ දී සිදුවූ මේ දරු සොරකම පිළිබදව වාර්තා කර තිබුනා.  පොලීසිය මේ සිදුවීමත් සමගම ක්‍රියාත්මක වුනා.  නමුත් මේ සිදුවීමේ අවසානයත් එය ම බව පෙනෙන්නට තිබුනා.

තවත් සති තුනකට විතර පස්සේ එක් උදයක එක් ගෘහණියක් සිය ගෙදර වැඩ කරමින් ඒ අතර තුර ගවන් විදුලි යන්ත්‍රයට සවන් දෙමින් සිටියා.  ඈ සවන් දුන්නේ ජනප්‍රිය ගීත වැඩසටහනකටයි.  එයින් එක් ගීතයක් ඇගේ සිත බෙහෙවින් ඇද ගත්තා.  සිය වැඩකටයුතු ඉක්මනින් අවසන් කල ඇය වහාම වීථියට ගියේ එම ගීතයේ තැටිය මිලට ගැනීමටයි.  වීථියේ වෙළද සලේදී එම ගී තැටිය දෙවන වරට වාදනය කරන විට කළු යුවතියක් එම ගීයට සවන් දෙන්නට වෙළද සැලට ගොඩවුනා.  ඉහතකී ගෘහණිය මේ කළු යුවතිය දෙස වරක් දෙවරක් නොව කිහිප සැරයක්ම බැලුවේ ඇය හොදින් දැක පුරුදු කෙනෙකු සේ දැනුන නිසයි.  තවත් ටික වෙලාවකින් ඇය මේ කළු යුවතිය කවුරුන්දැයි හදුනාගත්තා.  ගෘහණිය සති කිහිපයකට පෙර දිනක් ඇයව දැක තිබුණා.  ඈ නැවතත් කළු යුවතිය දෙස හැරී බැලුවා.  සති කිහිපයකට පෙර එක් සීතල රැයක බිළිදකු අතින් ගත් කළු යුවතිය මැයම බව ඇය වටහා ගත්තා.  

පුවත්පත් වල පලව තිබුණ වාර්තා අනුව සති තුනකට පෙර සීතල රැයෙකු දරුවකු වඩාගෙන තනිවම ගිය මවක වූ මේ යුවතිය දැන් පොලීසිටියට උවමනා වී සිටින තැනැත්තියක බව යි ඇයට දැනුනේ.

කළු යුවතිය ඒ මිහිරි ගීයට සවන් දෙමින් සිටින අතර, ඈ වෙළද සැලෙන් පිටවී පොලිස් භටයෙක් සොයාගෙන දිවුවා.  ඇය පොලිස් භටයාට කරුණු පැහැදිලි කොට ඔහුත් සමග වෙළද සැළ වෙත එනවිට ඒ යුවතිය අතුරුදහන්ව ගොස් සිටියා.  එහෙත් ඒ ගෘහණිය කළු යුවතිය ගැන පොලීසියට පැවසූ විස්තර එහස් පොලීසියේ නිලධාරීන් වෙත යවනු ලැබුවා.

මේ සිද්ධියෙන් සතියකට පමණ පසු පොලීසියට උවමනා වී සිටින තැනැත්තියගේ හැඩහුරුකම් ඇති කළු යුවතියක් ඒ අසලම විථියක බස් නැවතුම් පලට පැමිණියා.  පුදුමයට කරුණ නම් ඇය ගියේ පොලිස් නිලධාරියෙකු වෙතයි.  ඇයට හාර්ලම්හි වෙළද පොලකදී කරදරයක් වූ බව ඈ එම පොලිස් භටයාට කිවුවා.  පොලිස් භටයා ඇගේ පැමිණිල්ල ගැන වැඩි සැලකිල්ලක් ගත්තේ නැහැ.  ඔහු ඇගේ හැඩහුරුකම් හදුනාගන්නා විට ඇය ඔහුගෙන් වෙන්ව ගොස් ටික වෙලාවක් ගතව තිබුනා.  පොලිස් නිලධාරියා නැවතත් මේ යුවතිය ගැන ප්‍රධාන පොලිස් කාර්යාලයට හා රහස් පොලීසියට දැනුම් දුන්නා.  තවත් මොහොතකට පසු පොලීසියේ රේඩියෝ රථවලින් උවමනා වීසිටින කළු දැරියක් 42 වන වීථියේ බස් නැවතුමකින් දකුණු දෙස බලා යන බස් රියකට ගොඩවන්නට ඇති බව දැනුම් දුන්නා.  

නමුත් ඇය බසයකට නැග තිබුනේ නැහැ.  ඇයව දෙදිනකට පසු කුඩා හෝටලයක කාමරයක සිටියදී සොයා ගන්නා ලදී.  ඈ විවාහ වී සිටියේ එම හෝටලයේ සේවකයෙකු සමගයි.  ඈ හඩමින් සිය කතාව කිවුවා.  ඇය කිසි වරදක් කර තිබුනේ නැහැ.  ඈ දුක් වූයේ නොබෝදා ලැබුනු නිවුන් දරුවන් මළ නිසායි.  අහිංසක ඇයට තමන්ගේ පාඩුවේ ඉන්නට ඉඩදී ඉවත්ව යන්නැයි ඇය පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

නමුත් අවසානයේදී ඈ ඉකිබිදිමින් තමන් එම දරුවා සොරාගත් බව පිළිගත්තා.  දරුවා දෙදිනකට පසු මියගිය බව ද ඇය පැවසුවා.  ඈ කී ආකාරයට පොලීසියටත් බිළිදා මළ පුවත විශ්වාස කරන්නට සිදුවුනා.  නමුත් හෝටලයේ කාමරයේ බිත්ති පවා ඉරා දරුවා සෙව්වා.  

පොලිස් භටයෝ ඇය අත්අඩංගුවට ගෙන යන්නට පිටත් වුනා.  දොරට ලගාවත්ම එක් පොලිස් භටයෙක් කිසියම් ශබ්දයක් ඇසී ආපසු හැරුනා.  කුඩා ළදරුවෙකුගේ හැඩීමක් කාමරයෙන් ඇසුනා.  එම පොලිස් භටයා ශාලාව හරහා දුවගොස් කුඩා දොරක අගුල් කඩා හැරියා.  ඒ කාමරයෙන් තද උණුසුම්  වාතය පිටවුනා.  එය ඇදුම් පෙට්ටගමක් වැනි කුඩා කාමරයක්.  ඒ තුළ බිළිදෙක් සිටියා.

දහඅට හැවිරිදි මේ කළු යුවතිය ප්‍රසුත කල නිවුන් දරුවන් දෙදෙනා මාසයකට පමණ පෙර මිය ගියා.  ශෝකයට පත් ඇය දරුවෙකු ලබා ගැනීමට සිතුවා.  එදින රැයේ දී ඈ කෙසේ හෝ ලින්කන් ආරෝග්‍යශාලාවට ඇතුළු වුනා.  සාත්තු සේවිකාවන් හා වෛද්‍යවරයින් ඈ මෙහෙකාරියකැයි සිතන්නට ඇති.  කළුවර වැටෙන විට රෝහලට ඇතුළු වූ ඈ මුළු රෝහල පුරාම ඇවිද්දා.  ඉන්පසු ඈ නියමිත කාලයට පෙර උපදින දරුවන් සිටින කාමරයට ඇතුළු වුනා.  ඉන්පසු එහි සිවුවැනි යන්ත්‍රය තුල සිටි දරුවා සිය කබාය තුල සගවාගෙන සියල්ලන්ටම හොරෙන් රෝහලෙන් පිටවුනා.  ඇය පොළව යට දුවන උමං දුම්රිය පොළට ගොස් කාන්තාවන්ගේ විවේකාගාරයේ දී , ඇගේ ලොකු රතු ගවුම ගලවා දරුවා එහි ඔතා ගත්තා.  උමං දුම්රිය ආ පසු ඇය එයට නගින්නට යනවිට දුම්රියේ කොන්දොස්තර තැන කීවේ මෙවන් සීත රැයක දරුවා තබාගන්නට නම් ලෝම කබායක් ගෙ එන ලෙසයි.  

ඉතින් ඇය දුම්රියපොලෙන් පිටව ගොස් වෙළද සැලකින් පොරෝනාවක් ගෙන ඉන් පසු ආ කුලී රියක් නවත්වා එහි පසුපස ආසනයේ දරුවා තබා නැවත ඇගේ ගවුම ඇද ගන්නට තැත් කලා.  

“කනගාටුයි නෝනා.  මගේ කාර් එකේ ඇදුම් මාරුකරගන්නට දෙන්න බැහැ.  රියදුරු කිවුවා.  නමුත් ඇයට ඇදුම් ඇදගන්නට ඉඩ ලබා දුන් රියදුරාඒ අසල නිවසකට ඈ ගෙනගියා.  තැටිය ගැනීමට වෙළද පොලට ගියේ මේ ගෙදර කාන්තාවයි.  එහිදි ඇදුම් මාරුකරගත් මේ කාන්තාව ඒ කුලී රියෙන්ම බස් නැවතුම් පොලට ගියා.  සති කිහිපයකට පසු රහස් පොලීසිය බස් නැවතුම්පොලේදී ප්‍රශ්ණ නගන විට මේ සිද්ධිය මතක තිබූ කෙනෙකු එය කීවා.  

නමුත් ප්‍රශ්ණය වුනේ එය නොවෙයි.  ඇය මේ දරුවා ජීවත් කලේ කෙසේද යන්නයි.  ආරෝග්‍ය ශාලාවට දරුවා නැවත බාරදෙනවිට ඔහුගේ බර අවුන්ස හතලිස් නවයකි.  දරුවාගේ බර අවුන්ස හයක් වැඩිවී තිබුනා.  වෛද්‍යවරු මහත්සේ පුදුමයට පත්වුනා.

මේ අහිංසක බිලිදා රැකගැනීමට මේ රළු කලු කෙල්ල කලේ මොනවාද?  ඈ සාත්තු සේවිකාවන් ඇසුරු කොට පුරුදු කෙනෙකි.  වෛද්‍යවරයෙකු වෙතින් ගත් දරුවන් තැනීමේ විස්තර ඇති පොතක් ගෙන ඈ නිතර කියෙව්වාය.  පොලිස් නිලධාරීන් ඇගේ කාමරයට පැමිණි විට එහි තවත් පොත් ස්වල්පයක් ද තිබුනි.  ඒවා නම් නියම ආදරය , ආදරය සිනහව විය යුතුය, නව ගෘහඔෂධ විදි, හා සූප ශාස්ත්‍ර පොත් කිහිපයකි.  විදුලි පොරෝනාවක් සහිත පොඩි තොටිල්ලක්ද විය.  

දරුවන් තැනීම පිළිබදව රෝහලකින් නිකුත් කරන ලද වෛද්‍ය සටහන් කිහිපයක්ද විය.  අතින් නොඅල්ලාම පුඩුව පැන නගින කිරි පොවන බෝතල් දොළහක් ඒ අසල තිබුනි.  වතුර පනිට්ටුවක්, නොයෙකුත් විටමින් වර්ග හා කපු පුළුන් තෙල්  ආදියත් එහි තිබුනා.  

ආරෝග්‍ය ශාලාවේදී මේ කතාව අසා මහත් පුදුමයකට පත්වුනු දොස්තරෙකු නැති තරම්ය.  

ඇය කෙසේ අනෙකුත් දේ දැනගත්තාද?  මෙවැනි දරුවෙකු හැදීමට අවශ්‍ය කරුණු දෙකක් ඇත.  කාමරයේ වායුවේ තෙතමනය තිබෙන්නට ඕනෑ.  අනෙක උණුසුම අංශක 96ට තිබෙන්නට ඕනෑ.  ඈ මෙම කරුණු දැනගත්තේ කෙසේද?

නමුත් පොලිස් නිලධාරියෙක් එයට පිළිතුරු දුන්නා.  විදුලි ලිපේ නටන උණුවතුර බදුනක් තිබුනා.  බිත්තියක තාප මානයක්  එල්ලා තිබුනා.  පොලිස් භටයා එම තාප මානයේ උෂ්ණත්වය සටහන් කරගෙන තිබුනා.  සටහන නැවත කියවූ ඔහු උෂ්ණත්වය අංශක 96 බව පැවසුවා.  

මාසයකට පමණ පසු ඇය උසාවියට ඉදිරිපත් කරනු ලැබුවා.  

මානසික වෛද්‍යවරු පැවසුවේ ඇය උන්මාදයෙන් පෙලෙන කාන්තාවක් බවයි.  එහෙයින් ඇයව නිදහස් කරනු ලැබුවා.



(වසර ගණනාවකට පෙර සිදුවූ සත්‍ය සිදුවීමක් මුල්කරගෙන ලියු ලිපියක් ඇසුරිනි)

Tuesday, March 27, 2012

මේකත් බලලම ඉන්නකෝ......!!!!!!


 අනේ ඉතිං බුදු මාමේ,

මාමගෙත් බහින කලාව පටන් අරගෙන වගෙයි නේද???

මං කියන්නේ බස් ගාස්තු වැඩි කරන්නේ ගැමුණු නම් , ඉතිං මාම රජවෙලා මක්කටෙයි ඈෑෑෑෑෑ?  ඔහෙ පලයං....ඉල්ලුවේ 17% ඒත් 20% ක්ම දුන්නද කොහේද?

‍තෙල් මිල පානලය කරන්නේ පිටරටවල් නම් ඉතිං ඔබ තුමාට රජයක් මොකටෙයි ඈෑෑ

රුපියල අරහේ පාවෙනවා නම් මාමගේ මහ බැංකුව අල හිටවන්නෙයි?

අරහෙං තෙල් වැඩියි කියලා විදුලිය වැඩි කොලේ , එතකොට විදුලි බලය ඔබතුමාගේ රජයට අයිති නැතෙයි?

අනේ මංද මාමේ මේ ප්‍රශ්ණ මිනිස්සු අහන්නේ අපෙන්මනේ.......ඔබතුමාට ජන්දය දීලා මිනිස්සු අපේ අම්මා, අප්පටත් බනිනවා හප්පා.......!!!!!  ඕං ආයේ නම් ඒ කොරාපු මෝඩ වැඩේ කරන්නේ නෑ මයි ඕං....!!!!!

ලංකාව වටේ වේගයෙන් යන්න පාරවල් හැදුවට වාහනයක් ගෙනියන්න මිනිසුන් අතේ පිච්චිය නැත්නම් ඒවා ඉතිං හරක් ගාල් කොරන්ටයෑ  ( මේ අපි වගේ).

අනේ හත්වලාමේ වරදක් වුනානම් සමාව බජනය කොරන්ට ඕනෑ


මීට
වැලේ වැල් නැති
කලින් රාජපාක්ෂිකයෙක්

Monday, March 26, 2012

ලෝක පූජිත ලේඛකයන්ගේ සැගවුනු රස කතා

අප බොහෝ විට නොයෙක් කතාන්තර, කෙටි කතා, නවකතා, පද්‍ය නිර්මාණ ආදි වශයෙන් කියවා රස විදින්නෙමු.  එහෙත් මෙම කතාන්තර වලටත් වඩා රසවත් පුවත් එම නිර්මාණ බිහිකිරීමට දායක වූ ලේඛක, ලේඛිකාවන්ගේ ජීවිතවල ඇතුලාන්තයේ ඇත.  ඒවා දන්නේ ටික දෙනෙක් පමණි.

ජෝර්ජ් එලියට් ගැන ඔබ අසා ඇතිවාට සැක නැත.  මේ නමින් රසවත් නවකතා
 කිහිපයක්ම ලියැවී ඇත.  මෙම නම ඇසුනු විටම එය කිසියම් පිරිමියෙකුගේ නමකැයි කාට වුවද සිතෙනු ඇත.  ජෝර්ජ් එලියට් යන්න පිරිමි නමක් වුවද එනමින් ලොව පතල නවකතා රාශියක් ලියුවේ මේරියන් ඉවන්ස් නැමැති කාන්තාවකි.

චාල්ස් ඩිකන්ස්ගෙන් පසු ඉංගිසි නවකතා ලියූ ලේඛකයන් අතර ජෝර්ජ් එලියට්ට උසස් තැනක් හිමි වෙතැයි විචාරකයෝ කියති.  ජෝර්ජ් එලියට් ලියූ කතා වලටත් වඩා ඇගේ පෞද්ගලික ජීවිතය රසවත්ය.  ඇය කාලයක් එක්තරා පුද්ගලයෙකු සමග අනියම් සබදතාවයක් පවත්වාගෙන ගියාය.  තමාගේ හැටඑක් වැනි ජන්මෝත්සවයෙන් කලකට පසු ඕ හතලිස් හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ විය. 

දක්ෂ නවකතා කාරියක් තමාට වඩා විසි එක් වසකින් බාල පුද්ගලයෙකු සමග මහඵ වියෙහි දී විවාහ වුවා යයි කීම කෙතරම් විශ්මයජනකද? 

ජෝර්ජ් එලියට් සමග විවාහ වූ පුද්ගලයා දැකුම් කලු පුද්ගලයෙකු නොවූයේය.  ජෝර්ජ් එලියම්ගේ චරිත කතාව ලියු ජෙරල්ඩ් වුලට් ඒ ගැන මෙසේ සදහන් කරයි. 

“ඈ දුටු දා ඉදලාම ඔහුට පෙම් බැන්දා යයි කීමට පුඵවන්කමක් නැත.  වදුරෙකැයි කිවහැකි තරමටම ඔහු අවලස්සන විය. 

...................................................................................................................................................................

ෂෙලී නමැති පරසිදු කවියා සෑම දෙයක්ම අත්හදා බැල‍්මෙන් සත්‍යදැයි සෙවීමට උත්සාහ ගත්තෙකි.  කුඩා කල කල පර්යේෂණයකදී ගින්නක් හටගෙන ඔහුගේ පියාගේ සේවකයෙකුද ගින්නෙන් තුවාල විය.  ඔහු ඔක්ස්පර්ඩ් සරසවියේ ඉගෙනුම ලැබීය.  ඔහුගේ කාමරය පුරා නොයෙකුත් ඇසිඩ් වර්ග වල දුගද පැතිරී තිබුනි.  ගෙතුල බුමුතුරුණු පිලිස්සී තිබුනි. යම් දිනෙක ඔහුද පිළිස්සී මුඵ විද්‍යාලයම පිලිස්සී යතැයි ඔහුගේ මිතුරෝ සිතූහ. 

නවකතාවකට ප්‍රසිද්ධියක් ලබාගැනීමට විචාරකයනට පගාවක් දීමට පවා ෂෙලී වරක් අදහස් කලේය.  මෙය පුදුමාකාර කරුණක් නොවන්නේද?  ඔහු මුලින් ෂස්ටොසි නමැති නවකතාවක්ද  පසුව ශාන්ත අර්වින් නමැති නවකතාවක්ද ලියුවේය.  පසුව තම මිතුරෙකුට යැවු ලිපියක ෂෙලී මෙසේ සදහන් කලේය. 

“විචාරකයන්ට පගාවක් දෙන්න පවුම් 10 ක් විතර ඇති කියලා මට හිතෙනවා. 

ෂෙලී ඔහුගේ බිරිද අතරමංකලේය.  ඔහු විවාහ වී සිටියේ හැරියට් වෙස්ට් බෘෘක් නැමැත්තියක සමගය.
ෂෙලීගේ ජීවිතයේ ඉතාම පුදුමාකර දෙය නම් ඔහු එකවර දෙදෙනෙකුට ආලය කිරිමයි.  හැරියට් සිටියදීම ඔහු මේරි නැමැත්තියකට ආලය කලේය.  විසිඑක් හැවිරිදි වියේදී ඔහු දහසය හැවිරිදි මේරි සමග යුරෝපයට පැන ගියේය.  එහෙත් තමා නිසා හැරියට් දුක්වනු දැකීමට ෂෙලී අකමැති විය.  ඒ නිසා තමා සමග ජීවත්වන්නට එන ලෙස ඔහු හැරියට්ට ලීවේය.  මේරි සමග පැන ගිය පසු ද ඔහු හැරියට්ගෙන් මුදල් ඉල්ලා ගත්තේය.

ටික කලකට පසු හැරියට් තේම්ස් නදියට පැන දිවි නසා ගත්තාය.  ඈ දිවි නසා ගත්තේ තමාගේ වරදක් නිසා යයි ෂෙලි කිසි විටෙකවත් සිතුවේ නැත.


*********************************************************************************
මෙතෙක් ලියැවුනු දිගම නවකතාව  ලියූ ලියෝ ටෝල්ස්ටෝයි  නමැති රුසියන් ගත් කරුවාගේ ජීවිතය සම්බන්ධවත් ඉතා රසවත් පුවත් කිහිපයක්ම තිබේ.

හැම දවසකම කුමන හෝ යහපත් ක්‍රියාවක් කිරීමට උනන්දුවීම ඔහු පුරුද්දක් කර ගත්තේය.  දිනක් තමා සතු අශ්වයා ද අන් අයට තෑගි කලේය.  ඔහු එසේ කලේ දීමට තරම් දෙයක් ඒ අවස්ථාවේදී තමන් සතුව නොතිබු නිසා යැයි පවසා ඇත.

“මගේ අසල්වාසීන්ට සේවය කිරීමට මම මගේ ජීවිතය කැප කරනවා.  යි ඔහු තමන්ගේ දිනපොතේ සටහනක් තැබීය.  මිනිසුන්ට මොනවාම හරි සේවයක් නොකර දවස් තුනක් ගෙවුවොත් මම මගේ ජීවිතය නැති කර ගන්නවා.....  ඔහු ලියුවේය.

ටෝල්ස්ටෝයිගේ බිරිදට ඔහු නිසා මහත් අපහසුතාවයන්ට මුහුණ පාන්නට සිදු විය.  ඇගේ අදහස් හා ඔහුගේ අදහස් අතර පරස්පරතා තිබුණි.  ටෝල්ස්ටෝයි සිය දරුවන්ගේ අනාගතය ගැන සිතුවේ නැත.  ඔහු රජයේත් අප්‍රසාදයට ලක්වූවෙකි.  ඔහුගේ බිරිද ඔහු සමග විවාහ වූයේ වයස අවුරුදු 18 දීය.  ඈට දරුවන්ගෙන් අඩුවක් වූයේ නැත.

------------------------------------------------------------------------------------------------------------
බොවාරි මැතිණිය නම් වූ ලෝක ප්‍රකට නවකතාව ලියූ ප්ලොබෙයා ආලය හදුනන්නෙකු නොවේයයි කීම කොතරම් විශ්මය ජනකද?  ප්ලෝබෙයා “ලුයී කොලේ නැමැත්තිය සමග සම්බන්ධයක් ඇතිකර ගත්තේය.  නමුත් එය ආලයක් මුල් කරගත්තක් නොවීය.  ලුවී අවසානයේදී ඔහුව සිය නිවසින් නෙරපා දැමුවාය.  ප්ලෝබෙයා තමන්ගේ මුල්ම කෘතිය ලියා අවසන කලේ අවුරුදු 38 දීය.

ප්ලෝබෙයා එක් අවස්ථාවක තමන් ලියූ ග්‍රන්ථයක් තමන්ගේ මිතුරන්ට කියවන්නට අදහස් කලේය.  ඒ සදහා ඔහු මිතුරන් කිහිපදෙදෙකු තම නිවෙසට කැදවා ගත්තේය.

දිනකට පැය 8 බැගින් දින 4ක් ඔහු එම පොත මිතුරන්ට කියවූයේය.  දහවල් දොළහේ සිට සවස 4 දක්වාද, අනතුරුව රාත්‍රි 8 රෑ 12 දක්වාද එම පොත කියවූයේය.

නමුත් අවසානයේදී ඔහුට ලැබුන විවේචනය නම් “ මේ පොත ලිපට විසි කරලා ආයෙත් ඒ ගැන වචනයක්වත් කතා නොකරනවා නම් හොදයි කියලා අපි හිතනවා යයි එක් මිතුරෙක් කීවේය.

තාත්වික නවකතාවක් ලිවීමට ප්ලෝබෙයා වෙර ගත යුතු බවක්ද ඒ මිතුරා කීවේය.  ප්ලෝබෙයා බොවාරි මැතිණිය නමැති නවකතාව ලියන්නට පටන් ගත්තේය.  නමුත් ඔහු මාසයක් තිස්සේම ලියූවේ පිටු 20ක් පමණි.  ඒ පිටු 20ත් ලියා නිම කිරීමට ඔහු දිනකට අඩුම වශයෙන් පැය හතක් ලීවේය.

නමුත් පොත ලියා කලක් ගතවෙනවාත් සමගම ඔහු ඒ පොත පිළිකුල් කරන්නට පටන් ගත්තේය.  “සල්ලි ටිකක් හොයාගෙන බොවාරි මැතිනිය නවකතාවේ පිටපත් ඔක්කොම අරගෙන පුච්චලා දාන්න මට හිතෙනවා.  ඔහු තම මිතුරෙකුට කීවේය.

-----------------------------------------------------------------------------------------------------------
හෙන්රි පීල්ඩන් නමැති නවකතා කරු නවකතා ලියන්නට පටන් ගත්තේ ඔහුගේ නාට්‍ය තහනම් කරනු ලැබුවායින් පසුවයි.  එක්තරා විචාරකයෙක් මේ ගැන අදහස් පලකලේ මෙසේය.  “නාට්‍ය තහනම් කරන එක හොද වුනත් නරක වුනත් ඉන් ඉංග්‍රීසි සාහිත්‍යයට කෙතරම් සේවයක් වුනාද?

මොහු දහඅට හැවිරිදි වියේදී අවුරුදු පහලොවක දැරියක් පැහැරගෙන යාමටද උත්සාහ ගත්තේය. 
-----------------------------------------------------------------------------------------------------------
කීට්ස් නමැති කවියා පැනී බ්‍රෝන් නම් කාන්තාවට මහත්සේ ආලය කලේය.  ඔහුට ඇය මුණ ගැසුනේ ඔහු විසිතුන් වැනි වියේ පසුවෙද්දීය.  වරක් ඔහු ඇයට මෙසේ කීවේය.

“මිනිසුන් ආගම වෙනුවෙන් දිවි පුදන බව අහල වරක් මම පුදුමයට පත්වුනා.  ඒත් දැන් මම ඒ ගැන පුදුම වෙන්නේ නෑ.  මොකද මගේ ආගම ආලයයි.  මම ඒ වෙනුවෙන් දිවි පුදන්න ලෑස්තියි.  මට ඔබ වෙනුවෙන් මැරෙන්න වුනත් පුළුවන්.

පොත් පත් ලිවීමෙන් සැලකිය යුතු ආදායමක් සොයා ගැනීමට පුළුවන් වෙන්නේ ටික දෙනෙකුට විතරයි.  රජයේ රැකියාවක් නොකර ජීවත් වීමට නුපුළුවන් තත්වයක් වර්ඩ්ස් වත්ට උදා වුනා.  කොල්රිජ් ජීවත් වුනේ මිතුරන්ගේ උදව් ඇතිවයි. 
----------------------------------------------------------------------------------------------------------
සමර්සෙට් මෝම් ගැන අසා නැති පාඨකයෙන් නැති තරම්.  ඔහු ඒ තරම්ම ප්‍රසිද්ධියක් ලැබූ ලේඛකයෙක්.  පසු කාලයේදී පවුම් දෙලක්ෂයක් පමණ ආදායමක් උපයා ගැනීමට සමත් වූ ඔහු මුලින් ජීවත් වූයේ වසකට ලැබුණු පවුම් සියයක පමණ පුංචි ආදායමෙනුයි.

චාල්ස් ඩිකන්ස් අවුරුදු 4ක් විතර තමයි පාසැල් ගියේ.  නමුත් ඔහු උසස් ඉංග්‍රීසි නවකතා දහ හතක් ලියූ ලේඛකයෙක්.  ඔහු පුවත්පත් වලට සැපයූ මුල් නවකතා එකකටවත් මුදලක් ලැබුනේ නැහැ.  නමුත් එම ලේඛකයාට පසු කාලයේදී එක වචනයකට පවුම් තුන බැගින් ගෙවන ලදී.  එවන් මුදලක් වෙනත් ලේඛකයෙකුට ගෙවා නැති තරම්ය.

Friday, March 23, 2012

ටිකක් හිනාවෙමු 04

 
දිනක් රබර් පිළිබද නිෂ්පාදනාගාරයක් නැරඹීමට ගිය පුද්ගලයෙක් එක් එක් යන්ත්‍රය ක්‍රියා කරන ආකාරය පිළිබද නරඹමින් සිටින අතරතුර එක් යන්ත්‍රයකින් නැගෙන හඩ පිළිබදව ආයතනයේ සේවකයෙකුගෙන් විමසීය.

අමුත්තා  -   “මේකේ මොකද්ද හිස් කියලා ශබ්දයක් ඇවිත් ඊට පස්සේ පොප් කියලා සද්දයක් එන්නේ?
සේවකයා - “ආ මේක රබර් සූප්පු හදන මැෂිමක්නේ සර්........සූප්පුව පිම්බිලා එන්න හුළං එනකොට  
                   තමයි හිස් කියලා සද්දයක් ඇහෙන්නේ....පොප් කියලා සද්දයක් එන්නේ සූප්පුව 
                   කෙළවරේ තියෙන හිල හැදෙන කොටනේ....!!!!!

අමුත්තා එය පිළිගෙන ඉදිරියට ගියේය.  ඊළගට හමුවූ මැෂිම හිස් හිස් හිස් හිස් පොප් යන හඩ නගමින් ක්‍රියාත්මක විය.

අමුත්තා -  එතකොට මේකේ මොකද මෙහෙම සද්දයක් එන්නේ?

සේවකයා - ආ.....ඒක රබර් කොන්ඩම් හදන මැෂිමක්නේ සර්.....හිස් කියනකොට කොපුව හැදෙනවා

අමුත්තා - එතකොට හිස් තුනකට පස්සේ එන පොප් සද්දේ මොකද්ද?

සේවකයා - ඒ කියන්නේ සර් ඒ සද්දේ එන්නේ හතරවෙනි කොපුව  අග හිලක් හැදෙන කොටනේ

අමුත්තා - උපත් පාලන කොපුවල අග හිලක් හදන්නේ මොකටද ඕයි?

සේවකයා - එහෙම කලේ නැත්නම් සූප්පු හදලා කාට විකුණන්නද ඕයි.......!!!!!!!