Friday, July 13, 2012

සර්පයා සර්පයාමයි

අපේ පළාත්වල නම් සර්පයෙක් දැක්කම ඌව මරාගන්නකම්ම කට්ටියට ඉවසිල්ලක් නැහැනෙ නේද? නමුත් එක්තරා ජාතියක් සර්පයින් දෙවියන් විදියට සලකගෙන වැදුම් පිදුම් කරන බව විශ්වාස කරන්න පුළුවන්ද?  මේ කියන සිරිත් විරිත් මලබාර් ජාතිකයින් අතර උසස් තත්වයක ලා ගැනෙනවා.  

සර්පයින්ගෙනුත් විසකුරුම සර්පයා ලෙස අපි සලකන්නේ නාගයානේ.  මේ නයා ඔවුන්ගේ උසස්ම දෙවියාලු.  සිතුම් පැතුම් ඉටුකරන ගෙදරට සිරියාව ගෙනෙන ශ්‍රේෂ්ටතම දෙවියා ලෙසයි ඔවුන් සලකන්නේ.  ඇත්තම කිවුවොත් ඔවුන් සර්ප රූප වලට වැදුම් පිදුම් කරනවා.  නමුත් ඔවුන් වැදුම් පිදුම් කරන්නේ වනගත සර්පයින් නිවසේ ඇති කරමිනුයි.  

ඔවුන්ගේ හැම නිවසකම වගේ වෙනම හදපු ගුහාවක නයෙක් නැත්නම් වෙනත් සර්පයෙක් ඇති දැඩි කිරීමේ පුදුම සිරිතක් තියෙනවා.  පරම්පරාගතව ඒ ඒ නිවාස වල ඇති දැඩි වන සර්පයිනුත් මේ අතර සිටිනවා.  නිවසේ ඇති කරන සර්පයා මොනම හේතුවක් නිසාවත් තමන්ගේ වත්තෙන් ඉවත් කරන්නේ නැහැ.  කිසියම් හේතුවක් නිසා නිවස අයිතිකරු තමන්ගේ නිවස විකුණා දමනවානම් තමා ඇති කරන සර්පයාත් නිවස මිලට ගන්නා අයටම භාර දෙනවා.  එසේ භාර දෙන්නේ ඒ ඒ සර්පයාගේ භූමියට ඔවුන්ට කළ යුතු පූජෝපහාර එහෙම කරලා.  මොවුන් අතර තියෙන මේ සර්පයින් ඇදහීමේ අපූරු සිරිත නාගයින්ට කරනු ලබන විශේෂ පූජාවක්ද වෙනවා.

සර්ප දෙවියන්ගෙන් සෙතක් බලාපොරොත්තු වෙන කිසියම් කෙනෙක් ඉන්නවානම් ඔහුට සම්බන්ධ තරුණියන් සත් දෙනෙකු කැදවාගෙන නිවසේ ඇති කරන සර්පයා ඉදිරියට ගෙන එනු ලබනවා.  පසුව සර්පයාට ඒ තරුණියන් සත්දෙනා හදුන්වා දීමෙන් පසු පේළියට සිටගෙන තමන්ට අවශ්‍ය උපකාරය ඉල්ලමින් සර්පයා ඉදිරියේ යාඤා කරනවා.  ටික වෙලාවක් මේ විදියට යාතිකා කීමෙන් පසුව ඒ කාන්තාවන්ගෙන් කෙනෙකු විමසින් යාඤාවේ ප්‍රතිපල ප්‍රකාශ කරනවා.  එසේ ප්‍රතිපල ප්‍රකාශ කරන තරුණිය පිරිසිදු තරුණිය ලෙසත් සලකනු ලබනවා.

සර්පයාට අයිති පවුලේ කෙනෙකු කිසියම් රෝගයකින් පෙළෙනවා නම් එම රෝගය වැළදි දිනම ඒ බව සර්පයා ඉදිරියට ගොස් කියන්නට ඕනෑ.  එසේ නොකලහොත් එම රෝගය මුඵ පවුලටම වැළදෙන බව ඔවුන් තදින්ම විශ්වාස කරනවා.

සර්පයින් මැරීම විශාල විනාශයකට හේතුවක් ලෙසයි ඔවුන් සලකන්නේ.  මේ නිසා ඔවුන් මොනම හේතුවක් නිසාවත් සර්පයින්ට අනතුරක් නොකිරීමට වගබලා ගන්නේ පුදුම හිතෙන විදියටයි.  ගෙදරක ඇති කරන සර්පයෙක් යම් හේතුවක් නිසා මිය ගිය හොත් ඉතා උසස් විදියට ගරු බුහුමන් සහිතව අවසාන කටයුතු කර එදින රාත්‍රී තරුණයන් සත් දෙදෙකු විසින් පූජාවක් පවත්වනු ලබනවා.  තමන්ගෙන් කෙරෙන්නට වුවමනා කිසියම් පූජාවක් අතපසු වී සර්ප දෙවියා කෝප වන්නට ඇති යි නිවසේ අයට සිතුනොත් සංගීත පූජාවක් පවත්වා සර්ප දෙවියාව සතුටු කර ගත හැකි  බව ඔවුන් විශ්වාස කරනවා.  ඒ සදහා ඔවුන් භාවිතා කරන්නේ පොල්කටුවක් වැනි කිසියම් භාණ්ඩයකි.  එහි රෙදි කඩක් බැද රබානක් සේ සකස් කර කිසියම් කොටු කැබැල්ලකින් ගැසීමෙන් සිහින් නාදයක් ඇතිවෙනවා.  මෙය සිදුකරන්නේ මස් මාංශවලින් තොරවී සිටි කාන්තාවක විසිනුයි.  

සර්පයා කෝපයෙන් මිදුනහොත් ඌ සිටින ස්ථානයෙන් කීපයරක් ඉහළට හා පහළට ගමන් කරනු ලබනවා.  ඇතැම් සර්ප දෙවියන් දින ගණන් මේ පූජාව කෙරෙන තුරුම එසේ එන්නේ නැති බව ඔවුන්ගේ මතයයි.  සර්පයෙක් දෂ්ට කරනවා කියන්නේ ඔවුන්ගේ මතයට අනුව දේව කෝපයකි.  ඔවුන් එවිට ඒ සදහා පූජාවක් පවත්වනු ලබනවා.  පූජාව තියන තැනැත්තා දෂ්ඨ කළ රෝගියා ලගට සර්පයා ගෙන්වා ගැනීමට උත්සාහයක් දරනවා.  සර්පයා ආවේ නැත්නම් රෝගියා සුව කල නොහැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.

දරුවෙක් ලැබුන මවක් විසින් සර්ප දෙවියාට විශේෂ සේවාවක් කරනු ලබනවා.  දරුවා පිරිමි දරුවෙකු නම් පොල් ගෙඩියක් බිද එහි වතුර දරුවාට බොන්නට සලස්වා පොල් මදය සර්පයාට ආහාර ලෙස දෙනු ලබයි.  ගැහැණු දරුවෙකු නම් මවගේ කිරි ස්වල්පයක් සර්ප දෙවියාට පූජා කරනු ලබනවා.

විවාහයක් සිදුවන විට සර්ප දෙවියා පිසීමේ විශේෂ පුජෝපහාර උත්සව ඇත.  විවාහක යුවල මධු සමය ගත කිරන්නට පෙර සර්ප දෙවියා ඉදිරියට ගොස් අවසර ඉල්ලනු ලබති.  සර්පයා එළියට පැමිණ හිස සැලීම ඔවුන්ට අවසර දීමක් හැටියට සලකයි.  පසුදින උදේ ඒ අඹුසැමි යුවල කිරිබත් වලින් සර්ප දෙවියා පුදනු ලබයි.  නිවසේ කිසිවෙකු සිය ගිය වහාම සර්ප දෙවියාට දැනුම් දෙනු ලැබේ.  ඒ දැනුම් දීම කරනුයේ පිරිමියෙකු විසිනි.  භූමදානයට පෙර මියගිය අයගේ මළ සිරුර සර්පයා අසල තබා ඉවත්ව ටික වෙලාවක් සිටියි.  ඒ කාලයේදී සර්පයා පැමිණ මිනිය වටා කැරකී යයි.  සර්ප දෙවියාගෙන් ඒ අවසර ලැබෙන්නේ අවසාන කටයුතු කිරීම සදහායි.  මැරුණු පුද්ගලයා  හොදින් දිවි ගෙවූ අයෙකු නොවෙයි නම්  දින කිහිපයක් යන තුරු සර්ප දෙවියා නොපැමිණ සිටිනු ඇති බවට ඔවුන් තුල විශ්වාසයක් ඇත.

හැම නිවසකම අනිවාර්යයෙන්ම සර්පයින් ඇති කරයි.  මේ සර්පයින්ගෙන් ඔවුන්ට අනතුරු සිදුවන්නේ ඉතාම කලාතුරකිනි.  නමුත් සර්පයෙක් දෂ්ඨ කරනුයේ වරදක් කල විට දඩුවම් වශයෙන් බව සැලකීමට ඔවුන් පුරුදු පුහුනු වෙලා තියෙනවා. ඒ වුනාට අපි නම් හිතන්නේ සර්පයා සර්පයාමයි කියලයි.

10 comments:

  1. බොරු කියන්න එපා බන් බලාගෙන හිටිය වගෙ

    ReplyDelete
  2. මම් අහලා තියෙනවා ඉන්දියාවේ සමහර මිනිස්සු නයින්ට කිරි හිටන් දෙනවයි කියලා. ඒ ඉතින් ඒ කට්ටියගේ විස්වාසේ වෙන්ටෑ.

    ReplyDelete
    Replies
    1. කිරි හිටන් දෙනවයි කියලා.
      ma kiyanne hitagena.kiridena 1 dha

      Delete
  3. එක ඒක රටවල් වල විදිහ වෙනස් නේද

    ReplyDelete
  4. Anonymous

    පිස්සුද බං මං උඹට එහෙම බොරු කියනවද?

    ReplyDelete
  5. මධුරංග

    ඔව් එක එක අය හිතන්නේ වෙනස් වෙනස් විදියටනේ

    ReplyDelete
  6. රුවන්

    ඇත්ත, ගොඩක් ගෝත්‍රික මිනිස්සු මේ විදියේ දේවල් තදින්ම විශ්වාස කරනවා.

    ReplyDelete
  7. ඇනකොන්ඩා තමයි බ්ලොග් එකේ අලුත් අහිංසක සර්පයා

    ReplyDelete
  8. Anaconda

    ඇනකොන්ඩා මහත්තයාව සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගයට!!!! ස්තුතියි ආවට

    ReplyDelete
  9. නාග වන්දනාව අතීතයේ ලංකාවේ වුණත් කිසියම් ආකාරයකට පවතින්න \ඇති

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!