Friday, March 23, 2012

ටිකක් හිනාවෙමු 04

 
දිනක් රබර් පිළිබද නිෂ්පාදනාගාරයක් නැරඹීමට ගිය පුද්ගලයෙක් එක් එක් යන්ත්‍රය ක්‍රියා කරන ආකාරය පිළිබද නරඹමින් සිටින අතරතුර එක් යන්ත්‍රයකින් නැගෙන හඩ පිළිබදව ආයතනයේ සේවකයෙකුගෙන් විමසීය.

අමුත්තා  -   “මේකේ මොකද්ද හිස් කියලා ශබ්දයක් ඇවිත් ඊට පස්සේ පොප් කියලා සද්දයක් එන්නේ?
සේවකයා - “ආ මේක රබර් සූප්පු හදන මැෂිමක්නේ සර්........සූප්පුව පිම්බිලා එන්න හුළං එනකොට  
                   තමයි හිස් කියලා සද්දයක් ඇහෙන්නේ....පොප් කියලා සද්දයක් එන්නේ සූප්පුව 
                   කෙළවරේ තියෙන හිල හැදෙන කොටනේ....!!!!!

අමුත්තා එය පිළිගෙන ඉදිරියට ගියේය.  ඊළගට හමුවූ මැෂිම හිස් හිස් හිස් හිස් පොප් යන හඩ නගමින් ක්‍රියාත්මක විය.

අමුත්තා -  එතකොට මේකේ මොකද මෙහෙම සද්දයක් එන්නේ?

සේවකයා - ආ.....ඒක රබර් කොන්ඩම් හදන මැෂිමක්නේ සර්.....හිස් කියනකොට කොපුව හැදෙනවා

අමුත්තා - එතකොට හිස් තුනකට පස්සේ එන පොප් සද්දේ මොකද්ද?

සේවකයා - ඒ කියන්නේ සර් ඒ සද්දේ එන්නේ හතරවෙනි කොපුව  අග හිලක් හැදෙන කොටනේ

අමුත්තා - උපත් පාලන කොපුවල අග හිලක් හදන්නේ මොකටද ඕයි?

සේවකයා - එහෙම කලේ නැත්නම් සූප්පු හදලා කාට විකුණන්නද ඕයි.......!!!!!!!



        

10 comments:

  1. නැවතිල්ලේ හිතල බලද්දි..ඒ කතාවත් ඇත්ත නෙවැ... :D

    ReplyDelete
  2. බිබී හිටපු තේ එකත් ඉස්මොල්ලේ ගියා !
    දැන් ඉතින් මොන්ටරේ පිහදාන්න වෙන්නේ.
    කතාව සහතික ඇත්ත නේන්නම්

    ReplyDelete
  3. මොක වුනත් නගේ/මලේ වැඩේ ලේසි නැහැ. හතරවෙනි එක අත්හරින්න වේවි. ඕං කල්පනාවෙන්

    ReplyDelete
  4. ඇම්ඩලු ඒ රබර් කොම්පැනියේ මැනේජර්....

    ReplyDelete
  5. හුටා ! මොකක්ද බං ඒ බ්‍රෑන්ඩ් එක. නොගෙනවත් ඉන්න...

    ReplyDelete
  6. ඔබ නොදුටු ලොවක්

    වෙන්ට බැරි නෑ!!!! වෙන්ට බැරි නෑ!!!!


    නවම්

    නොගෙන ඉන්නේ කොහේද බොලා ඒක හොය හොයා ගනීවි.

    ReplyDelete
  7. ඔව් ඉතින් ඒවාත් එහෙම වෙන්ඩ ඕන නේන්නම් සූප්පු ටිකක් හරි විකුණා ගන්න ... :D

    ReplyDelete
  8. හර්ෂණ

    මෙයත් ඒ කොම්පැණියෙමද මන්දා????

    ReplyDelete
  9. හික්ස්. කතාව අහල තිබුන. ඒත් මේ විදියට දැක්කේ අද. මේක පට්ටයි !!!

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!