කල් ගෙවුවා. දවසක් මේ රටට මකරාක්ෂයෙක් ආවා. ඒ සතාගේ
නහයෙන් ගිනිදැල් පිටවුණා.
රටේ ඉන්න ලස්සන තරුණියක් දිනපතාම උගේ ආහාරය බවට පත්
වුණා. එහෙම දුන්නේ නැතිනම් රට විනාශ කරන බවට ගිගිරුවා.
එදා වාරය ආවේ රජතුමාගේ දූ කුමරියටයි. මේ දූ කුමරිය හරිහ ලස්සනයි. මේ රජ කුමරියගේ ලස්සන දැක්ක මකරාක්ෂයා ඇයව
කටේ තියා ගත්තා මැරුවේ නැහැ.
මේ කුමාරි හරිම නුවණක්කාරි. ඉතින් මේ කුමරියත් මකරා එක්ක
කතාව පටන් ගත්තා. මකරාක්ෂයා ගැන කතාව පටන් ගත් කුමරිය ඔහුට වඩා බලසම්පන්න අය තවත් නැද්දැයි මකරාක්ෂයාගෙන් ඇසුවා.
“ඇයි නැත්තේ..... අර ගල්මුදුන් කන්දේ ඉන්න යෝධයාට මම බයයි. ඉතින් මේ බව දැනගත් කුමරිය පිය රජතුමාට මේ බව බොහෝම රහසිගතව දන්වලා යැව්වා. පසුව මේ රජතුමා තුටු පඩුරුත් එක්ක රාජපුරුෂයින් යෝධයාව හමුවෙන්න යැව්වා.
යෝධයා ඒ තෑගි බාරගත්තේ නැහැ. රාජ පුරුෂයින්ගේ දුක් ගැනවිල්ලට සවන් දුන්නෙත් නැහැ. කුඩා ළමයින් දෙදෙනෙක් යෝධයා හමුවෙන්න යවන්න. යෝධයා ළමයින්ට ආදරේලු. මේ පණිවුඩය එව්වෙත්
කුමාරිමයි.
පසුව ලස්සන ළමයින් දෙදෙනෙකු මේ යෝධයා හමුවෙන්න ගියා. යෝධයා ලමයින්ව වඩා ගත්තා. ළමයින් තමන්ගේ දුක යෝධයාට කිවුවා.
යෝධයා සටනට සූදානම් වුණා. ඇග වටේ තාර හලා ගත්තා. තාර වැහෙන්න පිදුරු බැද ගත්තා. යකඩ පොල්ලක් අරගෙන මකරාක්ෂයා ළගට ගියා.
කුමාරිව බිමින් තියලා මකරා යෝධයාව අල්ලා ගත්තා. යෝධයාගේ ඇගේ තිබුණ තාර වල මකරාගේ දත් ඇලුනා. යෝධයා යකඩ පොල්ලෙන් ගහලා මකරා මෙල්ල කරගත්තා.
ලණු දෙකක් නාසයෙන් දාලා විශාල බිම් පුදේශයක් හා ගත්තා. මකරාක්ෂයා මැදට දාලා ගිණි තිබ්බා. ඒ අඵ අරගෙන රට වටේට ඉස්සා.
සුලගේ පාවුන අලු පුංචි සත්තු බවට පත්වෙලා ඉගිලී ගියා.
ඩ්රැගන් ප්ලයි කියන්නේ ඒ සතුන්ටයි. ගමේ අපි ඌ හදුන්වන්නේ බත් කූරා කියලා.
රුසියානු ජනකතාවක් සිතුවිලි අතරට.......
* උසස් බුද්ධියෙන් පුභාවිත කාන්තාවක් ඇසුරු කරනට ලැබීම කාගේ වුවද ජීවිතයට වැඩදායකය
(හෙන්රි වින්සන්ට්)
* කතකගේ අගය කළ යුත්තේ බාහිරව ඇති අලංකාරය නොව ඇය තුළ පිහිටි මානුෂික ගුණ ධර්ම හා
කරුණාවයි.
(විලියම් ශේක්ෂ්පියර්)
* වැඩි බලපෑමක් නැතිව කාගේ වුවද හදවතට බලපෑමක් කල හැක්කේ ගැහැණියකට පමණි.
(මොහාන්දාස් කරම්වාන්ද් ගාන්ධි)