Wednesday, December 25, 2013

තවත් නත්තලක්


හැමදෙනාටම සුභ නත්තලක් වේවා!!

කාලෙකින් මොනවත් ලියන්න බැරිවුනා. අම්මා නැතිවෙලා ගෙවීගෙන යන පළමු නත්තල් දිනය.  පාලුවකුත් එක්ක දැනෙන්නේ හරිම දුකක්.  ඒත් ඉතිං ජිවිතේ කියන්නේ මේකටනේ.

පුංචි කෙල්ල දැන් දින ගණනාවක ඉදන් නත්තල් සීයාට ලියුම් ලියනවා එයාට ඕන කරන තෑගි ගැන කියලා.  ඔන්න මොකද්ද මන්දා අතේ ඇලවෙන බෝලයක් ගැන කියනවා.  ඒකත් බොහෝම අමාරුවෙන් අහගත්තේ.  එයාට පුංචි සැකයකුත් තියෙනවා අම්මයි තාත්තයි තමයි මේ නත්තල් සීයා වෙලා තෑගි ගෙනත් දෙන්නේ කියලා.  ඒත් දැන්ම ඇත්ත කියන්න හොද නැහැනේ.  එතකොට කිසිම විශේෂයක් නැතිව මේ දවස ගෙවිලා යාවි.  හරියට අපි පුංචි කාලේ වගේ.

ඉස්සර මමත් ඔහොම තෑගි ගැන හිතේ තියාගෙන නිදා ගන්නවා.  උදේට ලැබෙන තෑගි බලන්න.  අනේ ඉතිං මටනම් ලැබුන ල... නැහැ.  ඒත් පුංචි කෙල්ලගේ හිත රිද්දන්න හොද නැහැනේ.  කැලේ කොල අතු හොයාගෙන ඇවිත් ඊයේ හවස නත්තල් ගහක් ලස්සනට හදලා සරසලා බල්බ් එහෙම දාලා දුන්නා.

අද උදේ පාන්දරින්ම නැගිටලා එයාට ලැබුන තැගි දැකලා මූනේ සතුට උතුරනවා.  එයාගේ පුංචි මූණෙ තිබුණ සතුට දැක්කම අපිටත් හරිම සතුටුයි.  මොනවා වුනත් කෙල්ල නත්තල්  සීයාට ලියපු ලියුමේ ගෙදර වැඩිහිටි අය ගැනත් මතක් කරලා තිබුණ නිසා අපිටත් ඉතිං ඔය මොන මොනවා හරි ලැබුනා.  ඒත් කෙල්ලගේ ඇලවෙන බෝලෙ නම් ලැබුනේ නැහැ.  කෙල්ල නොදන්නවා වුනාට අපි දන්නේ අතේ ඇලවෙන බෝල ගැන නෙමෙයි අතේ නැලවෙන බෝල ගැනනේ.    බෝලෙ වෙනුවට එයාට බයිසිකල් රේස් පදින්නෙක් ලැබුනා.  ඒකත් නියමයි. 

අතේ සල්ලි ඇත්නම් හැමදාම නත්තල් තමයි!!!!

5 comments:

  1. මටත් ඔහොම පුංචි කාලේ තෑගි ලැබුණු හැටි මතක් වුණා.. මම ගොඩක් කල් යනකල් හිතන් හිටියේ නත්තල් සීයා තමයි ඒවා ගෙනත් දෙන්නේ කියලා...

    සුබ නත්තලක් සහ සුබ නව වසරක් ඔයාට...

    ReplyDelete
  2. සිතුවිලි සිතූ

    ස්තුතියි ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  3. ඒක හරි අක්කේ... අතේ සල්ලි තියෙනවා නං හැමදාම නත්තල් !
    අරම දෙයක් කරලා හරි දුවව සනසපු එක හොඳා.. ඕනම අම්මෙක් බලන්නේ තමන්ට නොලැබුන සැප සම්පත් තමන්ගේ දරුවන්ට ලබා දෙන්න නේ :)

    ReplyDelete
  4. thanks !!! oyalatath subama suba nawa wasarak wewa.

    ReplyDelete
  5. The Sports Toto Podcast - Sporting100
    Listen to 토토 사이트 코드 the The Sports Toto Podcast on Slingo 100.5.0, the home of Slingo. The sports toto podcast. View sports betting tips, picks, and odds from our

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!