Tuesday, December 13, 2011

නුඹ මට මල් කැකුළක්...!!!


පරවුනු මල් සමග
වසන්තය දිය කරන
දයා දිය සිදුනු
කතරකදී...............
ඔබ
මට හමුවූ
එකම මල් කැකුලයි.
ඔබේ
දයාබර සෙනෙහස
සිනා පිරුණු මතකය
ගිලිහී නොයයි
මා සිතින්,
මගේ 
ජීවන කුසුම
සංසාර නටුවෙන්
ගිලිහී, පොළව සිඹින තුරු
දැන් ඉතින්
එක්වෙන්න කාලයයි
කදුඵ බිදු 
පෙරමගට අසුබයි...........!

2 comments:

  1. කඳුළු වලට නම් පෙරමගට එන්න දෙන්නෙපා. ඒවා අසුබයි. ඔන්න මාත් අක්කෑ ඉදිරි ගමනට සුබ පතන්නම්.

    මල්මි අක්කට ජය වේවා !!!

    ReplyDelete
  2. ස්තුතියි හොදේ.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!