ඔය ඉස්සර කාලේ රටේ රජ්ජුරුවොයි මහා ජනතාවයි බලාගෙන ඉද්දිම වල් ඇතුන් හා හීලෑ ඇතුන් පොරට යවන සිරිතක් මහනුවර රාජධානි කාලයේ පැවතියාලු. එය විනෝද ක්‍රීඩාවක් විදියටයි හැමෝම සලකලා තියෙන්නේ. පොරට යවන්න හොද වල් ඇතුන් රැක්ම ලා මහ වනයේ ඉදන් රජ වාසලට ලගින් පිහිටි ඉඩමකට රැගෙන විත්, හීලෑ ඇතුන් එක්ක පොරට යවනවලු.
කොහොම හරි මේ පොරට ගන්නා ඇතා ඇරෙන්න අනෙක් සියලුම ඇතුන් ගාල් කරලාලු තියෙන්නේ. මේ විදියට ඇත් පොර කිහිපයක්ම සිදු වෙනවා. මේ ක්‍රීඩාව නරඹන්නත් විශාල ජනතාවක් රැස්වෙනවාලු. කොටු කරපු විශාල භූමි භාගයක් අවට ඉදන් රජතුමා සමග ජනතාවත් ඇත් පොර නරඹනවා. හැබෑවටම කියනවානම් මෙය ජනතාව තැතිගන්වන සුළුයි.
මේ විදියට රාජාධි රාජසිංහ රජුගේ කාලයේදී ඇත් පොරයක් සංවිධානය වුනා. විශාල වල් ඇත්තු එක්ක පොරයට රජුගේ ඇත් ගාලේ හිටපු ඇතෙක් ඉදිරිපත් කලා. ඉතින් මේ ඇත් රාජයෝ දෙදෙනාම හොඩවැල පටලවා ගනිමින් විවිධ ශබ්ද නගමින්, එකිනෙකාට පහර පිට පහර දෙමින් පොරය ආරම්බ වුනා. බොහෝ වේලාවක් සටන් කලත් මේ දෙදෙනාගෙන් එකෙක් වත් පැරදුනේ නැහැ.
අන්තිමේදී රජුගේ ඇත් වල් ඇතාට බොහෝම තද පහරක් එල්ල කලා. එය කොතෙක් සැර පහරක්ද කියනවා නම් වල් ඇතා විසිවෙලා ගිහින් හැටි ගන්න හාරපු වළකට වැටුනා. මේ දැකපු මහජනතාව ඔල්වරසන් දෙන්න පටන් ගත්තා.
රජ්ජුරුවෝ තමන් ළගම වාඩිවෙලා සිටි ගලගොඩ නිලමේට කථා කරලා මේ දැන් සිදුවුන සිදුවීම ගැන කවියක් කියන්න කියලා කිව්වා. ඉතින් නිලමේ පැරදුනු ඇතා කියනවා වාගේ ඒ වෙලාවෙම මේ කවිය කිවුවා.
ඉන්නා විලස ඉන්ටත් මට නොදී කැලේ
පන්නා ගෙන ඇවිදින් මොන හොදද කලේ
දන්නා තරම පොර ඇන්නෙමි වඩා ලො ලේ
ඇන්නෑවේ වැටුණෙමි මැටි ගත්තු ව ලේ
මේ කවිය ඇසුවාම රජුට ඉමහත් සතුටක් දැනුනා. ඉතින් රජු නිළමේට තැගී බොහෝමයක් පිරිනැමුවා.

බොහොම හොඳයි. කුඩා දරුවන්ට මෙවැනි පැරණි ජනකථා සහ කවි කියාදීම ඉතා වැදගත්. මේවා ඔවුන්ට කියාදීම වැඩිහිටියන්ගේ වගකීමක්.
ReplyDeleteයතුරු ලියනය කිරීමේදී සිදුවූ අත්වැරැද්දකින් මැටි යන්න හැටි කියා යතුරු ලියනය වී තිබෙනවා. ඒ වගේම කවියේ දෙවැනි පදයේ හොදද යන වචනය හොඳ ද යනුවෙන් නිවැරදි වියයුතුයි.