ඉස්සර කාලේ
දවසක කෑමට වඩා බොන්න හිතැති මිනිසෙක් දු ර
බැහැර ගෙවාගෙන මුදලිතුමෙක් දකින්න ආවා.
වලව්වට ගොඩවුනාට මොකද කිසිම කෙනෙක් පේනතෙක් මානයක හිටියේ නැහැ.
ඉතිං මේ උන්දෑ
කවුරුත් නැති හින්දාම ඉස්තෝප්පුවේ තියෙන පත කුළුණකට හේත්තුවක් දාගෙන යන එන මග දිහා
බලාගෙන උන්නාලු.
මේ මනුස්සයා
නොදැක්කාට මොකද මුදලි තුමා ඒ ළගම තියෙන කාමරයෙයි ඉදලා තියෙන්නේ. එතුමා කාමරය ඇතුලේ ලියකියවිලි වගයක් සෝදිසි
කරමින් තමයි උන්නේ. හැබැයි එතුමාත් දුටුවේ
නැහැ ඉස්තෝප්පුවේ පිටස්තරයෙක් ඉන්නා වග.
මේ මුදලිතුමා
බොහෝම ප්‍රීතියෙන් ඉන්න කැමති කෙනෙක්. ඉතිං එතුමා කරමින් හටපු වැඩේ ඉවර කරලා අත පය
හිරි අරින ගමන් මෙහෙම කිවුවා
කන දෑ අදින දෑ
ගම්බද මිනිසා
බොහෝම මුඛරි පුද්ගලයෙක් . ඒ නිසා මේ කවි පදය ඇහුන හැටියෙම
බොන දෑ විතර හොද දෑ
දෙවන පදය
කිවුවා.
කවුද ඒ උන්දෑ යි කියාගෙන මුදලි තුමා නැගිට්ටා.
මුදලි තුමා
එළියට එන්නටත් පෙරම ආගන්තුක මිනිසා හතර වන පදය මෙසේ කිවුවා
මොකද හිරයක්
දෙන්ට වත් දෑ
ඉන් පස්සේ මේ
දෙදෙනාගේ කතාව ගෙවුනේ කවියෙන්ම තමයිලු.
මුදලි : තෝ කොයිබ මිනි සා
අමුත්තා: නායිමන නම් පියසා
මුදලි : ආවේ මක් නිසා
අමුත්තා: ආ මි සමිදුන් දකින පිණිසා
ඉතින් බොහෝම
සතුටට පත් වුන මුදලි තුමා මේ පිටස්තර මිනිසාට බතින් බුලතින් සංග්‍රහ කොට ඔහුගේ
උවමනාවත් ඉටු කර දී යන්නට හැරියාලු.