Thursday, September 29, 2011

කලු ජූලියද?

මා
ළදරු විය සිට
දුව පැන - නැටූ
කවට සිනා වැපිරූ
සොදුරු අසපුව
අද,
තහනම් බිමක් වී ,
සිතින් මා හඩාවැටුනෙමි
නොසැලුනු ඔබේ නෙත් දැක
දිරිලදිමි,
අපරාජිත වන්නට
ජීවිතයේ ගමන අසීරුයි
එහෙත්
මම දනිමි
නුඹත් දන්නා බව..............
(“ඔව් 
ශීත කාල පැමිණෙන විට,
         තද ශීත කුණාටු හමාවි
         හිම කැට සහිත 
         මහා නපුරු සුළං හමාවි,
         එහෙත්,
වසන්තය එනවා සත්තයි...........! ගුරු ගීතය)


(වසර ගණනාවකට කලින් මම මුහුණ දීපු පුංචි සිදුවීමක් නිසා ලියැවුනු පද පෙලක්)

2 comments:

  1. ගුරු ගීතය කියන්නේ මාත් ආසම කරපු පොතක්.
    දැන් නම් අක්කගේ ශීත කාලය ඉවර වෙලා වසන්ත කාලය උදා වෙලා වෙන්ටෑ. පේන් නැද්ද අක්කගේ මූනේ තියෙන සිරියාව. :)

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!