Showing posts with label ටිකක් හිනාවෙමු. Show all posts
Showing posts with label ටිකක් හිනාවෙමු. Show all posts

Wednesday, October 24, 2012

ටිකක් හිනාවෙමු

අවුරුදු 3ක් විතර වයස ඇති පුංචි දැරියක් දවසක් පුරුදු විදියට එයාගේ අම්මා එක්ක ළිදට ගිහින් නාගෙන ගෙදර ආවා.  ටික වෙලාවකින් “මගේ ශරීරයට අමුතු ගතියක් දැනෙනවා,,..යි කියමින් ඇදට ගොස් නිදා ගත්තා.

“ඇයි මොකද පුතේ.....මුකුත් අමාරුවක්ද?  ඇගේ අම්මා ඇගෙන් විමසුවා.  එතකොට මෙන්න පොඩි කෙල්ල කියනවා
“ අම්මේ අර මහමායා දේවියට දැනුන එක මටත් දැනෙනවා වගෙයි....කියලා.

.....................................................................................................................................................................
වටගොඩ නමින් ප්‍රසිද්ධියට පත් එකතරා ගමක වැසියන් තමන්ගේ ජීවනෝපාය කරගත්තේ ගොවිතැන හා සත්ව පාලනයයි.  පුංචි රාළ මාමාත් මේ ගමේම පදිංචි ඉහත සදහන් කර්මාන්තයන්හි නියැලුනෙකි. දිනක් ඔහු පොලීසියට ගොස් පැමිණිල්ලක් කලේ තමන්ගේ ඉඩම ඊට අල්ලපු වත්තේ අය විසින් අල්ලලාගත් බවටයි.

ඒ ඉඩමේ විසූ පුද්ගලයා බබානිස්ය.  ඉතින් මේ බබානිස් හමුවීමට දිනක් පොලිස් නිලධාරියෙක් පැමිණියේය.  බබානිස්ද සතුන් ඇති කිරීම සිය ජීවිකාව කරගත්තෙකි.

“ඈ මිනිහෝ මොකද්ද මේකේ තේරුම?

“මොකද්ද උඹේ රැකියාව?  පොලිස් පරීක්ෂක බබානිස්ගෙන් විමසීය.

“මගේ රැකියාව ඉතින් වල් වැඩ තමයි රාළහාමි.....ගත්කටටම බබාලිස් කීවේය.  වටේ පිටේ රොක්වී සිටියවුන් ගේ සිනා හඩ නිසා තමන් කියූ දේ වැරදී බව බබානිස්ට වැටහුනි.  බබානිස් පොලිස් රාළහාමි දෙස රවා බැලුවේය.

“මොනවා යකෝ....වල් වැඩ?

“ඔව් ඔව් රාළහාමි....නමුත් රාළහාමි හිතන ජාතියේ වල් වැඩ නොවෙයි.  මම වල් කපනවා.  සත්ව පාලනය කරනවා යයි බබානිස් කීවේය.  ඉන්පසු පොළිස් රාළහාමි නිහඩ විය.

...................................................................................................................................................................
ඔන්න දවසක් මගුල් ගෙදරක ගිහින් එනකොට ටිකක් රෑ බෝවුනා.  රෑ වුනා කිවුවට 7ට විතර ඇති.  මේ නිවසේ දරුවන් දෙදෙනාම රෑ කෑම කන්නට ටිකක් මැලි කලා.  ඒ වුනාට දරුවන්ගේ තාත්තා කෑම පිගන් දෙකක් බෙදලා ගෙනත් කිව්වු,   “ඔන්න ඔක්කොම බත් ටික කාපු එක්කෙනාට ලොකු තෑග්ගක් ගෙනත් දෙනවා කියලා........

ඉතින් මේ ගෑණු දරුවා ඇහුවා “එහෙනම් මම ඉල්ලන ඕනම දෙයක් තාත්තා මට ගෙනැත් දෙනවද කියලා.....
බත් ටික කවා ගන්න ඕන නිසා තාත්තාත් ඔව් ඔව් ඕනම දෙයක් ගෙනැත් දෙනවා කියලා කිවුවා........

කතාවක් නැතිව දරුවන් දෙදෙනාම බත් ටික ඔක්කොම කෑවා.  ඉතින් තාත්තා කිවුවා.  “ආ...මගේ පුතාලා දෙන්නම හරිම හොදයිනේ.......මගේ පුංචි දුවට මොනවද ඕනෑ? කියලා

“දූ එකපාරටම කිවුවා....තාත්ති.....තාත්ති.....අර මගුල් ගෙදර ඇන්ටිට වගේ ලස්සනට ඇදලා පෝරුව උඩ නගින්න මටත් අංකල් කෙනෙක් ගෙනැත් දෙන්නකෝ.....!!!!!


Wednesday, April 18, 2012

තමා මෙහේ පොල් කඩනවද?

මේක සිද්ධවෙලා තියෙන්නෙ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇගළුම් කර්මාන්තය හදුන්වා දීල වෙළද කලාප පිහිටවපු දවස්වල. මේ කාලෙ ඇගළුම් කම්හල් වල වැඩට ලංකාවෙ හැම පළාතකින්ම ගෑල්ලමයි ආවනේ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඒ ආශ්‍රිත ප්‍රදේශ වල කෙල්ලො කොල්ලො ප්‍රසිද්ධ ස්ථානවල ආදරය(?) කිරීමත් වැඩිවුනානෙ. මොකෝ ඒ දවස්වල දැං වගේ පදුරක් පදුරක් ගානෙ ROOMS කියන බෝඩ් තිබුනෙත් නෑනෙ. මේගොල්ලන්ට ඔක්කෝටම තිබුනෙ බස්හෝල්ට් වගේ ස්ථාන තමයි.

මේ කියන්න යන කතාවෙත් ගෑල්ලමය එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක බස්හෝල්ට් එකක ඉන්නව. වෙලාව රෑ 9ට විතර ඇති. මේ වෙලාවෙදි එතෙන්ට පොලීසියෙන් පැනල කරුවලේ හිටිය දෙන්නගෙන් ප්‍රශ්න කරනව මෙහෙම, 

පොලිස් අංකල්: ඔයාල මොකද මෙතන කරන්නෙ?

කොල්ල: ස,..සර්,.. මේ..මේ මගේ නංගි. එයා මෙහේ වැඩකරන්නෙ. මම ආව බලල යන්න. එද්දි රෑ උනා ඒකයි...


පොලිස් අංකල්: ඇත්තද මේ කියන්නෙ?


කෙල්ල: ඔ..ඔවු සර්. මේ මගේ අයිය.

ඒගමන පොලිස් අංකල් ඔළුවෙ ඉදල පහලට යනකම් ටෝච්එක අල්ලල බලල කෙල්ලගෙන් අහනව මෙහෙම,


පොලිස් අංකල්:තමා මෙහේ පොල් කඩනවද?


කෙල්ල: ඇ..ඇයි සර්.


පොලිස් අංකල්:නෑ! වලල්ල තාම කකුල්දෙකේ නිසා ඇහුවෙ.
































































































Friday, March 23, 2012

ටිකක් හිනාවෙමු 04

 
දිනක් රබර් පිළිබද නිෂ්පාදනාගාරයක් නැරඹීමට ගිය පුද්ගලයෙක් එක් එක් යන්ත්‍රය ක්‍රියා කරන ආකාරය පිළිබද නරඹමින් සිටින අතරතුර එක් යන්ත්‍රයකින් නැගෙන හඩ පිළිබදව ආයතනයේ සේවකයෙකුගෙන් විමසීය.

අමුත්තා  -   “මේකේ මොකද්ද හිස් කියලා ශබ්දයක් ඇවිත් ඊට පස්සේ පොප් කියලා සද්දයක් එන්නේ?
සේවකයා - “ආ මේක රබර් සූප්පු හදන මැෂිමක්නේ සර්........සූප්පුව පිම්බිලා එන්න හුළං එනකොට  
                   තමයි හිස් කියලා සද්දයක් ඇහෙන්නේ....පොප් කියලා සද්දයක් එන්නේ සූප්පුව 
                   කෙළවරේ තියෙන හිල හැදෙන කොටනේ....!!!!!

අමුත්තා එය පිළිගෙන ඉදිරියට ගියේය.  ඊළගට හමුවූ මැෂිම හිස් හිස් හිස් හිස් පොප් යන හඩ නගමින් ක්‍රියාත්මක විය.

අමුත්තා -  එතකොට මේකේ මොකද මෙහෙම සද්දයක් එන්නේ?

සේවකයා - ආ.....ඒක රබර් කොන්ඩම් හදන මැෂිමක්නේ සර්.....හිස් කියනකොට කොපුව හැදෙනවා

අමුත්තා - එතකොට හිස් තුනකට පස්සේ එන පොප් සද්දේ මොකද්ද?

සේවකයා - ඒ කියන්නේ සර් ඒ සද්දේ එන්නේ හතරවෙනි කොපුව  අග හිලක් හැදෙන කොටනේ

අමුත්තා - උපත් පාලන කොපුවල අග හිලක් හදන්නේ මොකටද ඕයි?

සේවකයා - එහෙම කලේ නැත්නම් සූප්පු හදලා කාට විකුණන්නද ඕයි.......!!!!!!!



        

Wednesday, October 5, 2011

ගමයා බුදු වෙලා 2


පිල්ලෑවෙන් දිය නෑවා                 ගමයා
දුටුවා අඹරේ එන හද                     පායා

දරුවා ගෑනි ගැන             සිතුවෝතින්
ගැලවීමක් නම් නෑ මට           සසරින්

ගමයා සිතුවිලි හා පොර           බැදුවා
අදනම්  බුදු වෙනවාමයි            සිතුවා

මෙසේ සිතාගෙන ගෙදර      එනවිට
මිහිරි හඩක් ඇසුනානේ         සවනට

පහන් සිතින් මම ගෙදරට        ආවා
එනවිට නිදි කිරනා ඔමලින්    දුටුවා

ගමයා සිතුවිලි හා පොර           බැදුවා
අදනම් බුදු වෙනවාමයි             සිතුවා

බුදු වෙන්නට උවමනා         අඩු වැඩී
සකසා ගති ඔහු වෙමින්  කඩි      මුඩී

රත්ත්‍රන් අසිපත් මෙමට         කොයින්ද
කන්ඡක අසු දැන් කොහෙන් සොයම්ද

කරනට ඔහුගේ කේශ             ජේදනේ
ගත්තා දර   කපනා                  මන්නේ

ලණුවක් ගෙන හොද හැටියට    දවටා
ගත්තා තදකර ඔහුගේ    ඉන        වටා

ඝටීකාර මට දෙන්න                පිරිකර
නාවොත් නම් වෙයි බොහොම කරදර

නොවනා ලෙස තවත්              හිරිහැර
ගත්තා සුදු සරමක් සේ             පිරිකර

බිරිද දුන්න බත් මුල  ගෙන        සකසා
ගත්තා සුජා දුන් කිරිපිඩු             විලසා

බිරිද ගොරවමින් නිදනා              තුරුම
සැගවී හිටියා නිවස                   අසලම   

නිදා සිටිය ජින්නා               පුබුදුවලා
රත්තා ගෙන එන්නට යයි          කීවා

ඒ ගාලෙම සිටි හොදම මී          ගොනා
හැල්මෙ දුවන්නට හරි               හපනා

ගෙතුලට ගිය සිබරන්               ලොක්කා
ඔමලින් දැක මුනිවත                  රැක්කා

ආපහු ඔහු එළියට                     ඇවිදින්
වටපිට බැලුවා මද                      සතුටින්

කොලුවා මේ                       විපරියාසෙට
බියවී සැරසුනි                          හඩන්නට

මී හරකා දක්කන්                             යන්ට
ගමයා සන් කලා                            ජින්නට

මේ මහ රෑ පිය පුතු                         දෙන්නා
ගොන් වාහනේ ගිහිගෙන්                යන්නා

ගොනත් බයයි මේ                       විකාරෙට
වේගෙන් යයි ගමෙන්                        ඈතට

ගම කෙළවර ඇති දිය                  අගලෙන්
පන්නන විට ගොනාව                  වේගෙන්

අත ලිස්සා පහලට                       ජින්නා
ජබුං ගාලා                වතුරට         වැටුනා

එගොඩහ ඉවුරේ බැද්දෙ                 කොනේ
මීමා සමග  ගමයා                          නැවතුනේ

දනි පනි ගා ගොඩවූ                        ජින්නා
පියා ලගට දිවගෙන                        එන්නා

බැදන් තිබූ කොන්ඩය                     ලිහලා
මන්නෙන් කපා උඩට                   විසිකලා

ලගම තිබුනා ලොකුම කජු               ගහක්
ඒකේ රැදුනා ඔහුගේ   කෙස්            ටිකක්

සැක්‍රයා මගේ පින ගැන                   දැකලා
ඒක ඇරන් ඇන්න                       ගිහිල්ලා

අමුඩ ලේන්සුව හා                           සරම
දුන්නා පුතුට කතා                        නැතිවම

එක සරමක් ඉන වට                       ඇදලා
අනිත් සරම උරයේ                   පොරවලා

ඕව ගිහින් අම්මට                            දීපන්
බුදුවෙන්නට ගිය බව                   කියපන්

දැන් මම බුදු වෙන්නට               යන්නම්
පසුව උඹලා බලනට                   එන්නම්

උඹ නම් සසරින්                     ගැලවිච්චි
ගෙදර යන්න බැහැ                 අප්පච්චි










මී ගොනාව මුදවා                      හැරියා
තපස් තුමා වනයට                     වැඩියා

රත්තා අනේ ගමටම                   දිව්වා
කොලුවා උගේ පස්සෙන්            දිවුවා

පසුදා  උදයේ එළිය                      වුණා
නිහැඩියාව අවට රජ                    වුනා

මීගොනා රිංගුවා                     බැද්දට
තාමත් නැහැ ආවේ                 ගාලට

ගෙදර දොරත් අස් පස්               කරලා
රාළත් නැහැ දැන් දවල්              වෙලා

මෙසේ සිතා ඉන්නා                  මහගේ
දුටුවා ඈත එනවා                        වාගේ

මන්නෙත් සරමත්                 කරපින්නා
ඒ එන්නේ අඩමින්                      ජින්නා                                

මොකද කොලුවො තොට         හඩන්නට
වුනේ මොකද කියකො               විගහට

අප්පච්චි එහේ                            බුදු වුනා
අම්මණ්ඩියි මමයි                        තනිවුනා

සිදුවූ පුවත දැන                         කොලුවාගෙන්
පුපුරනවා තරහෙන්                             ඔමලින්  

මේ මාගේ මෝඩ                        වාහෙට
දෙන්නම් බුදුවෙන්න                  හනිකට

ඇද ගත්තා රෙද්ද                       තර කර
ඉලපත ගති අතට                       හිර කර

තෝ හිටපිය කොලුවෝ              ගෙදර
ඇයත් ගියා බලා                      ගම්දොර

මේ අතරේ තාපස                     හිමියෝ
බඩගින්නේ ඉන්නට                  බැරියෝ

පෙරදා රෑ ගෙනා                        බත් මුල
ලිහා වැලදි නොදා                      ගහමුල

කෙසෙල් කොළය අරන්               ඈතට
ගියා ගලන අගලක්                        වෙතට

බුදුවෙනවා නම් කෙසෙල්              කොලේ
ගහගෙන යායුතුයි       මේ              දොලේ

දිය සුළියේ වටේ                          කැරකිලා
ගියා කොලේ ඈත                           පාවෙලා

මෙය දුටු අපගේ        තවුස්                හිමි
සතුටු වුනා අදම                         බුදු  වෙමි

සන්සුන් ලෙස ආපසු                    වැඩියා
බවුන් වඩන රුක මුල                    සිටියා

ඈතින් එන ළදක්                             දකිනවා
මාව සොයා තන්හා                           එනවා

තදින්ම නෙත් දෙක                    පියාගෙන
අට්ඨි, අට්ඨි   බවුන්                      වඩමින

බවුන් වඩති         තාපස              හිමියෝ
ඇඹේනියත් ලගටම                     වැඩියෝ

හොර ගහ ලග මෙතන හොර          කැලේ
මේ මිනිහා බුදු වෙලා                     බොලේ

ගෙදර වැඩත් ඔක්කොම                     දා‍ලා
මං ආවේ තමුසෙ                         හොයාලා

දෑත බදා දුන්නා                            ඉලපතෙන්
තවුසා නැගිට්ටා බොහෝ                 වේගෙන්

එක පිට එක පාර                           වදිනවා
ගැලවෙන්නට ඉඩ නැති                 වෙනවා

තන්හා රති රගා                            ඇවිල්ලා
මගේ සීලේ බිදිලා                         ගිහිල්ලා

සිබරන් හට බුදුවනු                         බැරිව
දිවුවා අනේ සරමත්                         නැතිව

වැටුන සරම අරගෙන                    ඔමලින්
එලවනවා තවුසා                         පස්සෙන්

ඕවිටි දෙණි, අගල්, ගල්                     උඩින්
දෙන්නා දුවයි හරිම                   වේගෙකින්

බුදුවනු බැරි සිබරන්                        තවුසා
යන්තම් ඇද යටටම                        බැස්සා

ගමයා බුදුවන්නට ගිය                   වතාවක්
ඔහොමයි ළමයිනේ                     කතාවක්!!!


(ජන කතාවක් ඇසුරින්)