Friday, September 16, 2011

විවිධ රටවල දික්කසාද

විවාහ වෙන හැමකෙනෙකුගේම පරමාර්ථය හොද සාර්ථක විවාහයක් ගත කරන එක.  නමුත් විවාහය නිසාම අප්‍රමාණ කරදර වලට මුහුණ දෙන ජීවිතත් අප දැක තියෙනවා. දුටු පමණින් වසගව ඇතිකරගන්නා හිතවත් බව අවසානයේදී විවාහයක් දක්වා විහිදී ගියද ඇතැම් ඒවා අවසාන වන්නේ දික්කසාදයකිනි.  

මෙසේ විවාහ වී අවසානයේ දික්කසාදයෙන් කෙළවර වන කතාන්තර අප රටේ පමණක් නොව වෙනත් රටවලද දක්නට ලැබේ. ඒ අතින් බලන කල අප රට හොද යයි විටෙක සිතෙනවා.   ජීවත් වන්නට තරම් මුදල් නොමැති කම නිසා, ගෙයක් දොරක් නොමැති කම නිසා, රැකියාවක් නොමැතිකම, බීමත් කම, අන් අඹුවන් ඇසුරු කිරීම, අනාචාරයේ හැසිරීම, දරුවන්ට හා භාර්යාවට නොසලකා හැරීම ආදී විවිධ කාරණා නිසා දික්කසාද වීමට අවසර ඉල්ලමින් නඩු දමන උදවිය බටහිරත් මෙරටත් සිටිනවා.  මානසික රෝගාබාධ නිසාද දික්කසාද වන්නෝ සිටිති.  

ලෝකයේ බොහෝ රටවල පවතින දික්කසාද සිරිත් විරිත් හා අප රටේ සිරිත් අතර විශාල වෙනසක් පවතී.  එමෙන්ම ඇතැම් සිරිත් විරිත් රසයෙන්ද පිරිපුන්ය.  
සැමියා තම බිරිද ඔසවාගෙන ගොස් ඔවුන් විවාහයෙන් පසුව විසූ නිවස ඉදිරියේ තැබීමෙන් පසු මධ්‍යම අප්‍රිකානුවන්ගේ එක්තරා ගෝත්‍රයකට අයත් වූවන්ට දික්කසාද විය හැකිය.

අඹු සැමි යුවලක් විවාහ වන දිනයේ කොටු කෑලි දෙකක් එකට බැද තබා තිබීම රතු ඉන්දියන් වරුන්ගේ සිරිතකි.  ඒ කෝටු දෙකම නැවත කඩා දැමීමෙන් එවුන්ගේ දික්කසාදය සිදුවේ.
සයිබීරියානු කාන්තාවන් සිරිතක් ලෙස හිසත් මුහුණත් වැසෙන ලෙස පළදනාවක් දමති.  එම පළදනාවම අහිංසක සයිබීරියන් කාන්තාවන්ට දික්කසාද වීමට මගපෙන්වනු ලබයි.  සයිබීරියානු මිනිසෙකුට තම බිරිදගෙන් වෙන්වෙන්නට උවමනා වූ විට ඔහු කරනු ලබන්නේ තම භාර්යාව මහා මාර්ගයට ගෙනගොස් අනෙක් අයට පෙනෙන සේ බිරිදගේ හිසේ ඇති පළදනාව එකවර ඉරා දැමීමයි.  එවිට ඔහු ඇගෙන් නීත්‍යානුකූලව වෙන් වුනා සේ සැලකේ.

මලයාවේ පවතින සිරිත් මෙසේය. දරුවන් ලැබීමෙන් හා අසනීපවීමෙනුත්, වයස්ගත වීමෙනුත්, වීරූපවීම නිසා හෝ එසේ නොමැතිනම් තරුණ බිරිදක් විවාහ කරගැනීම සදහාත් ඔවුන් කරනු ලබන්නේ....
“උඹ දැන් මා එක්ක දීග කෑවා ඇති.  ඒ නිසා දැන් ඉතින් උඹට ගෙදර යන්න පුළුවන්... යනුවෙන් තම බිරිදට කී පමණින් දික්කසාද වීමේ සිරිතක් “ටෙන්ක්..දිවයින්වල පවතී.  

ඉහත සදහන් හැම සිරිතක්ම දික්කසාද වීමේ වාසිය පුරුෂයාට ලබාදෙයි.  නමුත් නැගෙනහිර අප්‍රිකාවේ හා බුරුමයේ කාන්තාවන්ට වාසි වන අන්දමේ සිරිත් විරිත් ද ඇත.  ටිබෙට් රටේ ඇත්තේ පිරිමින්ටත් ගැහැණුන්ටත් සම අයිතීන් ලැබෙන අන්දමේ නීති රීති පද්ධතියකි.  එනම් සැමියා මෙන්ම බිරිදද දික්කසාද වීමට එකග විය යුතුය.  එසේ නොමැතිව එක් පක්ෂයකට පමණක් දික්කසාද වීමට නොහැකි ලෙස ටිබෙට් රටේ නීතිය ක්‍රියාත්මක වේ. භාර්යාවගේ ඇදුම් තම සැමියා විසින් නොසෝදා දුන්නොත් ඇයට ඔහුගෙන් වෙන්වීමේ දික්කසාද ක්‍රමයක්  නැගෙනහිර අප්‍රිකාවේ  ඇතැම් ගෝත්‍රිකයන් අතරද, මත්පැන් බී එන තම සැමියාගෙන් දික්කසාද වීමේ ලෙහෙසි මාර්ගයක් බුරුමයේ සමහර ප්‍රදේශවල කලින් පැවති බව පොත් පත්වල සදහන් වෙයි.

බිරිද වද ස්ත්‍රයක් වුවහොත් හෝ සැමියාට හෝ ඔහුගේ දෙමාපියන්ට නොසැලකීම නිසාත් චීන ජාතිකයෙකුට තම බිරිදගෙන් දික්කසාද වීමේ අවසරයක් ලැබුනු බව ආදි කාලීන චීන ජාතිකයන් අතර ප්‍රචලිත කතාවකි.

6 comments:

  1. දික්කසාද වෙන්න කැමති අයට සරලව ඒ දේ කරගන්න පුළුවන් චාරිත්‍ර නම් ඇත්තටම හොඳයි. නමුත් දෙපැත්තටම සාධාරණ වෙන්න ඕනා

    ReplyDelete
  2. දික්කසාදේ !!!!!.... ම්ම්
    මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ. තාම බැදලත් නෑ. හික්ස් :)
    මොන්නවා උනත් අර ගෑනු කෙනාව උස්සන් ගිහින් තමන්ගේ ගේ ඉස්සරහා තියෙන චාර්‍රිත්‍රය නම් මරු. මාත් බැන්ද කාලෙක කරලා බලන්න ඕනා. දික්කසාදෙට නෙමෙයි. විහිලුවට වගේ. හික්ස් :)

    ReplyDelete
  3. හිකිස් මරු චාරිත්‍ර ටික :D

    ReplyDelete
  4. විසිතුරු..
    ඒ වුනාට මලේ දැන් කාලේ හැටියට හැමඑකාම එතකොට දික්කසාද වෙන්න බලයිනේ

    ReplyDelete
  5. මධු...
    ඇත්තට එහෙම කරනවා නෙමයි ඔන්න

    ReplyDelete
  6. chamma

    මරු උනාට කමක් නෑ. කට්ටියට දැනගන්න දැම්මට අත්හදා බලනවා එහෙම නෙමෙයි ඔන්න

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!