Wednesday, September 21, 2011

පුංචි පුතේ.....

සතුට කිරුළ කර පුංචි පුතා
මට මව් පදවිය තිළිණ කලා
ඒ මිණි කිරුලේ දිස්නය ගන්නට
පුතුනි අප තවම වෙහෙසෙනවා

හද කම්පාවෙන් හඩා වැටෙන මුත්
දෙනෙතේ කදුලැලි පිසදා ගන්නම්
කාලය ගතවී යතත් පුතේ නුඹ
පා ඔසවන තුරු බලාන ඉන්නම්

බහ තෝරන පොඩි දරුවන් දකිනා
හදවත මාගේ හඩාවැටෙන විට
ආදරයෙන් සෙනෙහසින් තුරුඵ කොට
නුඹෙ හිස සිප මා සැනසෙනවා

බලන දකින තැන මල් වැනි පොඩි දරුවන්
කෙළි සෙල්ලම් කර හිනැහෙන අතරේ
කිසිත් නොතේරෙන මගෙ ආදර පුතු
වාරු නැති දෙපා සගවා වැතිර නිදයි.

2 comments:

  1. දරුවෙක් හදන එක් හැම අම්මෙකුගේම ආසාවක් උනාට දරුවෙක්ට මෙහෙම දෙයක් උනාම අම්මා කෙනෙක් කොහොම නම් දරා ගන්නද.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!