Sunday, September 4, 2011

පුබුදාවි මහදවත

කිරි මුහුද කලම්බා
නැගෙන රළ පහරින්
බිදී විසිරෙන පෙනපිඩු
දෝතට ගන්න දගලන 
කිරිදරුවන්ය විටෙක අප

හිරු මල මියෙන වෙරළේ
හිද නගන සුසුමින් 
නෙතු තෙමන කදුලින් 
මදහස නගන ලවනින් 
නුඹ සුවද රදයි මහද සැමදා
ගියද හිරු දින දින මියැද
පුන් සොමි නැගෙයි සතොසින්
විහිදෙන පෙති තඹුරු විලසේ
පුබුදයි නුඹ මහද නිතියෙන්.........!



(ටික කලකට කලින් මගේ පෑන් තුඩින් ගිලිහුනු කවියක්)

1 comment:

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!