Showing posts with label සැබෑ චරිත ඇසුරින්. Show all posts
Showing posts with label සැබෑ චරිත ඇසුරින්. Show all posts

Monday, November 26, 2012

රූණ හාමිනේ


අපේ රටේ පැරණි කවියන් ගැන කියන කොට රුහුණු රට බොහෝම ප්‍රසිද්ධයිනේ.  ඒ අතරින් කවිකාරියන් ගැන සදහන් වෙනකොට මුලින්ම කියැවෙන නම තමයි ගජමන් නෝනා.  ඒ හැරුණහම තවත් ප්‍රසිද්ධ නමක් තමයි රූණ හාමිනේ හෙවත් රුහුණු හාමිනේ.  ඇය මාතර නාඔටුන්න නම් ප්‍රදේශයේ කාන්තාවක් බවයි සදහන් වෙන්නේ.  ඒ වුනත් ජනප්‍රවාදයේ සදහන් තොරතුරු හැරුණම ඇය ගැන වෙනත් කිසිම ලිපි ලේඛනයක් සොයා ගැනීමට හැකියාවක් නැහැ.  ඒ නිසාම ඇයගේ සැබෑ නම් ගම්, ජීවත් වූ වකවානු ආදිය ගැන නිශ්චිත තොරතුරු නැහැ.

පෘතුගීසි, ලන්දේසි යුගවල මාතර දිසාවේ වැදගත් තැනක් හිමිකර ගත් මාතර නාඔටුන්නේ, මුත්තෙට්ටුවේගොඩ වත්තේ වලව් පැලැන්තියේ උපන් කාන්තාවක් ලෙස රූණු හාමිනේ ගැන ජනප්‍රවාදයේ සදහන් වෙන්නේ.  ඇයගේ සැබෑ නම වගේම පවුලේ විස්තර ගැනත් වැඩි විස්තර සදහන් කිරීමේ හැකියාවක් නැහැ.  කාලයත් එක්කම බොහෝ තොරතුරු වැලලී ගිහින්.  

කෙසේ වෙතත් ඒ වකවානුව වෙනකොට ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය ගැන එතරම් සැලකීමක් දැක්වූ බවක් පෙනෙන්නට තිබුනේ නැහැ.  නමුත් ඇගේ පවුලේ වැඩි මහල් දරුවා ඇය නිසාත් ඇයට බාල සොයුරා බුද්ධියෙන් අඩු කෙනෙකු වූ නිසාත් මේ සිරිත් විරිත් නොතකා රූණු හාමිනේට අධ්‍යාපනය ලබා දීමට ඇගේ දෙමාපියන් තීරණය කලා.

අද කාලයේ වගේ පාසැල් නොතිබු නිසා ගමේ පිරිවෙනට ගොස් මහ නාහිමියන් වෙතින් අකුරු ඉගෙනීමට ඇයට හැකියාවක් ලැබුනා.  වැලිපිල්ලේ අකුරු කෙරූ ඇය ඉතාමත් කෙටි කලකින්ම ලිවීමට කියවීමට පමණක් නොවෙයි කාව්‍යකරණයට පවා සමත් කමක් දක්වන්නට වුනා.  කෙසේ වුනත් නායක හාමුදුරුවන්ගේ මග පෙන්වීම යටතේ තම නිසග කවීත්වය ඔප දමාගත් ඇය ක්‍රමයෙන් තරුණ වියට එළඹීමත් සමගම මාතර ප්‍රදේශයේ සිටින දක්ෂතම කවිකාරිය මෙන්ම රූමත් කාන්තාවද වීමට සමත් වුනා. 

එක්තරා අවස්ථාවකදී පිරිවෙනේ සිටි තරුණ ස්වාමීන් වහන්සේ නමක් කල නොමනා විහිළුවක් නිසා එවේලේම ලියා දුන් කවියකින් ඇගේ කවීත්වය පිළිබද මනාව පැහැදිලි වෙනවා. 

නිම්මා නැති සසර දුක් සිදලන මෙන්          
සම්මා සම්බුදුන් සසුනට වදිමින්                
බුම්මා ගෙන නොයිද කරණා දෙය  මෙන්   
අම්මලා වදන සැටියේ වරදින්                   

එය එසේ‘ වුවත් ගරු කල යුත්තන්ට ඇය නොමදවම ගරු කිරීමට පෙළඹුනාය.  වැලිතර වතුරේගම නාහිමියන්ට ලියූ කවියකින් ඒ බව පැහැදිලි වේ.
නෙකමුණි ගුණ දරණ වතුරේගම තුම          නා
දැක ගන පින් ලබන ලෙසම සිතුවිය ම        නා
එක දවසක් සමිද දුටුවොත් යුවලැසි             නා
ලක රජ ඉසිරු සැක නොව ලැබුවා ලෙසි     නා

ඇයගේ අත පතා බොහෝ තරුණයන් ආ නමුදු මේ සුකුමාල තරුණියගේ සිත දිනාගැනීමට සමත්වූයේ එවකට ඉංග්‍රීසි සමාගම් රජයේ ආදායම් එකතු කරමින් ගමින් ගමට ගිය සිංහල සමින්දාර්වරයෙකි.  ඔහු නමින් ක්‍රිස්තෝම්බු ද සොයිසා නම් විය.  හේ තරුණ මෙන්ම කඩවසම් අයෙකුද විය.  මාතර ප්‍රදේශයේම මුදලි පෙළපතකින් පැවත ආ අයෙකි.  මේ දෙදෙනා බොහෝම හදිසියේ නෙත ගැටුනත් ඇය ඔහුට පෙම් කලාය.  නිතර නිතර අසු පිට නැගී බොහෝ තේජස් ලීලාවෙන් තමා සොයා පැමිණි මේ කඩවසම් ඉලන්දාරියාට ඇය බෙහෙවින් ඇලුම් කලාය. 

ටික කලකින් දෙමාපියන්ගේද ආශිර්වාදය ඇතිව ඇය ඔහුගේ අත ගත්තාය.  කාලයක් යනතුරුම ඔවුන් බොහෝ සතුටින් දිවි ගෙවූ අතර, එක් අවස්ථාවක ඇය තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන මෙසේ කීවාය.
ගෙදර මා ඉන්න විට දැක මුදලින්               දා
අදර කර ගියේ මා හොද හැටියට කැන්        දා
සොදුර බස් යවන පුරහම දුනි ඉන්              දා
අමර සැප අතුලෙ හැර කළෙ පෙම කැන්     දා

කෙසේ වෙතත් මොවුන්ගේ යුග දිවිය ටික කලෙකින් නිමාවට පත්වූයේ ගමින් ගමට රජයේ ආදායම් එකතුකරමින් ගිය ෂමින්දාර් වරයාට වෙනත් රුවැත්තියක් මුණ ගැසුනු නිසාය.  පැණි වරකාව මෙන් සිටි තම සැමියාගේ වෙන්වීම නිසා ඇය ඔහුට සාප කලේ මේ ආකාරයෙනි.

මට කළ විනේ කස්තානේ ඇනීය   න්
ඇට වල වලේ මැස්සන් හිස ලැගිය න්
කොටමල කසුන් සිටුවන උල ඇනීයන්
පිට පොට පිටින් උඩ හරහටු මැරීය  න්

ඒ වනවිට ඇය ගැබිනියක් මුත් තමන්ගේ දෙමාපියන්ද මිය පරලොව ගිය නිසාවෙන් ඇය සැමියාද අහිමිව මෙලොව තනිවූවාය.  එසේ තනි වුන කාන්තාවකට සමාජය සලකන්නේ කෙබදු ආකාරයටදැයි නොකිව මනාය.  කෙසේ වෙතත් දෛවය ඇයට එහෙමටම සරදම් කලේ නැත.  දුරින් නෑදෑ කෙනෙකු වන කාන්තාවක් ඇයගේ පිළිසරණට ඉදිරිපත් වූවාය.  නැත්නම් කාටත් බරක් වී ජීවත්වීම කමකට නැතැයි සිතූ ඇය සියදිවි තොර කර ගන්නට සිතා සිටියාය. 

පසුව දරුවා ලැබුණු පසු වෙනත් දරුවනට තමන් උගත් දේ කියා දෙමින් එයින් කීයක් හෝ උපයාගත්තාය.  තමන්ගේ ගම් පියසේ ජිවත් වන මේ කාන්තාව උගත් කවි කාරියක බව දැනගත් ගම්වාසීන් තම දරුවන් අකුරු ඉගෙනීමට ඇය වෙත එවුවාය.  එදා වේල පිරිමසා ගන්නට ඉන් ලැබෙන ආදායම ඇතිමුත් කලින් මෙන් සැපවත් දිවියකට නම් ඒ මුදල් ගෑවෙන්නටත් මදි බව ඇයට වැටහුණි. 

පසුව තමන්ගේ පවුලේ හිතවතෙක් ලෙස කාලයක් සිටි මාතර වැල්ලබඩ පත්තුවේ මුදලි තුමාට ඇයගේ දුක් ගැනවිල්ල කියා යැවුවේ මේ අයුරිනි. 

පින්වත් හිමි සදිනි මතු බුදු බව පත            
සම්පත් ඔබ විදින දියුණුව වැඩෙන  මෙ      
දැන්වත් මදුක ගැන පිහිටක් ලැබුනොති      
පින් අත් වේය පෙර සිට කළ පිනක් මෙ      

කෙසේ හෝ මේ පැදි පෙල කියවීමෙන්ම මුදලිතුමන්ගේ හදවත උණු වී ගියේය.  පසුව පතගා පන්සීයක් වටිනා ඉතා අගනා රන් මාලයක් ඇයට පරිත්‍යාග කිරීමට තරම් මුදලිතුමා කරුණාවන්ත පුද්ගලයෙකු වීය.

මෙසේ කාලයක් ගතවීමත් සමගම රූණ හාමිනේ ඒ කාලයේ ප්‍රදේශයේ සිටි විශිෂ්ට කවිකාරිය ලෙස ප්‍රසිද්ධ වූවාය.  අනෙක් කරුණ නම් ඇයගෙ පද ගැලපීම බෙහෙවින්ම සංවර ශීලි විය.  ඉන් මිනිසුන් බොහෝ කුල්මත් විය.  එසේම ඒ කාලයේ රටේ සිටි බොහෝ උගත් පඩිවරුන් සමගත් ලිපි හුවමාරු කරගත්තාය.  මෙසේ ලිපි හුවමාරු කරගත් අය අතර යතිවරුන්ද සිටියහ.  එවන් එක් යතිවරයෙකි බේරතුඩුවේ ධම්මධරතිස්ස මහ නාහිමියෝ.  උන්වහන්සේ බොහෝ දේ පිලිබද දැන උගත් හිමි නමක් වූ අතර බෙහෙවින් සංවර ශීලි ද විය.  උන්වහන්සේ රූණ හාමිනේ ගැන කී කවක් මෙසේය. 

නෙක රටවල ඇවිද මා දැකපු විසිතුරු
එක මුවකින් කියා නිමවන බැරි අයුරු
මෙතකට සම ලියක් නොදුටිමි මම මිතුරු
ලක රජ මහිමි නම් අද දෙමි නෙක ඉසිරු

සැමියා හැර ගියත් ඉතාමත් දුක්බර වුවද උත්සාහයෙන් ජිවිතය ජයගත් ඇය තමන්ගේ ආත්ම ගෞරවයත් ආරක්ෂා කර ගනිමින් සිය එකම දියණිය
ලොකු මහත් කලාය.  ඇය දීග ගිය දා ඇයට ඔවදන් දුන්නේ මේ ආකාරයෙනි. 

සැමදා දැනමුතු කම් සිත දර           නු
කෑමබීම ඇති සැටියට පිරි මස        නු
කෝම නමුත් පුළුවන් හැටියට කර  නු
බෝම වස්තු නැතිවට වාහෙට නොබනු

මේ ඔවදන් එදා සමාජයේ තරුණියන්ට පමණක් නොව අද කාලයට පවා ඔබින ඒවාය.  මෙම කවිය අදටත් රුහුණේ ගැමි කාන්තාවන් අතර ප්‍රකට කවියකි.

සැතපුන මුත් ඉදින ගරු තපසුන් වාගේ
මොක කීවත් ගසති ගැටයක් ගලවා ගේ
රස දුන්නත් කියති වස දුන්නා වා   ගේ
සෙවනැල්ලත් ඇදලු අත හැරෙනා දීගේ

ඇය මේ කවියෙන් කියන්නට ඇත්තේ තමන්ගේ අත්දැකීම් වුවද මේ අදහසෙහි ඇති නිවැරිදි තාවය මැනවින් පෙන්නුම් කෙරේ.  රදළ පැලැන්තියේ ඉපිද හැදී වැඩී තරුණ වියේදී විවාහව කලකින් අයසට පත් මේ උත්සාහවත් කාන්තාව අවට සමාජයේ වෙසෙන්නන් පිලිබදවලද ආකල්ප මේ කවි තුලින් හොදින් පැහැදිලි වේ.

Saturday, October 13, 2012

ලින්කන්ගේ ජීවිතයෙන් බිදක්!!!

ලී කොටවලින් තනන ලද කුඩා මඩුවක 1809 දී උපත ලැබූ පුද්ගලයෙකි.  ඔහු බොහෝ දුක්ඛිත ජීවිතයක් ගත කල කෙනෙකි.  ඔහුගේ නැගිටීම පිළිබද කතා පුවත ඇත්තම කිවුවොත් සුරංගනා කතාවක් බදුයි.  අවසානයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ සොළොස් වන ජනාධිපතිවරයා බවට පත්වූයේ මේ කියන තැනැත්තායි.  ඔහු අන් කිසිවෙකු නොවේ ඒබ්‍රහම් ලින්කන්ය. 

ඔහු 1860 දී ඇමෙරිකාවේ ජනාධිපති ධූරයට පත්විය.  විසින් අනුගමනය කරන ලද වහල් සේවා විරෝධී ප්‍රතිපත්තිය නිසා සිවිල් යුද්ධයකටත් මං පෑදුනා.  අන්තිමේදී එයින් ජයග්‍රාහකයා වූ ඔහු නැවතත් 1864 දී ජනාධිපති පදවියට පත් කරන ලද්දේ වී නමුත් සාහසිකයෙකුගේ වෙඩි පහරින් මරුමුවට පත්විය.

ලින්කන්ගේ ජීවිතය බෙහෙවින්ම කාර්යබහුල එකකි.  නමුත් ඔහු තුළ පැවතියේ පුදුමාකාර රසිකත්වයකි.  1864 දී පවත්වන ලද මැතිවරණ ව්‍යාපාරයේදී පිටර් කාර්ට් රයිට් ගේ ප්‍රධානත්වයෙන් දේශනා මෙහෙයක් පැවැත්වූවා.  ඒ අවස්ථාවේ පීටර් කාර්ට් රයිට් කථා කරමින් “ස්වර්ග රාජ්‍යයට යාමට කැමති අය නැගිටින්න... යයි ඉල්ලීමක් කලා.  ලින්කන් හැර අන් හැම දෙනෙක්ම නැගී සිටියා.

යළිත් පීටර් කාර්ට් රයිට් කථා කලා.  “එහෙනම් අපායට යන්න කැමති නැති අය නැගිටින්න යි යළිත් ඉල්ලා සිටියා.  ඒ අවස්ථාවේදීත් ලින්කන් හැර අනෙක් සියල්ලම නැගී සිටියා. 

“ලින්කන් විතරක් මගේ ඉල්ලීම්වලට කන් නොදී සිටීම ගැන මට හරිම පුදුමයි....ඔහු ස්වර්ගයට යන්නත් කැමති නැත්නම්, අපායට නොයන්නත් කැමති නැත්නම් ඇත්තටම කොහේ යන්නද කැමති? යි උපහාසයෙන් මෙන් ඇසුවා.

ඒ අවස්ථාවේදී ඒබ්‍රහම් ලින්කන් ඉතාමත් සන්සුන්ව නැගිට්ටා.  “මම මන්ත්‍රී මණ්ඩලයට යනවා. .......යි කියා යන්නට ගියා.

එක්තරා අවස්ථාවකදී සීමාන්තික අමද්‍යප ව්‍යාපාරිකයෙකු විසින් ග්‍රාන්ට් සෙනෙවිදුන්ගේ “විස්කි බීමට විරුද්ධ වෙන්න ඕනෙ කියලා ලින්කන්ගෙන් ඉල්ලීමක් කලා.  ඔහු කරපු දීර්ග කතාවට ඇහුම්කන් දීපු ලින්කන් මේ විදියට කිවුවා. 

“ග්‍රාන්ට් සෙනවිතුමා පාවිච්චි කරන විස්කි වර්ගය මොනවද කියලා දැනගන්න.  ඒ වර්ගයේ විස්කි මගේ සෙනවිතුමන්ලාටත් සපයන්න මම කැමතියි.  ඒ කතාව එතැනින්ම අවසන් වුනා.

වරෙක ලින්කන්ට වසූරිය රෝගය වැළදුනා.  හැබැයි එය ඉතා තදින් ඔහුට බලපෑම් කලේ නැහැ.  ඒ දවස්වල එම රෝගය බෝවෙයි කියලා බයට කිසිම කෙනෙකු ධවල මන්දිරය පැත්තටවත් ආවේ නැහැ.  ඒ ගැන සදහන් කල ලින්කන් මේ විදියට කිවුවා.

“නරක නෑ.  දැන් කාටත් අමාරුවක් නැතිව දෙන්නට පුළුවන් දෙයක් මා ළග තියෙද්දිත් කවුරුවත් මා ළගට එන්නේ නෑ නොවැ!!!!

යම්කිසි කාරණාවක් සම්බන්ධයෙන් උපදෙස් දෙන්නට ලින්කන් හමුවීමට දේවගැතිවරයෙකු ප්‍රමුඛත්වයෙන් යුතු නියෝජිත පිරිසක් ආවා.  තමන් ඉදිරිපත් කරපු කරුණු සනාථ කරන්නට ඒ දේවගැතිතුමා දිගින් දිගටම ආගමෙන්ම කරුණු උපුටා දක්වන්නට පටන් ගත්තා.  ලින්කන් ඒ අවස්ථාවේදී දේවගැති තුමාව නිහඩ කරවූයේ මෙසේයි.

“මහත්වරුනි, කෙළින්ම සර්වබලධාරීන් වහන්සේ වෙතින් කෙනෙකු හමුවීමට නියෝජිත පිරිසක් එනවා නම් ඒ කලාතුරකිනුයි.....තවත් කථා කිරීමෙන් පලක් නැතැයි සිතූ දේවගැතිතුමා නිහඩ වුනා.

ඒබ්‍රහම් ලින්කන්ගේ විරුද්ධපාක්ෂිකයෙකු වූ ඩග්ලස් නැමැත්තා කුඩා මිනිසෙක්. එක්තරා අවස්ථාවක ඔහුගේ ශරීරයේ හැඩනිල ගැන කථා කිරීමට  පටන් ගත් ලින්කන්ගේ මිතුරන් කිහිපදෙනෙකු “ඇත්තටම කෙනෙක්ගේ කකුල් දෙක කොයි තරම් දික් වෙන්න ඕනෙද? යන ප්‍රශ්ණය ඇහුවා.  ලින්කනුත් ඒ අවස්ථාවේදී එතැනට ආපු නිසා ඔහුගෙනුත් මේ ගැන විමසුවා. 

ඔහු කිවුවේ, මං හිතන විදියට නම් මිනිහෙකුගේ කකුල් දෙක ඔහුගේ ඇගේ ඉදන් බිම තෙක් දික් වුනාම ඇති .....කියලයි.

තවත් අවස්ථාවෙක ඩග්ලස් ලින්කන්ව දුර්මුඛ කරන්නට සිතාගෙන කිවුවා , මම පළමුවෙන්ම ලින්කන් හදුනා ගත්තේ විස්කිත්, සුරුට්ටුත් තව නොයෙක් දේත් විකුනන සිල්ලර වෙළද සේවකයෙකු වශයෙනුයි.....

නමුත් ලින්කන් දුන් පිළිතුරින් සිනාවට ලක්වුනේ ඩග්ලස්මයි.

“ඇත්ත තමයි ඩග්ලස් මහතා කියන එක.  මම සිල්ලර කඩයක වෙළෙද සේවකයෙකුව සිටි බව ඇත්ත.  හැබැයි කපු පුළුන්, ඉටිපන්දම්, සුරුට්ටු ආදියත් සමහර විට විස්කිත් වික්කෙ නැත්තෙ නැහැ.  මට මතකයි ඒ දවස්වල ඩග්ලස් මහත්තයා මගේ හොද ගණුදෙනු කාරයෙක්.  බොහෝ වෙලාවට මම කවුන්ටරයේ එක පැත්තක ඉදගෙන අනෙක් පැත්තේ හිටපු ඔහුට විස්කි විකුණා තියෙනවා.  ඒ වුණත් දැන් අපි දෙදෙනා අතර ඇති වෙනස නම් කවුන්ටරයේ මා හිටපු පැත්ත දැන් මා අතහැර දමලා තිබුණත් ඩග්ලස් මහත්තයා එයාගේ පැත්ත තවම අත්හැරලා නැති එකයි......ලින්කන් කියා සිටියා.

ඇමෙරිකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේදී එක්තරා යුද්ධ නිලධාරියෙක් නියෝගයකට අකීකරු වුනා.  “මට හිතයි එයාට හොද පාඩමක් උගන්වන්න!!! හොද ලියුමක් ලියලා.....ස්ටෑන්ටන් නම් ලේකම්වරයා කෝපයෙන් යුතුව කියා සිටියා.

“ලියන්න ලියන්න දැන් තරහා ඇවිස්සිලා තියෙන වෙලාවේ ඉක්මනින්ම ලියන්න!! නිර්දය ආකාරයෙන් පහර දීලාම ලියන්න.  මිනිහා සහමුලින්ම නැති කරලා ලියන්න.  ලින්කන් කියා සිටියා.  ස්ටෑන්ටන්හට තව වරක් කියන්නට අවශ්‍ය වුනේ නැහැ.  එය දරුණු ලියමනක් වුනා.  සිත පෑරෙන ආකාරයෙන් එය ලියා තිබුනා.  ජනාධිපතිවරයා හට ස්ටෑන්ටන් එය කියෙව්වා.

“අන්න හරි!! එහෙම තමයි හොද ලියුම!!!
“මේක කා අතේද අරින්නේ? ලේකම් නැවතත් ඇහුවා.

“ඒක අරින්න එපා ඔබේ හිතේ තිබුණු අමාරුව දැන් ඉවරයි නේද?  වුවමනා කරන්නේ එච්චරයි.  ඔය වගේ ලියුම් කාටවත් යවන්නේ නැහැ.  ඇත්තටම මම යවන්නේ නැහැ... ඒ ලියුමේ වගතුග එතැනින්ම නිමාවට පත්වුනා.

දවසක් ලින්කම් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරික වැඩක යෙදී ඉන්න අතරේ සහයෝගය දුන් අය සමග කතා කරමින් සිටියා. 

“ලින්කන් මහත්මයාණෙනි! ඔබතුමා කල කතාව බොහෝම හොදයි.  එහෙත් අල්ලන්න බැරි යම් යම් දේවල් තිබුනා.  ඒ වෙලාවේ ලින්කන්ට හිනාගියා. 

“එහෙනම් ඉතින් මට ඔබ ගැන බොහොම කනගාටුයි.  මගේ බල්ලෙක් හිටියා.  ඌටත් මැස්සන් සම්බන්ධයෙන් තිබුනේ ඔය අපහසුවමයි..

තවත් අවස්ථාවෙක ලින්කන් තමන්ගේ ‍ඵෙතිහාසික කතාවක් කරන්නට ගෙටිස්බර්ග් නම් ස්ථානයට යනකොට ඔහු එක්ක ගිය ෆ්‍රයි නම් සෙනවිතුමා

“ජනාධිපතිතුමනි ඉක්මන් කරන්න නැත්නම් අපි කෝච්චියට නගින්න බැරිවේවි... කිවුවා.

“මේ ගැන මට ඇගෙන්නේ හරියට අර මරන්න ගෙනිච්ච අපරාධ කාරයා කී විදියටමයි!  එදා ඔහුව එල්ලා මරනු බලන්නට රැස්කකා හිටිය විශාල ජනකායක්.  අනිතිමට හිරකාරයා කෑගහලා කිවුවා “ගොයියෝ එය තරම් ඉක්මන් වෙන්න වුවමනාවක් නැහැ.  මං යනකන් එහෙ සෙල්ලම පටන්ගන්නේ නැහැ කියලා.. ඒ කතාවට සෙනවිතුමාටත් හිනා පහල වුනා. 

ඒබ්‍රහම් ලින්කන් තමන්ගේ සපත්තු ඔප දමමින් ඉන්න වෙලාවක ඉංග්‍රීසි ජාතික දේශපාලකයෙක් ඔහු හමුවෙන්නට ආවා. 

“මොනවා ජනාධිපතිතුමනි! ඔබේ සපත්තු පිහින්නෙත් ඔබමද? පුදුමයෙන් වගේ ඇහුවා. 

“ඔව් ඔබ පිහින්නේ කාගේ සපත්තුද? යනු ලින්කන්ගේ පිලිතුර වුනා.   

මෙවැනි හාස්‍ය උපදවන කතා කීමට සමත් වුන අන් ජනාධිපතිවරයෙක් නැති තරම්.  ඒ වගේම අදටත් ඔහුගේ නම ජනතාව අතර අමරණීයයි!!!!