බර වැඩිද මන්දා
දුවේ නුඹගේ සටහනක් මත
වැටී බොදවී වියැලිලා තිබුණා
පුංචි කරදහි තීරුවේ නුඹ
ඇන්ද රූපය ඇයිද මෙලෙසින්
පොත් මිටිය අතරේ රුවාගෙන
සෙමෙන් ඉකිබින්දේ
කොතෙක් හැඩුවත් පුංචි දෝණී
අම්මා යළි නෑ නුඹ ලගට එන්නේ
මෙලෙස අප අතහැර ගියේ
වෙන කැදැල්ලක් තනන්නයි විගසින්
පිදූ සෙනෙහස රකින්නට බැරිවී
ඇය පලාගොස් නුඹට මට රහසින්......!