Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Monday, August 22, 2011

නයි පොළොං වෛරය

වතුර හොයාගෙන ආපු නයිහාමි කෙනෙක් දරුවෙකුගේ නාන බේසමකින් වතුර බිව්වා.  නයිහාමි
වතුර බොනකොට අතේ තිබුණු පොල් කටුවෙන් දරුවා නයිහාමිට ගැහුවා.
වතුර විසි කලා.
ඒත්
සෙල්ලමට කරන පහර දීම් නයි හාමි ගනන් ගත්තේ නැහැ.
එයා ආපහු යනකොට වතුර හොයාගෙන එන
පොළොං හාමි හමුවුණා.
එයා නයිහාමිගෙන්
වතුර තියෙන තැන ඇහුවා
නයිහාමි, පොළොං හාමිට වතුර බිව් හැටි කිව්වා.
“හැබැයි දරුවාට විපතක් කරන්න එපා.....“
පොළොං හාමිගෙන් දිවුරා පොරොන්දු ගත්තා.

දිවුරා පොරොන්දු ගත්තත්, නයිහාමිට
පොළොං හාමි ගැන සැකයක්
ඇතිවුණා.
නයිහාමි 
ආපහු දරුවා හිටි තැනට ආවා.
ඒ එනකොට
පොළොං හාමි වතුර බීලා
දරුවාටත් දෂ්ට කරලා ගිහින්.
දරුවා සිහිය නැතිව 
වැටිලා හිටියා.
නයිහාමි
තුවාලයට කට තබා
විෂ උරා දරුවා සනීප කලා.

පසුව පොළොං හාමි සොයා ගිය
නයිහාමි
පොළොං හාමි කළ දුෂ්ටකමට
සාප කලා.
නයි පොළොං වෛරය 
පටන් ගත්තේ 
ඔන්න ඔහොමයි......!!!




(සිසිර කුමාර මහවෙදගේ - කතන්දර පොතක් ඇසුරින්)
 

Sunday, August 21, 2011

අම්මාවරු

විප්ලවීය ගරිල්ලා භට කණ්ඩායමේ ඔත්තු සේබා බලඇණියට සම්බන්ධව ඉදිරියට ගමන් කල අනිකුත් භටයන් ගෙන මම පමණක් මගහැරී ගියේ කෙසේ දැයි ප්‍රෙහේලිකාවකි.  අප සියලු දෙනාම පිළිපදිනු ලැබුවේ එකම නීති රීති පද්දතියකි.  ඈතින් ඈතට යන පියවර කීපයක හඩ පමණක් දැන් මට ඇසේ.  මා දැන් අතරමං වී ඇත.  

ස්වල්ප වේලාවකින් මම එලිමහනකට පැමිණියෙමි.  රාජ්‍ය හමුදා ඒකකය තිබෙන්නේද මා සිටි තැනට නුදුරිනි.  මා සිටින තැනට ඉහළින් ගන කැලෑවකි.  පහලින් ගෙවල් 30ක් පමණ පෙනේ.  මෙම කුඩා ගම්මානයේ මිනිසුන් ආර්ථික තත්වයෙන් පහත් අඩියක සිටියත් ආගන්තුක සත්කාරයට ඔවුහු උපන් හපනුන් බව පෙනේ.  යම් දිනෙක ඔබද මේ ගම්මානයේ ගමන් කලහොත් ඔබව ඔවුන් නොහදුනතත් හමුවන පළමුවැනි පුද්ගලයාම තොරතුරු අසා ඔහුගේ නිවසට ඔබව කැදවාගෙන යයි.  එහිදී ඔහුට කෑමට කිසිවක් නොතිබුණත් ඔහු ඔබට කෑමට යමක් සොයා දෙනු ඇත.

මම එම ගම්මානය දෙසට යාමට තීරණය කොට ඉදිරියට පිය මැනීමි.  ආගන්තුක සත්කාරය සදහා කෙනෙකු ඉදිරිපත් නොවේවා යන සිතුවිල්ලෙන් යුතුව රිවෝල්වරයත් බෝම්බයත් කබායට මුවා කරගනිමින් මම ගමන ඉක්මන් කෙලෙමි.  නමුත් මා හට ගම්මානයේ ඇති පළමු නිවස පසුකරගෙන යාමට නොහැකි විය.  

අත් නැති කබායකින් සැරසුණු මැදිවියේ කතක් සිනාමුසු මුහුණකින් යුතුව මා ඉදිරියේ පෙනී සිටියාය.  
“සුභ උදෑසනක් වේවා පුතනුවනි, ඇය සුභ පැතුවාය.  මමත් පෙරළා සුබ පැතීමි.  

“ඔබේ නම කුමක්ද? ඇය ඇසුවාය. මා මොම්චිල් යැයි පැවසූ සැනින් ඇයගේ මුහුණ පෙරටත් වඩා උනන්දුවකින් හා ප්‍රාණවත් බවකින් එළිය වැටුණාය.  “මගේ පුතාගේ නමත් මොම්චිල්නේ...............එයා සොල්දාදුවෙක්....අහෝ....!!  ජේසුනි....නුඔලා ආදරයෙන් හදා වඩා ගත්තත්  උන් නුඔලා යුද්ධයට ගෙනියනවානේ.  ඊය පස්සේ අපට නුඹලා බලාගන්නවත් ලැබෙන්නේ නැහැනේ.  ඔබ .....ඔබ ...??? මේ කොහේද යන්නේ????  ඇය ඇසුවාය.  මම කොහේදෝ ගම්මානයක නමක් සදහන් කලෙමි.
ඈ මගේ පිළිතුරෙන් විශ්මයට පත් වූවා. “ඕ එහාට සෑහෙන්න දුරයි නේද? ඔබ මේ එන්නේ කොහේ ඉදලද? මම තවත් කොහේදෝ ගම්මානයක නමක් සදහන් කල විට ඈ සතුටින් අත් පොලසන් දුන්නාය. “මං එහේ ඉන්න හැමදෙනාම අදුරනවා. ඔබ මොන පවුලකින් පැවත එන කෙනෙක්ද? ඈ ඇසුවාය. මගේ බොරු කීමේ සීමාව අවසන් වුනි. කලබලයට පත් වුනු මම පිළිතුරක් දී ගත නොහැකිව ගොඵ වුනෙමි. අනතුරුව මම කට හඩ අවදි කලෙමි. වෙනත් ප්‍රශ්ණ අහන්න එපා මං කොහේ කෙනෙක්ද කොහාට යන කෙනෙක්ද කියන්න සුදුසු තත්වයක නොවෙයි මම දැන් ඉන්නේ? කාන්තාවගේ දෙනෙත විශ්මයෙන් දිළිසුනාය. “මට සමාවෙන්න දරුවා. ඇසිය යුතු ප්‍රශ්ණත් නොඇසිය යුතු ප්‍රශ්ණත් අහන්න අපි පුරුදු වෙලා ඉන්නවා.

මා පිළිබදව කිසිවෙකුට කරුණු නොදන්වන ලෙස ඇයගෙන් අයැද සිටියෙමි. ඇය එක තැනම හිටගෙන සිට නැවත දිවවිත් මගේ අතින් තරයේ අල්වා ගත්තාය. “ එන්න මා සමග අපේ ගෙදර ගිහින් මොනවා හරි කන්න. ඇයගෙන් ගැලවී යන්නට තැත් කලත් එය අපහසු වූ නිසා ඈ සමග යන්නට තීරණය කලෙමි. ඇගේ නිවසේ දී කෑමට යමක් සුදානම් කරන අතර ඇගේ පුතා මා මෙන්ම කඩවසම් තරුණයෙකු බව ඕ මගේ දෙනෙත දෙස බලාහිදිමින් පැවසුවාය. ටික වෙලාවකට ඉස්සර මං සොල්දාදුවන් පිරිසක් දැක්කා. සමහර විට ඔබේ පුතාත් ඒ අතර සිටියද දන්නේ නෑ.
මා පැවසූ විට ඈ නිසොල්මනේ හිටගෙන “නෑ පුතා එයා මීට බොහෝම ඈත සෝමෙන් වලයි හමුදා සේවයේ යෙදී ඉන්නේ.යි ඈ පැවසුවාය. නිවස පිටතින් ගැහැණු කටහඩක් ඇසුනි. “ රෙන්ජිවා........මොම්චිල් නිවාඩුවට ඇවිත්ද?
කාන්තාව මොහොතකට නිශ්ශබ්ද වූවාය. කතාකල කාන්තාව ජනේලයෙන් එබී බැලූ නිසා ඇයට පිළිතුරු දී සිටිය නොහැකි විය.

“ඹව් ඹව්.....මේ මොම්චිල් තමයි.......ඒත් මගේ මොම්චිල් නොවෙයි. රන්චා මේ අපේ නෑයෙක් වෙන තරුණයෙක්. කාන්තාව පැවසුවාය.

“තරුණයෙක්???? ආ....මටත් එයාව බලන්න පුඵවන්ද? ඇයි දන්නවද යුද්ධයට ගිය මගේ පුතා නික්ලීන් නැතිව මං දැන් හරිම කණගාටුවෙන් කාලය ගතකරන්නේ?? රන්චා පැවසුවාය. අනතුරුව කාමරයට පැමිණි ඈ නික්ලින්ගේ හැඩරුවත් මගේ හැඩරුවට සමාන බව කීවාය. මේ අතර ඈත කදු මුදුනේ සොල්දාදුවන් පිරිසක් මෑත් වෙනවා ජනේලයෙන් දුටු නිසා මම පළා යෘමට සැරසුනෙමි. කාන්තාවන් දෙදෙනා තුෂ්නිම්භූතවූහ. සොල්දාදුවන් දෙසට ඇගිල්ල දිගු කල මම දොරටුව වෙත පිය නැගුවෙමි.

“නැහැ පුතා. ඔබ දැන් ගියොත් උන් ඔබව දකීවි. යි පැවසුවාය. ඇයගේ කියමන සත්‍යෙයන් පිරුණ එකක් විය. නමුත් මෙතැන මා තවදුරටත් රැදී සිටීමෙන් මා ඔවුනට අසුවෙනවා නිසැකය.

“ඔවුන් ලවා ඔබේ ගෙදරට ගිණි තියා ගැනීමට ඔබ කැමතිද? මම ප්‍රශ්ණ කලෙමි. “නෑ ඹවුන් මෙහේ එන එකක් නෑ....ඇය පැවසුවාය.

“නෑ නෑ අනුමානයක් නෑ ඔවුන් මෙහි එනවා. ඇය හිස අත් බැදගත්තායය.
“දෙයියනේ ඔබ දැන් එළියට ගියොත් ඔවුන් ඔබව මරාවි....මෙහෙන් ඉදගන්න. ඔබ මගේ පුතා මොම්චිල්, මේ නිවාඩුවට ගෙදර ඇවිත්. සිනාසෙමින් ඇය පැවසුවාය. මම ඇයගෙන් මිදී යන්නට සැරසුනෙමි.

“නෑ ඔහොම ඉන්න. මගේ ස්වාමියාගේ නිළ ඇදුම ගෙදර තියෙනවා. එයා අද උදෙන්ම දර කඩන්න කැළයට ගියා. ඇය පැවසුවාය.

කදු මුදුනින් පහළට බැසගත් සොල්දාදුවෝ රෙන්ජිවාගේ නිවස දෙසට එන්නට විය. වෙන කළ හැකි කිසිම දෙයක් නොවූයෙන් මම තරමක් විශාල වූ එම නිල ඇදුම කඩිනමින් හැද ගැනීමට සැරසුනෙමි. කාන්තාවන් දෙදෙනාම එය මට ඇන්දවීමට උදව් වූවාය. එක් කාන්තාවක් ගීතයක් ගායනා කලේය.

ගායනයේ උච්ච අවස්ථාව වන විට රාජ්‍ය හමුදාවේ සැරයන්වරයෙකු ප්‍රධාන සොල්දාදුවන් පිරිස නිවසේ දොරට තට්ටු නොකරම ඇතුඵ වූහ. රෙන්ජිවා ඔවුනට මිදි යුෂ වලින් තැනූ බ්‍රැන්ඩි ප්ලාස්කුවක් පිරිනමමින් “ඔබලා ආවේ හොද දවසකනේ. අද මගේ පුතා මොම්චිල් නිවාඩුවට ගෙදර ඇවිත්. එන්න මේ වයින් බීලා ප්‍රීති වෙන්න......ඈ ඇරයුම් කලාය.

සැරයන් වරයා අදිමදි කරමින් ප්ලාස්කුව අතට ගත්තේය. අනිත් කාන්තාව ඔවුනට හිදගැනීමට පුටු ගෙනැවිත් තැබුවාය. බ්‍රැන්ඩි වීදුරුවක් පානය කල සාජන්වරයා මගේ සේවාස්ථානය පිළිබද විමසීය.

“සායුමේන්වල.....මම පිළිතුරු දුනිමි. අනතුරුව බ්‍රැන්ඩි වීදුරු අතිනත යනු පෙනුනි.
“බොන්න දරුවනේ. බොන්න....රන්වා පැවසුවාය.
“ඕ...බොහෝම ස්තුතියි. බ්‍රැන්ඩි නම් පංකාදුයි. සොල්දාදුවෝ පැවසූහ.
“හා..හා...දැන් බීම නවත්තනවලා. මොකද ඇවිත් තියෙන රාජකාරිය අමතක වුනාද?
සාජන් තැන ගෙරවීය. ඊට සුඵ නිශ්ශබ්දතාවක් ඇතිවුනි. ඔහු මගෙන් තවත් මොනවාදෝ අසන්නට සැරසෙනවාත් සමගමරන්වා මට ගීතයක් ගායනා කලාය.

“දැන් ටිතතට ඉස්සර ඔබ අර කදු මුදුනින් පහළට බැස්සා නේද?යි මා දෙස යටැසින් බැලු සැරයන්වරයා ප්‍රශ්ණ කලේය.
“මං....!!!!! යැයි විශ්මය පළකල මම සිනාසුනෙමි.
“ඔව් ඔබ??? නමුත් ඒ පැත්තෙන් පාරක් එහෙම නෑ නේද???යි ඔහු කෝපයෙන් යුතුව ඇසීය.
“ආ...ඔව් මම කෙටි පාරකින් ආවේ... සමහර විට ඔබ වෙන කවුරු හරි දකින්න ඇති, යි පැවසූ මම යළිත් සිනාසීමට උත්සාහ කලෙමි.

“වෙන කවුරුත්??? හ්ම්.....වෙන කවුද? සැරයන්වරයා නැවතත් සැරවීය.
“මා දන්නේ නෑ.... සැරයන්වරයා සොල්දාදුවන් දෙස බලා හිස වනා “මට දැන් ඔබගේ හදුනාගැනීමේ ලියකියවිලි බලන්න ඕනෑ.....යැ පැවසීය.

මේ අතර රන්වා තවත් බ්‍රැන්ඩි බදුනක් ගෙන ඒමට යන බව පවසා එතැනින් පිට වූවාය.
“ඉන්න.....මම ඒවා අරන් එන්නම්....හැබැයි ඒවා තියෙන්නේ අල්ලපු ගෙදර හොදද?? පැවසූ මම යටි සිතින් පැනයාමට සැලසුම් කරමින් පියවරක් ඉදිරියට තැබීමි. නමුත් සාජන්වරයා මා පසුපසින් ආවේය.

මේ අවස්ථාවේ කලබලයෙන් එතැනට පැමිණි එළියට ගිය කාන්තාව “ඔබලා මෙහේ මේ ළමයා අල්ලාගෙන දගලනවා. අරෙහෙ ඔයගොල්ල හොයන මිනිහා මගේ අශ්වයාත් අරගෙන පැනලා ගියා. යි හති දමමින් කීවාය. එය ඇසූ සැරයන්වරයාගේ ඇස් උඩ ගියේය.

“මිනිහා අතේ ආයුධ තිබුනද? සැරයන්වරයා කලබලයෙන් ඇසීය.
“ඔව් ඔව්...එක අතක තුවක්කුවක් තිබුණා. ආ...තව බෝම්බ වගයකුත් ඉනේ බැදගෙන හිටියා... යයි කාන්තාව විස්තර කලාය.

“හොදයි මිනිහා පැනලා ගිය පැත්ත අපිට පෙන්නන්න පුඵවන්ද? සැරයන්වරයා ඇසීය. කාන්තාව කඩුල්ල ළගට විත් දකුණු පැත්තට අත දිගු කර ඔහු ඒ පැත්තට ගිය බව කීවාය. සොල්දාදුවන් පිරිස වහා වහා ඒ දෙමට දිව ගියහ.

ඔවුන් ගිය පසු මව්වරුනට මුව නොසෑහෙන සේ ස්තුති කළ මම ඉදිරියට පියමැනීමි. අනතුරුව ඔවුන්ගේ උපායශීලී ඥානයෙන් මගේ දිවි ගැනවුනු අයුරු දිවිතෙක් සිහියේ තබාගනිමි“ යන පැතුම සිත්හි ධාරණය කරගනිමින් ඉදිරියටම ගියෙමි.



මව් ගුණය ඇති කාන්තාවකට සෑම කෙනෙක්ම තමන්ගේ දරුවෙක්
බල්ගේරියානු ජාතික කෙටිකතා කරුවෙකු වූ
ඩොමරි සොටෙව්ගේ නිර්මාණයක් ඇසුරිනි.

Tuesday, August 16, 2011

ඩොට් ඇන්ඩ් කැරී



සමහර අතීත සිද්ධීන්  අපේ මතකයෙන් ගිලිහී නොයයි.  නිතර නිතර මනසේ හොල්මන් කරයි.  මෙය කොතරම් පුදුම සහගතද?  මෙයත් එවැනිම පැරණි සිද්ධියකි.  එය බොහෝ පැරණි සිද්ධියකි.  එහෙත් මගේ සිතේ මෙතරම් පැහැදිලි ලෙසත් දැඩි ලෙසත් සටහන් වී තිබෙන්නේ ඇයිදැයි මටම නොතේරේ.  මේ සිදුවීමෙන් පසුද ඉතා කළකිරෙන සුඵ සිද්ධීන් මා දැක ඇති නමුත් අවුරුදු දහයේදී හෝ දොළහේදී පමණ මට මුණ ගැසුනු මහඵ ඩොට් ඇන්ඩ් කැරී ගේ මුහුණ මගේ මතකයට නොඑන එක් දිනක් හෝ මෙතෙක් නොතිබුනු තරම්ය.


ඇය ඇදුම් සකස් කරන මහඵ ස්ත්‍රියක් වූවාය.  පැරණි ඇදුම් සකස් කරදීම සදහා සතියේ සැම අගහරුවාදා දිකම ඈ මගේ මාපියන් ගේ නිවසට පැමිණියාය.

කුඩා ගොවිපලවල් කිහිපයකින් වටවූ කෝනාකාර උස් වහළයකින් යුතු ෂැටු නමින් හැදින්වෙන පැරණි ග්‍රාමිය නිවසක මගේ මාපියෝ ජීවත් වූහ.

මීට යාර සිය ගණනකට එහායින් දේවස්ථානය පිහිටා තිබුනේය.  එහි බිත්තිවල රතු ගඩොල් කාලය විසින් කලු පැහැ ගන්වා තිබුනු අතර විශාල ගම්මානයකින් හා කුඩා නගරයකින් එය වටවී තිබුණි.

සෑම අගහරුවාදාම උදේ හයහමාරටත් හතටත් අතර වේලාවක අපේ ගෙරට පැමිණෙන ඩොට් ඇන්ඩ් කැරී කෙලින්ම රෙදි කාමරයට ගියේ ඇගේ කාර්යය ඉටු කිරීමටය.  ඇය උස් හීන්දෑරි කාන්තාවකි. පුදුමාකාර එසේම බලාපොරොත්තු විය නොහැකි රැවුලක් ඇගේ මුහුණ පුරා වැඩි තිබුණි.  නිල් කබායක් ලාගත් පොලිස් භටයෙකුගේ විශාල මුහුණ මත වැඩී ඇති රැවුල පිස්සකු විසින් සකස් කර ඇති ආකාරයෙන් කැරැලි ගැසුණු රෝම ඇගේ මුහුනේ තැන් තැන්වල එක්කාසු වී වැඩි තිබුණි.  ඇගේ නාසය මතත් එහි තුලත් එය ව‍ටාත් නිකටේත් දෙකොපොල්වලත් ඇහි බැහි මතත් දුඹුරු පැහැති  ඉතා දික්වූත් ඝන වූත් රැවුලුගස් වැඩී තිබුනේ හරියට වැරදීමකින් උඩු රැවුලු දෙකක් එම මුහුණ මත පිහිටා ඇති ආකාරයටය. 

ඇය ඇවිද්දේ නොන්ඩි ගසමිනි.  එය කොරවූවකු ඇවිදින ආකාරයට නොව නැංගුරම් ලා ඇති නැවක් පැද්දෙන ආකාරයටය.  හිද ගැනීමට තැත් කරද්දී එක් පසෙකට බරවූ ඇගේ ඇටසැකිලි සිරුර චණ්ඩ ප්‍රවාහයකට මුහුණ දීමට මෙන් කෙලින් කර ගන්නා ඇය ආගාධයකට පැන නොපෙනී යන ආකාරයෙන් එකවරම ඇද වැටී පොළවට කිදා බසී.  ඇය ඇවිදින විට කෙරතරම් දරුණු ලෙස ඇගේ සිරුර පැද්දුනේද යත් චන්ඩමාරුතයක සිතුවිලි සිහියට නංවයි.  ඇගේ හිස නිතර සුදු පාට බොනට්ටුවකින් ආවරණය වී තිබුණි.  ඈ ගමනේ යෙදී සිටි සෑම අවස්ථාවකම එම බොනට්ටුවෙන් ඇගේ පිටුපසට හලා වැටුන රිබන් පටි ඈත ක්ෂිතිජය උතුරේ සිට දකුණටත් දකුණේ සිට උතුරටත් ගමන් කරන ආකාරයක් දැක්වීය‍.  මම මහඵ ඩොට් ඇන්ඩ් කැරී ට ඇලුම් කලෙමි.
අවදි වූ විගස ඉහල මාලයේ වූ අපේ රෙදි පිළි කාමරයට දිවයන මට උනුසුම් කරණ උපකරණය සිය පා යටින් තබාගෙන මැහුම් මසමින් සිටින ඩොට් ඇන්ඩ් කැරී හමුවෙයි.  මා එහි ගිය වහාම එම උනුසුම්කරණය ගෙන මා හිදින අසුන යටින් තබන්නේ ඉහළ මාලයේ වූ ඒ කාමරයේ දීමට සෙම්ප්‍රතිශ්‍යාව නොවැළදිය යුතු හෙයිනි.

“මේකෙන් හිසේ සිට ලේ අද්දචනවා...... ඇය කීවාය.

යුහුසුඵව ක්‍රියාකරන ඇගේ සෘජුව නොපිහිටි ඇගිලි වලින් අදුම් මසන ගමන්ම ඇය මට කතා කියා දුන්නාය.  කාලය විසින් දුර්වල කරනු ලැබූ ඇගේ දෑස මත පිහිටි කුඩා ෆද් ලොකු කර පෙන්වන උපැස් යුවළ තුලින් විශාල පුදුමාකාර ලෙස ගිලී ගිය ඇගේ ඇස් පෙනුනේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක් විශාලවය.





























Monday, August 15, 2011

අහිමි වූ වාසනාව

මහන්සි වී ගොවිතැන් කලත් කිසිමදාක සරු අස්වැන්නක් නොලැබූ ගොවිරාල කෙනෙක් හිටියා.  එයා ඒ ගැන හුගක් දුක් වුණා.  නිතරම කල්පනා කලා.

දිනක් අමුත්තෙක් ගොවිරාළ ඉදිරියට ඇවිත් “අර තුඹස ලගින් හැමදාම හවසට කිරි බදුනක් තබන්න.....කියලා
නොපෙනී ගියා.  ගොවිරාළ එදා හවසම කිරි බදුනක් තිබ්බා.  ඈතට වෙලා බලා සිටියා.  ඔන්න ලොකු නයෙක් ආවා.  බදුනේ කිරි ඔක්කොම බිව්වා.  ඊට පස්සේ නයා කිරි බදුනට මැණිකක් දාලා තුඹසට ගියා.

දෙවැනි දවසත් උදාවුණා.  එදා ගොවිරාලට හදිසි දුර ගමනක් යන්න සිදුවුණා.  “හවසට තුඹස ලගින් කිරි බදුන තබා නාගයා දෙන මැණික අරන් තියන්න...... කියලා එයා පුතාට කිව්වා.

පුතා තාත්තා කිව්ව විදියටම කලා.  නයා කිරි බීලා මැණිකක් දීලා තුඹසට ගියා.  තුඹස ඇතුලේ මැණික් ගොඩක් ඇතැයි ගොවි පුතාට හිතුණා.  එයා උදැල්ලකින් කොටා තුඹස කඩා බැලුවා.  ඒත් මැණික් තිබුණේ නැහැ.

පසුවදා ආපු ගොවිරාළ තුඹස දිහා බලාගෙන විලාප දුන්නා.  දුක් ගැනවිලි කිව්වා.  ඒත් නයා ආයිත් කවදාවත් කිරි බොන්න ආවේ නැහැ.

මරුවා පැරදවූ හැටි

දිනක් අවුරුදු සීයක් සම්පූර්ණ වුනු සීයා කෙනෙකු හමුවීමට මරුවා පැමිණියා.  “ඔබට දැන් මැරෙන්න කාලය ඇවිත්. මරුවා සීයාට කිව්වා.  සීයා මරණයට සූදානම් වීම සදහා මරුවාගෙන් දින තුනක් කල් ඉල්ලුවා.  මරුවා දින තුනක් සීයාට ලබා දුන්නා.


මරණයට සූදානම් වීම සදහා සීයා දින තුනක් කුමක් කරනවාදැයි දැනගැනීමට මරුවාට ආශාවක් ඇති වුණා.


පළමු දිනයේ මරුවා එනවිට සීයා පැලයක් සිටුවමින් සිටියා.


දෙවන දිනත් මරුවා එනවිට සීයා පැළයක් සිටුවමින් සිටියා.  තුන්වන දිනයේදී සීයා කුමක් කරනවාදැයි බලා ගැනීමට මරුවා නොඉවසිල්ලෙන් පසුවුණා.  තුන්වන දිනත් සීයා පැළයක් සිටුවමින් සිටියා.


“හෙට මැරෙන්න ඉන්න ඔබ මේ පැළ සිටවීමෙන් ඇති වැඩේ මොකක්ද??? මරුවා සීයාගෙන් ඇහුවා.  
“ඇයි වැඩක් නැත්තේ? මම පැළ සිටුවන්නේ ජීවත්වෙන මිනිසුන් වෙනුවෙන්.......සීයා උත්තර දුන්නා.
හොදටම බියපත් වූ මරුවා පසු නොබලා දුවගොස් කැලයට වැදී සැගවුණා.





චපල සිතක්

දෙයියෝ දීලා දෙයියෝ ගත්තා. දෙයියෝ දීලා දෙයියෝ ගත්තා......
ආන් සුදු කුමියා කෑගහනවා.  කුනු දූවිලි තැවරුණ හිසකෙස් බොර බාට ඇස් දෙක, දිගටි රැවුල ඒ මුහුණ මතක් වෙද්දී හිතට දැනෙන්නේ දැඩි බියක්, කිලිටි වෙඵම් පටියකින් පය වෙලාගෙන නොන්ඩි ගගහ අර ඈත එන්නේ සුදුකුමිය නේද?  තාමත් සැලී ඇවිත් නෑ නොවැ.  දෙයියනේ එදා වගේ අදත් ඈ වෙන අම්බලමක නවතියිද?  එහෙම වුනොත් රෑ ජාමෙට මට සුදුකුමියගෙන් බේරුමක් නැති වෙයි.  

බඩගින්නෙම නිදාගෙන ඉන්න නේපාල්ගේ මුහුණ දකිද්දී පපු කැනැත්ත දාලා යනවා.  දවස ගානේම නගරයේ ඇවිදලා කීයක් හරි හොයාගෙන මමත් නේපාලුත් රෑ ගත කරන්න එන්නේ මේ අම්බලමට.  මම වගේම අනාථ වෙච්ච හත් අට දෙනෙක් මෙතැනට එනවා.  එක්කෙනෙක් තමයි සැලී.  ඈ නම් සුදුකුමියගේ පස්සෙන්මයි.  හරියට කරත්තෙට ඇදිච්ච රෝදෙ වගේ.  ඒත් දෙයියනේ හිගන්නියක් උනත් ලේ ඇට මස් වලින් හැදිච්ච ගැහැණියක් නොවෙයිද ඈ.  ඒත් මම?????  ජීවිතේ එපා වෙච්ච ගැහැණියක් මං............ජීවිතේ ගැන කිසිම ආසාවක් බලාපොරොත්තුවක් මට නැහැ.  තමාගෙම හොටින් අත්තටු සිදගත් කිරිල්ලියක් ගානයි මං.  නේපාල් හින්ද නොවෙයිනම් මෙලහකට මමත් පස් යට. 

සුදුකුමියත් හතර පස් දෙදෙකුත් මුල්ලකට එකතු වෙලා සල්ලි ගණිනවා.  මෙතැන ඉන්න කවුරුත් බොරුවෙන් චාටුවෙන් මිනිසුන්ව මුලා කරල සල්ලි හොයන අය.  සුදු කුමියට පිස්සු හැදෙන්නේ නගරෙට ගියාම විතරයි.  නේපාල්ගෙ මුහුණ දකිද්දී මට කවුරුත් අනුකම්පා කරනවා.  ගිය සුමානේ සුදු නෝනා කෙනෙක් සල්ලි කොළයක්ම දුන්නේ ඒ හින්දා වෙන්න ඇති.  හරිම පිං වන්ත නෝනා.  ඒත් ඒ මුදල චපාති කන්නම වියදම් වෙලා ගියා.

මෙහෙම මුල්ලක වකුටු වෙලා ඉන්න කොට බොසාන් වීදිය හොදාකාර පේනවා.  අහස දිහෑ බැලුවත් මහ පාඵගතියයි.  හතර වටේම කලු කරලා.  උඩට නැගුනු රාජාලි පැටව් ගුවනේ ඔහේ පාවෙනවා.  ශීත සෘතුව පහුවෙලත් තාම වැඩි දොහක් නැහැ.  හුළගත් සමග එක පාරටම දූවිලි උඩ ගහන්න පටන් ගත්තේ දූවිලි කුණාටුවක් එන්න හින්දා. මෙහෙම වෙලාවට මුඵ නගරයම දූවිලි වලින් වැහිලා යනවා.  රට ඉදි ගහට වහපූ නීලකොබෙයියා දෙපැත්තට වැනි වැනී කෑ ගහන්න ගත්තේ හරියට ඉස්සර  වගේ පුඵවන් නම් දැනුත් මට විදපං කියන්න වගේ.  එකපාරටම මගේ පපුව හෝස් ගාලා පත්තු වුනේ අතීතය මතක් වෙලා.  මගේ ආදරවන්ත සැමිය ඉටු දෙවියෙක් වගේ හිටිය සැමිය.  දෙයියනේ මං වගේ පව්කාරියක්!!!!!!!!!!

දූවිලිත් කදුඵත් එකට එකතු වෙලා දෙනෙත රිදුම් දෙනවා.  මතකයට නැගෙන අතීතය අමතක කරන්නයි  නේපාල්ව තුරුල් කරගෙන දෙනෙත පියාගත්තේ.  ඒත්....... අහසේ ඇදෙන විදුලිය රේඛා වගේ පසුගිය දේවල් මටත් හොරා හිතට නැගෙනවා.  

නිල් පාට සෙල්වාර් එක සුදු කමිසයක් එක්ක ඇදලා සිනිදු දූපට්ට එක උරහිසෙන් පල්ලෙහාට එල්ලෙන්න දැන්මම ඉස්සර මං හරි ලස්සනයි.  හරිම තැන්පත් පාටයි.  හරියට යමක් කමක් තියෙන පවුලක ගෑණු දරුවෙක් වගේ.  අන්ඩදාපු කලිසමක් ඇදලා අලුත් වාරේ පටන් ගත්තුදා ඔහු මගේ ලගින් ඉදගද්දී පන්තියේ ළමයි සේරම බක බක ගාල හිනා වුණා.  පොළවට කිදාබහින්න තරම් ලැජ්ජාවක් ඇතිවෙච්ච හින්දා වෙන්න ඇති බිම බලාගෙන පොළොව හෑරුවේ.  ඒ වෙලාවෙ ඔහු ගැන ලොකු අනුකම්පාවක් මට ඇති වුනේ.

ඔහු මා අදුනගත්තේ සෙල්ලම් කරන වයසෙදිමයි.  එකට සෙල්ලම් බත් උයපු හැටි, දර කඩපු හැටි, කුරුල්ලන්ට විද්ද හැටි , ගොම රොටි අහුලන්න ගියහැටි මට තාමත් මතකයි.  මම කොතැනද ඔහුත් එතැනයි.  දවසක් වෙල් යාය මැද කුඹුරුවල නියර වල් දිගේ අත් පද්ද පද්දා යද්දී...........

“ඉතින් ඔයා ලොකු උනාම මොකද කරන්නේ?  මම ඇහුවා.
“මම ලොකු මිනිහෙක් උනාම අර ඈත පේන කන්ද ගාව චූටි පැලක් හදල කුඹුරක් වපුරගෙන ලස්සන නෝනා කෙනෙක් එක්ක පැලපදියම් වෙලා කුරුඵ ජෝඩුවක් වගේ ජීවත් වෙනවා.

මගේ හිතට ඇතිවෙච්ච සතුට ඒ වෙලාවේ කියලා නිම කරන්න බැහැ.  ඒත් එකපාරටම මූන මැලවිලා  ගියේ ඔය කියන්නේ මටද එහෙම නැත්නම් වෙන කාටවත් දෝ කියලා හිතුන හින්දා.  මගේ වෙනස ‍ඔහුට තේරිලා වෙන්න ඇති මගේ නිකටෙන් අල්ලගෙන ඇස් දෙක දිහෑ ගිලින්න වගේ බලාගෙන හිටියේ.

ඕලු මල් එකට හැප්පි හැප්පි හිනාවුනේ අර බලපන්, අර බලපන් කියන්න වගෙයි.  තවත් බලාගෙන ඉන්න බැරිව ගොයමට වහපූ වී කුරුඵ රෑන ඉගිලිලා යන්න ගියේ ලැජ්ජාවෙන්. ගොයම් ගස් හුළගට උස් පහත් වෙද්දී මට තේරුනේ පොඩි දරුවන් වැනි වැනී අපේ ආදරයට ආසිරි ගී ගයන්න වගෙයි.  ඉර බැහැගෙන යන මොහොතේ අපේ හෙවනැලි එකට එක එක්වෙලා දිගට ඇදිලා තිබුන වගේ මට මතකයි.  අපි ආදරය අදුනගත්තේ අන්න එදා.

දර කඩන්න යද්දී, ගොම රොටී අහුලන්න යද්දී ,  නාන්න යද්දී මගේ හෙවනැල්ල වගේ ඔහු හිටියා.  හැමදාම විනෝදෙට ඔහු කුරුල්ලන්ට විද්දා. එක පාරින් කුරුල්ලෙක් බිම හෙලන්න තරම් ඔහු දක්ෂයි.  මමත් කුරුල්ලෝ විදින හැටි ඉගෙන ගත්තා.  

මං උන්නු හිටපු ගමන්මයි ඔහු එක්ක පැලපදියම් වුනේ.  ඔහු කිව්වා වගේම ඒ කන්ද ගාව චූටි පැලක් හැදුවා.  එහි අපි සතුටින් ජීවත් වුනේ කුරුඵ ජෝඩුවක් වගේ.  හැමදාම ඔහු දඩයමට ගියා.  ඒකෙන් තමයි අපි ජීවත් වුනේ.  ඔහු එනතෙක් උඵවස්සට හේත්තුවෙලා මම මග බලාගෙන හිටියා.  එක පතේ කෑම කෑවේ හරිම සතුටකින්.  එක කැදැල්ලේ කුරුඵ යුවලක් වගෙයි අපි සතුටින් ජීවත් වුනේ.

ඒත් ටික කලක් යද්දී දුක, වේදනාව බඩගින්න අපටත් දැනෙන්න පටන් ගත්තා.  ඔහු හිස් අතින් ආපු දවස් අනන්තයි.  ඒ එන හැම දවසක්ම අපි බඩගින්නෙන් පීඩා වින්දා.  මට තාම මතකයි එදා මොර සූරන වර්ෂාව.  ඔහු ඔහේ බලාගත්තු අතේ බලාගෙන හිටියා.  වහලින් වැටෙන වැහි බිදු පට පට ගාල වැටෙද්දී ගොම පොලව බී ගත්ත.  බඩගින්න වැඩිකමටයි මා වකුටු වෙලා නිදාගත්තේ.  කවදාවත් නැතිව ඔහු කෙරෙහි හීන් කේන්තියක් මට ඇති වුනා.  අතපාල හරි යමක් හොයාගෙන එන්නයි ඔහු උන්නු හිටපු තැනින් නැගිට්ටේ.  ඒත් මම ඒකට ඉඩ නොදුන්නේ හිගාකෑම තත්වෙට මදිකමක් හින්දා.  ඔහු ආත්මශක්තියක් නැති දීන පුද්ගලයෙක් හැටියටයි මට එදා පෙනුනේ.  පැමිණි දුක් පැණි රසයි කියා මට එදා එය විදගන්න බැරිවුනා.

දවසින් දවස ඔහුගෙන් හිත වෙන්වෙද්දී රණා කෙරෙහි හිත ඇදී ගියේ මහ පුදුම විදියට.  දවස ගානෙම බැටලුවන් බලාගන්න එගොඩහ ලන්දට ඔහු ආවා.  ඒ බට නලා හඩට මගේ පියවර මැනුනේ මාත් නොදැනුවත්වම.  අපි හැමදාමත් හමුවුණා.  අපේ සම්බන්ධය හුගාක් දුර දිග ගියා.  සැමියා ජීවතුන් අතර සිටින තෙක් මට රණා එක්ක එකට ජීවත් වෙන්න බැරි බව තේරුම් ගියා.  රණාටත් හොරා මම සැමියා නැති කරන්න උත්සාහ කලා.  මම ඒක කලා.  ඒත් නේපාල් බඩට ආපු හැටියෙම රණා ආගිය අතක් නැතිව ගියා.
කැදැල්ලේ හිටපු කිරිල්ලී කුරුල්ලව විනාශ කරලා වෙනත් කැදැල්ලකට යන්න හැදුවා. මං වගේ පවුකාර චපල ගැහැණියක්.  කන්දෙන් පල්ලෙහාට පෙරලෙද්දී ඔහුගේ ඒ අදෝනා හඩ මරලතෝනියක් වගේ අදත් දෝංකාර දිදී මට වද දෙනවා.  අනේ දෙයියනේ.........ඒ ගැන මට තවත් හිතන්න බැහැ.

දෙනෙතින් වැටෙන කදුඵ බිදු කිලිටි හැට්ටය බී ගන්නවා.  නේපාල් කෙදිරි ගාමින් මගේ පපුවට තුරුලුවෙන්නේ බඩගින්න වැඩිකමට.  ඒත් කිරි හිදිලා මාස ගානක් වෙනවා.  වියලුනු පියයුරු උරද්දී මට දැනෙන්නේ දැඩි වේදනාවක්.  අම්බලම දැඩි අදුරකින් ගිලිලා.  අවට රැහැයියන්ගේ හඩින් පාලු ගතිය තවත් වැඩි කරනවා.  බොසාන් වීදියේ යන ටොන්ගා කරත්තවල හඩ නින්දට මහ කරදරයක්.  නේපාල්ව තුරුලු කරන් බිම දිග ඇදුනේ දැඩි වේදනාවකින්.  ඒත් එකපාරටම මගේ ගතට දැනුනේ සීතලක්.  දෙයියනේ.........සුදු කුමිය අදත් ඇවිත්..............!!!!!!!!!!!!




ඇය තවත් එක් ගැහැණියක්
ඒත්
චපලකමට දඩුවම් විදින
ගැහැණියක්!!!!!!


Friday, August 12, 2011

කඵ බෝනික්කා




කුලී රිය අපිළිවෙල පරණ ගොඩනැගිලි සහිත වීදියකට වැටුණි.  යාන්තමට හිස  හැරවූ රියදුරා “නෝනා මේ තමයි පෙටුනියා වීදිය“  යි කීය.  දිරාපත් ගොඩනැගිලි අතරට හිරවී තිබූ එවන් පටු වීදියක් ඈ ඊට පෙර කිසි දිනෙක දැක තිබුණේ නැත.  වරාය දෙසින් හමා ආ කරදිය ගද එකතු වූ කුණු ගද තුළ මුඵ වීදියම ගිලී ගොස් තිබිණ.  

රිය කවුඵවට මුහුණ තදකරගත් ඕ විමසිලිමත්ව බැලුවාය.  මේ අදුරු ලෝකයට ගලා එන්නට අකමැති වූ හිරු එළිය ඊට වඩා හොද පෙදෙසක් සොයා ගියාක් මෙන්, දිගින් දිගටම පෙනුණේ මැදින් උස්වී දෙපසට ඇලවී ගිය වහලවල් හා දිගු පැතලි වහලවල් සමුදායක් පමණකි.  එකට යාව පිහිටි ගෙවල්වල විවර කොට තිබූ කවුඵ ඇය දෙස බලාසිටි කිසියම් අද්භුත සත්වයකු ගේ ඇස් මෙන් පෙණින.  
“පෙටුනියා වීදිය“  විශ්වාස කල නොහැකි ගතියකින් ඕ තමාටම කියා ගත්තාය.  අනතුරුව ඇය ගෙළ බැදි මාලයත්, එදින උදයේ කේශ කල්‍යාණ නිරූපිකාව විසින් සැකසූ කෙස් වැටියත් වෙත අත යවන්නට වූයේ ඉබේමය.  

“මගේ දුව මෙහේ ඉන්නවා!“  අවට තිබූ දිළිදු අසරණ පෙනුම තේරුම් ගත් ඇය මුමුණා ගත්තාය.  
“අනේ දෙයියනේ ඒකිට පිස්සුද කොහේද?  මං ගෙදර යන්න ඕනි.  ලින්ඩා!  ඉක්මනට ගෙදර යන්න ඕනි.  ලින්ඩා ඔය ළමයගේ හිත පිස්සු වැටෙන්න කලින් ගෙදර යන්න ඕනි“.

අහල පහල වැඩි දෙනෙකු පෙනෙන්නට සිටියේ නැත.  මහත ස‍්ත්‍රියක් වේවැල් කූඩයක් අතින් ගෙන වෙළද කවුඵවක් අසලට වී බලා සිටියාය.  මළානික මිනිසෙකු කානුවක් අද්දර ඇන තියාගෙන සිටියේ අප්‍රාණික විලාශයෙනි.  ලාම්පු කණුවක් යටට වී සිටි ළමෝ යටිගිරියෙන් කෑ ගසමින් එකිනෙකා පසුපස එළවමින් සිටියහ‍. ඉතාම කුඩා එකකු බෙහෙවින් අපිරිසිදු මුහුණකින් යුක්තව කලිසමක් රහිතව දුවමින් සිටියේය.  දිවීම නැවතූ ඔහු එක් අතකින් නැහැය හාරමිනුත් අනෙක් අතින් ලිංගේන්ද්‍රිය අතගාමිනුත් කුලී රිය දෙස බලාගෙන සිටින්නට විය‍. ඒ වන විට රියෙහි වේගය බාල කොට ඔවුහු නිවාස අංක පිරික්සමින් සිටියහ.  අපිරිසිදු ළමයා දුටු ඕ දැඩි පිළිකුලෙන් ඉවත බලාගත්තාය.  


“දෙවියන්ට ස්තුති වන්න තාත්තා දන්නේ නැහැ දූ ඉන්නේ කොහේද කියලා.  දෙයියෝ තමයි දන්නේ තාත්තාට මොනවා හිතෙයිද කියන්නයි සිතු ඇගේ වේදනාව හිටිවනම වඩාත් තියුණු ලෙස දැනෙන්නට විය.  


“අනේ....ඇයි ?   ඇයි? ඔයා අපට මෙහෙම කලේ.  ඇයි ලින්ඩා! ඔයාට හොද ගෙදරක් තිබුණා.  හොද දෙමාපියන් ඉන්නවා.  හොද ඉගෙනීමක් තියෙනවා.  ඒත් ඔයා පැනලා ගියා නිකන්ම නිකන් තුට්ටු දෙකේ නාවිකයෙක් කසාද බැදගෙන. දැන් ඔයා මේ වාගේ පරිසරයක ජීවත් වෙනවා.  


කුලී රිය නතර වුණි.  

“මේක නොම්මර දා හත නෝනා යි කී රියදුරා ඇය දෙසට හැරුණේ අප්‍රසාදයෙන් පිරි මුහුණකිනි.  


“නෝනා එනකල් ඉන්න ඕනිද?“


,අපොයි ඔව් මං එනකල් ඉන්න ඕනේ“

වීදිය වටා පරීක්ෂාකාරීව බැලූ රියදුරු තැනගේ මුහුණෙහි කිසියම් අනුකම්පාවක් පහළ විය.  

“මං නෝනා එක්ක ඇතුළට එන්න ඕනද?


ඇය වහා දොරටුව දෙස බැලුවාය.  අව්, වැසි, සුළං වලට හසුවී සායම් පතුරු ගැලවී ගිය එය හිරු එළියට පිලිස්සුණු හමක් මෙන් විය.  නොම්මර දාහතේ අංක තහඩුව බුරුල් ලෙස එල්ලී සිටයේ එකම එක ඇණයකිනි.  දොරටුව ඉදිරිපස බිම දමා තිබු ගෙවී ගිය පාපිස්ස මත  හිස් සිගරැට් පැකැට්ටුවක් තිබිණ.  නැව් වලින් හමන මුහුදු සුවද රථය තුළටත් ගලා ආවේය.


“මේ මිනිහා එක්ක ගියොත් ලින්ඩා කැමති වෙන එකක් නැහැ. මං ටිකක් හිත තද කරගන්න ඕනි.  අනේ ලින්ඩා කොහොමද මේ වගේ දෙයක් කලේ?  කොහොමද........කොහොමද? ඕ සිතුවාය.


“නෑ බොහොම ස්තුතියි.  මෙහෙන් ඉන්න මං එනතුරු......


“හොදමයි නෝනා කැමති විදියක්...........ඔහු රියෙහි දොර විවර කලේය.  


ඈ පඩි තුනක් නැග දොරටුවට ළගා වූවාය.  එහි තිබූ කවුඵ සියල්ල තමා දෙස ඔරවා බලා සිටින කැත සත්ත්වයෙකුගේ ඇස් මෙන් විය.  


දොරටුවේ සීනුවක් නොවීය.  ඒ අපිරිසිදු ලෑලි වලට තට්ටුකල යුතු වූයේ අතින් මය.  තම අලංකාර අත් මේස් ගැලවිය යුතු දැයි නැති දැයි ඕ මොහොතක් සිතා බැලුවාය.  එක් ඇනයකින් එල්ලී සිටින අංක තහඩුව ගලවා දොරට තට්ටු කළ යුතුයයි සිතී ඇයට තනිවම සිනහා පහළ විය.  ඕ වහා එය මැඩගෙන දෙතොල් තද කර ගත්තාය.  


දෙවරක් තට්ටු කළ මුත් කිසිවෙක් පැමිණියේ නැත.  රියදුරා ප්‍රශ්ණාර්ථයක් නගාගත් මුහුණින් ඇය දෙස බලා සිටියේය.  ඉතා අප්‍රසන්නවූත් නොසන්සුන්වූත් ගතියකින් ඕ ගැහෙන්නට වූවාය.

“අනේ දෙවියනේ පෞද්ගලික පරීක්ෂකයෙකුට සල්ලි දීලා බොහෝම අමාරුවෙන් ලින්ඩාගේ නිවසේ ලිපිනය හොයාගත්තට පස්සේ මේක පාලු ගෙදරක් කියලා නම් කියන්න එපා“  යි ඕ සිතෙන් යැද්දාය.  එවිටම ගෙතුලින් හඩක් ඇසිණි.  එය සෙරෙප්පු සද්දයකි.  නිරාවරන ලෑලිමත රෙරෙප්පු දමා ඇවිදින සද්දයකි.!

මෙවැනි තැනක නිරාවරණ ලෑලි පොළවක් අපේක්ෂා කළහැක.  නමුත් මේ වේලාවට සෙරෙප්පු දමාගෙන සිටින්නට තරම් පහත් තත්වයකට පත් වීමට ලින්ඩාට පුඵවන්ද?  ඒ වනවිට සෙරෙප්පු හඩ දොරේ අනෙක් පස අයිනටම පැමිණ තිබිණ.  සිතුවිලි පාලනය කරගෙන කල්පනාකාරීව හැසිරිය යුතුයයි ඇය සිතා ගත්තාය.  කාරුණික විය යුතුය.  එහෙත් සමාව දෙන්නාවූ මවකගේ විධානාත්මක ස්වරය පාවිච්චි කළ යුතුය.  තමාට කියන්නට තිබෙන්නේ  “ලින්ඩා ......ලින්ඩා රත්තරං.......!  අම්මා ආවා ඔයා ගෙදර එක්කරගෙන යන්න“ කියාය.


දොර විවර විය.  මුලින්ම පෙනුණේ කලහකාරි ගතියක් පළ කළ කටකට ඉහලින් පිහිටි කුඩා දෙනෙතකි.  ඉන්පසු ඒ නොපියවූ කිමෝනාවක් අතින් අල්ලා තද කරගනිමින් කය වසාගෙන සිටි ගැහැණියක වග පෙනින.  ඇගේ හිස සති කිහිපයකින් නොපීරුවා සේය.  කැමරන් මැතිණිය මේ බිය කරු සත්වයා දැක තිගැස්සී මදක් පසුබෑවාය.  එවිට ගැහැණිය සැක සහිත ලෙස බලා කථා කලාය.  


“මොකද?“
“මේ.....මේ...... ඇයට ලින්ඩාගේ විවාහක නම මොහොතකට අමතක විය.  


,මේ  මේ සැම්බුලි නෝනා ඉන්නවද?“ එය උච්චාරණයට අපහසු නමකි.  විශේසයෙන්ම කැමරන් කෙනෙකුට එය අපහසුය.  ගැහැණිය උඩ සිට පහළට ඉතා පරීක්ෂාකාරීව බැලුවාය.  


“එයා ඉන්නේ මෙහේ තමයි. මේ වෙලාවට ගෙයි ඉන්නවද දන්නේ නැහැ.  පඩිපෙළ නැගලා ගියාම දකුණු පැත්තේ තියෙන පළවෙනි දොරයි“කී ගැහැණිය දොර නොවසාම ගෙතුළ අදුරට මුසුවී ගියාය. 


දොර වැසිය යුතුද නැද්ද කියා කැමරන් නෝනා කල්පනා කලාය.  කොයි එකටත් දොර ඇර තිබීම හොදයි.  තමා කොයි එකටත් යනුවෙන් අදහස් කලේ කුමක්දැයි  සිතී ඕ බියෙන් සැලුනාය.  කෙසේ වුවද එය විවරව තිබූවිට අවශ්‍ය වුවහොත් රියදුරාට කතා කළ හැක.  ඇය තරප්පුවේ තිබූ අපිරිසිදු ලී වැට ඇල්ලුවේ නැත.  තොල් තද කරගෙන හිස සෘජුව තබාගත් ඈ පඩි පෙළ උඩට නගින විටත් වරායෙහි හා  නැව්වල සුවද අවට දැවටෙමින් තිබිණ.

ඒ පඩිපෙළ අවසානයෙහි තවත් පඩි පෙළකි.  එහි කෙළවර කවුඵවකි.  එහි දූවිලි බැදී තිබේද නැතහොත් ඒ ලේස් තිර රෙද්දක් දැයි ඕ සිතුවාය.  නමුත් ඇයට එම කවුඵව අසලට යාමට අවශ්‍ය නොවීය.  සෝදා පිරිසිදු කළ දොරක් ඇය නෙත ගැටිණ.  එහි පිත්තල දොර බෝලය හොදින් මැද තිබේ.  කෙසේ වුවද හොද ගෙයක් තිබියදී මෙවන් කාමරයක ජීවත් වීමට නම් ලින්ඩාගේ ඔලුව නරක් වී තිබිය යුතුය. එහි සීනුවක් නැත.  මේ අපිරිසිදු දොරටු නිසා තම අත් මේස් කුට්ටම හොදටම නරක් වනු ඇත.  


දොරට තට්ටු කල හඩ කාමරය තුළ විනිවිද යනු ඇසිණ.  ඕ කිහිප වරක් දොරට තට්ටු කළාය.  ඒ සෑම විටෙකම ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් බලා සිටියදී ඇගේ සිතෙහි කනස්සල්ලක් වැඩෙමින් පැවතිණ.  දොර විවර වුණි.  ලින්ඩා !ඇගේ මෝඩ පුංචි කෙල්ල ලින්ඩා කිමෝනාවකින් සැරසී එය අතකින් අල්ලා ගෙන සිටියේ පහත මාළයෙහි සිටි සක්කරවට්ටම මෙන්මය.  


“අම්මා!!!!!  ලින්ඩා පුදුමයෙන් පස්සට වූවාය.  “  ඔව් ලින්ඩා...... ඕ නොසැලී පැවසුවාය.  “මං ආවේ........
“ෂ්.......ෂ්........“ ලින්ඩා ඇගිල්ලක් දෙතොලට තබා නිශ්ශබ්ද වන ලෙස ඇගවූවාය.  ගෞරවනීය බියකින් සැලුනු ඇගේ දෑස් කාමරයේ එක් පසෙකට යොමු විය.  


“නමුත් ලින්ඩා මං ඔයාගේ අම්මා.... මං පිට.....“

“ඔච්චර හයියෙන් කතා කරන්න එපා අම්මේ.  අනේ.....“ එවර ලින්ඩා ඇගිල්ලක් උලුක් කර පෙන්වූයේ දගකාර දරුවෙකු යම්කිසි හිතුවක්කාර කමකින් වළකන්නට තැත් කරන්නාක් මෙනි.  

“හැරී තාම නිදි“
“හැරී????
“මගේ මහත්තයා“

ලින්ඩා ඒ වචන උච්චාරණය කලේ දෙවියකු ගැන පවසන්නාක් මෙනි.  දේව පූජාවේ දී ශුද්ධ වූ සක්‍රෙම්න්තුව ගැන කථා කරන අයුරින් ඒ මිනිහා ගැන කතා කරන්නට ලින්ඩාට ඉඩදිය නොහැක.  


“මං ඔයාව බලන්න ආවෙත් ඒක නිසා තමයි ලින්ඩා,  කැමරන් නෝනා එසේ කීවේ තමා ට රගපාන්නට තිබෙන කොටස ගැන මෙනෙහි කරමිනි.  දියණියගේ තීරණය ගැන නොතකාම දෙඩිය යුතුය. මේ මධ්‍යාහ්නයෙහි කිමෝනාවක් ඇද සිටින්නට තරම් බලවත් වරදක් කර තිබෙන ලින්ඩාගේ විලාශය දැකීමෙන් ඒ හැගීම වඩා බලවත් වී විශාල ධෛර්යයක් ඉපදුණි.  තමා යටත් කරගන්නට දෝනියන්දෑට ඉඩදිය නොහැක.


“මං ඇතුලට එන්න ඕනෙ.“

“ඔව් අම්මේ ඇත්තටම සතුටුයි අම්මා දකින්න ලැබුණුට.  හැබැයි සද්ද කරන්න නම් එපා.  හැරී ගෙදර ඉන්න දවස්වලදී හොදට නිදාගන්න ඕනිනේ.  මෙහෙන් වාඩිවෙන්න.  “   කිමෝනාවේ විවරය අතින් තදකොට ගත් ලින්ඩා පරණ තාලයේ සෝපාවක් දැක්වූවාය‍.  එය නවීන මෝස්තරයක් සහිත රෙද්දකින් ලිහිල්ව ආවරණය කොට තිබුණි. 


“මං ඉන්න විදිය ගණන් ගන්න එපා“ ඕ සමාව අයදින විලාශයෙන් කිමෝනාව අල්ලාගෙන පැවසුවාය.  


“හැරී ගෙදර ඉන්න කොට මං ජීවත් වෙන්නේ එයාගේ වැඩ පිළිවෙල අනුවයි.  එයා ආයෙත් නැවට ගියාම මම සාමාන්‍ය විදියට වැඩ කරනවා“  


මෙවැනි ස්ථානයක සාමාන්‍ය ආකාරයට වැඩ කළ හැකිද?  ඈ වටපිට බැලුවාය.  කාමරයේ බිත්ති දෙකක් තද කොළ පාටකින් සායම් කොට ඇත.  වීදිය දෙසට මුහුණලා  පිහිටි ජනේලයක් සහිත බිත්තියෙහි හුණු හූරා  දමා තිබිණ.  එහි තැනින් තැන කලින් අලවා තිබූ බිත්ති කරදාසිවල සළකුණු පෙණින.  සිවිලිම හරහා සිතියමක රේඛා මෙන් තැනින් තැන පැලුණු පාරවල් විය‍.  


“මම මේවාට සායම් ගානවා.  මගේ අනික් චිත්‍ර වැඩ ඇරුණම මේක හරි විනෝදයක්


ලින්ඩාගේ අනෙක් චිත්‍ර නිකම්ම දිය සායම් හෝ තෙල් සායම් පැල්ලම් සටහන් කිරීමකි.  කාමරයේ එක් කෙළවරක කැන්වස් හා කරදාසිවල සටහන් වූ එවැනි චිත්‍ර කිහිපයක්, චිත්‍ර රදවන රාමුවක් වටා විසිරී තිබිණ.  චිත්‍ර රාමුව ඉදිරියෙහි කුඩා බංකුවකි.  නියම පිළිවෙලකට පාට කරනවා නම් ඇගේ චිත්‍රය හොදය.  නමුත් මහාචාර්යවරයාත් දියණියත් කිසිවිටෙක චිත්‍ර ඇදීම බරපතල ලෙස ගණන් ගත්තේ නැත.  පියාගේ අඩිපාරේ ගිය දුව විද්‍යාවට දස්කම් දැක්වූවාය.  ලින්ඩා ඉතා බුද්ධිමත්ය.  එහෙත් පසුව ඈ විද්‍යා විෂයයන් අත හැරියාය.  දැන් ඈ චිත්‍ර අදියි.  නමුත් එය ක්‍රමානුකූලව කරන පාටක් නැත.  මේ ඉරි බෝල හා පෙට්ටි සහිත විකාරයකි.  හොදට අදින්න හැකි උදවිය මේ විකාර නොකොට හොද චිත්‍ර ඇදිය යුතුය.



ලින්ඩා පුතකු වුවානම් ඔවුනට තවත් දරුවකු සිටියානම් තත්වය වෙනස්ය.  විද්‍යාව යනු ගැහැණු දරුවෙකුට උචිත විෂයක් නොවිය හැක.  නමුත් එය ලින්ඩාගේ හෝ තමාගේ වරදක් නොවේ.  මහාචාර්යවරයාගෙන් දරුවෙකු ලබා ගන්නට තිබු අමාරුව දන්නේ දෙවියන් පමණකි.  දැන් එය තේරුමක් නැති වී තිබේ.  දුව විශ්වවිද්‍යාලයට යන තුරුම ජේම්ස් ඇය ගැන උනන්දු වූයේ නැත‍.  මේ සියල්ල සිදුවී තිබෙණුයේ ඉතාම අවාසනාවන්ත ලෙසය. මේ බුද්ධිමත් තාත්තාත් දුවත් අතර ජීවත් වීම සදහා ඇයට විශාල සටනක් කරන්නට සිදු විය.  එනමුදු මේ දෙදෙනාගෙන් එක් අයෙකු හෝ තේරුම් ගැනීමට ඕ අපොහොසත් වූවාය.  සැම විටම ඔවුන්ගේ ඇසුරෙන් තමා පහකරන ලද්දාසේ ඇයට දැණින.  ඕ නිරන්තරයෙන්ම කාන්දම් දෙකක් මැද තිබූ ඇල්පෙනෙත්තක් බදු වූවාය.  


එය ඉතා දුෂ්කර ජීවිතයකි.  ලින්ඩා ඉපදීමට පෙර වුවද කිසිම දෙයකින් ජේම්ස් සතුටු කිරීම අපහසු කරුණක් විය.  ලෝකයේ මිම්මෙන් මෙතරම් හොද ස්වාමියෙක් ලැබෙන්නේ නැතිව නිකම් සාමාන්‍ය මිනිසෙකු හා විවාහ වූවා නම් කෙතරම් හොදදැයි ඇය නිතර සිතුවාය.  මේ මහා බුද්ධ්මතුන් හා එකට විසීම අමාරුය.  බුද්ධිමතුන්ට සාමාන්‍ය මිනිසුන්ගේ ලෝකයට පිවිසිය නොහැක.  


“අම්මේ තේ ටිකක් බොමුද?
“තේ.....? නෑ ඕන නෑ මේ දැන් මං......
“කොහොමටත් දැන් හැරීට තේ හදන්න ඕනේ.
“දැං මට නම් එපා ළමයො මට දැන් උවමනා....
“අම්මේ කරුණාකරලා මතක තියා ගන්න මම ළමයෙක් නෙවෙයි.


“ලින්ඩා තාත්තායි මායි කියන්න කැමතියි ඔයාට උවමනානම් ඕනිම වෙලාවක අපේ ගෙදර එන්න පුඵවන් “  ලින්ඩා පුදුමයෙන් බලාසිටි නිසා ඈ කතාව නැවැත්වූවාය. 


“ගෙදර එන්න???? දුව හිස සොලවමින් සිනහා වන්නට වූ නිසා අම්මා විමතෙියෙන් ගල් ගැසුනාය.  කර සෙලවීම නිසා කිමෝනාව මෑත්වී ඇගේ කුඩා පියයුරු පෙනෙනතුරුත් ඕ සිනහා සුනාය.  දෙයියනේ....!කිමෝනාව යටින් මේ කෙල්ල කිසිම දෙයක් ඇදලා නෑ! කිසිම දෙයක් ඇදලා නෑ!


“ගෙදර එන්න?? ලින්ඩා පුනරුච්චාරණය කලාය.  ඇගේ සිනහව නිසා කාමරය පුරා කිසියම් අසහනකාරී ගතියක් පැතිරිණ.  


“ මේ සේරම දාලා යන්න???? අම්මා හරිම විහිඵකාරියක්නේ.  


“මට ඒකේ කිසිම විහිඵවක් පේන්නේ නෑ ලින්ඩා මං හිතුවා මේ වෙනකොට ඔයා කරපු මෝඩකම ගැන තේරිලා ඇති කියලා.  නැවතත් වැරදි කතාවක් කියවේදැයි ඕ මොහොතකට සිතා බැලුවාය.  සෑම විටෙකම ඈ අතින් කියැවෙන්නේ වැරදි වචනය.  ජේම්ස් හා දොඩනවිට වුවද එසේමය.  මේ ගමනට ඔහු පැමිණිය යුතුව තිබිණ.  මෙවැනි උගතුන් දෙදෙනකු අතර තමා පමණක් තැලී පොඩිවීම අසාධාරණය.  ඈ තාත්තාත් දුවත් අතර නිරන්තරයෙන් එහාට මෙහාට විසිවනුයේ පිහාටු පොරොප්පයකු සහිත පන්දුවක් මෙනි.  ආපස්සට........ඉදිරියට.......ආපස්සට.........ඉදිරියට  තමා නියම පිහාටු පොරොප්පයකි.  දුවගේ මුව දරදඩු වී යනු අම්මා දුටුවාය.  එය අම්මා හොදින් දන්නා ලක්ෂනයකි.  තමා අතින් වැරදි යමක් කියවුනිදැයි ඕ නැවත සිතුවාය.  ලින්ඩාගේ දෙනෙත්වල කෝපය සනිටුහන් විය.  මෙය ඉතා දුෂ්කර අවස්ථාවක් වනු ඇත‍. මදක් හැඩිය යුතුද? දැන්මම නොව කදුඵ පසුවට තබාගත යුතුය.  දැන් තමා සංසුන්ව ස්ථිරව සිටියයුතු අවස්ථාවය.  පන්දු පිටියේ ජේම්ස් ගේ පැත්තට පැන ගතයුතු වෙලාවය.


“තාත්තා මට කිව්වා ඔයාට කියන්න කියලා.....!
“අනේ අම්මේ පිං සිද්ධ වෙයි.  මං හරිම සතුටුයි අම්මා දකින්න ලැබුණට. අම්මා දකින්න මං කවදත් සතුටුයි.  ඒ වුණාට මේ පරණ මෝඩ කතා ඇදගන්න එපා.  මට තාත්තා ගැන අහන්නවත් තාත්තා දකින්නවත් උවමනා නැහැ.  තාත්තා කියන්නේ මට පේන්ඩ බැරි නාකි මිනිහෙක්.


“ලින්ඩා ..... ඇයට කියවුනේ දැඩි ස්වරයකිනි.  එය සගවා ගත හැකි දෙයක් නොවීය.  පාලුවෙන් තනිකමෙන් ගෙවී ගිය කාලය ගැන ලින්ඩා දන්නෙහිද?  එහෙත් දැන් ගැන සිතීම විශාල දුක් ගින්දරකි.  ඇය ඉතා අසරණ ලෙස කාමරය සිසාරා බැලුවේ තමා වැටුණ තැනින් ගොඩ එන්නට ආධාරකයක් සොයමිනි.  දැන් සදහටම වැලලී ඇතැයි සිතූ ඒ දුක් මුසු අතීතයෙන් ගොඩ එන්නට කුමක් හෝ කරුණක් සොයා ගැනීම අවශ්‍ය විය.  


ඇත්ත වශයෙන්ම ඇය ගලවාගන්නට දෙයක් ඒ කාමරයේ තිබිණි.  මුල්ලග තිබූ පුටුවක් මත කඵ රෙදි බෝනික්කකු විය.  


“ලින්ඩා  ඔයා ලග තාම ඩොගල්ස් ඉන්නවනේ,........!  නැවතත් අප්‍රසාදයෙන් මව දෙස බැලූ ලිනඩා පසුව සිනහසුනාය.  


“ආ.....ගොලියෝග්ද අම්මේ. අනේ මගේ අම්මා කොච්චර හොදද?  ඔව් මං ඒක තියාගෙන ඉන්නවා. ඒක මට දුන්නේ අම්මා නේද?


කඵ රෙදි බෝනික්කා දකින්නට ලැබීම කෙතරම් හොදද?  එයින් අප්‍රසාදය මකා ගත හැකිය.  පෙරට වඩා සමීප ගතියක් ඇතිවී නැවතත් ඔවුහු අම්මා  දුවගේ තත්වයට පත් විය.  අම්මා ගොලියෝග්  දෙස බැලුවේ ඉතා ස්තුතිවන්තවය.


“තාත්තා කිවුවා ඒක මහ මෝඩ තෑග්ගක් කියලා.  
එවර ඔවුහු නැවතත් දෙපසට වන්නට පටන් ගත්හ.  


“එයා එහෙම තමයි. පුදුමයි මට ගණිත චක්කර පොතක් තෑගි නොදීපු එක!

“අනේ ලින්ඩා කරුණාකරලා.......... කැමරන් මැතිණිය නැවතත් ක්‍රීඩා පිටියේ මැද්දට වැටී තිබේ.  ඇතැම් විටෙක ඕ සැමියාටත් දියණියටත් වෛර කලාය.  ඒ දෙදෙනා නිසා තමා කෙතරම් දුක් විදිය යුතුදැයි ඔවුන් දන්නේනම් කෙතරම් හොදද?


“අම්මාට තේ ටිකක්?
“මං අම්මට තේ ටිකක් හදන්නම්.  ලින්ඩා උපක්‍රමශීලීව කතා කලාය.  
“හැරී ඉක්මනට නැගිටීවි. එයා නැගිටිනකොට මම තේ හදලා තියන්න ඕනේ.  


කිමෝනාවක් දවටගත් දියණිය කාමරයෙන් පිටවී කුස්සි පොඩ්ඩකට යනු ඈ බලාසිටියේ එක්තරා සතුටකිනි.  ගෑස් උදුන පත්තු කරන හඩත්, කෝප්ප පීරිසි හෝදන හඩත් ඇසිණ.  සැම විටකම ගේ දොර කටයුතු කෙරෙන හඩ ඇයට සමීප ගතියක් දනවයි.  ඕ වඩාත් පරික්ෂාවෙන් කාමරය සිසාරා බැලුවාය. 



කුඩා කුස්සියට යන්නට තිබූ දොර හැරෙන්නට තවත් දොරක් තිබුණි.  ඒ ඔවුන්ගේ නිදන කාමරය විය යුතුය.

Wednesday, August 3, 2011

හිමි අහිමි

සතුටු සිනා ඉතිරෙන මොහොතක, කාගෙ කාගේත් ආශිර්වාද      මැද්දේ අද සදුනි යුගදිවියට පිවිසුනා.  හැමෝගෙම මුහුණුවල      සිනාව ඉතිරිලා ගිහින්.  මටත් දැනුනේ පුදුමාකාර සතුටක්.           හිතේ තියෙන සතුට දෙනෙතින් දෝරෙ ගලනවා.  හිතේ              උතුරන සතුට කියාගන්න වචන නැහැ.  සදුනිත් ඇගේ                අතගත් ආදරවන්තයාත් මේ වෙනකොට බොහෝ දුරක්            ගොස් ඇතැයි මට සිතුනා.

පුංචිම පුංචි කාලේ, ඒ කියන්නේ මම බහතෝරන කාලේ ඉදලම මගේ ලගින්ම හිටපු හොදම යෙහෙළිය තමයි සදුනි.  දුකට සැපට දෙකටම එකම විධියට ලගින්ම හිටපු යෙහෙළිය.  එයා මගේ හොදම මිතුරිය වගේම මගේ නෑනත් වෙනවා.  මොකද සදුනි අපේ අම්මාගේ මල්ලිගේ එකම දියණිය.  ඇයට නම් කුඩා කාලයේ ඉදලම සියලුම සැප සම්පත් ලැබුණා.  කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් දැනෙන්න මාමත් නැන්දාත් ඉඩක් දුන්නේම නැහැ.  ඔවුන් ඇයට රැකබලාගත්තේ ඇස් දෙක වගේ. 

සදුනිත් මමත් කිසිම දිනෙක වචනයකින්වත් රංඩුවක් කරගෙන නැහැ.  ඇය මට වගේම මමත් ඇයට පුදුම ලෙංගතුකමක් තියෙන්නේ.  අපි අතර කිසිම දවසක තරගයක් තිබුණේ නැහැ.  ඒ වගේම රහසක් තිබුනෙත් නැහැ.  ඒත් ඇයට වගේ නෙමෙයි මට. මම ඉගෙනගත්තේ බොහෝම දුක් මහන්සියෙන්.  මම නොදන්න කාලේ මගේ තාත්තා රිය අනතුරකින් මැරිලා.  තාත්තා එක්ක වාහනේ ගිය තවත් දෙදෙනෙකුත් එතනම මැරිලා.  හැමෝම කියනවා මගේ තාත්තා බොහෝම             කරුණාවන්ත කෙනෙක්ලු.  හැමෝගෙම හිත් දිනාගෙන  හිටියලු.  තාත්තා නැතිවුණාට පස්සේ අම්මා මාව ජීවත්  කරන්න නොවිදිනා දුක් වින්දා.  උදේ පාන්දරින්  නැගිටින ඇය කඩවලට දාන්න කඩයප්පම් තැම්බුවා.    ඒවා හන්දියේ කඩේට දාලා තමයි මම උදේට    ස්කෝලෙට යන්නේ.  මම ඉගෙනගත්තේ ගමේ   ස්කෝලේ සදුනිත් මගේ   ලගින්මයි   හිටියේ.    සමහරක් දවසට මට උදේට කාලා යන්න      දෙයක් නැති තරම්.  ඒත් මට ඒ ගැන කිසිම දිනෙක                                                                     පසුතැවිල්ලක් තිබුනේ නැහැ.  අම්මා විදින දුක දකින මගේ පපුව හෝස් ගාලා පත්තු වුණ වාර අනන්තයි.  ඒත් ඇය මගේ පාසැල් ගමන නවත්වන්න කිසිම දිනෙක උත්සාහ කලේ නැහැ.  අම්මා හැමදාම උදේට කඩයප්පම් හදලා ඉවර වෙලා, කලින්දා ගමේ ගොඩේ ඇවිදලා හොයා ගත්තු එලවඵත් අරගෙන පොළට යනවා.  සමහර වෙලාවට ඒ ගෙනියන එළවඵ ඉතුරු වෙන වෙලාවලුත් නැතුවාම නොවෙයි.  එහෙම දවසට අපිට දුප්පත්කම බොහෝම තදින් දැනුනා.

මගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය පොත් පත් ගන්න සල්ලි නැතිවෙන කොට අම්මා ඇස්වල කදුලු පුරෝගෙන පිළිකන්නට වෙලා හූල්ලනවා මම අනන්තවත් දැකලා තියෙනවා.  ඒත් එහෙම මට අඩුපාඩු තියෙන බව දකින සදුනි මට හුගාක් උදව් කලා.  ඇය නිතරම මා ගැන සොයා බැලුවා.  තාත්තා නැතිවුණ දා ඉදලා තාත්තාගේ නෑ සනුහරේ අපිව අත්හැරියා.  අපිව ගණන් ගත්තේ හිගන්නන් ගානට.  උදව්වට හිටියේ සදුනිගේ අම්මයි තාත්තායි විතරයි.

සදුනිත් මමත් එකම වයසේ නිසා එයාට ලැබෙන දේවල්වලින් කොටසක් බොහෝ වෙලාවට  මටත් ලැබුණා.  එයාට හැමදාම පාසැල් අදින්න මැදපු සුදු ගවුමක් ලැබුණා.  අලුත් පොත් පත්, පාට පාට විසිතුරු පැන්සල්, පෑන් මේවායින් සදුනිට කිසිම අඩුවක් තිබුණේ නැහැ.  ඒ අතින් බලනකොට නම් මට ඒ මොනවත් ගන්න අම්මාට වත්කමක් තිබුණේම නැහැ.  මම කිසිම දිනෙක ඒවා ඉල්ලලා අම්මාට කරදර කරන්න ගියෙත් නැහැ.  කොහොම ඉල්ලන්නද, තාත්තා නැති අඩුවත් දරාගෙන මහමෙරක් තරමේ දුක් කන්දරාවක් දරාගෙන තමයි අම්මා මාව පාසැලට ඇරියේ.   අපේ අම්මා ඉස්සර හුගාක් ලස්සන කෙනෙක්ලු.  මාව දකින අය නිතරම කියනවා ඇගේ ඒ ලස්සන අඩුවක් පාඩුවක් නැතිවම මටත් දීලා තියෙනවා කියලා.

සදුනිත් මමත් එක ලගින් ඉන්න කොට අම්මාගේ දුව සදුනිද මමද කියලා කෙනෙකුට එකපාරටම හිතාගන්න බැහැ.  මොකද සදුනිත් මමත් පෙනුමෙන් හුගාක් දුරට එක සමානයි.  අපි දෙන්නගේ ගතිගුණ, ගමන බිමන එකම වගෙයි.  වෙලාවකට මට හිතෙනවා සදුනි මටත් හොරෙන් මාව අනුගමනය කරනවද කියලා.  ඒත්  එකේ ඇති පුදුමයකුත් නැහැ. සදුනි කියන්නේ මගේ අම්මාගේ එක කුස උපන් මල්ලිගේ දුවනේ.






මට මගේ පුංචි කාලේ මතක් වෙනකොට හිතට දැනෙන්නේ පුදුම සතුටක්.  සැහැල්ලුවක්.  ඒ දවස්වල ස්කෝලේ ඇරිලා ආපු වෙලාවෙ ඉදලම සදුනියි මායි සෙල්ලම් කරනවා.  බෝනික්කෝ නලවනවා.  උයනවා, පිහනවා, පොලේ යනවා,  අපි දෙන්නට වැඩ ගොඩයි.  ගෙදර ආ වෙලාවේ ඉදලම මම හිටියේ මාමලගේ දිහාවේ.  එයාලගේ ගේ තියෙන්නේ අපේ ගෙට උඩහින් කන්ද මුදුනේ.   සදුනිලගේ ගෙදර මිදුලට අපේ ගේ හොදට පේනවා.  අම්මා පොළේ ඉදන් එනකන් මම ගෙදර තනියම නිසා නැන්දයි මාමයි මාව දවල් වරුවම එහේ තියාගන්නවා.  අම්මා මට දවල්ට කන්න මොනවා හරි හදලා තියලා තමයි පොළට යන්නේ.  අම්මාගේ අතින් උයලා, මැටි කෝප්පෙන් වහලා තියෙන කෑම වේල තරම් රසවත් කෑමක් මට වෙන කොහේවත් තිබුණේ නැහැ.  ඇය ලුණු ටිකක් බත් පතට ඉහලා දුන්නත් ඒකත් මට දැනුනේ අමෘතය වගෙයි.  ඒත් සමහර දවසට අපිට වේල පිරිමහගන්න දෙයක් තිබුණේ නැහැ.  ඒත් මම කවදාවත්ම නැන්දට ඒ වගක් කියලා නැහැ.  ඇයට ඒ බව ඉවෙන් වගේ දැනෙනවද කොහෙද එහෙම දවස්වලට පිගානකට බෙදපු බත්, එළවඵ  මට දීලා කියනවා , මේක ගෙනිහින් අම්මා එක්ක කාපං දුවේ“ කියලා.  ඒ වෙලාවට මම ඒකත් අරගෙන එක පිම්මට ගෙදර දුවලා එනවා.  නොකිව්වට මටත් බඩගින්න දැනෙනවනේ.  එතකොට අම්මාගේ වගේම මගේ ඇස්වලටත් කදුඵ උනනවා.  දෙවියනේ අපි දුප්පත් වෙලා තියෙන තරමක්.



Tuesday, July 19, 2011

බත් කූරා

එකමත් එක කාලෙක එක්තරා රටක මිනිසුන් බොහෝම සතුටින්
කල් ගෙවුවා.  දවසක් මේ රටට මකරාක්ෂයෙක් ආවා.  ඒ සතාගේ
නහයෙන් ගිනිදැල් පිටවුණා.

රටේ ඉන්න ලස්සන තරුණියක් දිනපතාම උගේ ආහාරය බවට පත්
වුණා.  එහෙම දුන්නේ නැතිනම් රට විනාශ කරන බවට ගිගිරුවා.

එදා වාරය ආවේ රජතුමාගේ දූ කුමරියටයි.  මේ දූ කුමරිය හරිහ ලස්සනයි.  මේ රජ කුමරියගේ ලස්සන දැක්ක මකරාක්ෂයා ඇයව
කටේ තියා ගත්තා මැරුවේ නැහැ. 

මේ කුමාරි හරිම නුවණක්කාරි.  ඉතින් මේ කුමරියත් මකරා එක්ක
කතාව පටන් ගත්තා.  මකරාක්ෂයා ගැන කතාව පටන් ගත් කුමරිය ඔහුට වඩා බලසම්පන්න අය තවත් නැද්දැයි මකරාක්ෂයාගෙන් ඇසුවා. 

“ඇයි නැත්තේ..... අර ගල්මුදුන් කන්දේ ඉන්න යෝධයාට මම බයයි.   ඉතින් මේ බව දැනගත් කුමරිය පිය රජතුමාට මේ බව බොහෝම රහසිගතව දන්වලා යැව්වා.  පසුව මේ රජතුමා තුටු පඩුරුත් එක්ක රාජපුරුෂයින් යෝධයාව හමුවෙන්න යැව්වා. 

යෝධයා ඒ තෑගි බාරගත්තේ නැහැ.  රාජ පුරුෂයින්ගේ දුක් ගැනවිල්ලට සවන් දුන්නෙත් නැහැ.  කුඩා ළමයින් දෙදෙනෙක් යෝධයා හමුවෙන්න යවන්න.  යෝධයා ළමයින්ට ආදරේලු.  මේ පණිවුඩය එව්වෙත්
කුමාරිමයි. 

පසුව ලස්සන ළමයින් දෙදෙනෙකු මේ යෝධයා හමුවෙන්න ගියා.  යෝධයා ලමයින්ව වඩා ගත්තා.  ළමයින් තමන්ගේ දුක යෝධයාට කිවුවා. 

යෝධයා සටනට සූදානම් වුණා.  ඇග වටේ තාර හලා ගත්තා. තාර වැහෙන්න පිදුරු බැද ගත්තා.  යකඩ පොල්ලක් අරගෙන මකරාක්ෂයා ළගට ගියා. 

කුමාරිව බිමින් තියලා මකරා යෝධයාව අල්ලා ගත්තා. යෝධයාගේ ඇගේ තිබුණ තාර වල මකරාගේ දත් ඇලුනා.  යෝධයා යකඩ පොල්ලෙන් ගහලා මකරා මෙල්ල කරගත්තා. 

ලණු දෙකක් නාසයෙන් දාලා විශාල බිම් පුදේශයක් හා ගත්තා.  මකරාක්ෂයා මැදට දාලා ගිණි තිබ්බා.  ඒ අඵ අරගෙන රට වටේට ඉස්සා. 

සුලගේ පාවුන අලු  පුංචි  සත්තු බවට පත්වෙලා ඉගිලී ගියා.

ඩ්රැගන් ප්ලයි කියන්නේ ඒ සතුන්ටයි.      ගමේ  අපි ඌ හදුන්වන්නේ බත් කූරා කියලා.




රුසියානු ජනකතාවක්  සිතුවිලි අතරට.......


*     උසස් බුද්ධියෙන් පුභාවිත කාන්තාවක් ඇසුරු කරනට ලැබීම කාගේ වුවද ජීවිතයට වැඩදායකය
       (හෙන්රි වින්සන්ට්)

*     කතකගේ අගය කළ යුත්තේ බාහිරව ඇති අලංකාරය නොව ඇය තුළ පිහිටි මානුෂික ගුණ ධර්ම හා  
       කරුණාවයි.
       (විලියම් ශේක්ෂ්පියර්)

*     වැඩි බලපෑමක් නැතිව කාගේ වුවද හදවතට බලපෑමක් කල හැක්කේ ගැහැණියකට පමණි.
       (මොහාන්දාස් කරම්වාන්ද් ගාන්ධි)

Saturday, July 16, 2011

: නිල් නයා - අවසන් කොටස.

ඒ පැත්ත හාරලා වැඩක් නැහැ.  ඒ පැත්ත කලු දුම් වැටුනු පැත්ත යයි ලිතෝ කීවේය.  මෙයින් උරන වූ ඔවුන් දෙදෙන ඇඩෙන තෙක් හොදටම ගසා ගත්හ.  දෙදෙනා දෙපැත්තේ සිටින බව ඔවුනට අවබෝධ වුයේ ගහගෙන අවසන් වූවාට පසුවය.  දෙදෙනාම එකම පැත්තේ සිටියානම් ඔවැනි දෙයක් සිදුවන්නට ඉඩක් නොතිබුනි. 

“අපි රැවටුනා. අපි දැක්කේ නයා අප දෙසට එනවා පමණයි. දැන් නියම තැන සොයා ගැනීම අමාරුයි.  මේ සිද්ධිය අපි අමතක කරමුයි දෙදෙනාම සිතා ගත්හ.

එහෙත් දෙදෙනාටම නයා අමතක කල නොහැකි විය.  දවසකට පසු නයා එක්කෙනෙකුට පමණක් හමුවනවා නම් කොපමණ හොදදැයි දෙදෙනාම සිතූහ.  අප නයා ගැන කතා කලත් මොකද  හැබැයි එක පැත්තක ඉදලයි අප දෙදෙනාම ඌ බැලිය යුත්තේයි ලැන්තෝ යෝජනා කලේය.  අපි කෝලාහල නොකර ඉන්න වගබලා ගන්න ඕනෑ.  මෙහි පුයෝගයක්  තිබෙනවා දැයි බැලිය යුතුයි.  මේ ඔවුන් බැසගත් නිගමනයට මෙසේ තීරණය කරගත් ඔවුහු පෙරදින ගිය ස්ථානයටම උදලුත් රැගෙන ගොස්
“නිල් නයා
උඹ පිබිදිලාද
දිය පාර දිගේ
වල්ගෙන් පැන පැන වරෙන්
යයි ගීතය ගයමින් සෙල්ලම් කරන්නට වන්හ.  ඔවුන් දෙදෙනා එක් පසෙකින් සිටගෙන සිටින විට වලෙහි සිටි නයා තණබිස්සට පැන දකුණින් රන් රැස් විහිදුවමින් යහලුවන් දෙදෙනාගේ කකුල් අතරින් පැන ගිය අතර ගහක අත්තක් උඩට පැන අතුරුදහන් විය.  ඌ කකුල් අතරින් පනින විට එක් කකුලක රත්රන් සහ අනෙක් කකුලේ ලොකු තාර පැල්ලමක් ඇති විය.  දකුණු පැත්තේ රත්රන් පැල්ලමත් වම් පැත්තේ තාර පැල්ලමත් ඇති බව කිසිවෙක් නොදත්හ.  දුවගෙන ගිය ඔවුහු නයා පැන ගිය ගසේ අත්තක් දෙස බැලුවෝය.  අත්තෙහි එක පැත්තක් රන් පැහැයටත් අනෙක් පැත්ත කලු පැහැයටත් පෙරලී තිබුණි.  ඒ අසල තිබුණු ගල් පවා රන් බවට පෙරළි තිබුණි. 

රත්රන්වල බර නොදත් ලැන්තෝ රන් කුට්ටි බවට පෙරලී තිබුනු ගලක් උස්සා ගත්තේය.  එහි අධික බර නිසා උසුලාගෙන යෑම අසීරුවිය. කෑල්ලක් වත් බිම වැටුණොත් සියල්ලම ගල් බවට හැරෙනු ඇති බව පියා කී බව සිහිවූ ලිතෝ පොඩි කෑලි ගැනීමට ලැන්තෝට කීවේය.  ලිතෝ පොඩි කෑලි ගත්තත් එයත් ඉතා බර විය.  ලැන්තොගත් ගල මේ අනුව කොහොමවත් රැගෙන යා නොහැකි බව සිතූ ලිතෝ බැරි නම් බිම දමන්න නැතිනම් කකුලක් උඩ වැටිලා තුවාල වේවි යයි කීවේය.  . 

මම මේක බිම දැම්මොත් ගල් බවට පෙරලෙයි. ලැන්තෝ කීවේය.  “බිම දාපන්, බිම දාපන් ලිතෝ කීවේය.
ලැන්තෝ තර්ක කරන්නට විය.  අන්තිමේදී එය දබරයකට පෙරලිනි.  ඔවුන් දෙදෙනා හොද හැටි ඇඩෙන තෙක් ගහගෙන පසුව බැලූ විට දුටුවේ රත්රන් බවට පෙරලී තිබුනු ගල් නැවතත් ගල් බවට පෙරලී ඇති බවයි.  රන් බවට පෙරලී තිබුනු අත්තද පෙර ලෙසම අත්තක් බවට හැරී තිබුනි. 

මේ සියල්ලම නයාගේ පුයෝග යයි කියමින් ඔවුහු දෙදෙන නිවෙස් කරා ගියෝය.  මැටි පාට හා තාර පාට වී ඇති කලිසම් කකුල් නිසා ගෙදර යාම අසීරු විය.  මේ නිසා නිල් නයා අමතක විය.  දිනක් ළමයි දෙදෙන එකතුවී චෙරි එකතු කිරීමට ගොස් පිට්ටනියේ වාඩි වී චෙරි ගණන් කලහ.  එකකුවත් නිල් නයා ගැන නොසිතීය.  පිට්ටනිය හරහා එන ගැහැනියක් ඔවුන්ට පෙනුනි.  බොහෝ ගැහැණු දර කැඩීමටත් ගොයම් කැපීමටත් ගොස් සිටින බැවින් මේ ගැහැණිය ගැන ඔවුන් සැලකිල්ලක් නොදැක්වීය. 

නමුත් ඔවුහු මේ ගැහැණියගේ පුදුම දෙයක් දුටුහ.  ඇගේ ගමනින් තණකොළ එක ගහකුදු නොතැලිණි.  ඇය ඇවිදිනවා නොව පාවෙනවා සේ ළමුන්ට පෙණින.  තවත් ටිකක් පරීක්ෂාවෙන් බැලූ ඔවුනට ඇගේ දකුණු   පසින් රන් රැස් හා වම් පසින් කලු රැස් එල්ලි තිබුණි.  

“අපි පස්ස හරවමු.  අපි ඒ දෙස නොබලා සිටිමු. ඇය නැවතත් අපි කොටවයි.  කතිකා කරගත්හ.  ඒ අනුව ඔවුහු ඇස් තදකර පියා පිටුපස හරවා සිටියහ.  ක්ෂණයකින් කවුදෝ දෙදෙනාම උස්සනවා සෙන් දැනුනි.  නමුත් ඇස් හැර බැලූ විට  සිටියේ පෙර සිටි තැනමය.  ඒ වුවද තණ කොළ ඉස්සී එන්නාක් මෙන් දැනුණි.  ටිකක් විපරම් කළ ඔවුන්ට රන් වලල්ලක් හා කඵ වළල්ලක් දක්නට ලැබිණ.  ඔවුහු  පා නගා යෑමට තැත් කලහ.  නමුත් රන් වළල්ල ඔවුන්ට ඇය ,ඈතින් දමා ඇති නිසා   බේරී යාම අසීරුය.  ගැහැණිය හී.....හී......ගාමින් සිනාසුනාය.

මා විසින් වලල්ල ගන්නා තෙක් කාටවත්ම බේරෙන්න බැහැ.  අපි නුඹට එන්න කිව්වේ නැහැ.  
“මම මේ ආවේ නුඹලා දෙදෙනා අතුරින් වැඩ නොකර රත්රන් ගැනීමට තැත් කරන්නා කවුරුන්දැයි බලා ගනු පිණිසයි.  ගැහැනිය කීවාය.  

“අපිට යන්න ඉඩ දෙන්න.  අපි නැවත ඕකට මහන්සි වෙන්නේ නැහැ.  අපි දෙවරක් ඔය නිසා දබර වුණා.  අපිට රත්රන්   එපා යි කියමින් බැගෑපත්ව ඉල්ලා සිටියෝය.

“නමුත් හැම දබරයට නොවෙයි. චෝදනා හරියි.  උඹලා කෝලාහල කරගෙන ඇත්තේ කෑදර කමින්වත් ආත්මාර්ථකාමීත්වයෙන් නෙමෙයි.  තම තමන් බේරීමේ හුදු චේතනාවෙන්.  නැවතත් නුඹලා පරීක්ෂා කිරීමේ අදහසිනුයි මම ආවේ යයි ඈ පිළිතුරු දුන්නාය.

ගැහැණිය කලු කුඩුත්, රන් කුඩුත් මිශු කර රන් ගලක් සාදා එය දෙකට කඩා ළමයින් දෙදෙනාට දුන්නාය.  
“උඹලා දෙදෙනා එකිනෙකාට වන යහපතක් පාර්ථනා කරනවා නම් තමන් අත ඇති කෑලි පිරිසිදු රත්රන් වලට පෙරළෙයි. සුලුවෙන් සිතුවොත් එය ගලක් බවට පෙරලෙයි.  ඈ කීවාය.  බොහෝ දිනක සිට ළමයින්ගේ සිත් තුළ පැවතුනේ මරුෂ්කාට කළ කොළොප්පම ගැනය.  ඒ ගැන ඔවුහු කණගාටු වූහ.  මරුෂ්කා ඔවුනට කිසිවක් නොකී බැවින් ඇය කෙරේ අනුකම්පාවක්ද ඇතිවූ නිසා දෙදෙනාම ඇයගේ විවාහ මංගල්‍යය නොබෝ දිනකින් සිදුවේවායි සිතූහ.

මොවුන් ඒ ගැන සිතන විටම ගල් දෙක පිරිසිදු රන් බවට පෙරලී තිබුණි.  ගැහැණිය ඔවුන් ගේ පාර්ථනාව ගැන සතුටුවී පටියකින් බැදි පසුම්බි දෙකක් ඔවුන්ට දුන්නාය. 

“මේක පුරවා ඇත්තේ රත්රන් කුඩු වලින්.  වැඩිහිටියන් මේවා කොයින්ද කියා ඇසුවොත් නිල් නයා දුන්නා යයි කියන්න.  ඊට වඩා කිසිවක් නොකියන්න. 

ගැහැනිය වළලු වටය උඩ සිටගෙන රන් වළල්ල දකුණටත්, කලු වලල්ල වමටත් දමාගෙන පිට්ටනිය දිගේ පෙරලි පෙරලී ගියාය.  ළමයි බැලූ මුත් එහි ගැහැණිය නොව නිල් නයා විය.  රන් වළල්ල හා කලු වලල්ල රන් හා කලු වලා බවට පෙරලී ඇති බව දැක්කහ. 

ස්වල්ප වේලාවක් නැවතී සිටි ඔවුහු පසුම්බි සාක්කුවල දමාගෙන ගෙදර යාමට පිටත් විය. 

“අපට ඇය රන් කුඩු හුගක් දුන්නේ නැහැ,   ලැන්තෝ කීවේය.
“අපිට ලැබෙන හැටි තමයි ඒ. ලිතො පිළිතුරු දුනි.  ටික දුරක් යන විට ලිතෝගේ සාක්කුව බරවනවා දැනුනි.  ඔහු පසුම්බිය ගෙන බලනවිට එය විශාල වී තුබුණි.  ලැන්තෝගේ පසුම්බියත් විශාල වෙලාද ඔහු ඇසුවේය.

“නැහැ, මගේ එක තිබුණ වගේමයි“ ලැන්තෝ පිළිතුරු දුනි.  දෙදෙනාටම සමව නොලැබීම ගැන ලිතෝ බලවත් ලෙස කණගාටු වූයේය. 

“මගේ එකෙන් උඹට ටිකක් දෙන්නදැයි ලිතෝ ඇසුවේය.  අකමැත්තක් නැත්නම් දමන්නැයි ලැන්තෝ කීවේය. ලිතෝ තම පසුම්බියෙන් රන් කුඩු අහුරක් ගන්නා විට කලු පැහැ ගැන්විය. 

“ඔන්න තවත් පයෝගයක්, ලැන්තෝ කීවේය. ලිතෝ රන් කුඩු ස්වල්පය ගෙන ලැන්තෝගේ පසුම්බියෙහි හෙලීය.  එවිට එහි පැහැය වෙනස් නොවිනි.

නිල් නයා තමන්ට රත්රන් ගොඩක් දී නැත්තේ තමන්ගේ තන්හාව නිසා යැයි ලැන්තෝ සිතුවේය.  මට මේ ලැබෙන හැටි යැයි සිතන විට ලැන්තෝගේ පසුම්බියද පිරිණ.  තම පසුම්බි දෙමාපියන්ට දුන් ඔවුහු නිල් නයා කි සියල්ල කීය.  දෙමාපියෝ බොහෝ සතුටු වූහ.  මරුෂ්කා ගැන සාකච්ජා කිරීමට අසළ ගමකින් මගුල් කපුවෝ ආහ.  මනමාලයා දුඹුරු අක්ඹමරු හිසකෙස් ඇති කෙනෙක් වූහ.  ඔහු ළමයින්ට ඉතා කරුණාවන්ත  විය.  එබැවින් ඉක්මනින්ම ඔමු ළමයින් සමග මිතුරු විය.

නැවත ඔවුන් නිල් නයා ගැන කථා කලේ නැත.  තමන්ට ලැබෙන්නට තිබුණු දෙයක් ලැබුණු බව පමණක් මෙනෙහි කළහ.



රුසියන් ගත් කතුවරයෙකු වූ බෂෝව්ගේ කෙටිකතාවක් ඇසුරින්
සිතුවිලි  පෙළගැස්මකි                                                

Friday, July 15, 2011

නිල් නයා 2වන කොටස

2 වන කොටස.......
පසු දින උදේ ඔවුන් නිදි අතර මරුෂ්කා ඉක්මනින්ම නැගිට, අටුවට නැග පනාව ගත්තාය.  එය හිසකේ ගස්වලින් පිරී තිබුණි.  අක් ඹමරු හිසකේ දුටු ඇය ඉතා සතුටින් පිනා ගොස් තමන්ට ලැබෙන සැමියා ගැන යෙහෙළියන්ට කීමට පනාව රැගෙන දිව්වාය. 

හිසකේ දුටු යෙහෙළියෝ මෙහෙම හිසක් ඇති කෙනෙකු ඔවුන් දැක නැති බවත්, මේවා මිනිසෙකුගේ හිසකේ නම් වන්න බැරි බවත් කියා, අශ්ව කෙදි වගේ කියමින් සිනාසුනහ.  “එහෙනම් ඔබ විවාහ වන්නේ ගොඵ බූකෝට යයි කියමින් ඔවුහු සරදම් කලහ. 

මෙයින් කෝප වූ ඇය ඔවුන්ට බැන යන්නට ගියාය.  ඊටපසු ඇයට ඇගේ යෙහෙළියෝ “ගොඵ බූකෝගේ පෙම්වතිය යයි නම් තැබූහ. 

තම යෙහෙළියන් තමන්ට සරදම් කල බව මවට කීමට ආ විට ලිතෝ හා ලැන්තෝ ඇයට සරදම් කිරීමට පටන් ගත්හ.  මෙයින් තවත් කෝප වූ ඇය ඔවුනට බනින්නටත් අඩන්නටත් පටන් ගත්තාය.  ඇය ඔවුන් දෙදෙනාට ටොකු ඇන්න නිසා මේ අතවරය සිදුවූ අන්දම මවට වැටහිණ.  එම නිසා මරුෂ්කාගේ මව කොල්ලන් එතැනින් එලවා ගත්තාය. 

“ලැජ්ජා නැති වල් සත්තු,  කෙල්ලොත් එක්ක හැසිරෙන්නෙ ඔහොමදැයි කියමින් ඇය කොල්ලන් දෙදෙනාට බැන්නාය.  කොල්ලන් දෙදෙනාගේ සරදම් ඉසිලීමට මරුෂ්කාට නොහැකි වූවාය.  ළමයි දෙන්නා “උඹ තමයි ඉස්සර වෙලාම බැන්නේ,  “ නැහැ , නැහැ, උඹ තමයි පටන් ගත්තේයි කියමින් වාදර කරන්නට වූහ.  මෙය ඇසුනු මරුෂ්කා එය කාගේ වැඩක්දැයි දැනගත්තාය.

“උඹලා දෙදෙනාටම නිල් නයා හමුවෙයන්.  යයි සාප කල ඇය අශ්වයා මැරීමට උදැල්ලක් ගෙන අශ්වයා ලුහුබදින්නට විය.  මෙය දුටු ඇගේ මව ඇයට බැණ වැදී “ උඹ මුඵ ගෙදරම මූසල තැනක් කරන්න හදනවා, යි කියමින් උදැල්ල උදුරා ගෙන ඈ ගෙදර එක්කර ගෙන ආවාය.

“ කවුරුත් මා ගණන් ගන්නේ නැහැ. මා ඉපදුනාට වඩා නොයිපදුනානම් හොදයිථ කියමින් මරුෂ්කා ඉකි බින්දාය. 

මෙතැනින් පිටවීම සුදුසු යැයි සිතු ලැන්තෝ හා ලිතෝ උදුනට නැග ඉතා සතුටින් සිටින අතර මරුෂ්කා ගැන කණගාටු වූවෝය.  නමුත් දැන් ඔවුනට කල හැක්කක් නොවීය.  මරුෂ්කා කී නිල් නයා ගැන ඔවුනට අමතක කල නොහැකි විය.  “ නිල් නයෙක් උඹ දැකලා තියෙනවාදැයි එකෙක් අනෙකාගෙන් අසමින් නිල් නයා ගැන කතා කරන්නට විය.

නිල් නයා ගැන වැඩිමහල්ලන්ගෙන අසා දැනගැනීමට ඔවුන් සිතුහ.  මේ ගැන ඇසූ විට වැඩිමහල්ලන් ගෙන් නොයෙක් බැනුම් අහන්නටද සිදු විය.  “උඹලාට තඩි බෑ විට නිල් නයා පෙනෙයි.  යනුවෙන් කරන සරදම් නිසා මේ පිළිබදව ඔවුනගේ කුතුහලය වැඩි විය. 

“මේ නයා කොහොම එකෙක්ද? මිනිස්සු කතා නොකරන්නේ මූ පුදුම එකෙක් විය යුතුයි. ළමෝ සිතූහ.  ලැන්තෝගේ පියා වෙරිමතින් පැමිණි දිනෙක නිල් නයා දැක ඇති දැයි ලැන්තෝ ඔහුගේ පියාගෙන් ඇසුවේය.  වෙරිමතින් සිටින විට බොහෝ සේ කතාකරන කෙනෙකු වුවද මෙම පැනයෙන් ඔහුගේ මුහුණ නරක් විය.  ඔහු මොනවදෝ කියමින් ලැන්තෝට සාප කලේය.  මෙවැනි දේවල් නැවත කතා නොකරන ලෙස ළමයින්ට අවවාද කලේය.  එහෙත් බොහෝ වේලාවක් නිශ්ශබ්බව සිටි ඔහු ගං ඉවුරට ගොස් මේ ගැන කතා කරමුයි කීවේය. 

ගං ඉවුර බලා ගිය ලැන්තෝගේ පියා “ මම මේ කතාව උඹලට කියන්නේ මෙය නොකිව්වොත් මේ නිල් නයා මොකා දැයි සෙවීමට නුඹලා නොයෙක් දගකාරකම් කරාවි.  හොදට කට පරිස්සම් කර ගත යුතුයි. කියමින් ඔහු කතාව පටන් ගත්තේය.

අපේ කාලේ නිල්පාට දිලිසෙන නයෙක් හිටියා.  අගල් හතකට වඩා දිග නැති උගේ බරක් නැහැ.  ඌ යනකොට තණකොළයක් වත් නැමෙන්නේ නැහැ. ඒ බර නැති කම නිසයි.  අනික් නයි වගේ බඩගාන්නේ නැහැ.  දකුණු පැත්තෙන් රන් දුමක්ද, වම් පැත්තෙන් කලු දුමක්ද පිට කරමින් නගුටින් පැන පැනයි ඌ යන්නේ.  ඌ අල්ලන්න කාටවත් බැහැ. 

තනිවම සිටිද්දී නයා දුටුවහොත් එය බොහෝම වාසනාවක්, දකුණු පැත්තෙන් විහිදෙන රන්දුම වැටෙන තැන් රන් වෙනවා.  එවායින් අහුලා ගත් එක් කෑල්ලක් වත් බිම වැටුනොත් සියල්ලම ගල් බවට හැරෙනවා.  උවමනාවට වඩා ඒවා ගන්න ලැබෙන්නෙත් නැහැ.

දෙන්නෙක් එකට යනවිට හමුවුනොත් මහා නස්පැත්තියක් ඇති වෙයි.  එහෙම වෙලාවට නයා හමුවුනොත් එන කණ්ඩායම අතර සණ්ඩු ඇති වෙනවා.  මගේ පියා පෝරකයට ගියෙත් නිල් නයා නිසයි.  පියා ඇතුලු කිහිපදෙනෙක් එනවිට මේ නිල් නයා මුණගැසුනා.  එහිදි ඔවුන් අතර කෝලාහලයක් ඇතිවී දෙදෙනෙක් මැරුණා.  පස්දෙනෙක් පෝරකයට නියම වුණා.  රත්රන් හැමදාම ඇත්තේ නැහැ.  බොහෝ විට නිල් නයා හමුවන්නේ එක්කෙනෙක් දෙදෙනෙක් සිටින විටයි.  එවිට ඇති වන්නේ කලබලයක්. ඒ නිසා නිල් නයා ගැන කතචා කරනවාට ගැමියන් කැමති නැහැ.

මේ ඕනෑම තැනකදී නිල් නයා හමුවෙන්න පුඵවන්.  ඌ මිනිසෙකුගේ ආකාරයෙනුත් එනවා.  වැල්ලේ ගියත් පා සටහන් ඇති වන්නේ නැහැ.  තණ කොළ උඩ ගියත් ඒවා නැමෙන්නේවත් නැහැ.  මේ ගැන දැනගත හැකි පළමු ලක්ෂණයත් එයයි.  දකුණින් රන් රශ්මිය විහිදෙනවා.  වමතින් කලුපාට වලාකුඵ පිටවෙනවා.  දෙදෙනෙක් සිටින විට ඌ ගැන කතා කරන්නට එපා.  තනියම සිටින විට කතා කලාට කමක් නැහැ.  මේ ගැන කාටවත් කියන්න එපා, යි අවවාද කරමින් ඔහු කතාව නිම කලේය.

ලැන්තෝ හා ලිතෝ තනිව සිටින විට පමණක් නිල් නයා ගැන සිතීමට ඉටා ගත්හ.  දෙදෙනෙක් ඉන්න විට නයා හමුවුවහොත් වනදේ බැලීමේ කුතුහලය ඔවුන්ටත් ඇති විය. 

‍මේ අතර හිම දියවී යෑම නිසා ජලය ගලා යන්නට විය.  ළමයි දිය ඇලි, පොකුණු, ආදිය කැනීමෙන් කාලය ගත කලහ.  මේ අතර දෙදෙනා දිය ඇලි දෙකක් හෑරුවෝය. 

“කුඩා නිල් නයා
උඹ පිබිදිලාද
දිය පාර දිගේ
වල්ගෙන් පැන පැන වරෙන්
යනුවෙන් සිංදුවක් ගය ගයා සතුටු වූහ.  ටික වේලාවකින් නිල් රෝදයක් වැනි දෙයක් පෙරළි පෙරළී ඔවුන් දෙසට එන්නට විය.  තණකොළ ගසක් වත් නොසැලී මුද්දක් වගේ ලිතෝ දෙසට ආවේ රන් රැස් විහිදුවමිනි.  මෙන්න නිල් නයා යි ලිතෝ ලැන්තෝට කෑගැසුවේය.  ලැන්තෝ එය දුටුව මුත් නයා පැමිණියේ ලිතෝ දෙසටය. එවිට නිල් නයා අතුරුදන් විය.

ලිතෝ නවත්වපන්, මොනවද උඹ කරන්නේ අමාරුවේ වැටෙන්ට හදනවද  ඕක තමයි කලබලවලට මුලයයි කියමින් ලැන්තෝ ලිතෝව තල්ලු කර දැම්මේය. 

“ඒ පැත්ත කොටන්ට එපා අනික් පැත්ත කොටමු.  අනිත් පැත්ත කොටමු. අනෙක් පැත්තටයි රැස් වැටුනේ ලිතෝ කීවේය.  ඒකට මම ඉඩ දෙන්නේ නැහැ. 

Thursday, July 14, 2011

නිල් නයා 1 කොටස

අපේ ගමේ ළමයි දෙදෙනෙක් සිටියා. නුදුරු ගෙවල් දෙකක විසූ ඔවුන් හැදින්වූයේ ලැන්තෝ හා ලිතෝ යන නම් වලිනි.  “හාවා, “තොප්පියා යන නම් වලින්ද ඔවුහු හැදින්වූහ.  ඒ නම් වලින් ඔවුන් හැදින්වූයේ ඇයිදැයි මම නොදනිමි. 

ලැන්තෝ සහ ලිතෝ නැණ නුවණින් ශක්තියෙන් වයසින් සහ උසින් බොහෝ දුරට සමාන වූහ.  ඔවුහු දෙදෙනා පවුල්වල බාලයන් වූහ.  ලැන්තෝගේ පියා මිනිරන් පතලකත්, ලිතෝ ගේ පියා රන් ආකරයකත් රක්ෂාව කලහ.  එබැවින් කිසිවෙකුට තමන් ගැන පුරසාරමි කීමට දෙයක් නොවීය.  යහඵවන් අතර වූ එක් වෙනස් කමක් නම් ලිතෝ තම විරුද නාමයට අකමැති වූ මුත් ලැන්තෝ එය හිතවත් කමේ ලාංජනයක් ලෙස සිතීමය.

“මට කිසි දෙයක් නැහැ. අලුත් තොප්පියක් හදා දෙන්න. තාත්තාට ඇත්තේ පරණ හම් තොප්පියකැයි කියමින් අලුත් තොප්පියක් සාදා දෙන ලෙස මවට ලිතෝ ඇවිටිලි කලේය. 

ඇතැම් අය ලැන්තෝට “ හාවා කීම බොහෝ විට අරගලවලට හේතු විය.  උඹට හොද හාවෙක් දෙන්නම් කියමින් ලැන්තොට පලමුව පොරට පනින්නේ ලිතෝය.  ලිතෝ එතරම්ම ලැන්තෝට හිතවත් විය. 

ඔවුන් දෙදෙනා රණ්ඩු කර ගත්තත් ඒ තරහ වැඩි වෙලා පවතින්නේ නැත.  ඔවුහු පෙර ලෙසම මිතුරුව එකටම ජීවත් වෙති.

පවුල්වල බාලයන් වූ මොවුන් නිතරම කෙළි සෙල්ලමෙන් කාලය ගත කලහ.  බොහෝ විට ගෙවලට පැමිණෙන්නේ අදුරු වැටුණායින් පසුවය.  එසේ එන දිනවල “ මුං මුඵ දවසම රස්තියාදු වී ගෙදර එනවා යි දෙමාපියන් බැණ වැදුන වාර අපමණය.

ශීත සෘතුවේදී ඔවුනට කොහේවත් යෑමට නොහැකි විය.  වෙනදාමෙන් පන්දු ගැසීමටවත් කදු නැගීමටවත්, මාළු ඇල්ලීමටවත් හිම මිදීම නිසා අසීරු විය.  ගීස්ම සෘතුවේදී කළ කී දෑ කථා කරමින් කාලය ගත කරන්නට මේ නිසා ඔවුනට සිදු විය. 

අලුත් අවුරුද්නේ ශාස්තු කීම එක් චාරිතුයකි.  දිනක් එම චාරිතුය අනුව ගැමි ගැහැණියක් ලිතෝගේ ගෙදරට ආවාය.  ලිතෝගේ  අක්කා වන මරුෂ්කා මේ පලාපල ගැන තදින්ම විශ්වාස කලහ.  ගැහැණුන්ගේ මේ පලාපල ඇසීම දැකීමට ළමෝ පිුය කරති.  එහෙත් ඔවුහු පැමුණුනොත් ගැහැණු ඔවුනට බැන පලවා හරිති.  මෙදින ද මරුෂ්කා ලිතෝට බැන ටොකු ඇන එලවා දැම්මාය. 

මරුෂ්කාගේ කටහැකර කම නිසා කිසිම තරුණයෙක් ඇයට ආදරය නොකළ බැවින් විවාහ වන  වයසද ඉක්ම ගොස් තිබිණ.  එබැවින් ඇය පසුතැවිල්ලෙන් සිටියාය.  “ගැහැණියගේ වාසනාව බැලීමට නියම කුමයක් තිබේ.  ශාස්ත කාරිය කීවාය.  “ඒ මොකක්දැයි තව එකියක් ඇසුවාය. 

තමන්ට ලැබෙන්නේ කොහොම පුරුෂයෙක් දැයි බැලීමට නම් කළ යුත්තේ මධ්‍යම රාතියේ සියල්ලන් නින්දට ගිය පසු පලාවක් පියස්සේ එල්ලා තැබීමයි.  අනෙක් අය නැගිටින්නට පෙර එය ගලවා එහි ඇතිවී ඇති සළකුණු පරීක්ෂා කළ යුතුය.  එම සළකුණුවලින් සියල්ල පෙනේ යයි ශාස්තු කාරිය කීවාය.

“ඒ කොහොමදැයි තව එකියක් ඇසුවාය. 

“හිසකේ ගසක් පනාවේ තිබුණොත් ඒ අවුරුද්ද ඇතුළත විවාහයක් සිදුවන්නේය.  එසේ නොතිබුනොත් එයින් හිමියෙකු නොලැබෙන බව හැගෙන්නේ යයි කීවාය. හිසකේ ගසින් තමන්ට ලැබෙන සැමියා කොයි වගේදැයි දැනගැනීමට හැකි යයිද ඈ කීවාය. 

උදුන උඩ සිටි ලැන්තො හා ලිතෝ මේ කතාව සම්පූර්ණයෙන්ම අසා ගෙන සිටියහ.  මරුෂ්කා තම වාසනාව මේ ආකාරයෙන්ම අත්හදා බලාවි යයි දෙදෙනාටම සිතිණ.  තමන්ට බැණ පලවාගත් එකේ පලිය ගැනීමට සිතූ ඔවුහු ඇයට රිදීමක් කිරීමට ඉටා ගත්හ.  එදින ලිතෝද ගෙදර නොගොස් ලැන්කෝ සමග නතර වූයේය. 

මරුෂ්කා සියල්ලන් නින්දට ගිය පසු දොර ඇර අටුවට නැග ශාස්ත කාරිය කී අයුරින්ම පියස්සෙහි පනාව එල්ලුවාය.  ඇය පසුපස හොරෙන් ගිය ළමෝද ඈ කළ සියල්ල දුටුවෝය.  ඉන්පසු පනාව එල්ලූ තැන ලකුණු කර පැමිණි යහඵවෝ දෙදෙන පැලට ආහ. 

ඉක්බිති ශිතලෙන් හෝ බියෙන් වෙව්ලූ මරුෂ්කා ටික වේලාවකින් නිදා ගත්තාය.  ළමයි පමාවූයේ ඈ නිදාගන්නා තෙක් පමණි.  ඈ නිදාගත්තාට පසු ඔවුහු පියස්සේ එල්වා තිබූ පනාවෙන් අශ්ව වලිගයක් පීරූහ.  ඔවුනගේ නිර්භීතකම නිසා මෙය කෙළේ අටුව උඩ සිටමය.  මේ ඔළමොලකමින් පසුය ඔවුන් නිදාගත්තේ.