Friday, December 30, 2011

ඔයාලත් දානවද සැන්ට්!!!!


කාන්තාවන් ගැන මතකයේ රැදෙන දේවල් හුගාක් තියෙනවානේ.  ඇවිදීම, කතාව, හිනාව, හැසිරීම, මේ සියල්ලම කාගේත් මතකයේ රැදෙනවා.  නමුත් මේ හැමදේටම වඩා මතකයේ රැදෙන තවත් දෙයක් තියෙනවා.  ඒ ඇගේ සිරුරින් වහනය වන සුවදයි.  කොටින්ම කිවුවොත් ඇගේ නමටත් වඩා මේක ඉතාම වැදගත්.

හරියටම කිවුවොත් කාන්තාවකගේ චරිතය පවසන වැදගත් දෙයක් තමයි ඇය කෙරෙන් වහනය වන මේ සුවද!!!!

උෂ්නාධික රටවල ජීවත් වන අපට ඉතාමත් විශේෂ දෙයක්නේ අපේ සිරුරෙන් නිරන්තරයෙන්ම දහඩිය පිටවීම.  බස් එකක ගියාම අපට ලැබෙන අනිසි ඵලවිපාක ගැන අමුතුවෙන් කියන්නට ඕන නැහැනේ.  ඉස්සර කාලේ කාන්තාවන් වගේ නෙමෙයිනේ දැන් බවලත්තු නේද? එයාලා තමන්ගේ ශරීරයෙන් හමන සුවද ගැන එතරම් සැලකිල්ලක් නැහැ. සුවද විලවුන් බෝතලයම හලාගත්තොත් ඔක්කොම හරි කියලනේ හිතන්නේ. 

මේ විදියට බොහෝ සුවද විලවුන් වර්ගවලින් හමන සුවද ගෙන දෙන සුවද රැදී තියෙන්නේ ඉතාමත් සුළු වෙලාවක් විතරයි.  නමුත් ඉස්සර කාන්තාවන් පාවිච්චියට ගත් සදුන් , කොකුම් පොතු, වගේ ආලේපයන් දිවා රෑ දෙකේම සිරුරෙන් සුවද විහිදුවන්නට රුකුලක් වෙනවා.

මුලින්ම හිතමුකෝ අපේ ශරීරයේ වැඩිපුර දහඩිය දමන කොටස් ගැන.  කිහිලි, බෙල්ලේ පිටුපස, කකුල් , දණහිස් පිටුපස, මේ වගේ තැන් සහ ආවරණය වුනු ප්‍රදේශවල වැඩිපුර ප්‍රමාණයක් දහඩිය ගලනවා. 

ඉතින් සුවද වහනය කර ගැනීමේ පළමු පියවර සිරුර පිරිසිදුවට තබා ගැනීමයි.  දවස් දෙකකට වරක් නෑම , දවසට දෙවරක් ඇග සේදීම,  මුල්ම පියවර ලෙස සලකන්න පුළුවන්.  නෑමෙන් පසුව තෙත මාත්තු කිරීමත් බොහෝම වැදගත් දෙයක්.  අනෙක් කරුණ නම් පියරු පාවිච්චියේදී සිරුරට හානි නොවන දේ පාවිච්චි කිරීම,  අනෙක පිටි මුට්ටියේ බැහැලා වගේ නැතිව බොහෝම සුළු ප්‍රමාණයක් තමයි පියරු පාවිච්චි කල යුත්තේ.  වැඩි වුනොත් දහඩිය පිටකරන සිදුරු වැසී යාමට ඉඩ තියෙනවානේ.

අනෙක් ප්‍රධානම කාරණාව තමයි යට ඇදුම් නිරන්තරයෙන්ම පිරිසිදුව තබා ගැනීම.  වරින් වර මාරු කිරීමත් හොදින් අවුවේ වේලා ගැනීමත් ඉතාමත්ම වැදගත් කාරණා.  ඉන් අනතුරුවයි ඔබ පාවිච්චි කරන සුවද විලවුන් වර්ගය තැවරිය යුත්තේ.  (මෙහෙම කිවුවට මම රූපලාවන්‍ය ශිල්පිනියක් නම් නොවෙයි). සුවද විලවුන් ඉතාමත් වද වශයෙනුයි තැවරිය යුතු වන්නේ.  මොකද ඒකේ සුවද තව කෙනෙකුට ඔරොත්තු නොදෙන්න පුළුවන්.  ඒ නිසාම ඔබට ගැලපෙනවා කියලා හිතෙන ඉතාමත් සෞම්‍ය සුවදක් වහනය වන විලවුන් තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. 

මේ ලගදි මම පත්තරේ දැක්කා විලවුන් වර්ග පාවිච්චිය නිසා සමට වන හානිය.  ඔබ නොදැනුවත්වම එක් එක් රෝග වලට ගොදුරු වන බව එහි පවසා තිබුනා.  ඒ නිසා බොහෝම සැලකිලිමත් විය යුතුයි විලවුන් පාවිච්චියේදී.

අනෙක් කාරණාව අවශ්‍ය පමණට වඩා විලවුන් ගැල්වුවාම ලග ඉන්න තැනැත්තාට හුස්ම ගැනීමටත් අපහසු වෙනවා.  සමහර විලවුන් වර්ග දහඩිය සමග මිශ්‍ර වූ විට ඉතාමත් අප්‍රසන්න සුවදක් නිකුත් වෙනවානේ. ඉතින් ඒ ගැනත් සැලකිලිමත් වෙලා විලවුන් තෝරා ගත්තොත් නේද හොද?

3 comments:

  1. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  2. ඉස්සර මම් යාලු වෙලා හිටපු ගෑනු ළමයා පාවිච්චි කරපු සිලිකන් ජෙල් එකේ සුවඳට තමයි මම් ගොඩක් ආස. ඒ ජෙල් එක ඔලුවේ ගාපුවාම දවසම එයාගේ ඔලුව සුවඳයි.

    අක්කට ඉතින් ඔය ජෙල් එක ගැන කියන්න ඕනේ නෑ මහිතේ. :)

    මම නම් ඇක්ස් වගේ එකක් තමා ගාන්නේ. සෙන්ට් කියලා විෂේශයක් නෑ. අහුවෙන ඕන ජාතියක් උලනවා.:)

    ReplyDelete
  3. අක්කටත් අක්කෑ පවුලේ සියළුම දෙනාටත් ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!