Monday, December 26, 2011

දෙසැම්බරය

පැරණි රෝමන්වරුන්ගේ දින දර්ශණයට අනුව නම් තිබුනේ මාස 10ක් පමණයි.  එය මාර්තු මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වායි.  මෙයින් මුල් සිව් මස දෙවිවරුන්ගේ නම් වලින් හදුන්වා දුන්නා.  අනෙක් මාස වලට අංක යොදා එම අංක මාස වල නම් වශයෙන් හැදින්වූවා.  ජුලියස් සීසර් විසින් මාස 12 බාවිතා කරන්නට පටන් ගත්තායින් පසුව ඊට පෙර භාවිතයේ තිබූ මාස 10 අවසන් මාස 4ට යොදා තිබූ නම් පසුව ඒ විධියටම අලුත් දින දර්ශනයට ඇතුලත් කෙරුනා.  අවසාන මාසය ලෙස ගැනුනු දෙසැම්බරය “දහය යන අරුත් ඇති ලතින් වචනය ඇසුරින් ඇතිවුනා.  ඩිසෙම්“ යන ලතින් වචනයේ අර්ථය දහය යන්නයි. 

කාළගුණය අනුව දෙසැම්බරයෙන් ඇරඹෙන්නේ ඊසාන දිග මෝසමයි.  මෙම මෝසම් කාලය පෙබරවාරි දක්වා පැතිර පවතී.  ඊසාන දිගින් හමන සුළං බොහෝ විට ගමන අරඹන්නේ උතුරු ඉන්දියානු සිතල ප්‍රදේශවලිනි.  එසේ පටන් ගෙන ඉන්දියාවේ විශාල භූමි ප්‍රදේශයක් පසුකරගෙන ශ්‍රී ලංකාව වෙත ලගාවෙයි. මේ නිසා මෙම සුළං වල විශේෂ ලක්ෂන කිහිපයක් දක්නට හැකිය.  උෂ්ණත්වය අඩු  සිසිල් ප්‍රදේශවල සිට දිවයින වෙත හමා එන නිසාත් වියළි වූ භූමි ප්‍රදේශයක් ‍ඔස්සේ ගමන් කරන නිසාත් මේ වායු ස්කන්ධ ජල වාෂ්ප අතින් හීනයි.  එමෙන්ම සිසිල් ගතියෙන්ද යුක්තය.  ඒවාට වළාකුළු නිර්මාණය කිරීමේ ශක්තිය නැත.  ඒ නිසා මේ කාලය තුළදී අපට බොහෝ විට ගතට දැනෙන්නේ සිසිලසකි.

සිංහල ක්‍රමයට අනුව මේ මාසය උදුවප් ලෙස හැදින්වෙයි.  එමෙන්ම ලංකා වාසීන් වන අපටත් මේ මාසයේ වැදගත්කම් රාශියක් ඇත.  ශ්‍රි මහා බෝධීන් වහන්සේගේ වැඩමවීම, මෙහෙණි සස්නේ ආරම්භය, සිරිපා වන්දනාවේ ආරම්භය, ද සිදුව ඇත.

එසේම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත, සමරන නත්තල් උලෙල මේ මාසයේ 25 වෙනිදාට යෙදී ඇත.  සාමයේ පණිවුඩය රැගත්  ජේසු බිළිදුන්ගේ උපත  සිදුවී  වසර දෙදහස් ගණනක් ගතවුවද ලොව පුරා කිතුනුවන් ජේසු උපත සමරන්නේ මහත්වූ භක්තියෙනි.

එසේම කොළඹ යුගයේ ප්‍රකට කවියෙකු වූ නාරම්පනාවේ විමල රත්න කුමාරගම මේ ලොවින් සදහටම සමුගත්තේ දෙසැම්පර් 29 වෙනි දිනෙකය. 

1955 දෙසැම්බර් 17 වෙනි දින ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුලත් විය.

1931 දෙසැම්බර් 31 වැනි දින සමස්ත ලංකා කවි සම්මේලනයේ ආරම්භය සිදු විය.  එපමනක් නොව 1930 දෙසැම්බර් 18 වැනි දින ලංකා සම සමාජ පක්ෂයේ ආරම්භය ඇති විය.

1964 දෙසැම්බර් 03 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය බිද වැටුනි.  1974 දෙසැම්බර් 4 වැනි දින මක්කම බලා ඉන්දිනීසියානු වන්දනාකරුවන් රැගෙන පියාසර කරමින් තිබුණ ගුවන් යානයක් කඩා වැටීමෙන් (මස්කෙළියේදී) එහි සිටි 182ක් මරුමුවට පත්වූහ.

1 comment:

  1. දෙසැම්බර් මාසේ ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබුනා.

    මට මතක විදිහට ලෝක එච් අයි වී ආසාදිතයන් සදහා වෙන් කරලා තියෙන්නෙත් දෙසැම්බර් මාසේ පලමුවෙනිදා.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!