Saturday, October 1, 2011

දරුවන්ගේ අයිතීන් ගැන

ඔයාලා දන්නවද 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනතින් ළමයින් සේවයේ යෙදවීම තහනම් කර තිබෙනවා.

එම පනත අනුව නම් ළමයෙක් කියලා කියන්නේ අවුරුදු 14ට අඩු අයයි.  අවුරුදු 14ට අඩු ළමයින් කිසිම රැකියාවක යෙදවිය නොහැකියි.දිනපතාම පාසැල ආරම්භ වීමේ විදිමත් වෙලාවන්ටත්, පසුව ඔහුගේ දෙමාපියන් එහෙමත් නැත්නම් භාරකාරයා කරගෙන යන සැහැල්ලු කෘෂිකාර්මික හෝ උද්‍යාන වැඩ වලට එහෙමත් නැත්නම් ඒ සමාන වැඩ වලට පමණක් අවුරුදු 14ට අඩු ළමයින් සේවයේ යොදවන්න පුළුවන්.

නමුත් ළමයින් ගෘහ සේවයේ යෙදවිය නොහැකියි.  හැබැයි වෘත්තිය පුහුණුවක් සදහා ළමයෙක් යෙදවිය හැකියි.ඒත් යෙදවිය හැක්කේ රජයේ හෝ රජයේ අවසරය ඇතිව අනුමත කරනු ලබන පාලනය කරනු ලබන කාර්මික පාසැල්වල පුහුණුව සදහා පමණයි.

නරඹන්නන්ගෙන් මුදල් ගෙන විනෝද උත්සවවල රග දැක්වීමට ළමයින් යොදවන්නට බැහැ.  පුණ්‍යාධාර කටයුත්තකට, රජයේ පාසැල්වල එහෙමත් නැත්නම් ආධුනික නාට්‍ය සංගමයක් පවත්වන සංදර්ශනයකට මුදල් නොගෙන කරන කටයුතු වලට ළමුන් යොදා ගැනීම ගැන ගැටළු නැහැ. ජීවිතයට හෝ අවයවවලට අනතුරු විය හැකි ආකාරයේ අනතුරුදායක රග දක්වීම්වලට අවුරුදු 18න් පහල කිසිම කෙනෙක් යොදා ගන්නට බැහැ. 

මෙහිදී අනතුරු දායක රගදැක්වීම් කියන්නේ කරණම් ගැසීම සම්බන්ධ සියලු කාරණා.  ඇග දගර ගසන්නෙකු ලෙස කරන රග දැක්වීම් ද මේ ගණයට අයිතියි. එසේම පනතේ සදහන් වෙලා තියෙන විදියට මේවාට පුහුණු කිරීමද කල නොහැකියි. තවත් කියනවා නම් වයස අවුරුදු 15ට අඩු දරුවන් සමුද්‍ර සේවයේ යෙදවිය නොහැකි බවත් සදහන් වෙනවා.  එහෙත් රජයේ අවසරයෙන් අනුමත කරනු ලැබ පාලනය කරනු ලබන පාසැල් නෞකාවල හෝ අභ්‍යාස නෞකාවල අවු. 15ට අඩු ළමයින් සේවයේ යොදවන්න පුළුවන්.

ළමයෙක් සේවයේ යොදවා ඇතැයි දැනගත් විට අදාල ප්‍රදේශයේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස්වරයාට හෝ කම්කරු කොමසාරිස්, කාන්තා හා ළමා කටයුතු අංශය, කම්කරු දෙපාව. කොළඹ 05 යන ලිපිනයට දන්වන්න පුළුවන්.

මේ පනතේ සදහන් කාරණාවලට පටහැනිව ක්‍රියාකරන කෙනෙකුට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා වැරදි කරු උනොත් දඩුවම් ලබා දෙනු ඇති.  රැ 10,000කට නොවැඩි දඩයකට හෝ වසරකට නොවැඩි සිර දඩුවමකට හෝ යටත් කල හැකියි.  අගතියට පත් ළමයා වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චිත කරනු ලබන වන්දි මුදල ගෙවීමට වගඋත්තර කරුට සිදුවෙනවා.

2 comments:

  1. මම ඔය පනත ගැන දැන ගත්තේ අදමයි. ළමයින්ව මෙහෙකාර සේවයේ වගේම හිගාකෑමටත් යොදවන එක වැරදියි වෙන්ටෑ.

    ReplyDelete
  2. මධු...
    අපොයි ඔව්. තවත් ගොඩක් දේ තියෙනවා. ලිංගික අපචාර ගැන, වගේම ළමයින්ව මානසික පීඩා වලට ගොදුරු කරවන එක මේ හැමදේම

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!