Monday, August 15, 2011

අහිමි වූ වාසනාව

මහන්සි වී ගොවිතැන් කලත් කිසිමදාක සරු අස්වැන්නක් නොලැබූ ගොවිරාල කෙනෙක් හිටියා.  එයා ඒ ගැන හුගක් දුක් වුණා.  නිතරම කල්පනා කලා.

දිනක් අමුත්තෙක් ගොවිරාළ ඉදිරියට ඇවිත් “අර තුඹස ලගින් හැමදාම හවසට කිරි බදුනක් තබන්න.....කියලා
නොපෙනී ගියා.  ගොවිරාළ එදා හවසම කිරි බදුනක් තිබ්බා.  ඈතට වෙලා බලා සිටියා.  ඔන්න ලොකු නයෙක් ආවා.  බදුනේ කිරි ඔක්කොම බිව්වා.  ඊට පස්සේ නයා කිරි බදුනට මැණිකක් දාලා තුඹසට ගියා.

දෙවැනි දවසත් උදාවුණා.  එදා ගොවිරාලට හදිසි දුර ගමනක් යන්න සිදුවුණා.  “හවසට තුඹස ලගින් කිරි බදුන තබා නාගයා දෙන මැණික අරන් තියන්න...... කියලා එයා පුතාට කිව්වා.

පුතා තාත්තා කිව්ව විදියටම කලා.  නයා කිරි බීලා මැණිකක් දීලා තුඹසට ගියා.  තුඹස ඇතුලේ මැණික් ගොඩක් ඇතැයි ගොවි පුතාට හිතුණා.  එයා උදැල්ලකින් කොටා තුඹස කඩා බැලුවා.  ඒත් මැණික් තිබුණේ නැහැ.

පසුවදා ආපු ගොවිරාළ තුඹස දිහා බලාගෙන විලාප දුන්නා.  දුක් ගැනවිලි කිව්වා.  ඒත් නයා ආයිත් කවදාවත් කිරි බොන්න ආවේ නැහැ.

2 comments:

  1. තන්හාවේ හැටි තමයි ඉතින් ඔය !!!!
    මට අර රත්තටන් බිත්තර දෙන කිකිළිගේ කතාව මතක් උනා.

    වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න. එතකොට කමෙන්ට් කරන්න ලේසියි.

    Dashboard > settings > comment
    word verification. No karanna

    ReplyDelete
  2. බ්ලොග්කරණය මට අලුත් දෙයක් උපදෙස් අගය කරනවා ස්තුතියි ඹයාට

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!