Monday, August 15, 2011

මරුවා පැරදවූ හැටි

දිනක් අවුරුදු සීයක් සම්පූර්ණ වුනු සීයා කෙනෙකු හමුවීමට මරුවා පැමිණියා.  “ඔබට දැන් මැරෙන්න කාලය ඇවිත්. මරුවා සීයාට කිව්වා.  සීයා මරණයට සූදානම් වීම සදහා මරුවාගෙන් දින තුනක් කල් ඉල්ලුවා.  මරුවා දින තුනක් සීයාට ලබා දුන්නා.


මරණයට සූදානම් වීම සදහා සීයා දින තුනක් කුමක් කරනවාදැයි දැනගැනීමට මරුවාට ආශාවක් ඇති වුණා.


පළමු දිනයේ මරුවා එනවිට සීයා පැලයක් සිටුවමින් සිටියා.


දෙවන දිනත් මරුවා එනවිට සීයා පැළයක් සිටුවමින් සිටියා.  තුන්වන දිනයේදී සීයා කුමක් කරනවාදැයි බලා ගැනීමට මරුවා නොඉවසිල්ලෙන් පසුවුණා.  තුන්වන දිනත් සීයා පැළයක් සිටුවමින් සිටියා.


“හෙට මැරෙන්න ඉන්න ඔබ මේ පැළ සිටවීමෙන් ඇති වැඩේ මොකක්ද??? මරුවා සීයාගෙන් ඇහුවා.  
“ඇයි වැඩක් නැත්තේ? මම පැළ සිටුවන්නේ ජීවත්වෙන මිනිසුන් වෙනුවෙන්.......සීයා උත්තර දුන්නා.
හොදටම බියපත් වූ මරුවා පසු නොබලා දුවගොස් කැලයට වැදී සැගවුණා.





2 comments:

  1. ආදර්ශමත් සීයා කෙනෙක් !!!!
    ගහක් හිටවනවා කියලා කියන්නේ අනාගතේට ඉතිරියක් නේ !!!!

    චීන කියමනකුත් තියෙනවා මනුස්සයෙක් වෙන්න නම්,

    ගහක් වවන්න ඕනා
    පොතක් ලියන්න ඕනා
    පුතෙක් හදන්න ඕනා කියලා

    ReplyDelete
  2. එත්තටම මම කල්පනා කරේ මම පැල කීයක් හිටවල තියෙනවද කියල..ඒක මතක් කරවපු එක්ට ස්ත්තියි..

    @Madhurnga:
    ඕකෙ පිලිවෙල මාරු වුනාට කමක් නෑ නේ..

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!