Monday, February 6, 2012

සාප ලද්දී ඈ



යෞවනයේ  මිදි යුෂ
උරා බිව් සිගාලුන් මැද
සාප ලද්දී ජීවිතය
කෙලෙසී යැයි...........

එබැවින්,

ලබැදි යයි සිතූ හද

ලමැද මත සතපාන
ආදරය, අභියස වීය ඈ
යාදිනියක,

නමුදු,


නොලත් ඈ
සෙනේහයක් - අනුකම්පාවක්
ලැබුවාය, ලොවෙන් මුඵ 
ගැරහුම් - අවමන්

ඉදින්,

ඈ අයෝමයක් වී..................

පන්නරය ලැබුවේද
කෙලෙසින්.........................! 

(සෙනෙහස සොයා ගිය ඈ දෙනෙතින් පමණක් නොව හදවතින් ද දුටුවෙමි.  
ඉකුත් සතියේ  එක්තරා දිනෙක)

2 comments:

  1. ඒ ගෑනු කෙනාත් ඔය තත්ත්වයට වැටෙන්න තමන් ආදරේ කරපු කෙනාගේ වැරැද්දත් බලපාන්න ඇති !!

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!