කුලී රිය අපිළිවෙල පරණ ගොඩනැගිලි සහිත වීදියකට වැටුණි. යාන්තමට හිස හැරවූ රියදුරා “නෝනා මේ තමයි පෙටුනියා වීදිය“ යි කීය. දිරාපත් ගොඩනැගිලි අතරට හිරවී තිබූ එවන් පටු වීදියක් ඈ ඊට පෙර කිසි දිනෙක දැක තිබුණේ නැත. වරාය දෙසින් හමා ආ කරදිය ගද එකතු වූ කුණු ගද තුළ මුඵ වීදියම ගිලී ගොස් තිබිණ.
රිය කවුඵවට මුහුණ තදකරගත් ඕ විමසිලිමත්ව බැලුවාය. මේ අදුරු ලෝකයට ගලා එන්නට අකමැති වූ හිරු එළිය ඊට වඩා හොද පෙදෙසක් සොයා ගියාක් මෙන්, දිගින් දිගටම පෙනුණේ මැදින් උස්වී දෙපසට ඇලවී ගිය වහලවල් හා දිගු පැතලි වහලවල් සමුදායක් පමණකි. එකට යාව පිහිටි ගෙවල්වල විවර කොට තිබූ කවුඵ ඇය දෙස බලාසිටි කිසියම් අද්භුත සත්වයකු ගේ ඇස් මෙන් පෙණින.
“පෙටුනියා වීදිය“ විශ්වාස කල නොහැකි ගතියකින් ඕ තමාටම කියා ගත්තාය. අනතුරුව ඇය ගෙළ බැදි මාලයත්, එදින උදයේ කේශ කල්‍යාණ නිරූපිකාව විසින් සැකසූ කෙස් වැටියත් වෙත අත යවන්නට වූයේ ඉබේමය.
“මගේ දුව මෙහේ ඉන්නවා!“ අවට තිබූ දිළිදු අසරණ පෙනුම තේරුම් ගත් ඇය මුමුණා ගත්තාය.
“අනේ දෙයියනේ ඒකිට පිස්සුද කොහේද? මං ගෙදර යන්න ඕනි. ලින්ඩා! ඉක්මනට ගෙදර යන්න ඕනි. ලින්ඩා ඔය ළමයගේ හිත පිස්සු වැටෙන්න කලින් ගෙදර යන්න ඕනි“.
අහල පහල වැඩි දෙනෙකු පෙනෙන්නට සිටියේ නැත. මහත ස‍්ත්‍රියක් වේවැල් කූඩයක් අතින් ගෙන වෙළද කවුඵවක් අසලට වී බලා සිටියාය. මළානික මිනිසෙකු කානුවක් අද්දර ඇන තියාගෙන සිටියේ අප්‍රාණික විලාශයෙනි. ලාම්පු කණුවක් යටට වී සිටි ළමෝ යටිගිරියෙන් කෑ ගසමින් එකිනෙකා පසුපස එළවමින් සිටියහ. ඉතාම කුඩා එකකු බෙහෙවින් අපිරිසිදු මුහුණකින් යුක්තව කලිසමක් රහිතව දුවමින් සිටියේය. දිවීම නැවතූ ඔහු එක් අතකින් නැහැය හාරමිනුත් අනෙක් අතින් ලිංගේන්ද්‍රිය අතගාමිනුත් කුලී රිය දෙස බලාගෙන සිටින්නට විය. ඒ වන විට රියෙහි වේගය බාල කොට ඔවුහු නිවාස අංක පිරික්සමින් සිටියහ. අපිරිසිදු ළමයා දුටු ඕ දැඩි පිළිකුලෙන් ඉවත බලාගත්තාය.
“දෙවියන්ට ස්තුති වන්න තාත්තා දන්නේ නැහැ දූ ඉන්නේ කොහේද කියලා. දෙයියෝ තමයි දන්නේ තාත්තාට මොනවා හිතෙයිද කියන්නයි සිතු ඇගේ වේදනාව හිටිවනම වඩාත් තියුණු ලෙස දැනෙන්නට විය.
“අනේ....ඇයි ? ඇයි? ඔයා අපට මෙහෙම කලේ. ඇයි ලින්ඩා! ඔයාට හොද ගෙදරක් තිබුණා. හොද දෙමාපියන් ඉන්නවා. හොද ඉගෙනීමක් තියෙනවා. ඒත් ඔයා පැනලා ගියා නිකන්ම නිකන් තුට්ටු දෙකේ නාවිකයෙක් කසාද බැදගෙන. දැන් ඔයා මේ වාගේ පරිසරයක ජීවත් වෙනවා.
කුලී රිය නතර වුණි.
“මේක නොම්මර දා හත නෝනා යි කී රියදුරා ඇය දෙසට හැරුණේ අප්‍රසාදයෙන් පිරි මුහුණකිනි.
“නෝනා එනකල් ඉන්න ඕනිද?“
,අපොයි ඔව් මං එනකල් ඉන්න ඕනේ“
වීදිය වටා පරීක්ෂාකාරීව බැලූ රියදුරු තැනගේ මුහුණෙහි කිසියම් අනුකම්පාවක් පහළ විය.
“මං නෝනා එක්ක ඇතුළට එන්න ඕනද?
ඇය වහා දොරටුව දෙස බැලුවාය. අව්, වැසි, සුළං වලට හසුවී සායම් පතුරු ගැලවී ගිය එය හිරු එළියට පිලිස්සුණු හමක් මෙන් විය. නොම්මර දාහතේ අංක තහඩුව බුරුල් ලෙස එල්ලී සිටයේ එකම එක ඇණයකිනි. දොරටුව ඉදිරිපස බිම දමා තිබු ගෙවී ගිය පාපිස්ස මත හිස් සිගරැට් පැකැට්ටුවක් තිබිණ. නැව් වලින් හමන මුහුදු සුවද රථය තුළටත් ගලා ආවේය.
“මේ මිනිහා එක්ක ගියොත් ලින්ඩා කැමති වෙන එකක් නැහැ. මං ටිකක් හිත තද කරගන්න ඕනි. අනේ ලින්ඩා කොහොමද මේ වගේ දෙයක් කලේ? කොහොමද........කොහොමද? ඕ සිතුවාය.
“නෑ බොහොම ස්තුතියි. මෙහෙන් ඉන්න මං එනතුරු......
“හොදමයි නෝනා කැමති විදියක්...........ඔහු රියෙහි දොර විවර කලේය.
ඈ පඩි තුනක් නැග දොරටුවට ළගා වූවාය. එහි තිබූ කවුඵ සියල්ල තමා දෙස ඔරවා බලා සිටින කැත සත්ත්වයෙකුගේ ඇස් මෙන් විය.
දොරටුවේ සීනුවක් නොවීය. ඒ අපිරිසිදු ලෑලි වලට තට්ටුකල යුතු වූයේ අතින් මය. තම අලංකාර අත් මේස් ගැලවිය යුතු දැයි නැති දැයි ඕ මොහොතක් සිතා බැලුවාය. එක් ඇනයකින් එල්ලී සිටින අංක තහඩුව ගලවා දොරට තට්ටු කළ යුතුයයි සිතී ඇයට තනිවම සිනහා පහළ විය. ඕ වහා එය මැඩගෙන දෙතොල් තද කර ගත්තාය.
දෙවරක් තට්ටු කළ මුත් කිසිවෙක් පැමිණියේ නැත. රියදුරා ප්‍රශ්ණාර්ථයක් නගාගත් මුහුණින් ඇය දෙස බලා සිටියේය. ඉතා අප්‍රසන්නවූත් නොසන්සුන්වූත් ගතියකින් ඕ ගැහෙන්නට වූවාය.
“අනේ දෙවියනේ පෞද්ගලික පරීක්ෂකයෙකුට සල්ලි දීලා බොහෝම අමාරුවෙන් ලින්ඩාගේ නිවසේ ලිපිනය හොයාගත්තට පස්සේ මේක පාලු ගෙදරක් කියලා නම් කියන්න එපා“ යි ඕ සිතෙන් යැද්දාය. එවිටම ගෙතුලින් හඩක් ඇසිණි. එය සෙරෙප්පු සද්දයකි. නිරාවරන ලෑලිමත රෙරෙප්පු දමා ඇවිදින සද්දයකි.!
මෙවැනි තැනක නිරාවරණ ලෑලි පොළවක් අපේක්ෂා කළහැක. නමුත් මේ වේලාවට සෙරෙප්පු දමාගෙන සිටින්නට තරම් පහත් තත්වයකට පත් වීමට ලින්ඩාට පුඵවන්ද? ඒ වනවිට සෙරෙප්පු හඩ දොරේ අනෙක් පස අයිනටම පැමිණ තිබිණ. සිතුවිලි පාලනය කරගෙන කල්පනාකාරීව හැසිරිය යුතුයයි ඇය සිතා ගත්තාය. කාරුණික විය යුතුය. එහෙත් සමාව දෙන්නාවූ මවකගේ විධානාත්මක ස්වරය පාවිච්චි කළ යුතුය. තමාට කියන්නට තිබෙන්නේ “ලින්ඩා ......ලින්ඩා රත්තරං.......! අම්මා ආවා ඔයා ගෙදර එක්කරගෙන යන්න“ කියාය.
දොර විවර විය. මුලින්ම පෙනුණේ කලහකාරි ගතියක් පළ කළ කටකට ඉහලින් පිහිටි කුඩා දෙනෙතකි. ඉන්පසු ඒ නොපියවූ කිමෝනාවක් අතින් අල්ලා තද කරගනිමින් කය වසාගෙන සිටි ගැහැණියක වග පෙනින. ඇගේ හිස සති කිහිපයකින් නොපීරුවා සේය. කැමරන් මැතිණිය මේ බිය කරු සත්වයා දැක තිගැස්සී මදක් පසුබෑවාය. එවිට ගැහැණිය සැක සහිත ලෙස බලා කථා කලාය.
“මොකද?“
“මේ.....මේ...... ඇයට ලින්ඩාගේ විවාහක නම මොහොතකට අමතක විය.
,මේ මේ සැම්බුලි නෝනා ඉන්නවද?“ එය උච්චාරණයට අපහසු නමකි. විශේසයෙන්ම කැමරන් කෙනෙකුට එය අපහසුය. ගැහැණිය උඩ සිට පහළට ඉතා පරීක්ෂාකාරීව බැලුවාය.
“එයා ඉන්නේ මෙහේ තමයි. මේ වෙලාවට ගෙයි ඉන්නවද දන්නේ නැහැ. පඩිපෙළ නැගලා ගියාම දකුණු පැත්තේ තියෙන පළවෙනි දොරයි“කී ගැහැණිය දොර නොවසාම ගෙතුළ අදුරට මුසුවී ගියාය.
දොර වැසිය යුතුද නැද්ද කියා කැමරන් නෝනා කල්පනා කලාය. කොයි එකටත් දොර ඇර තිබීම හොදයි. තමා කොයි එකටත් යනුවෙන් අදහස් කලේ කුමක්දැයි සිතී ඕ බියෙන් සැලුනාය. කෙසේ වුවද එය විවරව තිබූවිට අවශ්‍ය වුවහොත් රියදුරාට කතා කළ හැක. ඇය තරප්පුවේ තිබූ අපිරිසිදු ලී වැට ඇල්ලුවේ නැත. තොල් තද කරගෙන හිස සෘජුව තබාගත් ඈ පඩි පෙළ උඩට නගින විටත් වරායෙහි හා නැව්වල සුවද අවට දැවටෙමින් තිබිණ.
ඒ පඩිපෙළ අවසානයෙහි තවත් පඩි පෙළකි. එහි කෙළවර කවුඵවකි. එහි දූවිලි බැදී තිබේද නැතහොත් ඒ ලේස් තිර රෙද්දක් දැයි ඕ සිතුවාය. නමුත් ඇයට එම කවුඵව අසලට යාමට අවශ්‍ය නොවීය. සෝදා පිරිසිදු කළ දොරක් ඇය නෙත ගැටිණ. එහි පිත්තල දොර බෝලය හොදින් මැද තිබේ. කෙසේ වුවද හොද ගෙයක් තිබියදී මෙවන් කාමරයක ජීවත් වීමට නම් ලින්ඩාගේ ඔලුව නරක් වී තිබිය යුතුය. එහි සීනුවක් නැත. මේ අපිරිසිදු දොරටු නිසා තම අත් මේස් කුට්ටම හොදටම නරක් වනු ඇත.
දොරට තට්ටු කල හඩ කාමරය තුළ විනිවිද යනු ඇසිණ. ඕ කිහිප වරක් දොරට තට්ටු කළාය. ඒ සෑම විටෙකම ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් බලා සිටියදී ඇගේ සිතෙහි කනස්සල්ලක් වැඩෙමින් පැවතිණ. දොර විවර වුණි. ලින්ඩා !ඇගේ මෝඩ පුංචි කෙල්ල ලින්ඩා කිමෝනාවකින් සැරසී එය අතකින් අල්ලා ගෙන සිටියේ පහත මාළයෙහි සිටි සක්කරවට්ටම මෙන්මය.
“අම්මා!!!!! ලින්ඩා පුදුමයෙන් පස්සට වූවාය. “ ඔව් ලින්ඩා...... ඕ නොසැලී පැවසුවාය. “මං ආවේ........
“ෂ්.......ෂ්........“ ලින්ඩා ඇගිල්ලක් දෙතොලට තබා නිශ්ශබ්ද වන ලෙස ඇගවූවාය. ගෞරවනීය බියකින් සැලුනු ඇගේ දෑස් කාමරයේ එක් පසෙකට යොමු විය.
“නමුත් ලින්ඩා මං ඔයාගේ අම්මා.... මං පිට.....“
“ඔච්චර හයියෙන් කතා කරන්න එපා අම්මේ. අනේ.....“ එවර ලින්ඩා ඇගිල්ලක් උලුක් කර පෙන්වූයේ දගකාර දරුවෙකු යම්කිසි හිතුවක්කාර කමකින් වළකන්නට තැත් කරන්නාක් මෙනි.
“හැරී තාම නිදි“
“හැරී????
“මගේ මහත්තයා“
ලින්ඩා ඒ වචන උච්චාරණය කලේ දෙවියකු ගැන පවසන්නාක් මෙනි. දේව පූජාවේ දී ශුද්ධ වූ සක්‍රෙම්න්තුව ගැන කථා කරන අයුරින් ඒ මිනිහා ගැන කතා කරන්නට ලින්ඩාට ඉඩදිය නොහැක.
“මං ඔයාව බලන්න ආවෙත් ඒක නිසා තමයි ලින්ඩා, කැමරන් නෝනා එසේ කීවේ තමා ට රගපාන්නට තිබෙන කොටස ගැන මෙනෙහි කරමිනි. දියණියගේ තීරණය ගැන නොතකාම දෙඩිය යුතුය. මේ මධ්‍යාහ්නයෙහි කිමෝනාවක් ඇද සිටින්නට තරම් බලවත් වරදක් කර තිබෙන ලින්ඩාගේ විලාශය දැකීමෙන් ඒ හැගීම වඩා බලවත් වී විශාල ධෛර්යයක් ඉපදුණි. තමා යටත් කරගන්නට දෝනියන්දෑට ඉඩදිය නොහැක.
“මං ඇතුලට එන්න ඕනෙ.“
“ඔව් අම්මේ ඇත්තටම සතුටුයි අම්මා දකින්න ලැබුණුට. හැබැයි සද්ද කරන්න නම් එපා. හැරී ගෙදර ඉන්න දවස්වලදී හොදට නිදාගන්න ඕනිනේ. මෙහෙන් වාඩිවෙන්න. “ කිමෝනාවේ විවරය අතින් තදකොට ගත් ලින්ඩා පරණ තාලයේ සෝපාවක් දැක්වූවාය. එය නවීන මෝස්තරයක් සහිත රෙද්දකින් ලිහිල්ව ආවරණය කොට තිබුණි.
“මං ඉන්න විදිය ගණන් ගන්න එපා“ ඕ සමාව අයදින විලාශයෙන් කිමෝනාව අල්ලාගෙන පැවසුවාය.
“හැරී ගෙදර ඉන්න කොට මං ජීවත් වෙන්නේ එයාගේ වැඩ පිළිවෙල අනුවයි. එයා ආයෙත් නැවට ගියාම මම සාමාන්‍ය විදියට වැඩ කරනවා“
මෙවැනි ස්ථානයක සාමාන්‍ය ආකාරයට වැඩ කළ හැකිද? ඈ වටපිට බැලුවාය. කාමරයේ බිත්ති දෙකක් තද කොළ පාටකින් සායම් කොට ඇත. වීදිය දෙසට මුහුණලා පිහිටි ජනේලයක් සහිත බිත්තියෙහි හුණු හූරා දමා තිබිණ. එහි තැනින් තැන කලින් අලවා තිබූ බිත්ති කරදාසිවල සළකුණු පෙණින. සිවිලිම හරහා සිතියමක රේඛා මෙන් තැනින් තැන පැලුණු පාරවල් විය.
“මම මේවාට සායම් ගානවා. මගේ අනික් චිත්‍ර වැඩ ඇරුණම මේක හරි විනෝදයක්
ලින්ඩාගේ අනෙක් චිත්‍ර නිකම්ම දිය සායම් හෝ තෙල් සායම් පැල්ලම් සටහන් කිරීමකි. කාමරයේ එක් කෙළවරක කැන්වස් හා කරදාසිවල සටහන් වූ එවැනි චිත්‍ර කිහිපයක්, චිත්‍ර රදවන රාමුවක් වටා විසිරී තිබිණ. චිත්‍ර රාමුව ඉදිරියෙහි කුඩා බංකුවකි. නියම පිළිවෙලකට පාට කරනවා නම් ඇගේ චිත්‍රය හොදය. නමුත් මහාචාර්යවරයාත් දියණියත් කිසිවිටෙක චිත්‍ර ඇදීම බරපතල ලෙස ගණන් ගත්තේ නැත. පියාගේ අඩිපාරේ ගිය දුව විද්‍යාවට දස්කම් දැක්වූවාය. ලින්ඩා ඉතා බුද්ධිමත්ය. එහෙත් පසුව ඈ විද්‍යා විෂයයන් අත හැරියාය. දැන් ඈ චිත්‍ර අදියි. නමුත් එය ක්‍රමානුකූලව කරන පාටක් නැත. මේ ඉරි බෝල හා පෙට්ටි සහිත විකාරයකි. හොදට අදින්න හැකි උදවිය මේ විකාර නොකොට හොද චිත්‍ර ඇදිය යුතුය.
ලින්ඩා පුතකු වුවානම් ඔවුනට තවත් දරුවකු සිටියානම් තත්වය වෙනස්ය. විද්‍යාව යනු ගැහැණු දරුවෙකුට උචිත විෂයක් නොවිය හැක. නමුත් එය ලින්ඩාගේ හෝ තමාගේ වරදක් නොවේ. මහාචාර්යවරයාගෙන් දරුවෙකු ලබා ගන්නට තිබු අමාරුව දන්නේ දෙවියන් පමණකි. දැන් එය තේරුමක් නැති වී තිබේ. දුව විශ්වවිද්‍යාලයට යන තුරුම ජේම්ස් ඇය ගැන උනන්දු වූයේ නැත. මේ සියල්ල සිදුවී තිබෙණුයේ ඉතාම අවාසනාවන්ත ලෙසය. මේ බුද්ධිමත් තාත්තාත් දුවත් අතර ජීවත් වීම සදහා ඇයට විශාල සටනක් කරන්නට සිදු විය. එනමුදු මේ දෙදෙනාගෙන් එක් අයෙකු හෝ තේරුම් ගැනීමට ඕ අපොහොසත් වූවාය. සැම විටම ඔවුන්ගේ ඇසුරෙන් තමා පහකරන ලද්දාසේ ඇයට දැණින. ඕ නිරන්තරයෙන්ම කාන්දම් දෙකක් මැද තිබූ ඇල්පෙනෙත්තක් බදු වූවාය.
එය ඉතා දුෂ්කර ජීවිතයකි. ලින්ඩා ඉපදීමට පෙර වුවද කිසිම දෙයකින් ජේම්ස් සතුටු කිරීම අපහසු කරුණක් විය. ලෝකයේ මිම්මෙන් මෙතරම් හොද ස්වාමියෙක් ලැබෙන්නේ නැතිව නිකම් සාමාන්‍ය මිනිසෙකු හා විවාහ වූවා නම් කෙතරම් හොදදැයි ඇය නිතර සිතුවාය. මේ මහා බුද්ධ්මතුන් හා එකට විසීම අමාරුය. බුද්ධිමතුන්ට සාමාන්‍ය මිනිසුන්ගේ ලෝකයට පිවිසිය නොහැක.
“අම්මේ තේ ටිකක් බොමුද?
“තේ.....? නෑ ඕන නෑ මේ දැන් මං......
“කොහොමටත් දැන් හැරීට තේ හදන්න ඕනේ.
“දැං මට නම් එපා ළමයො මට දැන් උවමනා....
“අම්මේ කරුණාකරලා මතක තියා ගන්න මම ළමයෙක් නෙවෙයි.
“ලින්ඩා තාත්තායි මායි කියන්න කැමතියි ඔයාට උවමනානම් ඕනිම වෙලාවක අපේ ගෙදර එන්න පුඵවන් “ ලින්ඩා පුදුමයෙන් බලාසිටි නිසා ඈ කතාව නැවැත්වූවාය.
“ගෙදර එන්න???? දුව හිස සොලවමින් සිනහා වන්නට වූ නිසා අම්මා විමතෙියෙන් ගල් ගැසුනාය. කර සෙලවීම නිසා කිමෝනාව මෑත්වී ඇගේ කුඩා පියයුරු පෙනෙනතුරුත් ඕ සිනහා සුනාය. දෙයියනේ....!කිමෝනාව යටින් මේ කෙල්ල කිසිම දෙයක් ඇදලා නෑ! කිසිම දෙයක් ඇදලා නෑ!
“ගෙදර එන්න?? ලින්ඩා පුනරුච්චාරණය කලාය. ඇගේ සිනහව නිසා කාමරය පුරා කිසියම් අසහනකාරී ගතියක් පැතිරිණ.
“ මේ සේරම දාලා යන්න???? අම්මා හරිම විහිඵකාරියක්නේ.
“මට ඒකේ කිසිම විහිඵවක් පේන්නේ නෑ ලින්ඩා මං හිතුවා මේ වෙනකොට ඔයා කරපු මෝඩකම ගැන තේරිලා ඇති කියලා. නැවතත් වැරදි කතාවක් කියවේදැයි ඕ මොහොතකට සිතා බැලුවාය. සෑම විටෙකම ඈ අතින් කියැවෙන්නේ වැරදි වචනය. ජේම්ස් හා දොඩනවිට වුවද එසේමය. මේ ගමනට ඔහු පැමිණිය යුතුව තිබිණ. මෙවැනි උගතුන් දෙදෙනකු අතර තමා පමණක් තැලී පොඩිවීම අසාධාරණය. ඈ තාත්තාත් දුවත් අතර නිරන්තරයෙන් එහාට මෙහාට විසිවනුයේ පිහාටු පොරොප්පයකු සහිත පන්දුවක් මෙනි. ආපස්සට........ඉදිරියට.......ආපස්සට.........ඉදිරියට තමා නියම පිහාටු පොරොප්පයකි. දුවගේ මුව දරදඩු වී යනු අම්මා දුටුවාය. එය අම්මා හොදින් දන්නා ලක්ෂනයකි. තමා අතින් වැරදි යමක් කියවුනිදැයි ඕ නැවත සිතුවාය. ලින්ඩාගේ දෙනෙත්වල කෝපය සනිටුහන් විය. මෙය ඉතා දුෂ්කර අවස්ථාවක් වනු ඇත. මදක් හැඩිය යුතුද? දැන්මම නොව කදුඵ පසුවට තබාගත යුතුය. දැන් තමා සංසුන්ව ස්ථිරව සිටියයුතු අවස්ථාවය. පන්දු පිටියේ ජේම්ස් ගේ පැත්තට පැන ගතයුතු වෙලාවය.
“තාත්තා මට කිව්වා ඔයාට කියන්න කියලා.....!
“අනේ අම්මේ පිං සිද්ධ වෙයි. මං හරිම සතුටුයි අම්මා දකින්න ලැබුණට. අම්මා දකින්න මං කවදත් සතුටුයි. ඒ වුණාට මේ පරණ මෝඩ කතා ඇදගන්න එපා. මට තාත්තා ගැන අහන්නවත් තාත්තා දකින්නවත් උවමනා නැහැ. තාත්තා කියන්නේ මට පේන්ඩ බැරි නාකි මිනිහෙක්.
“ලින්ඩා ..... ඇයට කියවුනේ දැඩි ස්වරයකිනි. එය සගවා ගත හැකි දෙයක් නොවීය. පාලුවෙන් තනිකමෙන් ගෙවී ගිය කාලය ගැන ලින්ඩා දන්නෙහිද? එහෙත් දැන් ගැන සිතීම විශාල දුක් ගින්දරකි. ඇය ඉතා අසරණ ලෙස කාමරය සිසාරා බැලුවේ තමා වැටුණ තැනින් ගොඩ එන්නට ආධාරකයක් සොයමිනි. දැන් සදහටම වැලලී ඇතැයි සිතූ ඒ දුක් මුසු අතීතයෙන් ගොඩ එන්නට කුමක් හෝ කරුණක් සොයා ගැනීම අවශ්‍ය විය.
ඇත්ත වශයෙන්ම ඇය ගලවාගන්නට දෙයක් ඒ කාමරයේ තිබිණි. මුල්ලග තිබූ පුටුවක් මත කඵ රෙදි බෝනික්කකු විය.
“ලින්ඩා ඔයා ලග තාම ඩොගල්ස් ඉන්නවනේ,........! නැවතත් අප්‍රසාදයෙන් මව දෙස බැලූ ලිනඩා පසුව සිනහසුනාය.
“ආ.....ගොලියෝග්ද අම්මේ. අනේ මගේ අම්මා කොච්චර හොදද? ඔව් මං ඒක තියාගෙන ඉන්නවා. ඒක මට දුන්නේ අම්මා නේද?
කඵ රෙදි බෝනික්කා දකින්නට ලැබීම කෙතරම් හොදද? එයින් අප්‍රසාදය මකා ගත හැකිය. පෙරට වඩා සමීප ගතියක් ඇතිවී නැවතත් ඔවුහු අම්මා දුවගේ තත්වයට පත් විය. අම්මා ගොලියෝග් දෙස බැලුවේ ඉතා ස්තුතිවන්තවය.
“තාත්තා කිවුවා ඒක මහ මෝඩ තෑග්ගක් කියලා.
එවර ඔවුහු නැවතත් දෙපසට වන්නට පටන් ගත්හ.
“එයා එහෙම තමයි. පුදුමයි මට ගණිත චක්කර පොතක් තෑගි නොදීපු එක!
“අනේ ලින්ඩා කරුණාකරලා.......... කැමරන් මැතිණිය නැවතත් ක්‍රීඩා පිටියේ මැද්දට වැටී තිබේ. ඇතැම් විටෙක ඕ සැමියාටත් දියණියටත් වෛර කලාය. ඒ දෙදෙනා නිසා තමා කෙතරම් දුක් විදිය යුතුදැයි ඔවුන් දන්නේනම් කෙතරම් හොදද?
“අම්මාට තේ ටිකක්?
“මං අම්මට තේ ටිකක් හදන්නම්. ලින්ඩා උපක්‍රමශීලීව කතා කලාය.
“හැරී ඉක්මනට නැගිටීවි. එයා නැගිටිනකොට මම තේ හදලා තියන්න ඕනේ.
කිමෝනාවක් දවටගත් දියණිය කාමරයෙන් පිටවී කුස්සි පොඩ්ඩකට යනු ඈ බලාසිටියේ එක්තරා සතුටකිනි. ගෑස් උදුන පත්තු කරන හඩත්, කෝප්ප පීරිසි හෝදන හඩත් ඇසිණ. සැම විටකම ගේ දොර කටයුතු කෙරෙන හඩ ඇයට සමීප ගතියක් දනවයි. ඕ වඩාත් පරික්ෂාවෙන් කාමරය සිසාරා බැලුවාය.
කුඩා කුස්සියට යන්නට තිබූ දොර හැරෙන්නට තවත් දොරක් තිබුණි. ඒ ඔවුන්ගේ නිදන කාමරය විය යුතුය.