Tuesday, December 13, 2011

හැබෑටම කෙල්ලෝ මෙහෙමද?


1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්‍රශ්ණෙට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක්.
 
2. සෞදි අරාබියේ කාන්තාවකට දික්කසාදය ලබගැනීමට තම ස්වාමියා තමාට බීමට කෝපි ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් ප්‍රමාණවත් හේතුවක්
 
3. ඉතාලියේ මේරි යන නම ඇති කාන්තාවන්ට ගණිකා වෘත්තියේ යෙදීම නීතියෙන් තහනම්
 
4. අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් අහුවොත් කෙල්ල බලපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි.
 
5. ලෝකයේ වැඩිම සහ දෙවන IQ ලකුණු වාර්තා කර ඇත්තේ කාන්තාවන් විසිනුයි
 
6. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි
 
7. කෙල්ලෙක්ගේ නානකාමරයේ තිබිය හැකි සාමාන්‍ය භාණ්ඩ ගණන 437 ක් වන අතර මින් බොහෝ දේවල් පිරිමියෙක්ට අඳුනාගැනීමට නොහැකි දේවල් වෙනවා
 
8. පිරිමියෙක් දින 7ක ගමනක් යන විට ඇඳුම් කට්ටල 5ක් පමණ රැගෙන යන අතර ඇඳුම් 2ක් දෙවරක් බැගින් අඳිනවා. කාන්තාවක් එම ගමන යනවිට ඇඳුම් 21ක් වත් රැගෙන යන අතර එසේ කරන්නේ එක් එක් දවසේ තමාට අඳින්න ආසා හිතෙන්නේ කොයි ඇඳුමද කියා හිතාගැනීමට නොහැකිවයි.


ප.ලි.  (මේ මගේ අදහස් නෙමෙයි හොදේ. මට ආපු ඊ මේල් එකක්.  අනේ මන්දා. මේක කියවලා හැබෑද       කියලා බලන්නකෝ. හිතට දැනෙන දේ අවංකවම කියලා යන්නත් අමතක කරන්න එපා) 

නුඹ මට මල් කැකුළක්...!!!


පරවුනු මල් සමග
වසන්තය දිය කරන
දයා දිය සිදුනු
කතරකදී...............
ඔබ
මට හමුවූ
එකම මල් කැකුලයි.
ඔබේ
දයාබර සෙනෙහස
සිනා පිරුණු මතකය
ගිලිහී නොයයි
මා සිතින්,
මගේ 
ජීවන කුසුම
සංසාර නටුවෙන්
ගිලිහී, පොළව සිඹින තුරු
දැන් ඉතින්
එක්වෙන්න කාලයයි
කදුඵ බිදු 
පෙරමගට අසුබයි...........!