Saturday, June 18, 2011

එකෝමත් එක රටක.............

  
එකෝමත් එක රටක එකෝමත් එක කාලෙක අම්මෙකුයි තාත්තෙකුයි හිටියා.   මේ දෙන්නා විවාහ වෙලා ටික දිනකින් එයාලගේ පුංචි කැදැල්ලට  පුංචි දූ පැටික්කියෙක් ආවා.  ඉතින් මේ අම්මටයි තාත්තටයි හරිම සතුටුයි.    ඔන්න ඉතින් මේ පුංචි දෝණි අකුරු ඉගෙන ගන්න පටන් ගත්තා. එයාගේ වයස සම්පූර්ණ වෙනකොට මේ දෙමාපියොත් අනෙක් දරුවන් එක්ක මේ පුංචි දූ කුමාරිව නගරයේ තියෙන හොදම පාසැලකට දැම්මා. ඇයත් පාසැල් යන්න අකමැත්තක් දැක්වුවේ නැහැ. මේ පුංචි දෝණි හොදින් පාසැල් වැඩ කටයුතු කලා. ඇය ඒ පාසැලේ දීප්තිමත් ශිෂ්‍යාවක් වුණා. ඉතින් මේ අම්මටයි තාත්තටයි හොදටම සතුටුයි.

ඔහොම ඉන්නකොට ඔන්න ඉතින් ඇය 6වසරට සමත් වුණා. අද වගේ නෙමෙයි ඒ දවස්වල ශිෂ්‍යත්ව විභාගය තිබ්බේ 6 වසරෙදී. ඉතින් මේ පුංචි දුව ඒ විභාගයෙනුත් සමත් වෙලා නගරයේ තිබුණ උසස් විද්‍යාලයකට ඇතුලු වුණා. ඇය ඇගේ ඉගෙනීමේ කටයුතු හොදින් කරගෙන ගියා.  මේ පුංචි දුව දැන් ඇහැට කණට පෙනෙන ලස්සන දැරියක්. ඇය ටිකෙන් ටික උස් මහත් උණා. සමහරු ඇය දෙස විමසිල්ලෙන් බලාගෙන හිටියා. පංතියෙන් පංතියට ඇය ඇගේ ඉගෙනීමේ කටයුතු නිම කලා. විභාග සියල්ල සමත් වුණා.  හැබැයි මොන දේ වුනත් මේ අම්මයි තාත්තයි මේ දෝණිව තනියෙන් නම් කොහේවත් ඇරියේ නැහැ. හැම වෙලාවෙම ඇගේ තනි නොතනියට කවුරුන් හෝ කෙනෙක් හිටියා. 

ඉතින් මේ ලස්සන පුංචි ගෑනු ළමයා දැන් ලොකුයිනේ.  අවුරුදු 20ක විතර තරුණියක්.  ඇය පාසැල් අධ්‍යාපනය අවසන් කරලා යතුරුලියනය ඉගෙන ගන්න ඇගේ යාඵවන් එක්ක අමතර පංතියකට ගියා.  මේ පංතිය තිබුණේ රජයේ ආයතනයක වෙන් කරපු පුංචි කොටසක.  ඉතින් කොහොම හරි කාලය හෙමින් හෙමින් ගතවෙලා ගියා. ඔන්න ඉතිං ටික දවසක් යනකොට මේ කන්තෝරුවේ වැඩ කරන මහත්තැන් කෙනෙකුට මේ ගෑනු ළමයා ගැන හිත ගියා. මේ දෙන්නා කතා බහ කලා. හිනා වුණා. කාලය ගෙවීගෙන ගෙවීගෙන ගිහින් වසර 2කට පසුව මේ ගෑනු ළමයා පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන්න ගියා. ඊටත් වසර 3කට විතර පස්සේ අර කන්තෝරු මහත්තැන් දෙපැත්තෙම දෙමාපියන්ගේ අවසරය ඇතිව මේ තරුණිය විවාහ කරගත්තා.

දැන් ඉතින් මේ දෙන්නාට බොහෝම සතුටුයි.  මේ දෙන්නා විවාහ වෙලා ටික කාලෙකින් මේ තරුණිය තමන්ගේ රැකියාවෙන් අයින් වුණා.  ඊටත් ටික කාලෙකට පස්සේ  මේ පුංචි කැදැල්ලට තවත් අමුත්තෙක් ආවා.මේ අමුත්තා ඔවුන් ළගට ආවේ හරියටම ඇසල පෝය දවසක. තමන්ගේ දියණිය ගෙනාපු අලුත් අමුත්තා දිහා ඇගේ දෙමාපියන් බොහෝම සෙනෙහසින් බැලුවා.  හැමෝම හිටියේ බොහෝම සතුටින්.  ගෙදරට අලුතින් ආ සිගිත්තා බලන්න යාඵවෝ, නෑදෑයෝ, බොහෝම දෙනෙක් ආවා.  තෑගි බෝගත් බොහෝමයක් ලැබුණා.

හරියටම මේ සිගිති පුතා ඇවිත් මාස 4කට පස්සේ මේ අම්මටයි තාත්තටයි පුංචි පුතාගේ වෙනසක් දැනුනා. ඉතින් ඒ ගොල්ලන් පුංචි පුතත් අරගෙන රටේ පිලිගත් දොස්තර මහත්තයෙක් ලගට ගියා.  ඔහු පුංචි පුතාව හොදින් බලලා ඔහුව රටේ තියෙන පුංචි දරුවන්ගේ රෝහලට ඇතුලත් කරන්න කියලා කිව්වා.  කොහොම හරි මේ පුංචි පුතයි එයාගෙ අම්මයි මාසෙකට ආසන්න කාලයක් අර රෝහලේ හිටියා. අවසානයේදී දොස්තර මහත්තුරු කිව්වේ බබා අනෙක් ළමයින්ගේ තරමට මනසින් වැඩෙන්නේ නැති බවයි. එයාගේ බාහිර වැඩ පරක්කු වෙයි කියලත් කිව්වා. හැබැයි මේ පුංචි දරුවා දිහා බැලුවම නම් කිසිම කෙනෙකුට මේ බවක් පෙනුනේ නැහැ. මොකද පුංචි පුතා කායිකව හොදින් වර්ධනය වුණා.  ඔහු හොද හුරුබුහුටි පුංචි දරුවෙක්.

මේ පුංචි පුතා හිනාවෙනවා, අත්පුඩි ගහනවා, දගලනවා.  හැබැයි, එයා අනෙක් දරුවන් වගේ නියම කාලෙදි පෙරලුනේ නැහැ. වාඩි වුනේ නැහැ. ඇවිදින්න උත්සාහ කලේ නැහැ. ඉතින් මේ අම්මටයි තාත්තටයි හරිම දුකයි.  ඒත් ඉතිං මොනවා කරන්නද? හැම මාසෙකට හරියටම දිනේට අම්මයි තාත්තයි පුංචි පුතත් අරගෙන ක්ලිනික් ගියා. ඒත් කිසිම වැඩක් වුනේ නැහැ. එක එක්කෙනා කියන කියන තැන් වලට මේ දරුවාව එක්කගෙන ගියා. නමුත් වැඩක් වුනේම නැහැ.

පුතාට අවුරුදු 3ක් වෙනකොට මේ ගෙදරට තවත් අමුත්තියෙක් එකතු වුණා. ඔන්න ඉතිං අම්මටයි තාත්තටයි දැන්නම් ටිකක් සතුටුයි.  පුංචි පුතාට අවුරුදු 5ක් විතර පිරෙන කොට ඔන්න එයා තනියම වාඩිවෙන්න පටන් ගත්තා. මේ අතරේ එයාගේ ඇගේ සෙම ගතිය වැඩි වෙලා එයා නිතර අසනීප වෙන්න පටන් ගත්තා.  ඉතින් මාසෙකට දවස් කිහිපයක් මේ පුංචි පුතා එක්ක රෝහලේ නතරවෙන්න අම්මට සිදු වුණා. ඒ අතර ගෙදරට ආව අලුත් පැටික්කිත් දැන් ටික ටික ලොකුයි.

අයියා ගැන මේ පුංචි පැටික්කිටත් තේරිලාද කොහෙද එයාගෙ අම්මට එයාගෙන් පුදුම සහයෝගයක් ලැබුනේ.එයා එයාගේ අයියට පුදුම විදියට ආදරේ කලා.  බුදුන් වදින වෙලාවට එයා අයියව ඉක්මනට සනීප කරලා දෙන්න කියලා කිව්වා.  එයා අයියට කවදාවත් ගැහුවේ නැහැ. වෙනකෙනෙක් අයියට සැර කලත් එයාට තරහ යනවා. ඒ තරමටම මේ පුංචි නංගි අයියට ආදරෙයි.

දැන් ඉතින් කාලය ගතවෙනවත් එක්කම මේ අයියයි නංගියි ටික ටික ලොකු වෙලා අයියට අවුරුදු 8ක්, නංගිට අවුරුදු 6ක් වුණා. නංගිව ලගම තියෙන පාසැලකට දැම්මා.  මේ අම්මයි තාත්තයි කිව්වේ පුංචි කාලෙදි ළමයින්ව උවමනාවට වඩා වෙහෙසවන්න ඕනේ නැහැ කියලයි. පුංචි නංගි පාසැල් ගිහින් එන්නේ එයාගෙ අම්මා එක්ක. ඒ වෙලාවට අයියට බලාගන්නේ එයාලගේ අත්තම්මා.  අත්තම්මයි සීයයි මේ අයියාටයි, නංගිටයි හරිම ආදරෙයි.      

අයියා ඉතින් නිතර අසනීප වෙනකොට එයාගෙ අම්මා එයාව ඉස්පිරිතාලෙට එක්කගෙන යනවා. සමහර වෙලාවට ඒ ගොල්ලන්ට දවස් ගණන් නතර වෙන්න වෙනවා.  ඒත් ඉතිං මොනවා කරන්නද අයියාව සනීප කරගන්න ඕනෙනේ. 

ඔන්න ඉතිං දවසක්දා නංගිගේ මොන්ටිසෝරියේ  යාලුවෙකුගේ අම්මා කෙනෙක් නිකමට වගේ මේ ගෙදරට ගොඩවුණා. එයා ආවේ එයාගේ පුතාට පාසැල් ඇරෙන වෙලාවට පුතාව ගෙදර එක්කගෙන යන්නත් එක්ක. මේ අතරෙදි  ඒ ආපු කෙනාට ඇහුණා අර අයියා කහිනවා. මොකද ඒ වෙනකොටත් එයාට හොදටම කැස්ස හැදිලයි තිබුණේ.  ඉතින් අර ආපු කෙනා  මේ බබාගේ අම්මගෙන් ඇහුවා

           “දොස්තර කෙනෙක්ගෙන් ඉල්ලලා බෙහෙතක් විදින්න බැරිද?

එතකොට බබාගේ අම්මා ඇහුවා ඇයි බෙහෙත් විදින්නේ කියලා.

           “නෑ ඉතිං ඔහොම ඉන්නකොට කාටත් කරදරයිනේ. මැරෙන එක එයාටත් හොදයිනේ. මට නම් ඔයා වගේ ඔහොම සලකන්න බැහැ.  ඔයා වගේ මම නම් බලන්නේ නැහැ.  බෙහෙතක් විදිනවා.  එතකොට එයාටත් ලේසියිනේ. අවුරුදු 8ක් කියන්නේ පොඩි කාලයක්ද? ඇවිදින්නේ, කතා කරන්නේ නැතිව එකතැන ඉන්න කොට කොහොම බලාගන්නද?

එතකොටම ඒ කතාව අහපු අම්මගේ ඇස් වලට කදුඵ පිරෙන්න පටන් ගත්තා.  ඒ එක්කම ඇයට අර ගෑනු කෙනා ගැන ලොකු තරහකුත් ඇති වුණා.  අම්මට අර ගෑනු කෙනාව බැනලා එලවගන්න තරමට හිතට තරහක් ආවා.  ඒත් එයා මොනවත් කිව්වේ නැහැ.

            “අනේ ..........මම නම් එහෙම කරන්නේ නැහැ. මම එයාව මගේ ඇස් දෙක වගේ බලාගන්නවා.මට සතුටුයි එයා මගේ පුතා වුන එකට. මගේ පුතාට මම හොද අම්මා කෙනෙක්. අම්මලාට දරුවෝ බරක් නෙමෙයි.     ඇය කෙදිරිලි හඩින් කීවා.

මේ කතාවෙන් පස්සේ අර ගෑණු කෙනා යන්න ගියා.  මේ අම්මා කාමරයට ගිහින් පුංචි පුතාව තුරුඵ කරන් හොදටම ඇඩුවා. එයාගේ හිතේ තියෙන දුක, තරහව යනතුරුත් ඇඩුවා.  ආයේ කවදාවත් ඒ ගෑණු කෙනාගේ ගෙදරට මොන හේතුවක් නිසාවත් අඩියක් වත් තියන්නේ නැහැ කියලා  මේ අම්මා කදුළු පිරුණු දෑසින් හිතුවා.මේ වගේ ගෑණුන්ට දරුවන් ලැබෙන එකත් පවක් කියලයි අම්මට හිතුනේ. මගේ පුතා ලබන ආත්මයෙත් මගේම වෙන්න කියලා අම්මා පැතුමක් පැතුවා.........!  මොනවා උනත් අදටත් මේ අම්මා බලාගෙන ඉන්නවා එයාගෙ පුතාට සනීප වෙයි කියලා..............!




කවදාම හරි දවසක මම වගේම ඹයාලත් මේ පුංචි පුතා වගේ අසරණ වුන වෙලාවක කවුරු හරි කෙනෙක් අපේ ජීවිතේ වටිනාකමක් නැහැ කියලා හිතලා බෙහෙතක් විදින්න කතා කලොත් අපිට මොනව හිතේවිද නේද?


දරුවන් වැදුවාට හැම ගැහැණියක්ම අම්මා කෙනෙක් වෙන්නේ නැහැ කියලමයි මේ කතාවෙන් පස්සේ
සිතුවිල්ලට හිතුනේ.

Thursday, June 9, 2011

බසයට ගොඩවුන රස කවි

          ඇගිල්ලක් ගැසිමට තරම්වත් ඉඩක් නොමැති තරමට බසයේ සෙනග පිරී ඉතිරී ගෙසිනි.  අබ ඇටයක් වැටුනත් එයත් කාගේ හෝ ඔඵවකට මිස බිමට නම් නොවේ. එතරමටම බසයේ ඉඩ තිබේ. 

          “නගින්න.....නගින්න........ලගින් බහින අය ගොඩක් ඉන්නේ.   ඔය පොල්ල අල්ලගෙන ඉස්සරහට යන්න.

          “අල්ලනවා තියා පොල්ලක් තියෙනවදවත් පේන්නේ නැහැ ඕයි. මූට නම් පිස්සු ?

          නමුත් කොන්දොස්තර මහතා ගෝණියට තණකොළ ඔබන ගානට මගීන් පටවයි. එතකොටමපොල්ලේ අමාරුවෙන් එල්ලී හුන් මගියෙක් තමන්ගේ හඩ අවදි කලේ මෙසේය.

          බස් හතරක සෙනග එකකට               පටවනවා
          ටාගට් ගන්න කොන්දොස්තර     වෙහෙසෙනවා
          ගමන යන්න පෙර බාගෙට                පනයනවා
          කොන්දොස්තර මල්ලී උඹ බුදු              වෙනවා

       එවිටම වාගේ තවත් මගියෙක් සිය සිය අදහස් පල කලේය..

         බස් රිය ඇතුලේ තෙරපෙන අපි කවුරු         වැනී
         මස් කඩයට දක්කන ගොන්          රැලක්      වැනී
         මේ ලෙස යන ගමන හරියට කුමක්              වැනී
         නිරයට පණ පිටින් ඇදගෙන   යනව            වැනී

          තම පෙම්වතියට ඉදගන්නට අමාරුවෙන් අසුනක් ලැබෙද්දී බොහෝ දුරක් හිටගෙන ආ පෙම්වතෙක් තම පෙම්වතිය ඉද සිටි අසුනේම අනෙක් පස නිදිකිරන පුද්ගලයා දෙස බලා මේ ලෙස තමාගේ දුක කීය.

           මූ නම් නිදි                   කිරයි
           දැන් නම් ගමන         තිත්තයි
           නැතියෙන් මෙමට    අසුනක්
           ඉන්නම් විලස        පඹයෙක්

         එවිටම වාගේ බස්රියේ මැද හරියට වන්නට පොත් බෑගයක්ද ලයට තුරුඵ කරගෙන සුදුගවුම එහේ මෙහේ වෙතැයි බියෙන් එයත් එක් අතෙකින් අල්ලාගෙන සිටින පාසැල් සිසුවියක් දුටු තරුණ ගැටයෙක් මෙසේ කීවේය.

          කණුවක්  බදාගෙන  තනියම  කිමද     නගේ
          අල්ලාගෙන ගවුම අතකින් කිමද          නගේ
          කොල්ලලෙක් නැති නිසා හිත පාරවයි මගේ
          අතරමගින් බැහැලා අපි යමුද              නගේ

          බොහෝම පියකරු සිනහවකින් මුව සරසාගත් ඇය ඔහුට පිලිතුරු දුන්නේ මේ අයුරිනි.

          කණුවට බර වුනේ බිම පෙරළෙන       හින්දා
          අල්ලාගෙන ගවුම එය උඩ යන            හින්දා
          ඊළග නැවතුමෙන් කොල්ලා නැග්ගම පෙන්දා
          කණ රත් වෙන්න මොනවත් ඕනද       මන්දා

          මෙය ඇසු තරුණ කොලුවාගේ මුහුණ කජු පුහුලමක් බදුවිය.  අනතුරුව බසයේ පිටුපසම අසුනේ කෙළවරේ තම පෙම්වතියගේ තුරුල්ලේ සිටි තවත් පෙම්වතෙක් මෙසේ කියනවා ඇසුනි.

          ඕනෑ තරම් බස් එක තුල                   පිරීයන්
          ඇය තුරුලේ මට සැනසුම              ලැබීයන්
          ඉබි ගමනින් හෙමිහිට මෙය             ඇදීයන්
          නැත්නම් අතර මග බස් එක           කැඩීයන්

          පාපුවරුවේ එල්ලීගෙන අනිත් අතින් සිය ගමන් මල්ලද අමාරුවෙන් රැගෙන යන තවත් අයෙක් මේ කවි
හවුලට එක්වූයේය.
       
          තව නැග්ගොතින් ඇතුලේ උන්      තැම්බේය
          තව ඇල වුනොත් බස් එක නම්     පෙරලේය
          පිටතින් මහ පාර වැටුනොත්          වැනසේය
          මරණ බයෙන් මම පා පුවරුවෙ             යාය

          මේ අතරේ අනෙක් මිනිසුනගේ සාක්කු පරීක්ෂා කරන මහත්තැන් කෙනෙක් ඔහුගේ අදහස පලකලේ මෙසේය.

          එකා පිට එකා වැටි වැටි            පොරකන්න
          පර්ස් වල ඉදන් නිල් කොල      හිනැහෙන්න
          ඒවා මගේ අගහිගකම්                    දුරලන්න
          කොන්දොස්තර මතු භවයක බුදු      වෙන්න

       මෙසේ සෙමෙන් සෙමෙන් සිරවෙමින් තෙරපෙමින් බසය ගමනාන්තයට ලගාවෙමින් තිබුනු අතර මගීන් තමන්ගේ ගමන් මලු සූදානම් කරගත්හ.  තිබුනු සාමකාමී බව බිදී එකිනෙකා පෙරලමින් එකා දෙන්නා බිමට බැස්ස අතරේ මේ සියලු කතන්දර වලට කන්දෙමින් බසය පදවාගෙන ආ රියදුරු මහතා බසින්නට පොරකන මගීන් දෙස බලමින් සිය හඩ අවදි කලේය.

           කදු වටවංගු වලවල්වල බැස                 යසට
           නලවා පද්දමින් උන්චිල්ලක්               ලෙසට
           අතපත නොකඩමින් අරගෙන ආවට මෙහෙට
           වැදලා ගියොත් නරකද විත් මා              ලගට

                  සියලු මගීන් බැසගිය පසු අවසානයේ ඉතිරිවූයේ කොන්දොස්තර තැන හා රියදුරු තැනයි. ඔවුන් දෙදෙනා සතුටු සිනා වගුරුවමින් මොන මොනවාදෝ මුමුණමින් තේ කඩයක් තුලට රිංගනු සිතුවිල්ල දුටුවාය.




        (අදටත් ගම් මැදින් ගමන් ගන්නා බස්රියේ නම් මේ සුන්දරත්වය දැකිය හැකිය. එහෙත් නගර මැදින් ගමන් ගන්නා බස්රියේ රියදුරු තැන මාර දිව්‍යපුත් ගේ සොයුරකු වැනිය. කොන්දොස්තර තැන ඔහුගේ වන්දිභට්ටයෙකි. අපි මගමරුවා travels හි ගමන් ගන්නා අහිංසක මගීන් වෙමු.)

Tuesday, June 7, 2011

කාන්තාව

          ආදි කාලීන සමාජයේ මිනිසුන් කාන්තාව දෙස බැලුවේ එතරම් සුපසන් හැගීමකින් නොවේ.හුදෙක්ම මනුෂ්‍යයාගේ පැවැත්ම හා මිනිසාගේ අනෙක් අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට නිමවුනු කොටසක් ලෙස ඔවුන් කාන්තාව හදුනාගෙන සිටියහ.  ඇය සමාජයේ පිළිගැනීමට ලක්වූයේම නැති තරම්ය.  ලෝකයේ විවිධ පුදේශවල ඒ ඒ ගෝතිකයන්ගේ ඇදහිලි  වලටද මේ මතයන් බෙහෙවින් බලපෑහ.

             අද සමාජයේ වුවද මේ මතය මුඵමනින්ම බැහැරව ගොස් නැති බව පෙනේ.  තවමත් ඉන්දියානු සමාජයේ ඇතැම් පුදේශවල කාන්තාවට එතරම් හොද පිළිගැනීමක් දක්නට නැත.  වසර 2කට පමණ පෙර සිනමා සාහිත්‍යයට එක්වූ “water නම් සිනමා පටය මීට හොදම නිදසුනකි.  දැරියක, තරුණියක, වැඩිහිටි කාන්තාවක ලෙස ද ඇයට ඉන්දියානු සමාජයේ හිමිව ඇති ස්ථානය මින් මැනවින් නිරූපනයවේ.

               196.....ගණන් වන තෙක්ම අරාබිකරයේ සාමාන්‍ය පවුල්වල උපදින ගැහැණු දරුවන් කුඩාකලම කාන්තාරයට ගෙන ගොස් පණපිටින්ම වලලා දමන්නට තරම් මිනිසුන් දරුණු විය.  ටයිපීස් නම් අපිකානු ගෝතිකයො රෝ බිය දුරුවීම හා වැසිඵල ලැබීමටත් තම වගාවන් සරු වී අස්වනු වැඩිපුර ලබාගැනීමටත්, දඩයම සාරවත් වීමටත් කන්‍යාවන් පිරිස් වශයෙන් එකතු කර “සයුරු දෙවියා හෙවත් මුහුදට බිලිදීම චාරිතයක් ව පැවතියහ.  මෙය ලෝක පුසිද්ධ දේශ ගවේශකයෙකු වූ මැක්ස් ඊස්ට්මන් තම “මෝබිඩික් නමැති පොතේ සනිටුහන් කලේය.

               අපිකානු රටවල අදටත් පවතින ඇතැම් චාරිතු විධි හා කාන්තාවන්ට ලදැරියන්ට ඔවුන්ගේ ආගමික පසුබිම තුල අත්වන ඉරණමත්, ඔවුන් වෙත එල්ලවන සමාජ සංස්කෘතික වැට කඩොලු බලපෑම් හා මිලෙජ්ජ ලිංගික අතවරයන් පිළිබදවද අපට අසන්නට ලැබේ.  අපිකානු මහද්වීපයේ සෝමාලියාව නම් රටේ කාන්තාරයක එඩේර කෙල්ලක ලෙස ඉපිද, විමුක්තිය අපේක්ෂා කරන දිරිය මවකගේ දිරිය දියණියක ලෙස හිරිමල් වියේදීම ගෙදරින් පලා ගොස් අනේකවිධ දුක්පීඩා මැද පසු කලෙකදී ජගත් විලාසිතා ලොව සුපිරි තාරුකාවක් වූ වාරිස් ඩයිරි නිර්ව්‍යාජ ලෙස ඉදිරිපත් කරන ලද “කාන්තාරයේ කුසුම නම් තම ජීවිත කතාවේ අපිකානු සමාජයේ කාන්තාවකගේ තත්වය මොනවට පැහැදිලි කරයි.  ඉතාමත් මිලෙජ්ජ ලෙස ලිංගික අතවරයන්ට ගොදුරු වන මෙම කාන්තාවන් පිලිබද සියැසින් දුරු අත්දැකීම් ඇය ඉදිරිපත් කරන්නේ ඇග කිලිපොලා යන අයුරිනි.

                ගැහැණියට ඇතැම් රටවල මේ ආකාරයට ඉතාමත් පහත්  කෘෘර අයුරින් සලකන්නේ වුවද බොහෝ බටහිර රටවල කාන්තාවන් පිරිමින් හා උරෙනුර ගැටී වැඩ කරති.  ඇය පිරිමියා අභිබවා යන තරම් බුද්ධියෙන් හා කියාශීලී බවෙන් අනූන බව සුපසිද්ධ මානසික විද්‍යාඥයෙකු වූ ආචාර්ය Josuwa Krese පවසා ඇත.  ගැහැණිය හා මිනිසා අතර පවතින ලිංගිකමය වෙනස්කම් නිසා ඔවුන් තුල ඒකීය සමානත්වයක් නැති බව පොදු මතය මුත් බුද්ධිමත් බවින් හා මනස කියා කරන ආකාරය සලකා බැලීමේදී කිසිම වෙනස් බවක් පල නොකරන බව ඔහුගේ න්‍යාය ධර්මයන් වැඩි දුරටත් පෙන්වා දුනි.

                 මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් කාන්තාවකගෙන් ලැබෙන දායකත්වය අතිමහත්ය.  මෙම කරුණ නිසාම ඇය සදාකාලිකවම ගෞරවාදරයට පාතුවන්නීය.  එබැවින් කාන්තාවන් පුරුෂයන් ගෙන බැලීමේදී ශාරීරික පදනමක් මතම තීරණයකට එළඹීමට උත්සාහ කිරීම උචිත නොවේ.  සාමාන්‍යෙයන් ගැහැණු ළමයෙකු පිරිසි ළමයාට වඩා සිඝු වර්ධනයක් පෙන්නුම් කරයි.  හෘදස්පන්දනයද වේගවත්වේ.  දත් ඒමේදී පිරිමි ළමයාට වඩා කලින් එය සිදුවේ.  නින්ද ලබන්නී පිරිමි ළමයාට වඩා අඩුවෙනි.  නමුත් ශාරීරික ශක්තිය හා ආහාර ගැනීමේදී ඇය පිරිමි ළමයාට පසුබා සිටී.

               ඉතා ඉක්මනින් දුකට පත්වන කාන්තාව ඒතරම්ම ඉක්මනින් තම සිත වෙනත් මගකට යොමු කර ගැනීමට සමත් වන්නීය.  කාන්තාව“ කාළගුණයට සමාන කොට ඇත්තේ විටෙක එනිසාම වන්නට ඇත.

                 ඇයගේ බාහිර පෙනුම මෘදු මොලොක් වුවද සිතින් බෙහෙවින්ම ශක්තිසම්පන්නය.  නැමෙන සුඵ ගතියක් පෙන්නුම් කලද එය එතරම් නිවැරිදි මතයක් නොවේ.  පිටතින් පෙනෙන්නට තිබෙන සංවර බව, මෘදු මොලොක් බව ලාලිත්‍යය, අවිහිංසකත්වය ඇයගේ ඇතුලාන්තව විදහා දක්වන්නේ නැත.  මේ බව මිනිස් සිත පිළිබදව කලකට ඉහතදී පර්යේෂණ කරන ලද ඇමෙරිකානු මනෝවිද්‍යාඥ  Stenly Milgreme කියා ඇත.

                කාන්තාවක සිය සියුමැලි බව රැකගැනීම උදෙමා සුසිනිදු සේලයෙන් වත වසා ගත්තද එය සැබවින්ම ඇගේ කැමැත්ත අනුවම සිදුවේද යන්න සිතා බැලිය යුතුය.  තම ශරීරය හිරවනසේ දළ ඇදුම් වලින් ගත වසා ගැනීම ඇගේ කැමැත්තය.  ඇය රඵ බවට සැබවින්ම ආශා කරයි.  නමුත් සදාචාරය, සංස්කෘතිය නමැති පවුරින් වටවූ ඇය තම ඇදුම් පැළදුමි තමන්ගේ අවශ්‍යතාවය සදහාම නොව අනෙක්වුන්ගේ අවශ්‍යතාව අනුව සකස් කර ගැනීමට පුරුදුව සිටින නිසා තම සිතැගි යටපත් කරගැනීමට ඇයට සිදුව ඇත.  අද ලෝකයේ කාන්තාවන්ගේ ඇදුම් සැබවින්ම විවේචනයට ලක්ව ඇත.

          186....ගණන්වලදී ඇමෙරිකානු සමාජය තුලද බෙහෙවින් සාදාචාර සම්පන්න ගුණගරුක තැන්පත් කුල කතුන් ගැන විස්තර සදහන්වේ.  එදවස ඔවුන්ගේ ඇදුම් පැළදුම්, සිතුමි පැතුම් බොහෝ දුරට චාම් ස්වරූපයක් ගත්හ.  ලෝරා ඉංගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද පොත් මාලාවේ ඇගේ ළමා කාලයේ සිට යෞවනියක වන තෙක්ම පැවති සමාජ රටාව මෙමගින් මැනවින් පෙන්වා දෙයි.

          1958 දී පමණ කාන්තාවන් 1000ක් පමණ දෙනා යොදාගෙන කරන ලද පර්යේෂණයකදී හෙළි වී ඇත්තේ ගැහැණියකගේ ආදරය දිනාගැනීමට නම් අවශ්‍යවන්නේ මුදල්  නොව හැඩිදැඩි සිරුරකින් හෙබි මනා පෞර්ෂත්වයක් බවයි. ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ උද්යෝගීමත් පිරිමින් කෙරෙහිය.  15%ක් පමණ විවිධ විලාසිතා හා මෝස්තර වලට යොමුවන්නන්  කෙරෙහි කැමැත්තක් දක්වා ඇත.

           බෙහෙවින්ම සංසුන් පිරිමින් කෙරෙහි කැමැත්ත පළකර සිටියේ 6%ක් පමණ වන සුඵතරයකි.  ඇමෙරිකානු හා ඉතාලි ජාතික කතුන් බොහෝසේ ඇලුම් කරන්නේ නීගෝ ජාතික පිරිමින්ටය.  එවැනි විවාහයන් 90%ක්ම සාර්ථකව ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

               එදිනෙදා ජීවිතයේදී මුහුණ පෑමට සිදුවන ගැටඵවලදී ගැහැණිය පිරිමියාට වඩා සාර්ථකව ඒවාට මුහුණ දෙයි.  ශෝකයකදී බෙහෙවින් ශෝක වන ඇය හඩා වැලපී තම දුක තුනී කරගන්නට සමත්වන්නීය.  

            හදිසි අවස්ථාවලදී රෝගියෙකුට උවටැන් කිරීමේදී පිරිමියා නිරන්තර කලබලකාරී ස්වරූපයක් පෙන්නුම් කරයි. නමුත් කාන්තාව සංසුන් මෙන්ම ඉවසීමෙන් හා අවබෝධයෙන්ද කටයුතු කරයි.

              නමුත් කාන්තාවකගේ පුධානතම දුර්වලතාවය වන්නේ ජීවිතයේ පැනනගින ගැටඵවලදී ඇය පුශ්ණයේ හරි අඩක් පමණක් විසදා එහි වැදගත් කොටස පිරිමියා මත පැවරීමයි.  උදා. ලෙස තම දෙමාපියන් විරුද්ධ වන පෙමි පලහිලව්වක් නිසා තම පෙම්වතා සමග පැනයන්නට තීරණය කරන ඇය, සිතට දැනෙන බිය, තාසය හා අන් අය තමාව ඉන් වලක්වාලයි දෝ යන සැකය තමා ගෙදරින් පැන යන අවස්ථාවට පමණක් සීමා කොට ඉන් අනතුරුව එළඹෙන පුශ්ණ කෙරෙහි සැලකිල්ලක් නොදක්වයි.  තමා යන්නේ කොතැනකටද? ඉන් අත්වන ඉරණම, ජීවත් වීමේ මග ආදී වැදගත් කරුණු වලට ඇගේ අවධානය යොමුවන්නේ නැති තරම්ය.  ඊට හේතුව ඇය සැමවිටම පිරිමියාගේ රැකවරණය මත යැපෙන්නියකගේ තත්වයට පත්ව සිටීමයි.

                කාන්තාව ජීවිතයේ වැඩි කාලයක් අනුන්මත යැපෙන්නීය.  කුඩා කල දෙමාපියන්, වැඩිහිටිවන විට තම ස්වාමියා හා මහඵ කල දරුවන්ගෙන් ආදී වශයෙනි.  ස්වෝත්සාහයෙන් ජීවිකාව ගෙනයන්නේ ඉතා අල්ප වශයෙනි.  ජීවිතයෙන් බොහෝ කොටසක් පසුතැවිල්ල, ශෝකය, බිය, පසුබෑම හා අවිවේකය මතම ගතකරණ කාන්තාව තම ජීවිතයෙන් 2/5ක් තරම රූපලාවණ කටයුතු කෙරෙහි අවධානය යොමු කරයි.  ශරීරය හැඩගැන්වීම, විවිධ මෝස්තර ඔස්සේ සිත මෙහෙයවීමට කාලය ගත කරයි.  ජීවිතයේ හරි අඩක්ම ඈ නින්ද වෙනුවෙන් ගත කරයි.  1/4ක කොටසක් ඕපාදූප වෙනුවෙන් කාලය ගත කරයි.  ඊටත් වඩා වැඩි කාලයක් සිතුවිලි අතර සිරවී සිටින්නීය.  පිරිමින් ආත්ම ශක්තියෙන් පිරි නිරතුරුවම තම දෙවුර මත වගකීම් දරා කියාශීලී ව සිටින අතර ගැහැණිය පිරිමියා ඉදිරියේ මදක් පසුබා සිටින්නීය.  නමුත් පෙරකල නම් පිරිමියා සිය කාය ශක්තියෙන් හා තර්කයෙන් කාන්තාව අභිබවා යන්නට උත්සාහ කලද වර්තමානයේ කාන්තාව එතරම් පසුබාන්නියක නොවේ.  අතීතයේදී ඇය පිරිමියාගේ අඩන්තේට්ටම්, කෙනෙහිලිකම් ඉවසා සිටියද වර්තමානයේදී නීතියේ පිලිසරණ පතන්නට පවා ඉදිරියට යන්නීය.  කාන්තා විමුක්තිය වෙනුවෙන් අරගල කරන්නීය.

                      බොහෝ විට පුරුෂයා කතා කරනුයේ යම් දෙයක් වටහා දීමේ හෝ තම අදහස් පුකාශ කිරීමේ අරමුනෙනි.  නමුත් කාන්තාව එසේ නොවේ.  ඇය කෙනෙකු පොළඹවා ගැනීමට හෝ කෙනෙකුගේ උදව්වක් අපේක්ෂාවෙන් කතා කරයි.  කරුණාව, දයාව, රූසිරිය, මුදුමොලොක් බව, නිතර වෙනස්වන සුඵ බව, කෙනෙක් පොළඹවා ගැනීමට ඇති හැකියාව, චපල බව, කාන්තාව සතු ගුණාංග වේ.  කාන්තාවකට මායම් 64ක් ඇති බව හෙළ පොත පතෙහි සදහන්වේ.

                  පිරිමියෙකුට ගැහැණියක නොමැතිව ජීවත් වීමේ හැකියාව වැඩි වුවද කාන්තාවකට ඒ හැකියාව නැත.  ඇයගේ පරිපූර්ණ බව පුරුෂයාය.  එමෙන්ම මිනිසාට සැනසීම ලබාදෙන්නී ගැහැණියයි.  සෙනෙහසේ මුල හෙවත් පටන් ගැන්ම ගැහැණියයි.  පසුකලෙක කෙතරම් උසස් තලයකට පැමිණියද, කෙතරම් ගැරහුම් අවමන් කලද රජුන්, මහාමාත්‍යාදීන් පමණක් නොව වීථියේ සරන හිගන්නා පවා මුලදී දෙපා තබා පළමු පියවර තබන්නේ කාන්තාවකගේ සුළැගිල්ලේ එල්ලීගෙන බව අමතක නොකල යුතුය.


                    මහාමායා දේවිය, විහාර මහා දේවිය, සංඝමිත්තා තෙරණිය, තෙරේසා මව්තුමිය, ප්ලෝරන්ස් නයිටිංගේල් වැනි කාන්තාවන් මුඵ මහත් ලෝකයටම ආශිර්වාදයකි. වර්තමානයේ කාන්තාව පුරුෂයා හා සමතැන් ඉල්ලා සිටින්නී ඇගේ දස්කම් විස්කම් ලොවට පාමිනි.  සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම ගැහැණියක් ඇත යන්න පතල මතයකි.  මා හැගි අදහස නම් කාන්තාවකට සම තැන නොව නිසි තැන ලැබිය යුතු බව සහ ලැබී ඇති බවයි.  ඒ නම් උතුම් වූ මාතෘත්වයයි.  ඕනෑම කෙනෙකුට ගැහැණියක විය හැක. එහෙත් දයාබර මව්කෙනෙකු විය නොහැකිය.  එබැවින් කාන්තාවක ගෞරවයෙන් යුතුව පුදනු ලැබීමට සුදුසුම තනතුරද මාතෘත්වයයි.


*     ගැහැණිය ආදරය කරන්නේ ආදරයට විනා පුද්ගලයාට නොවේ    (ජෝ වයිරන්)
*     ගැහැණුන් හැමවිටම කතාකරන්නේ හිතයට යමක් සගවාගෙනය   (පිලිප් ඩෙස්සම්)
*     මිනිසාගේ සිත අවුල් කිරීමටත්, අවුල් කල සිත පහන් කිරීමටත් පුඵවන්
       ගැහැණියටමය.                                                            (ඩේල් කානගී)
*     හැම ගැහැණියම ගැටඵවකි. ඇයට වුවත් සමහරවිට ඇයම ගැටඵවකි     (විලියම් තැචර්)
*     බිරිද හදුනාගැනීමට සැමියාගේ මුහුණ දෙස බැලිය යුතුය.   (ස්පාඤඤ වියතෙක්)
*     මිනිසුන් දහසක් එක්ව නිවසක් තැනුවද එය නිවසක් කල හැක්කේ
       ගැහැණියකට පමණි.                                                    (රොබට් පොර්ලෝන්)
*     කම්මැලි ගැහැණිය සමාජ උවදුරකි.                               (යූරි පීඩිස්)
*     ගැහැණියගේ සේවය පිරිමියාගේ සේවය තරමටම අගය නොකරන
       සමාජයේ සමබර දියුණුවක් ඇත්තේ නැත.                    (මහත්මා ගාන්ධි)