ළමයින්
කියන්නේ හරියට මල් වගේ කියලයි ඉස්සර නම් කියන්නේ. ඒත් අද සමාජ තත්වය දිහා බලනකොට ළමයින්ට මල් වගේ
කියලා කියන්නම හොද නැහැ. මල් වලට එන්නේ
සමනල්ලු, ඹමරු, මී මැස්සෝ, පුංචි පුංචි කුරුල්ලෝ.
එයාලා එන්නේ මල් පැණි බීල යන්න. මලේ සුන්දරත්වය විදගන්න නෙමෙයි. කුසගින්න නිවා ගන්න. අපේ සමාජයෙත් මේ වගේ මිනිස් වෙසින් ඉන්න ඹමරු,
මි මැස්සෝ ඕන තරම් ඉන්නවා. ඉතිං අපි මොකටද
අපේ දරුවන් මල් වගේ කියන්නේ. දරුවන්ගේ ඇගේ
මැස්සෙක්වත් වහනවට අපි කැමති නැහැ නේද?
අද කාලේ
දරුවන්ට සමාජයෙන් වෙන හිරිහැර කරදර බොහෝමයි.
ඒ නිසා අපි කියමු අපේ දරුවන් සමනල්ලු වගේ අහිංසකයි. බට්ටිච්චන් වගේ දොඩමලුයි. පුංචි අලි පැටවුන් වගේ දගකාරයි කියලා. අපි දරුවන් ගැන එහෙම කතා කලාට ඇත්තටම හැම කෙනෙක්ම
දරුවෝ දිහා ඒ විදියට බලනවාද? ඔවුන්ට
දරුවන්ට වගේ සලකනවාද?
වර්තමානයේ මේ මාතෘකාව වෙනමම විශේෂයෙන්ම හිතන්න ඕන කාරණාවක් වෙලා? ඔයාලා හිතන්නේ එහෙම වෙන්න හේතුව මොකක් කියලද? හේතු කාරණා ගොඩයි. එහෙම නේද??
පළමු කාරණාව දරුවෙක් බහතෝරන කාලයේ ඉදලම වද හිංසා වලට ලක්වෙන්නේ තමන්ගේම ගෙදරදී. දෙමාපියන් අතින්. දරුවෙක් බහතෝරන කොටම අපි අපේ මව් භාෂාව වෙනුවට දරුවාට ගෙදර කොහෙත්ම භාවිතයේ නැති පර භාෂාවකින් කතා කරන්න අමාරුවෙන් පුහුණු කරනවා. කතා කරන බාෂාව ගැන දෙමාපියන්ට හරි වැටහීමකුත් නැහැ. ඔය එහෙන් මෙහෙන් ඇහිද ගත්තු කෑලි කතා කරනවා. අන්තිමේදී ලමයා සිංහල දන්නෙත් නැහැ. ඉංග්‍රීසි දන්නෙත් නැහැ. එයා අතරමං වෙනවා.
ඊලගට එයාව අවුරුදු තුනේදි විතර ළදරු පාසැල් වලට දානවා. ළමයින්ට දෑතේ ක්‍රියාකාරකම්, නැටුම් ගැයුම් වෙනුවට සෙල්ලම් කිරීම වෙනුවට අකුරු උගන්වන පෙර පාසැල් හොයාගෙන දෙමාපියන් බොහෝ දුර බැහැර යනවා. දරුවාගේ මනස, දරුවාගේ කාලය හා ඒ වෙනුවෙන් දරුවෙකු වෙන මහන්සිය ගැන දෙමාපියන් හිතන්නෙම නැහැ. ඒකත් ඉංග්‍රීසියෙන් උගන්වන පෙර පාසැලක් වෙනවට දෙමාපියන් ගොඩක් කැමතියි. බැරි වෙලාවත් පෙර පාසැලේ අකුරු උගන්වන්නේ නැත්නම් ඉතිං ටීචර්ගේ ගෙදර උදවියත් මතක් කරලා බනිනවා. අවු. 3 -4 කාලය අම්මාගේ සෙනෙහස වැඩියෙන් දරුවන් සොයන කාලයක්. ඒත් බොහෝ කාර්ය බහුල දෙමාපියන් කරන්නේ දරුවා වෑන් රියකට පටවනවා. ඒකේ යන්නේ එන්නේ කොහොමද කියන එක ගැන සොයා බලන්නේ නැහැ. හවස් වෙනකන් සුරැකුම් මධ්‍යස්ථාන වල දරුවෝ රදවා තබනවා.
ඉන්පස්සේ අවු. 05 සම්පූර්ණ වෙනකොට ජනප්‍රිය පාසැල් හඹායන දෙමාපියන් දරුවන්ගේ පහසුකම් ගැන නොසොයා නොබලා ලක්ෂ ගණන් වියදම් කරලා ලොකු පාසැල් තෝරනවා. ඉතිං ජනාධිපතිගේ ඉදන් අධ්‍යාපන ඇමති, එතකොට විදුහල්පති ගෙදර ඉන්න අම්මා තාත්තා දක්වා බැනුම් කෙලවරක් නැහැ. දරුවා ඇතුල් කරනකන්. ඒකෙත් ඇතැම් වෙලාවට ළමයා පාසැල් යැවිය යුතු නියමිත කාලයට පාසැලට ඇතුලත් කරන්නට නොහැකි වුනොත් ඉහත කියන විදුහල් වලින් කැදවීමක් එතැයි සිතමින් දරුවා මාස ගණන් ගෙදර තියා ගන්නවා.
එතකොට දරුවා අනෙක් ළමයින්ගේ මට්ටමට ගන්න මොන තරම් වෙහෙසක් දරන්න වෙනවද? අනික් කාරණාව සම වයසේ පාසැල් දරුවන් දකින කොට එයාල ගෙදර ඉදන් මානසිකව පහත් මට්ටමකට වැටෙනවා. අවසානයේ දෙමාපියන් පවා. වාර දෙකක් විතර පාසැල් ගිය අනික් දරුවන් එක්ක අලුත් දරුවෙක් පංතියේ ඉන්නකොට ඒ දරුවට අනෙක් දරුවන් එක්ක තරග කරන්න අමාරුයි. ඒ අතරේ පංති භාර ගුරුවරයා නොසැලකිලිමත් අයෙක් නම් දරුවාගේ මුල පටන් ගැන්මේ ඉදලම ලොකු විනාශයක්.
අනෙක් අතට ලොකු දුරක් ගෙවාගෙන පාසැල් යන දරුවන්ට කාලය ගැන ගැටලු ගොඩයි. හොද පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන්නේ නැහැ. ඔය කඩෙන් ගන්න රෝල්ස්, පැටිස් වගේ කෑම වලට දරුවා හුරු කරනවා. එතකොට ඉතිං ලේසිනේ වැඩේ. ගෙදර ඇවිල්ලත් විවේකය අඩුයි. ඇයි අමතර පංති?? කෝ ඒ දරුවන්ට තමන්ගේ ළමා කාලය ගත කරන්න කාලයක්. පුංචි දරුවෝ හරියට දෙමාපියන් කියන යන්තරයේ එක් එක් කොටස් වගේ. ඉරිදට අනිවාර්යයෙන්ම දහම් පාසැල්. තව චිත්‍ර පංති, නැටුම් පංති, පීනන්න, අර පංති මේ පංති ගොඩයි.
තව ටික කාලෙකින් ශිෂ්‍යත්වය කියලා ලොකු ගේමක්!!! ඉතිං ඉහලම ලකුණු පස්සේ වැඩි පුරම දුවන්නේ අම්මලා තාත්තලා. දරුවාගේ තත්වය තේරුම් නොගෙන කෙරෙන මේ සෙල්ලම් වලින් හෙම්බත් වෙන දරුවන් අවසානයේදී මානසික ලෙඩුන් වෙලා තමයි නතර වෙන්නේ. ටිකක් සෙල්ලම් කරන්න, ගමනක් බිමනක් යන්න, කතන්දර පොතක් , ටී වී එකේ කාටුන් එකක් බලන්න දරුවෝ ආසයි. ඒත් කෝ වෙලාවක්.
බොහෝ දෙමාපියන් තමන්ට යන්න බැරිවුන ඉලක්ක කරා තම දරුවන් මෙහෙයවනවා. එයාලට උවමනා කරන්නේ කප් එකක් වගේ දරුවන් ඔසවා තබන්න. පුංචි දරුවන් මල් වගේ කියන කියමන මම තරයේ විශ්වාස කරනවා. ලෝක ළමා දිනය කියලා වෙනම දවසක් අවශ්‍ය වෙන්නේ නැහැනේ තමන්ගේ දරුවන්ට අවශ්‍ය කරන දේ ළමා අයිතිය එයාලට ලබා දෙනවා නම්. ඕකට සල්ලි වියදම් කරන්න, අමතර පිරිවැයක් දරන්න ඕන නැහැනේ. ආදරයෙන් කරුණාවෙන් කියනවා නම් දරුවෝ හදාගන්න එක එතරම් අමාරු නැහැ. ඔය ලෝක ළමා දිනය වැඩිපුරම සමරන්නේ සල්ලි තියෙන පවුල්වල දරුවන්නේ. අවාසනාව කියන්නේ ඒ දරුවන් ලෝක ළමා දිනය සමරලා විනෝද වෙන්න යනකොට එයාලගේ අඩුපාඩු දාගෙන යන ගමන් මල්ල ගෙනියන්න වෙන්නෙත් ඒ වයසෙම දුප්පත් දරුවෙකුට. ඉතිං මේක විහිළුවක් නෙමෙයිද?? එතකොට ගමේ ඉන්න කෙළි කොල්ලන්ට කෝ මේ ළමා දිනය?????