Pages

Tuesday, May 1, 2012

සිතුවිල්ලක්


දෙමාපිය කෙම්බිමේ
ලදඵ මතුකර සිනාසී
ලදැල්ලෙන් ලදැල්ලට
මහතුරක පෙරනිමිති මැද
වැඩෙන ඔබට,
වියළි හිරු කිරණ - නොදැනෙන්න ඇති
වියරු වැහි බිදු  - නොවැටෙන්න ඇති
මේඝ සුළි රැළි - හමුනොවෙන්න ඇති
දෙමාපිය සෙනෙහසේ
සෙවන බිදිමින්,

කාලයේ ගමන් මග
පියසටහන් ඉතිරිකර
ඔවුන් වියපත් වන විටදී
ඔබේ සෙනෙහසේ සෙවන
නිබද ඔවුනට සැලසිය යුතුයි.

විශ්වය ජය නොගත්තද
නුඹේ ජීවන තුර මත
ඵලයක් ඉතිරිවන
සුවදවත් සිතුවිලි කුසුම්
පිපෙන්නට ඉඩ දෙන්න
ඵලයක් ඉතිරි නොවන
අකීකරු සිතුවිලි
පිපෙන්නට ඉඩ නොදෙන්න.

2 comments:

  1. මාපිය ගුණ සුවඳ හැමදාටමයි

    ReplyDelete
  2. ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!